පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නැටුමෙන් බිම අස්වද්දා
එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා තව
සොඳුරු සිහින ගොතලා
බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට
මශූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා

ඉවාන් පවුලූෂා...//

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
කඳුළැලි දහදිය ගැලුවට මහ කළුගල් දිය වෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සදුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නදුන් වනේ සිහිල් සුවය සොයන්නේ
තැලී වෙලී දෙගොඩ තලා
ගගක් ගලයි සයුර බලා
මුහුදට හාවී ගග හාදු පුදාවී
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හදවත් පාරන සොදුරු හැගුම්
හිරකරගෙන් හිටියා ඇති දැන්
සවනට ල0වී ආදරයෙන්
කියන්න කාලය දැන් ඇවිදින්



රොෂාන් ප්‍රනාන්දු
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හදවත් පාරන සොදුරු හැගුම්
හිරකරගෙන් හිටියා ඇති දැන්
සවනට ල0වී ආදරයෙන්
කියන්න කාලය දැන් ඇවිදින්



රොෂාන් ප්‍රනාන්දු

unicode wala "x" akura gahuwama binduwa thiyenne akki..:)
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
sorry kiyanna oni mata nemey
කාගෙවත් හිත් රිදෙන්නෙ නැති වෙන්න ජීවත් වෙන්න ..අන්න එදාට ඔයාගෙ ළමා මනස පිබිදෙයි...
ජය..!!!

hari de kiyala dunnata hugak isthuthi ayya...:)
 
Jan 15, 2009
9,238
368
0
අපි හැඟුම්වලට ඉඩදී මොහොතක්
ඉඩලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මද අඳූරේ
අත්පටලා යමු ආයේ

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ මඳ අඳූරේ
අත්පටලා යමු ආයේ
අත්පටලා යමු ආයේ

හිරකර හසරැල්ලෙන් හැඩූ
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳපානේ මඳ අඳූරේ
අත්පටලා යමු ආයේ
හඳපානේ මඳ අඳූරේ
අත්පටලා යමු ආයේ
අත්පටලා යමු ආයේ......

╗ වික්ටර් රත්නායක ╔

 

nwnbs

Member
ඈත ඉඳන් හිනැහුනාට අටවක සඳ
මල් නැති උනාට තනියක් නෑ මේ ගහ යට
දුර කන්ද නගින පෙම්වතුනෙ අත්වැල් බැඳ
දුක හිතන්නෙපා ගහ ගැන මල් නොදුන්නාට

:oo:
-දයාන් විතාරණ-
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ඔබ තරමට මා නැලැවූ ඔබ තටමට මා හැඬැවූ
වෙන කෙනෙක් නොමැත දියතේ රස හැඟුම් පෙලට පනදී
ජීවන නාලිය පරිදී පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැලැවූ
කරුවල කුටියක තනිවී කල්පනා ලොවක මැදිවී
කිම දෙනෙත් පියා ඉන්නේ
ඔබ වරකි හද පෙලන්නේ මම දහස් වර තැවෙන්නේ
සියොළඟම සලිත වන්නේ
ඔබ තරමට මා නැලැවූ
අත වනන යට ගියාවේ සුව සමය තවම සිහිවේ
අමතක කරන්න හැකිදෝ
අප ආ මඟ ඇති මනරම් සිහිවටන මැකිය හැකිනම්
එය මට කියන්න බැරිදෝ
ඔබ තරමට මා නැලැවූ ඔබ තරමට මා හැඬැවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙලට පනදී
ජීවන නාලිය පරිදී පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැලැවූ


ජේ.ඒ.මිල්ටන් පෙරේරා
 

champi*t

Member
Mar 20, 2008
2,479
3
0
45
Kandy
සිත්තම් කරමින් මනසේ ඔබ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිළිරැව් දී නැගෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා…………..

දෙලොවක් අතරේ සරන ඔබේ සිත
මෙතරම් සසැලෙන්නැතිව ඇති
මගෙ මුලු ලෝකය ඔබම නිසා
මට වැඩියෙන් දුක දැනෙනව ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා……………..

භවයෙන් භවයට අහිමිව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ
මතු භවයක යළි හමුවෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා…………

 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
පෑදි දියේ
ඔබෙ නිර්මල හදවත විනිවිද දකින්නම්
කිදුරු කොදේ
හද පානේ පිපෙන වීදුරු මල් නෙළන්නම්


පායනා තුරු
ඔබේ නුවන් තරු
පෙරුම් පුරා දිනූ
ඔබේ උතුම් හදේ
ආදරබර වස්තුව වෙන්නම්....
සදාකල්..........



රාජීව් සෙබස්තියන්
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

පුළුවන්නම් මේකේ බින්දුව ගහල පෙන්නන්න
එකක්වත් වැඩ නැති නිසා තමා ඔහොම ලියන්නේ:)
මධුරගේ සොෆ්ට්වෙයාර් එක නෙමේද පාවිච්චි කරන්නෙ
එකෙන් ලියන එක ඔයිට වඩා ගොඩක් ලේසී :)
 
Status
Not open for further replies.