වක්කඩ ලග දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩපැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වළාකුලින් විදුලිය කෙටුවා
මහ වැස්සක පෙර නිමිති පෙනෙනවෙ
කවුලුව අතරින් හිරිපොද එනවා
මල් පැණි වඩියක උණුසුම ලැබුමට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
කබාය ඉරිලා
ඊට කමක් නෑ
කවුරු බලන්නද
කවුරැ දකින්නද
මා දැන් මහළු වියේ .....







kalaya maw wenasaka arume
mama dan loku wadi wage



