පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබත් මමත් හිදිනා මේ ලොව තුල
    කදුල සුසුම කුමකටදෝ
    ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව
    එකෙකු ලෙසින් සිතමු
    හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු....


    යුධ වැදී කුමට මේ එකම පොළව මත
    එකම ලෙයින් අප සැදුනේ....
    එකම සුසුම ළය රැදුනේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නිලම්බරේ සුදු පරවි රෑන් යන දිනක් උදා වේවා...
    දොරින් දොරට හසරල රැළි තෙරපෙන කලක් උදා වේවා...

    යුධෙන් ගලා ගිය ලෝහිත කඳූලැලි
    සුනිල් සයුරු මත වැද වියැකී
    බියෙන් විකල්වී ගිනිගත් ජනහද
    සහන් සිහිල් සුවයෙන් සැනහී
     

    nwnbs

    Member
    චන්ද්‍රයන් පිදූ කිරණක් සගවලා හොරෙන්
    වර්ණවත් කලේ
    මාගේ සිහිනේ ඔබේ නාමෙන්
    වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමෙන්
    ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්
    ඔබ මා හද පුබුදු කලේ.....

    ඇම්පී 3 තිබේද...?
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දෑස රිදෙනවා පාර බලා ඉඳලා
    අප ආ පාරේ ආ ගිය වාරේ
    මල් ලොව මල් සිඳීලා......
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි
    කුඹුකෙ ලිඳෙන් දිය ඇදලා නාලා
    හැඩවැඩ වෙන්න ඔයා
    ලස්සන සළු පළඳා
    එනවා ඔබව සොයා

    දීලා නෙතට අඳූන් මාලා පැලඳ කුසුම්
    නීලා නයන කැලුම් දීලා නෙතඟ බැලුම්
    නීලා නයන කැලුම් දීලා නෙතඟ බැලුම්
    කැන්දන් යන්න තුටින්

    පාලා අනඟ රැඟුම් රාජා සමඟ ඉතින්
    ඉන්නට ලැබෙන එකත් පෙරකල පිනකි උතුම්
    ඉන්නට ලැබෙන එකත් පෙරකල පිනකි උතුම්
    තෝරා ගන්න ඉතින්

    සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි
    කුඹුකෙ ලිඳෙන් දිය ඇදලා නාලා
    හැඩවැඩ වෙන්න ඔයා
    ලස්සන සළු පළඳා
    එනවා ඔබව සොයා.....

    - රවීන්ද්‍ර යසස්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිනහ වෙනු මැන වේදනා පිසදා..
    වේදනා පිසදා
    සිනහ වෙනු මැන වේදනා පිසදා..
    වේදනා පිසදා..

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පරාජයේ දුක මට පුරුදුයි
    සැනසුම නුඹ වාගෙම ඈතයි
    තහනම් සෙවණේ ඉන්න
    තව මොහොතක් ඉඩ දෙන්න
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ග-ග-/රි-නිරි/ස---/-සනිස
    රිගරිග/මපධප/සනි--/ධප--
    මග--/ගරි--/නිරිස-/----
    :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් රේණුවක් බිම වැටෙන මද මුදු හඬ පවා මට ඇසේ
    ඔබ හෙමි හෙමින් අඩි තිය තියා මා ළඟට ඒ දැයි සිතේ
    අද සිහිනයකි එය හෙට සැබෑ වේ යැයි සිතේ..

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුන්දර යායේ එක් දවසක ඒ ගිම්හානේ
    උණුසුම අතරින් අප මුලින්ම එහි හමු වූයේ
    අප ඇවිද ගියා ගී ගැයුවා සොදුරු සමයේ
    තරුණ ජීවිතේ අපි දුටුවා මේ ලෝකයේ සැමදා
    හමුවීම සුන්දරයි ජීවිතේ සැමදා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
    ඔබෙන් මට උරුමවූ වේදනා කඳූළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

    සංසාර ගමන් මග සෙනෙහස සොයා බිඳක
    ආ ගමන නිමාකල ඔබේ හදවත ගාව
    සෙනෙහසේ අවසාන කඳූළු බිදුවක පහස
    ගලා යයි අතීතේ මියැදුන සොහොන ළඟ

    ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
    සංසාරයේ අනෙදු නවාතැන් සොයා යන
    මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න

    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
    ඔබෙන් මට උරුමවූ වේදනා කඳූළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න......

    - සුනිල් එදිරිසිංහ
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඔබේ සිනා ළඟ නෙත නැවතුනුදා.......
    ඔබේ කතා ළඟ සිත නැවතුනදා.........
    ප්‍රේමය හැඳින්නෙමී//..........
    මේ ලෝ තලයේ.......

    කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින් ගෙන්......
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරදීසෙන්..
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේ මා...
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා.....

    ඔබේ සිනා ළඟ නෙත නැවතුනුදා.......
    ඔබේ කතා ළඟ සිත නැවතුනදා.........
    ප්‍රේමය හැඳින්නෙමී//..........
    මේ ලෝ තලයේ.......

    ~ජගත් වික්‍රමසිංහ~
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    සිතින් මා නොසැලී සිටිත්දී........
    කඳුල නුඹ ඇවිදින්...........
    නිවා දැමු ඒ නෙතේ පීඩා.....
    නොවිඳිනූ මැනවී...........
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
    අනන්ත බාධක දුක් පීඩා විඳ
    භවෙන් භවය යන මං සලකුනු දැක
    ඔබව සොයා ආවා
    ඔබව සොයා ආවා
     
    Status
    Not open for further replies.