පද පේලි .....

Status
Not open for further replies.

789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
Enawa Enawa Wage Amma Enawa
Aeda Yata Sade Onna Wenawa
Makulu Dael Mage Oluwe Baendenawa
Paenala Giyoth Scoobyta Ahu Wenawa
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
"ගී පොතයි මී විතයි ඒ දෙකම මට එපා
යුග නයන ගී පොතයි රස ලවන මී විතයි
මා පතන ගී පොතයි මී විතයි ඔබ සතුයි.....

අවන්හල නැති සුරා ලවන් විත පුර පුරා
වහස් බැල්මෙන් නුරා රහස් ගී කිය කියා

මගේ හදවත එයින් සදා කුල්මත් කරයි
කිසිම ගීයක් නොවේ ඒ තරම් රස නොවේ"......

ගේය පද: මහගම සේකර
සංගීතය හා ගායනය: පණ්ඩිත් අමරදේව
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඇසේ මතුවෙන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්

ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත

කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි මෙලෝ තලයේ අනේ පිහිටක් නොමැති වූ කල


මහගම සේකර~:(
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඔනෙ මතෙ ඔනෙ පතේ
හෙල් දිරී නොද් විරේ
රාවන ...... එ රණ ගීයෙන් නැගී

දැන් වරෝ දැන් වරෝ දැන් වරෝ
රම් දියෝ රත් මලෝ
එක් වතෝ සිය මරෝ
රාවන ...... එ රණ ගීයෙන් නැගී
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
"හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ
පහනකි මා හිරු එලියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන....

සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එලියෙහි නොපෙනෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කල එලියෙන් දුර බබලන.....

උඩවැඩියා සුපිපෙනවද උයනේ
කුසුමකි මා තණ බිම මත සැඟවෙන
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන".......

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: බණ්ඩාර ආතාවුද
 
  • Like
Reactions: amila_90210

sudunone

Member
May 23, 2009
3,781
121
0
පායන් රන් සඳ පෙරගිරි මුදුනින්
නැග එන පාළුව මකා දමා
කොතෙක් වෙලා මම බලා හිඳින්න ද
ඔබ එනතුරු හිස් දෙනෙත යොමා

නිල් මිණි තරු කැට නෙතු යුග පියැවී නිදිබර වී ඉන්නේ
පුන් සඳ වෙනුවට මේ කුළු නැඟිලා අඳුරයි මේ එන්නේ

ඈත එපිට සිට යුගයෙන් යුගයට
ප්‍රේමාතුරයන් හෙලූ කඳුළු කැට
එකතු වෙලා දෝ කඩා හැලෙන මේ
මහ වරුසා මැවුනේ

ඈත එපිට සිට යුගයෙන් යුගයට
ප්‍රේමාතුරයන් හෙලූ සුසුම් වැල්
එකතු වෙලාදෝ හමා යනෙන මේ
කුණාටු වැල් මැවුනේ

ඉඳහිට මුවගේ නැගුණු සිනා රැළි
අතරමංව යන එන මං නැති වී
වියරු වැටී දෝ විදුලිය වාගේ
දුව පැන මේ යන්නේ

පදරචනය - මහගම සේකර~:(
ගායනය හා සංගීතය - ආචාර්ය අමරදේව



 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇති
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින්
අපි ආදරයෙන් හමුවෙන්න ඇතී


ටී එම්
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
"ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර ගඟුලයි අර දිව යන්නේ
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි මේ වැව් ඉවුරේ වදින්නේ.........

මගේ පෙම් කෝකිලයෝ ඔබෙ ගී
තාලෙට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක් හැපෙනවා දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ

චම්පා චම්පා කියලයි මැණිකේ
ඕලු මලේ අර පෙති නැටවෙන්නේ
ඔබෙ ඉඟ මූනේ මිණි කැට දැකලයි
මාළු පැටව් මේ දිවගෙන එන්නේ.....

සිඹිනෙමි ඔබගේ පුළුලුර තලයෙහි
වැව් ඉවුරෙහි නැත දෙනෙත පෙනෙන්නේ
මගෙ පෙම් දහරයි සීතල ජලයයි
එක විදිහට නොවැ පිරී තිබෙන්නේ..........

අනාගතේ මෙහි පෙම් රස විඳිනා
හදවත්වලටයි රසය දැනෙන්නේ
ඒකයි මැණිකේ මේ වැව දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ"....


ගේය පද: චන්ද්‍රරත්න මානවසිංහ ශූරීන්
ගායනය: පණ්ඩිත් අමරදේව සමඟ රශ්මී සංගීතා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නියාරෝ නාන්යාරෝ

ඇයි අපි ම නොදන්නේ නුඹ මා කවුද කියා
කන්නීරිල් අස් නාරීයෝ
ඇයි කඳුළු වෙලෙන්නේ දෑසේ දෑල වසා

නියාරෝ නාන්යාරෝ

 
Jan 15, 2009
9,238
368
0
මල් සූටික්කෝ සිංදු කියාපන්
මාදං අත්තක වාඩිවෙලා
පිළේ ඉඳන් ඒ සිංදු අහන්නම්
හිතේ කඳූළු බිඳූ නෙතින් සලා
...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඇයගේ ඇකයෙහි ඔබෙ හිස රඳවා
සැනහුනු මොහොතක ඔබේම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ
වසන්ත දෙකොපුල්..නිදි වැරු තොල් මල්
රතැඟිලි තුඩු අග පිබිදුනු රණහස
ඇයට ආදරේ.. ආදරේ මම

ඇගේ සුරත ගෙන පිණි විල්ලුද මත
ඇයට ඇළුම් බව ඔබ පැවසූ පසු
පෙරලා ඔබ හට පෙම් කරනා බව
ඇය මුමුණන සඳ ඔබ සිත සුවපත් වේ

ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ.......

ගේය පද: බංඩාර කේ. විජේතුංග
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: පණ්ඩිත් අමරදේව සමඟ වික්ටර් රත්නායකයන්...
 
  • Like
Reactions: dumira j

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සඳකත් පිණිදිය දිය වී ගලනා සීතල කඳු අතරේ
හද ගොළු වී ඉකි බිඳ ඔබ හඬනා හඬ මා සවනේ පෑදේ......

නිසංසලේ රෑ අහසේ නිසංසලේ..රෑ ඝන බොල් අහසේ
මිලානවූ තරු එළියේ ඔබේ නුවන් මිණි පහන් නැගී
ඇවිලේ මා දෑසේ........

සුසුම් හෙලන තුරු ලතා ලපැල්ලේ සිහිං සුළඟ හා වෙලී
මගේ කවුළු දොර තුලින් එබී ඔබ සොයා ඇදේ.......

ගේය පද: මහගම සේකර
ගායනය: පණ්ඩිත් අමරදේව
 

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
උදේ හවස ඇගේ phone එකට call දීලා
දවසට එකසිය ගානෙ sms යවලා
මග තොටදී දැක්ක ගමන් I love u කියලා
එයත් එක්ක යාලු උනේ full try එක දාලා

ආනේ....දැන්නන් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ girl friend.......මගේ girl friend
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ girl friend........මගේ girl friend
මගේ girl friend.......

ආනේ......හැමදාමත් හැන්දෑවට මාව හොයන් එනවා
මගේ අතින් අල්ලාගෙන beach එකට යනවා
ලග ඉදගෙන අනන් මනන් වල්පල් දොඩවනවා
කියන කතා වලට මගේ ඔලුව නරක් වෙනවා

ආනේ....දැන්නන් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ girl friend.......මගේ girl friend
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ girl friend........මගේ girl friend
මගේ girl friend.......

ආනේ.....නිදාගන්න දෙන්නෙම නෑ රෑට call කරලා
එයා කියන්නෙම darling I love u කියලා
හිනා වෙන්න දෙන්නෙත් නෑ වෙන කෙල්ලෙක් දැකලා
දැනටම මට එයා නීති රීති ගොඩක් දමලා

ආනේ....දැන්නන් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ girl friend.......මගේ girl friend
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ girl friend........මගේ girl friend
මගේ girl friend.......

අයියෝ මල කරුමයක්නෙ මට නම් පල දුන්නේ
මන් විදිනා දුක අම්මපා දෙය්යො තමයි දන්නේ
යාලුවෙක්ගෙ ඇගේ ගහල මාරු වෙන්න ඉන්නේ
ඒකත් miss උනොත් අනේ වහ බොන්නයි වෙන්නේ

ආනේ....දැන්නන් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ girl friend.......මගේ girl friend
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ girl friend........මගේ girl friend
මගේ girl friend.......

ආනේ.....මගේ....giiiiiiirl friend....

Artists - Doctor
Music by Doctor @ Music Clinic
Composed by Lanthra Perera
Lyrics by Chandradasa Fernando
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔබට මා මටද ඔබ,
හමුවුණෝතින්
සිනාසෙමු අතීතෙට
යම් දිනෙක අප දෙදෙන
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය යන මං සළකුණු මැද
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා
 
Status
Not open for further replies.