පද පේලි .....

Status
Not open for further replies.

sudunone

Member
May 23, 2009
3,781
121
0
තනිවයි උපන්නේ
තනිවයි මැරෙන්නේ
ඒ ඩිංගෙදී ඇයි
කෝළම් නටන්නේ
කෝළම් නටන්නේ
 
Jan 15, 2009
9,238
368
0

හිරු දේවයා වැඩියොත් තමා බොල් පිණිකැට සැඟවී යන්නේ
සඳ දේවයා වැඩියොත් තමා ගණ අඳූරේ පාළුව මැකුනේ
රජමාලිගේ පොඩි පැල්පතේ මිනිසුන්මය ඉපදී ඉන්නේ
ඒ කාරණා නොදනී මෙදා ඇයි නොමිනිස්කම් මතුවන්නේ

ඉගිල්ලිලා යන්න යන් කෝ පිහාටු නෑ අනේ
මුහුදු හතේ යන්න යන් රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යන් ඉහට ඔටුනු නෑ අනේ
අහංකාර විලම්භීත ඇයි
...
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මා ඉතින් යන්න යනවා...
    මට යන්න අවසරයි...
    මට අරන් යන්න ඇත්තේ...
    මේ මතකය විතරයි.....

    නුඹ සඳක් වෙලා පායා
    මට එළිය වුණු වගයි....
    ඔබ සඳක් සේම බැස යයි
    මට ඉතිරි කළුවරයි....
    ම‍ගෙ මතක එපමණයි

    සඳ එළිය අයිති ලොවටයි
    සඳ අයිති අහසටයි
    හිමි කඳුළු බිංදු විතරක්
    මේ බිමට වැටෙනු ඇයි..
    මට උරුම එපමණයි..
    ---------------------------

    දවසක් තියේවි වෙන්වුණු ඔබ මා නැවතත් මුණ ගැසෙනා
    කදුලක් තියේවී මා ළග එදිනේ ඔබේ නමින් ගලනා....

     
    Surili akhiyon wale, suna hai teri akhiyon se
    Behti hai neendein aurr neendon mein sapne
    Kabhi to kinaro pe, utar mere sapno se
    Aaja zameen pe aurr mil ja kahin pe
    Mil ja kahin .. aa ..
    Mil ja kahin, samey se pareh, samey se pareh
    Mil ja kahin, tu bhi akhiyon se kabhi meri akhiyon ki sunn
    Surili akhiyon wale, suna hai teri akhiyon se

    Jaane tu kahan hai, udti hawa pe tere pairon ke nishan dekhe
    Jaane tu kahan hai, udti hawa pe tere pairon ke nishan dekhe
    Doondha hai zameen pe, chana hai falak pe, saare aasman dekhe
    Mil ja kahin, samey se pareh, samey se pareh
    Mil ja kahin, tu bhi akhiyon se kabhi meri akhiyon ki sunn
    Everytime I look into your eyes, I see my paradise
    The stars are shining right up in the sky, painting words or designs
    Can this be real, are you the one for me
    You have captured my mind, my heart, my soul on earth
    You are the one waiting for
    Everytime I look into your eyes, I see my paradise
    Stars are shining right up in the sky, painting words or designs


    Hoth mein chupke dekh rahe the, chaand ke peeche, peeche the
    Hoth mein chupke dekh rahe the, chaand ke peeche, peeche the
    Saara jahan dekha, dekha na aakhon mein, palkon ke neeche the
    Aa chal kahin, samey se pareh, samey se pareh
    Chal de kahin, tu bhi akhiyon se kabhi meri akhiyon ki sunn
    Surili akhiyon wale, suna hai teri akhiyon se
    Surili akhiyon wale, suna de zara akhiyon se
    Surili akhiyon wale, suna de zara akhiyon se


    Nice song of Veer (Hindi film)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කොහේ සිට ඔබ පැමිණියේදෝ
    සිහිනයේ රැඳුණු ඒ අප්සරා
    මගේ ඉරබටු තාරකාවිය
    ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල්
    ප්‍රේම ගීයයි මේ...........

    දෙනෝ දාහක් අවට සිටියද
    තනිවෙලා වේදනා වින්ඳෙමි මං
    නුවන් දාහක් අවට දුටුවද
    දෙනෙත නලවන නෙතක් නුදුටිමි මං............

    පාළු ඝනඳූරු රුදුරු රෑ මැද
    නෙත වසා ආදරේ පැතුවෙමි මං
    මගේ සුසුමන් දැනෙන තරමට
    ඔබට ලංවී කෙදින හිඳිමිද මං.......


    ගේය පද: කේ.ඩී.කේ.ධර්මවර්ධන
    සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: වික්ටර් රත්නායක
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    නින්ද නේන රාත්‍රියේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ
    කුමුදු කුමාරියේ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කොළොම්තොට නැත මහළු වී
    අවන්හල නැත පැරණි වී
    එදා හඳමයි අදත් යවුවනයේ
    එහෙත් අප දෙන්නා
    බලන් කැඩපත සොඳුරියේ........

    පෙරුම් පුරමින් හමුවෙලා
    උනුන් රහසින් බැන්ඳ ආදර පෙම්
    බලන් කැඩපත සොඳුරියේ
    පාට වත්සුණු දෙකොපුලේ පිසදා

    කුඹ ගසක් උඩ නැවතිලා
    සිනා තලමින් සඳේ ඇයි සරදම්
    බලන් කැඩපත සොඳූරියේ
    කුමන අරුමද නර කෙසක් නැගිලා......

    ගේය පද: ලූෂන් බුලත්සිංහල
    සංගීතය: ගුණදාස කපුගේ( වැඩි දෙනෙක් දන්නේ නෑ මේක කපුගේ විසින් රචිත ඉතාමත් මධුර නනුවක් බව)
    ගායනය: පණ්ඩිත් අමරදේව
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ළිදෙන් වතුර බීලා එයින් වතුර නාලා
    ළිදට ගල් ගසාලා වතුර බොරකරයි මිනිසා
    වතුර බොරකරයි මිනිසා ගඟට ආවඩයි

    ගහේ වැල එතීලා යාවි හැදී
    පසුව පිළීල වීලා සාරේ යදී
    කාලා බීලා නිදලා කාලේ ගෙවයි
    කාපු තැනද වනසා මිනිසා දුවයි

    ඉණිමං තබාලා නැගීලා බලයි
    එයට පහර දීලා කඩාලා දමයි
    අතීතේ නසාලා දිනුවා සිතයි
    තිබු නැතද නැතිවී පරාදේ වැටෙයි


    ළිදෙන් වතුර බීලා එයින් වතුර නාලා
    ළිදට ගල් ගසාලා වතුර බොරකරයි මිනිසා
    වතුර බොරකරයි මිනිසා ගඟට ආවඩයි...


    - වික්ටර් රත්නායක
     
    Status
    Not open for further replies.