පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඩාලා
යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිදීලා
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පෙරටමැ එන්නෝ පෙරමුණ ගන්නෝ
පස්සට යන්නෝ පස් යට යන්නෝ
දැනගෙන දැය දියුණට ගෙන යන්නෝ
නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ


හිරු දෙවි නැමැදූ හෙළ හිරු පරපුර
තිස් දහසක් වස් ඉපැරණි ඉතිහස
උරුමය ඇති ලොවැ පැරණිම මනු දෙස
මේ සිංහල දෙරණය ලොව අසදිස
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුලින් කටු ගෑ
කවි කියවේ මහ රෑ :(
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මට දරාගන්න බැරි තරම් සිතට දුක අරං ඔබ ආවා
මට හිතාගන්න බැරි තර
ම් හදසුසුම් අරං ඔබ ආවා

මග බලා සිටියා ඔබේ රුව සොයා
සිත මුලා කලෙ නොයෙක් දේ ගැන සිතං
එක රැයක් ගෙවුනි කල්පයක් තරම්
දුක අළුත් වුනා සිත නොසිතු තරම්
ඔබ ආවා
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රොනට ඇදෙන සමනලියක විලස අරුණ සීතේ
කනට කොඳුර කොඳුර ගයන මා නොගැයුව ගීතේ
පිනට ලැබුන මියුලැසියේ සැතපෙන මගෙ දෙනෙතේ.....

මල් පෙති පාවඩ අතුරා ගෙට කැන්දන් එනවා
රොන් සුණු අඹරා තවරා සුවඳින් නහවනවා
දැන් මට තේරෙන පාළුව ඔබට බාර දෙනවා......

දිමුතු රුවන් මිණි පරයා හිනැහෙන සියුමැලියේ
මගෙ හදවත එකලු කරන ස්වර්ණ වර්ණ එලියේ
අපි නවලොවකට පිවිසෙමු සඳ තරු සැණකෙලියේ......

ගේය පද: කරුණාරත්න අබේසේකර
සංගීතය: නාරද දිසාසේකර
ගායනය: නිහාල් ජයවර්ධන
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි හසරැල්ල ඔබයි......

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වෙයි
ආදර ගඟුලක් පෙරට ඇදෙයි
කාටද ඔබෙ අත හිමිවන්නේ
මා වාගෙම ඔහු විමසන්නේ....

කිසිවෙකු රිදවා හිනැහෙනු බෑ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමි
ඔබටද ඔහුටද සුබ පතමි
ඔබටද ඔහුටද සුබ පතමි.........

ගේය පද: කේ.ඩී.කේ.ධර්මවර්ධන
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ආවා සොයා
ආවා සොයා
ආවාසොයා ආආආආආආදරේ..............
:P:P:P:P
මොකද බොල පරණ පෝස්ට් කෝට් කරන්නෙ ........ පිස්සුද, හැටිද, පිස්සුවේ හැටිද?


ඉබියො... කේන්දරේ බලවගත්තොත් නරකද.......
මරුවා ඔබ දෙසට නෙත් යොමා සිටී
:P:P:P:P:P
:frown:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අහිමි වුනත් නුඹ ලඳේ
මට හඬන්න අවසර නෑ
වෙලෙන් එහා ඉඳ නුඹේ සුවඳ වත
එතී ආ සුලං මගෙ මුව සිම්බා
අහිමි වුනත් නුඹ ලඳේ ....මට හඬන්න අවසර නෑ....

නොපැතූ අතකට අත දුන් දවසේ
හෙළු දුක් සුසුම් මගෙ මුව සිම්බා
අහිමි වුනත් නුඹ ලඳේ...මට හඬන්න අවසර නෑ....

නුඹ කැන්දන් ගිය මංගල රිය නැගි
දූලි වලාවෝ මගෙ මුව සිම්බා
අහිමි වුනත් නුඹ ලඳේ...මට හඬන්න අවසර නෑ....

කියා ගන්න බැරි දුකක් නිවන්නට
නෙත හෙලු කඳුලක් මගෙ මුව සිම්බා
අහිමි වුනත් නුඹ ලඳේ...මට හඬන්න අවසර නෑ....

ගේය පද: ගාමිණී පොන්සේකා
ගායනය: වික්ටර් රත්නායක
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සන්නාලියනේ සන්නාලියනේ
    සීතල සඳ එළියේ
    මැලවුන මුහුණින් වෙව්ලන දෑතින්
    කාටද සළුව වියන්නේ
    සීතල සළුව වියන්නේ
    කණ කොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සළුව වියන්නේ
    කාටද සළුව වියන්නේ
    කණ කොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සළුව වියන්නේ
    මියගිය ඇයගේ මිනිය වහන්නයි
    සීතල සළුව වියන්නේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිතේ ඇඳුණු කුළුදු ප්‍රේමය
    සුළඟක දැවටී
    ඉගිලී යන්නට මත්තෙන් ඔබට කියන්නම්
    දුටුවා දෙනුවන් වසා පවසන කුමක්ද
    දැනුනා මට හදවතින්ම නැගෙනා ඒ රාවය
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිනින්දෝරු කන්තෝරුවෙ මුළාදෑනි ටික
    සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
    ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දම්වැල් අරගෙන
    තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන
     
    Status
    Not open for further replies.