පද පේලි .....

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමු ගන්නම්
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්.....

නිදි නැති යහනේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ
සුලඟේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැලි දෑතින් ඔබ හිස අත ගා
ඔබ නිදි කරවා මම යන්නම්....

අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුලක් රඳවා
සුසුමක් වාගේ ඉන් පිටවී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවි
ඔබගෙන් වෙන්වී මම යන්නම්.....

ගේය පද: මහගම සේකර
ගායනය: පණ්ඩිත් අමරදේව
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
හෙළයින් වී අප හෙළේ උපන්නේ
හෙළයේ සිවු රියනක සැතපෙන්නයි
ඒ සිවු රියනේ අප සැතපෙන බව
හෙළ හදවත්වල රඳවන්නයි:yes:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
අරුණාලෝකය අතරේ
අද නව ලෝකය ඉදි වේ
තෙරුවන් සරණින් දෙව් රැකවරණින්
ජයගොස දසදෙස පැතිරේ

මනුලොව මිනිසත් බව ලැබ ගන්නේ
හදගැබ නොමිනිස් ගති දුරලන්නයි
සිරුරේ ලෝහිත ගඟක් ගලන්නේ
ජීවිතයේ දිගු විජය ලබන්නයි

ලොව විනිවිද යන නැණැස් ලබන්නේ
සඳ නොව තරු නොව හිරු ජය ගන්නයි
සොඳුරු මහරු පොළොවක උපදින්නේ
ඒ පොළොවෙන් මුළු ලොව ජයගන්නයි
 
  • Like
Reactions: cmanimations

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදෙකලාවක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතිවිලි අතීතෙක.......

සයුර මා විය
අහස ඔබ විය
දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි.......

සයුර මා විය
අහස ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය
කී කථාවේ අරුත වැටහින
අහස සමුදුර එකතු වීමැයි.......

ගේය පද: කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගායනය: වික්ටර් රත්නායක
 
  • Like
Reactions: cmanimations

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔබෙ දෙතොල් පෙති ලිහී
පිපුණු හසරැල් විලේ
හඳ එලිය ගලා යයි
රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි
තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තෙක් ඔබ මගේ.. ඔබ මගේ.......


හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලැඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ.. ඔබ මගේ.......

නා ගසක් දළු දමා වසන්තය එලැඹිලා
මද පවන් රැල් වැදී සැලෙන විට කැලඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ.. ඔබ මගේ.......

යුග ගනන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ.. ඔබ මගේ.......

අහස් තල පොලෝ තල
ඔබට මට පොදු වෙලා
හදවතින් එක්වුනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ.. ඔබ මගේ.......

ගේය පද: ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය: වික්ටර් රත්නායක
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඉරක් පායනා දේශය
ලොවක් ලොභ බැදුනු දේශය
මගේ මේ රටයි
සුන්දර බලනු මැන සකී

වික්ටර් රත්නායක
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රුවන් නිදන හෙළ බිමයි
නුවන් හදන හෙළ බිමයි
නිවන් පුදන හෙළ බිමයි
ලොව හෙලිකල හෙළ බිමයි....

මගේ රුවන හෙළ බිමයි
මගේ නුවන හෙළ බිමයි
මගේ නිවන හෙළ බිමයි.....

මිහිරෙන් පිරි හෙළ බිමයි
රුහිරින් දැරි හෙළ බිමයි
ඉසුරින් සරි හෙළ බිමයි
ලොව බලපෑ හෙළ බිමයි......

මගේ මිහිර හෙළ බිමයි
මගේ රුහිර හෙළ බිමයි
මගේ ඉසුර හෙළ බිමයි.....

විරුවන් ලත් හෙළ බිමයි
පඬිදුන් පත් හෙළ බිමයි
දුටුවන් මත් හෙළ බිමයි
ලොව හෙබැවූ හෙළ බිමයි.....

මගේ තිදස හෙළ බිමයි
මගේ සිරස හෙළ බිමයි
මගේ නිවස හෙළ බිමයි....

ගායනය: වික්ටර් රත්නායක
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
Take another shot of courage
Wonder why the right words never come
You just get numb...

It's another tequila sunrise....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැඳුනු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්......

සඳ එලිය වගේ ඇවිදින්
හද නොපැතු දිනක රහසින්
බැස නොයනු මා සිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්......

සිලි සිලිය පවා සුළඟින්
තනි මැකුවේ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනැහෙන්.....

ගේය පද: විපුල් ධර්මප්‍රිය ජයසේකර
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ආරාධනා සංසාරයේ ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ ඉටුවී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ

නොදැනීම වැරදීම සිදුවී තිබේ
අද කියමින් සමාවන්න තුරුලේ රැඳී
හිංසා කරන්නේ නැතේ මා යලී
දිව්රා කියන්නම් නීලා මගේ

ආරාධනා සංසාරයේ ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ ඉටුවී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ

සැමදාම සෙවනැල්ල මෙන් මා ඔබේ
අද නොවෙනස්ව ළං වෙන්න සුහදේ මගේ
අඳුරේහි පසුවන්න නොදෙමී ප්‍රියේ
මම ආලෝකෙ වෙන්නම් සදා කාලයේ

ආරාධනා සංසාරයේ ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ ඉටුවී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ

සැමදාම ඔබ මාගෙ නීලා කියා
අද සැනසෙන්න හැමදේම සිදුවේ කියා
පණ සේම නොවෙනස්ව සිටිමී කියා
අද නලවන්න ඔබ මාගෙ තුරුලේ තියා


ආරාධනා සංසාරයේ ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ ඉටුවී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ


සදාදර ජෝති / සුජාතා

:love:
 
  • Like
Reactions: ronsilva

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
මගෙ දුවේ

මගෙ දුවේ ඔබ අවදියෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළොව කෙතරම් සුන්දරද
මගෙ දුව තනියම හිනාවෙයි

මගෙ දුවේ ඔබ අවදියෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි

ඝණ කළුවරට අප පෙම් කලොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි

මගෙ දුවේ ඔබ අවදියෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි


ස්වභාව සෞන්දර්ය ගැන ලියවුනු මේ චමත්කාර ජනක සිතුවිලි
කරුණාරත්න දිවුල්ගනේගේ සෞම්‍ය හඬින්.
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
රස මිහිරි කථා

රස මිහිරි කථා // සිඟිති සිනා සුදාගෙ මූණේ
අද නම් හොඳටම පාට වැටී පුන්සඳ වාගේ
මල් කැකුළු පිපී // පුබුදු වුනා වසන්ත කාලේ
අද පෙම් යුවලක් එකතු කලා ස්ථිර ආලේ

ලැබුනා මට ජීවිත මිහිරේ මා සතු කොමළී
කිසිදා නැහැ ආදර සයුරේ බාධක හමුවී //

රස මිහිරි කථා // සිඟිති සිනා සුදාගෙ මූණේ
අද නම් හොඳටම පාට වැටී පුන්සඳ වාගේ
මල් කැකුළු පිපී // පුබුදු වුනා වසන්ත කාලේ
අද පෙම් යුවලක් එකතු කලා ස්ථිර ආලේ

මුතු මාල ගොතා ගෙල වට සොඳුරිගෙ පළඳාලා
ආදරේ රසේ පෙන්නා පෙම් මල් පිබිදීලා //

රස මිහිරි කථා // සිඟිති සිනා සුදාගෙ මූණේ
අද නම් හොඳටම පාට වැටී පුන්සඳ වාගේ
මල් කැකුළු පිපී // පුබුදු වුනා වසන්ත කාලේ
අද පෙම් යුවලක් එකතු කලා ස්ථිර ආලේ


මොරිස් දහනායක / දයා හේමන්තා අබේසේකර

මගේ පියාගේ සහෘදයකු වූ මොරිස් දහනායක මහතාට උපහාර පිණිසයි.
දයා හේමන්තා අබේසේකර මහත්මිය, සුජාතා අත්තනායක මහත්මියගේ
හඬට කිට්ටු හඬකින් ගී ගැයූ දක්ෂ පැරණි ගායිකාවක්.

 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
එක දවසක් හැන්දෑවක කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පයා දිළෙන
නිල් පාටින් පයා දිළෙන.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රස මිහිරි කථා

රස මිහිරි කථා // සිඟිති සිනා සුදාගෙ මූණේ
අද නම් හොඳටම පාට වැටී පුන්සඳ වාගේ
මල් කැකුළු පිපී // පුබුදු වුනා වසන්ත කාලේ
අද පෙම් යුවලක් එකතු කලා ස්ථිර ආලේ

ලැබුනා මට ජීවිත මිහිරේ මා සතු කොමළී
කිසිදා නැහැ ආදර සයුරේ බාධක හමුවී //

රස මිහිරි කථා // සිඟිති සිනා සුදාගෙ මූණේ
අද නම් හොඳටම පාට වැටී පුන්සඳ වාගේ
මල් කැකුළු පිපී // පුබුදු වුනා වසන්ත කාලේ
අද පෙම් යුවලක් එකතු කලා ස්ථිර ආලේ

මුතු මාල ගොතා ගෙල වට සොඳුරිගෙ පළඳාලා
ආදරේ රසේ පෙන්නා පෙම් මල් පිබිදීලා //

රස මිහිරි කථා // සිඟිති සිනා සුදාගෙ මූණේ
අද නම් හොඳටම පාට වැටී පුන්සඳ වාගේ
මල් කැකුළු පිපී // පුබුදු වුනා වසන්ත කාලේ
අද පෙම් යුවලක් එකතු කලා ස්ථිර ආලේ


මොරිස් දහනායක / දයා හේමන්තා අබේසේකර

මගේ පියාගේ සහෘදයකු වූ මොරිස් දහනායක මහතාට උපහාර පිණිසයි.
දයා හේමන්තා අබේසේකර මහත්මිය, සුජාතා අත්තනායක මහත්මියගේ
හඬට කිට්ටු හඬකින් ගී ගැයූ දක්ෂ පැරණි ගායිකාවක්.


ඉතා මිහිරි යුග ගීයක් නංගි මේක...මොරිස් දහනායකගේ තොරතුරු මොනවද???මට මතකයි ගොඩාක් කාලෙකට ඉස්සර රක්ෂණ සංස්ථාවේ ඉහල නිලයක් දැරුවා...

දයා හේමන්ත අබේසේකරලගේ පරපුර මතක් කරනකොට කොච්චර දිගු පරාසයක විහිදුන කලා පිරිසක් ඒ පවුලට නෑකම් කියනවද...සුප්‍රියා..දයාරත්න සහ අමරා රණතුංග ඔය ආදී වශයෙන්.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
සවුමිය සඳ සේමා වත රූ සිරි බෝමා
සන්සුන් ගමනේ රූ සිරි බෝමා
ආදරේ නොකියා ඉන්නෙ කොහොමා
මගෙ රන්කඳට මම ආදරෙයි.........

ඔබ නොදැක බැරුවා
ඔබ නැතිව බැරුවා
මග සොය සොයා මුව සල සලා
සත්තකයි මං ඔබ එතැයි සිතුවා....

මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මග බල බලා නෙතු දව දවා
රත්තරං මං මග බලා සිටියා

ගීපද: උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය: සමන්ත පෙරේරා
ගායනය: මොරිස් විජේසිංහ
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
kasun kalharage masha song dennako

සින්දුව ඕනෙනම් එලකිරි එකේම තියෙන SLOLDHITS එකට ගිහින් සින්දුව ඉල්ලන්න..අනිවාර්යෙන්ම සින්දුව ලැබෙයි...

ගීතයේ පදවැල් ඕනෙ නම් මෙන්න:


සඳ ඕනා නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
ඈතින් පේනා පායා අරුමෝසම් පෑ ......

මාෂා සොයා දමා නොයා බලා හිඳී මේ දෙනෙත් විදාලා......

දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ
ඒ මූණේ ගෑ වත්සුණූ නෑ තවරා නෑ කිඳුරන් වාගෙම නෑ
නවතාලා හිත විමසාලා තරු ඉඟි පාලා ඈ මට ඕනා
ඈ නවතාලා තරු ඉඟි පාලා හිත විමසාලා....

ඈ වීනා රෑ ඕනෑ නෑ තාමත් ඈ දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන් නෑ තාමත් ඈ ලඟ නෑ
කොඳුරාලා රහසින් කීවා තව ලං වීලා සිපගන්නෝනා
ඈ කොඳුරාලා රහසින් කීවා තව ලංවීලා..........

මාෂා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ වෙනදා මෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ ආයෙත් එන්නේ නෑ
රෑ අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ.......

මාෂා සොයා සියොතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා....
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ඉතා මිහිරි යුග ගීයක් නංගි මේක...මොරිස් දහනායකගේ තොරතුරු මොනවද???මට මතකයි ගොඩාක් කාලෙකට ඉස්සර රක්ෂණ සංස්ථාවේ ඉහල නිලයක් දැරුවා...

දයා හේමන්ත අබේසේකරලගේ පරපුර මතක් කරනකොට කොච්චර දිගු පරාසයක විහිදුන කලා පිරිසක් ඒ පවුලට නෑකම් කියනවද...සුප්‍රියා..දයාරත්න සහ අමරා රණතුංග ඔය ආදී වශයෙන්.....

ස්තුතියි රොන් අය්යේ ඔබගේ අදහස් වලට.
මොරිස් දහනායක මෑතකදීත් රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙලා ගීත ගයනවා මා දුටුවා. ඔහු දැන් වයස්ගත වුවත් දෙවි පිහිටෙන් නිරෝගී සුවෙන් පසුවෙනවා.
ඔව්, ඔහුත් මගේ පියාත් රක්ෂණ සංස්ථාවේ එකට සේවය කලා. ඔවුන් හොඳ මිතුරන්.
 
Status
Not open for further replies.