පද පේලි .....

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
සින්දුව ඕනෙනම් එලකිරි එකේම තියෙන SLOLDHITS එකට ගිහින් සින්දුව ඉල්ලන්න..අනිවාර්යෙන්ම සින්දුව ලැබෙයි...

ගීතයේ පදවැල් ඕනෙ නම් මෙන්න:


සඳ ඕනා නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
ඈතින් පේනා පායා අරුමෝසම් පෑ ......

මාෂා සොයා දමා නොයා බලා හිඳී මේ දෙනෙත් විදාලා......

දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ
ඒ මූණේ ගෑ වත්සුණූ නෑ තවරා නෑ කිඳුරන් වාගෙම නෑ
නවතාලා හිත විමසාලා තරු ඉඟි පාලා ඈ මට ඕනා
ඈ නවතාලා තරු ඉඟි පාලා හිත විමසාලා....

ඈ වීනා රෑ ඕනෑ නෑ තාමත් ඈ දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන් නෑ තාමත් ඈ ලඟ නෑ
කොඳුරාලා රහසින් කීවා තව ලං වීලා සිපගන්නෝනා
ඈ කොඳුරාලා රහසින් කීවා තව ලංවීලා..........

මාෂා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ වෙනදා මෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ ආයෙත් එන්නේ නෑ
රෑ අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ.......

මාෂා සොයා සියොතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා....


මම දෙන්න හදනකොටම රොන් අය්යා පදවැල් දීලා තියෙන්නෙ. ගීතය ඕනෙනම්, KASUN KALHARA SONG REQUESTS කියන thread එකෙන් ගන්න පුළුවන්.
 
Jan 15, 2009
9,238
368
0
බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
හංගන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
නුඹ දන්න තරම් මගෙ හිත...
වෙන දන්න කෙනෙකු ලොව මට හමුවෙලා නැතී


හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී
පින්වන්ත හිතේ විඳවන්න දුකක් නැතී
අදහන්න නමුත් හැකිවෙද...
නුඹ දුන්නෙ නැතත් නුඹෙ හිත මගෙ ළඟම ඇතී


- කරුණාරත්න දිවුල්ගනේ
 
  • Like
Reactions: cmanimations
Jan 15, 2009
9,238
368
0
සිහින පාරාදීසයේ සිටි එදා මා පාළුවේ
ඔබයි මාගේ දෑස වාගේ
යාවුණේ රෑ දිවා.. ජීවිතේ සෑමදා

මාරුතේ සැලී නොයේ ආදරේ අමා සුවේ
ලෝකයේ චෝදනා නෑසෙනා තුරා
සිත පාළුවේ නොතබා මගේ ජීවිතේ මාවතේ
තාරුකා වගේ නෑ නිවිගියේ චේතනා හදේ

සාගරේ හැපී බිඳී ඈත පාවුණා රැළී
ඒ වගේ ආදරේ නෑ බිඳී මගේ
සරනා තුරා නොසැලී සදා මා පැතූ ආදරේ
මා ඔබේමවී වාසනා ගෙනේ සෑමදා ලොවේ


සිහින පාරාදීසයේ සිටි එදා මා පාළුවේ
ඔබයි මාගේ දෑස වාගේ
යාවුණේ රෑ දිවා.. ජීවිතේ සෑමදා...

 
  • Like
Reactions: thilzz
Jan 15, 2009
9,238
368
0
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුනත් කොයිතරම්
එක මලක්වත් සුවඳ නැතිවිය ඔබතරම්
නුඹ නොදැක සිටි කාලයේ නෙත කඳූළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්. . .

- අමරසිරි පීරිස්
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
කිසිදා නැතිද විමසා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක්
:(
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා
ලයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා.......

දෑස් කවුළු පත් පලා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්........

ඊයේ ඉපදී අද මියයන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැත ඇයි මේලොව මා තනිව ගියේ
ආයෙත් දවසක එකහිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට පියේ.......


ගේය පද: විමල් ජයශාන්ත
ගායනය: සංගීත් නිපුන් සනත් නන්දසිරි
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා.......

මහ මෙර වැනි බර සිතින් උහුලනා
කඳුළැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා.........

මව් ඇතිදාටත් සෙනෙහස පුදලා
මව් නැතිදාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා.......

ගේය පද: ධර්මසිරි ගමගේ
චිත්‍රපටය: පුජා
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
ගායනය: පණ්ඩිත් අමරදේව
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ළඟට සැණින්.......

එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැණිනේ
එහෙම ගියත් ඒ අය පොඩි සාදූ
කියා කියන විට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා........

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා.........


ගේය පද: ප්‍රණීත් අභයසුන්දර
ගායනය: සනත් නන්දසිරි
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා දෑස ඈගෙ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
එන්න මදනලේ….. .

ශෝක පණිවුඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝ දූතයා කළා
මට කොයින්ද එම වළා ආමි සුළඟෙ ඔබ බලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා.........

සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ
හංස ගිරා ළිහිණි කොවුල් කුරුල්ලන් නැතේ
සුළඟේ මා අසරණයි මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි........

ගේය පද: කරුණාරත්න අබේසේකර
ගායනය: තිලකසිරි ප්‍රනාන්දු
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා......

ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී
දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ
කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී........

දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී.........


ගේය පද: ප්‍රේමනාත් ජයතිලක
ගායනය: සනත් නන්දසිරි
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා........

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ


ගේය පද:චාරුක සුරවීර
ගායනය: අප්සරා ද සිල්වා
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ . . .
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ . .
ලේලිය කැටුව මගේ පුතු වෙන්විය රහසේ . . .
මං විතරයි තනියෙම දැන් මගේ නිවසේ . . .

නුඹලගේ තත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒදැයි පතාගෙන . .
වේවැල් කැඩුනු පුටුවේ වක ගසාගෙන. .
මම ඉන්නවා නෙත කඳුලැලි දරාගෙන. . .

දරුවන් ඇඳූ ඇඟැලුම් ගෙන සිඹින්නෙමී . . .
මනසින් එදා කෙලි සෙල්ලම් දකින්නෙමී . .
මරනයෙ දොරකඩට සපැමින හිඳින්නෙමී . . .
ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී . . .


ගේය පද: සුනිල් ආරියරත්න
ගායනය: නන්දා මාලනී
 
බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
හංගන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
නුඹ දන්න තරම් මගෙ හිත...
වෙන දන්න කෙනෙකු ලොව මට හමුවෙලා නැතී


හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී
පින්වන්ත හිතේ විඳවන්න දුකක් නැතී
අදහන්න නමුත් හැකිවෙද...
නුඹ දුන්නෙ නැතත් නුඹෙ හිත මගෙ ළඟම ඇතී


- කරුණාරත්න දිවුල්ගනේ
:rolleyes::rolleyes::rolleyes:
මේකෙ ඇම්පී 3 එල දෙන්න පුලුවනිද ...
 
  • Like
Reactions: ronsilva

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කාලයේ වැලිතලාව පහුරු ගා
    නියඟ ගෙවී ලේ ගලනා වෙලාවේ
    මිහිදන්වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
    ඒ සෙනෙහස යලි ඉල්ලා අඬන්නම්
     
    ඔබ ආයෙමත් ඇවිදින්
    හිත හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්

    උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
    නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්
    නුඹ නොදැක සිටි දිගු කාලයේ හිත හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්

    දෑස අග මල් පිපී සැලුනත් කොයිතරම්
    එක මලක්වත් සුවඳ නැතිවිය ඔබතරම්
    නුඹ නොදැක සිටි කාලයේ නෙත කඳූළු මැකුනා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්. . .

    - අමරසිරි පීරිස්

    මේකෙ ඇම්පී 3 එල දෙන්න පුලුවනිද ...
     
    • Like
    Reactions: sandun thilaka

    xoxoxo

    Member
    Feb 20, 2010
    357
    21
    0
    Don't try to explain your mind
    I know what's happening here
    One minute, it's love
    And, suddenly, it's like a battlefield

    One word turns into war
    Why is it the smallest things that tear us down
    My world's nothing when you're gone
    I'm out here without a shield - can't go back, now

    Both hands tied behind my back for nothing, oh, no
    These times when we climb so fast to fall, again
    Why we gotta fall for it, now...

    I never meant to start a war
    You know, I never wanna hurt you
    Don't even know what we're fighting for
    Why does love always feel like a battlefield..
     
    Status
    Not open for further replies.