පද පේලි .....

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ
පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ....

තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා හඳක් සේ පායා ආ ඔබ
කිමදෝ වෙන්ව ගියේ.....

ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරිවීදෝ ඔබ හට
ඇයි මා අතැර ගියේ....

ගායනය: ලක්ෂ්මන් විජේසේකර

**පුළුවන් නම් sloldhits වලින් ඉල්ලලා හොයාගෙන අහල රස විඳින්න මේ මියුරු ප්‍රේම ගීතය***
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පවලම් මාල බැන්ද
සුදුසළු සේල ඇන්ද
මා පි‍්‍රය දේවී සොකරී
අරාබි වදන් කියන
තාලෙට පාද තබන
බෝ මයි අද නුඹෙ අසිරි...


අබුඩාබියෙන් ගෙනා
නුඹ ගැන නෙක වරුණා
කෝකිල සින්දු ගම වටේ
පත්තිනි රූප බිම වැටේ....


රෑ කමතට වඩිනා
මගෙ දුක සැප බලනා
පුරහඳ කැළැල් වූ විඩේ
කුමට ද ඉහට මුතු කුඩේ....


ගේය පද: සමුද්‍ර වෙත්තසිංහ(නව පරපුරේ ඉහලින්ම සිටින ගීත රචකයෙක්)
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: රොහාන් ශාන්ත බුලේගොඩ


අරාබිකරයේ කහවනු සොයා ගිය කතුන් ගම රට බලා ආ විට ගමේ ගොඩේ ඔවුන් පිළිබඳ විවිධ කතාබහ,කටකතා ආදිය පැතිරයෑම ස්වභාවයකි.
රට ගොස් මෙරට පැමිණි එබඳු කාන්තාවක විෂය කොට නිමැවුණු එවන් තත්කාලීන අපුරු ගීයකි මෙය..
කොහොම හරි හොයාගෙන අහන්න අමතක කරන්න එපා...

 
Jan 15, 2009
9,238
368
0

සුසුදු හසකැන් සලා දෑස පෙරුමන් පුරා
පාළුවේ තනිවෙලා කාටදෝ ඉඟිකළා

ප්‍රේමයේ විල්තෙරේ යෞවනේ මල්වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ සිතක ආරාධනා

ප්‍රේමයේ විල්තෙරේ...

 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නිසන්සල රෑ ඔබේ වෙණ නද
    මා සොයාගෙන හෙමින් ආවා
    මා සොයා ආවා
    දෑස කඳුලින් තෙමී වැසුනා
    දෑස කඳුලින් තෙමී වැසුනා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දවසක් දා හිරු කුමරා කුමරිය හා කෝප වෙලා
    අසරණ ඈ විමානයෙන් පිටමං කර දැමුවා
    එදා ඉඳන් මේ දක්වා ලසෝ දුකෙන් කළු පොරවා
    හිම කඳු මැද පාළු වනාතේ ඉන්නේ
    හිරු නොපෙනෙන අඳුරු ගුහාවේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    We're leaving here tonight

    There's no need to tell anyone
    They only hold us down
    So by the morning's light
    Will be half way to anywhere
    Where no one needs a reason
     
    • Like
    Reactions: cmanimations

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    The night is dark and shapeless
    I can hear the angels sing
    I taste your breath on my skin
    Or was it just the wind
    And when I close my eyes
    You stand here next to me
    But I know this is not
    Reality
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දෑසට පෙනෙනා එකම රුවක් වෙයි
    ඒ රුව මා නෙත් අංජනයයි
    ජීවන ගීතේ තනුව වයන්නෙමි
    ඈ එනතුරු මා තනිවීලා
    ඈ එනතුරු මා තනිවීලා

    සැනසුම් සුසුමන් පාවීලා
    සඳකැන් වතුරින් නෑවිලා
    තරු මල් අතරින් රිංගාලා
    කොහි යන්නෙද මා තනිකරලා. . .
     

    xoxoxo

    Member
    Feb 20, 2010
    357
    21
    0
    සඳුන් සදාලා තිලක තියලා
    කොහෙන්ද ඇස් වහවැදුනේ කලූ
    බුලත් හපාලා පුවක් හපාලා
    තොල් දෙක රතු වුනේ කිමද කලූ..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මාල ගිරා ගෙල මාල පොටක් වැනි
    ගෝමර පෙති මාලේ
    පාට සරුංගල් පාට නෙලා ගෙන
    රුව දිලෙනා ලීලේ...

    වතුසුදු මල සේමා

    වත රුසිරූ බෝමා
    කෝල කොමල වරුනේ
    සිත බැඳුනා ලඳුනේ.....

    කදිම උවම් යොදලා

    කවි සීපද ගොතලා
    හීතල දුරුතු මහේ
    කියමුද අපි ලඳුනේ....

    කෙකටිය සුදට සුදෝ

    හිරිමල් කැකුළු මුවින්
    ටිකිරි හිනා බිංඳූ
    මට දෙනවද ලඳුනේ....


    ගේය පද: අජන්තා රණසිංහ

    සංගිතය: ප්‍රේමසිරි කේමදාස
    ගායනය: ලතා වල්පොල
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    උදුම්බරා හිනැහෙනවා
    ඉර අඳුරට හැංගෙනවා
    දස දහසක් සම් මස් ඇට
    සිනහ කඳුළු වැහි වැහැලා
    ගිනිගෙන රත්වුනු දවසක්
    සැනසෙන එක හැන්දෑවක...

    මුහුදු කොනේ සුදු වැල්ලේ සුද හැංගෙන එක මොහොතක

    උදුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා
    කළුවර දුම එක හුස්මට මුලු ලෝකෙම වසා ගන්න
    ගිනි දිය ලෝ දිය වැස්සේ කිරි සයුරේ උදුම්බරා
    සිනහ කඳුළු වගුරනවා.....

    ගේය පද: ඩබ්. ජයසිරි

    සංගිතය: ප්‍රේමසිරි කේමදාස
    චිත්‍රපටය: ධර්මසේන පතිරාජගේ "බඹරු ඇවිත්" (මා මෙතෙක් නැරඹු ඉහලම යථාර්තවාදී ලාංකීය සිනමා සිත්තම)
    ගායනය: ටී.එම්.ජයරත්න/අයිවෝ ඩෙනිස් සමඟ සුනිලා අබේසේකර

    *තරූණ පරපුර බැලිය යුතුම හා පරිශීලනය කල යුතුම සිනමා සිත්තමක්..මං ඉල්ලා සිටිනවා හැමෝටම පුලූවන් නම් මේ සිනමා සිත්තම අත් විඳින්න කියලා*...


    It explores tradition and exploitation following the introduction of capitalism to a tiny fishing village and the subsequent clash between the local boss and the urban outsider.http://en.wikipedia.org/wiki/Bambaru_Avith#cite_note-GurdUK-0
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බඹරෙකු හැඬුවා
    මලක් ලඟදි බඹරෙකු හැඬුවා
    හැඬුවා මලක් ලඟදි බඹරෙකු හැඬුවා
    ඇහේ කඳූළු ඇති ඒ බඹරිඳු දැක
    හඬන්නෙ ඇයිදෝ මල ඇසුවා....

    ලන්ද එහා ඇති ඕවිට පාමුල කේටකි මල මට බහ දුන්නා

    කවුදෝ ඇවිදින් එමල නෙලූ බව ඉකි බිඳිමින් බඹරිඳු කීවා....

    ඇහේ කඳුළු නොව හිතේ කඳූළු දැක

    ඇයටත් හරියට දුක හිතුනා
    එහෙනම් මා වෙත පියඹා එන්නැයි
    සෙනෙහෙ සිතින් ඒ මල කීවා.....

    ගායනය: නිරංජලා සරෝජනී සමග අබේවර්ධන බාලසූරිය

    සංගීතය: ප්‍රේමසිරි කේමදාස
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැඟවිලා
    අපේ මියුරු පෙම් කථා අසා සිටිනවා....

    කඳුළු බිඳූ ගලා සඳේ තුරුලතා පුරා

    සියොලඟම සැලී මගේ නොහිම් ශීතලේ
    ඔබේ නෙත යදී..... මහද වියරුවෙන්...

    කියඹූ වැල් ලිහී ඔබේ මාරුතේ සැලී

    කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
    නිවාලන්න මා... ඔබේ සිසිලසින්....

    ගේය පද: කුලරත්න ආරියවංශ

    සංගීතය: ප්‍රේමසිරි කේමදාස
    ගායනය: පණ්ඩිත් අමරදේව




    අවසාන පදවැල් හතරේ ඇති භාවාත්මක ශෘංගාරත්වය ගැන කෙසේ වනම්ද??
    අති විරල ගේය පද රචනයක් ඊටම සරිලන මනෝභාවයන් අවුස්සමින් හා සිසිල් කරමින් ගැයුන ගාන්ධර්වයාගේ හඬ පෞරුෂයත් මාස්ටර්ගේ තියුණු දඩබ්බර සම්භාව්‍ය සංගිත සංයෝජනයත් තුලින් මේ මධුර ගීතය අපිව වෙනම ලෝකයක දැහැන් ගත කරනවා කීවොත් එය නිවැරදියි
    ...
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    පබසර රන් පබළු මිණි මුතු කැන් ඔපලූ
    රජ කිරුළු අගය නැතේ
    ඔබෙ හද මල් උයනේ නැළවෙන මල් පවනේ
    දිළිඳූ පැලේ එළිය ඇතේ

    ගඟ බැස ඒ සයුර බලා හිරු හිනැහේ නෙළුම නෙලා
    නෙත සිත හා එකතුවෙලා ඔබ දැකුමින් උමතු වෙලා

    කළුවර රෑ රළු අහසේ තරුවැල හා අඩ සඳ සේ
    නොපිරුණු මේ සිතට මගේ ඔබ ගෙන එයි සතුට අගේ


    පබසර රන් පබළු මිණි මුතු කැන් ඔපලූ
    රජ කිරුළු අගය නැතේ
    ඔබෙ හද මල් උයනේ නැළවෙන මල් පවනේ
    දිළිඳූ පැලේ එළිය ඇතේ
    . . .

    - මර්වින් පෙරේරා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Never gone, never far
    In my heart is where you are
    Always close, everyday
    Every step along the way
    Even though for now we've got to say goodbye
    I know you would be forever in my life
    Never gone........

    I walk along these empty streets
    There is not a second you're not here with me
    The love you gave, the grace you've shown
    Will always give me strength and be my cornerstone

    Somehow you found a way
    To see the best I have in me
    As long as time goes on
    I swear to you that you will be

    Never gone, never far
    In my heart is where you are
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Never gone, never far
    In my heart is where you are
    Always close, everyday
    Every step along the way
    Even though for now we've got to say goodbye
    I know you would be forever in my life
    Never gone........

    I walk along these empty streets
    There is not a second you're not here with me
    The love you gave, the grace you've shown
    Will always give me strength and be my cornerstone

    Somehow you found a way
    To see the best I have in me
    As long as time goes on
    I swear to you that you will be

    Never gone, never far
    In my heart is where you are

    Cool song One of my fav from BSB :D
     
    Status
    Not open for further replies.