දෙමෝදර

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    2123959969_baa7098dec_b.jpg


    අපේ රටේ තියන දුම්රිය ස්ථාන වලින් අපූරුම දුම්රිය ස්ථානය මොකක්ද කියලා අහුවොත් ලොකු පොඩි හැමෝටම එක පාරටම මතක්වෙන තැනක් තියනවා. ඒ තමයි දෙමෝදර දුම්රිය ස්ථානය. ප්‍රධාන මාර්ගයේ, ඒ කියන්නෙ කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය නැවතුමත් උඩුවර දුම්රිය නැවතුමත් අතර තමයි මේ අපූරු දෙමෝදර දුම්රිය ගැටය පිහිටා තිබෙන්නේ. මේ දුම්රිය නැවතුම ගැන අපූරු කතාවක් තියනවා. බදුල්ල දුම්රිය මාර්ගය හදාගෙන යන කාලයේ දෙමෝදර දුම්රිය ස්ථානය හරියෙදි ඉoජිනේරුවන් බලවත් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. එහෙම වුනේ ඒ ස්ථානයේ භුගෝලීය පිහිටීමත් එක්ක දුම්රිය මාර්ගයේ වැඩකටයුතු කරගෙන යාමට බැරි තත්වයක් ඇතිවෙලා තියනවා. ඒ අසල හිටිය ගැමියෙක් තමන්ගේ ඔලුවෙ ගැටගහලා තිබුනු සාලුව අරගෙන ඒ අයට පෙන්නලා දිලා තියනවා මේ විදියට මෙතනින් දුම්රිය මාර්ගය හැදුවොත් හරි නේද කියලා. ඒ ගැමියාගේ කතාව අහපු ඉoජිනේරුවෝ පුදුම වෙලා තියනවා ඒ ගැමියාගේ බුද්ධිය ගැන. දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටත්වෙන දුම්රිය ටික වෙලාවකින් කන්ද වටේ ගමන් කිරීමෙන් පස්සේ, දුම්රිය ස්ථානය යටින් පිහිටලා තියන උමගෙන් මතුවෙන දර්ශනය බොහොම අපූරුයි. ඒ වගේම දෙමෝදර ආරුක්කු 9 යේ පාලම තවත් අපූරු නිර්මානයක්. ආරුක්කු පාලම උඩින් දුම්රිය ගමන් කරන දර්ශනය දකින කිසි කෙනෙකුට ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ.

    ඒ වගේම දෙමෝදර බොහොම සිසිල් කාලගුණයක් තමයි තියෙන්නේ. බන්ඩාරවෙල නගරයට කි.මි.20 දුරින් තමයි දෙමෝදර පිහිටලා තියෙන්නේ. දුන්හිද ඇල්ල, රාවනා ඇල්ල නරඹන්න යනවා නම් දෙමෝදර තමයි ආසන්නම දුම්රිය ස්ථානය. තවත් බොහොම අපූරු තේ වතු සහ තේ කර්මාන්ත ශාලා කිහිපයක්ම දෙමෝදර පිහිටලා තියනවා.

    2126255515_f4c42dc87b_b.jpg


    2123970371_5e8c08d7d3_b.jpg


    2126657924_1ffbf0fae8_b.jpg


    2126659886_24815d2975_b.jpg


    2124745646_8f58c6d486_b.jpg


    2125887303_6397456fd3_b.jpg


    2123967839_ce100be20a_b.jpg


    2123960617_f626cf96f0_b.jpg


    3896970659_635e0afb21_b.jpg


    2702688153_a27548a53c_o.jpg


    2702688149_8cc9e2a07b_o.jpg


    2702688151_bae24253f2_o.jpg


    3897730302_7381530a23_b.jpg


    2124733360_1d6dc053f3_b.jpg


    2124746268_4e028bc359_b.jpg


    2127028928_38369a6af9_b.jpg


    2123969679_34e727481b_b.jpg


    ADD REP++ IF YOU LIKE MY TREAD !!!
    :):):)
     

    kingdewi

    Well-known member
  • පෙරේරා මචෝ,මටත් මාර සුන්දර ගමනක් මතක් වුනා මේ පින්තූර දැකල. මමත් මෙතන බැහැල ඔය පාලම ඇතුලු හැම තැනම් ඇවිද්ද!!
    බොහොම ස්තුතියි යාලුවේ
    (මේ රෙප් සිස්ටම් එකත් එක්ක මළපනින්නෙ මේ වගේ වෙලාවට.ආයෙ දෙන්න බෑලු..ෂික්!)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේරා මචෝ,මටත් මාර සුන්දර ගමනක් මතක් වුනා මේ පින්තූර දැකල. මමත් මෙතන බැහැල ඔය පාලම ඇතුලු හැම තැනම් ඇවිද්ද!!
    බොහොම ස්තුතියි යාලුවේ
    (මේ රෙප් සිස්ටම් එකත් එක්ක මළපනින්නෙ මේ වගේ වෙලාවට.ආයෙ දෙන්න බෑලු..ෂික්!)

    Ela ,..................

    You must spread some Reputation around before giving it to Mr PERERA again

    Thanks