A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

RAT 16F88

Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    tHANKS AIYYA WE GOT LOT TO LEARN FROM A GUY LIKE YOU

    OYA MAGE DAASA PAADUWA WAGE OYAATA PING
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Thanx for the Comment Bro.. I really wanted to collect some money and do the exam. So once I felt I am ready, I just started it. :)

    you are a good example to the modern society and you have shown excellent characteristics, which are lack in our young generation. you have clear show very good signs to become a meaningful citizen to our country. I'm sure you will have a grate future bro! my heartfelt best wishes to you one more time. :D

    මේක හරියට හරි ....අපි රිසල්ට ඇවිත් කෙල උනාම ඊලග පාර දෙනව කියල ලොකු හයියක් ගන්නව ඒත් එක විභාගෙ වෙනකම් තියන් ඉන්න පුලුවන්ද බැයිද කියන එක මත තමා ඊලග පාර ගොඩ යන එක තීරණය වෙන්නේ..........

    මත් 1ස්ට් ශයි එක 2001 කලාම අවෙ C 2යි S 1යි ආසවෙන් කල මැත්ස් වලට S

    මගේ වාසනවකටඩ කොහෙද අපිත් එක්ක ඉඩම් ප්‍රශ්නෙකට තරහ උන ලගම නෑදැයො කට්ටියක් හිටිය... ඒ පවුලෙ හිටිය මොරටුවෙ ඉන්ජිනෙරින් කල අයිය කෙනෙක්.....ඌ හිටියෙ මාර උනෙන්......මූ දවසක් වෙන ගෙදරකදි මට ඇහෙන්න කිවුව C 2යි S 1යි අරන් ඉන්ජිනෙරින් යන්න පුලුවනිද කියල....ඒක වැදුන බොක්කටම......එදා හිතාගත්ත මු වගෙ මෙකැනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න මම ආස නැති උනත් මූට පෙන්නනව එම්.පී.ආර් යන එක මූට විතරක් පුලුවන් දෙයක් නෙමේ කියල මූට පෙන්නනවමයි කියලා.........

    අද වගේ මතකයි ගම්පහ ඔරියන්ටල් එකේ බද්දේවිතාන සර් ගේ රිවිශන් ක්ලාස් එකට ගිය පලවෙනි දවසෙ....සර් එන්න කලින් කොල්ලො ඒක දෙක වෙන්න කෑ ගහනවා......ඒදා මගේ හිත ආයි මට කිවුව සර් එනකම් සර් දීපු ටියුට් එකවත් නොබලන 90% ක් ඉන්න තැනක මට ගම්පහින් 50 ට අඩු රැන්ක් එකක් ගන්න බැයිනම් මගෙන් වැඩක් නෑ කියල.....

    මාස 6ක් ඒ අරමුන තියාගෙන වැඩ කලා 2002 දි අරමුන 99.99% ක් සාරථකයි A 2යි B 1යි 50 කට අඩු රැන්ක් එකකුයි එක්ක ........ ඕක ඇහුන වෙලෙ වින්ද සතුට කියන්න වචන නෑ ( අරුට හිටින් පින් දුන්න එදා ) ......එකම දුක හැමදාම වැඩිපුර මහන්සිවෙන එකට අඩු මර්ක් එකක් ලැබුන එක....(මේ සැරෙ බී එක කෙමෙස්ට්‍රි වලට )

    well done bro. i should thank you for leading with your personal experience to our young folks.

    this is a perfect example how to set a goal, encourage and achieve your target. I happened to embarrass, similarly while i was doing my A/L in early nineteens. i did the same and went through the same path and succeeded. toady i have very humble pleasure and proud of my achievement, why my parents & folks don't!

    simply i know education is the best investment for anyone's life and the easiest as well!
     
    Last edited:
    • Like
    Reactions: mcj1983
    1st Time - Subject Stream Maths (2005)

    හති දාගෙන පන්ති පස්සේ දිව්වා..... අන්තිමට හරි පුළුවන් තරම් වැඩ කලා......... ඒත් මට මම යවපු SMS එකට අන්තිමට ආපු Reply එකේ තිබ්බේ.........

    Combined - F

    Physics - F
    Chemistry - F
    General English - A (මේකේ ලකුණු අනිත් Subjects වලට බෙදිලා ගියා නම් කියලා හිතුනා.):rolleyes:

    ඔක්කොම......Commerce, Arts කරපු උන් වැඩ දාගෙන යනකොට....Maths, Bio කරපු උන් බොරු Results කියන කොට... කොන්ද කෙලින් තියන්... අහන සේරටම ඇත්ත කිව්වා.


    ඒ ඇත්ත කියන හැම වෙලේකම හිත තව තවත් ශක්තිමත් උනා.


    මොකද Maths කරපු උන් විතරයි දන්නේ. ඔය F 3 ගන්නත්... කොච්චර උන් මහන්සි වෙනවද කියලා.


    2nd Time - Subject Stream Arts (2010)

    A/L කරන්න ඕනේ කියලා හිතේ තිබ්බට.... රස්සාවයි.. අනිත් Courses හින්දා.... ඒක පහු පහු උනා..... අන්තිමට Syllabus එක වෙනස් වෙනවා කියලා දැනගත්තම තීරණයක් ගත්තා... ආයිත් කරනවා කියලා.

    හැමොම කිව්වා Maths වලින් කරන්න කියලා. එත් මම මාව දන්න හින්දා... පටන් ගත්තා Arts වලින් මාස 7 න් කරන්න.


    මුල වැරදිච්ච තැන් හදාගෙන ආයිත් A/L වලට ලැස්ති උනා.

    අදත් මම ඒදා යවපු SMS එකම යැව්වා. මෙන්න අද මට ආපු උත්තරේ.


    Buddhist Culture - B
    Logic - C
    Sinhala - C
    General English - A


    අද Results ආවම කවුරුත් නැති තැනකට ගිහින් හයියෙන් කැ ගහන්න තරම් ලොකු සතුටක් ඇති වුනා.

    එත් මම දන්නවා. එකපාර ගොඩ ගිය කාටවත් එහෙම හිතෙන්නේ නැති බව. මේ Results හින්දා. වැහිලා තිබිච්ච ඉගෙන ගන්න තිබ්බ පාරවල් දැන් මටත් විවෘතයි..... දැන් එ පාර වල් වල හයියෙන් දුව ගෙන යන්න.... Maths කරලා Fail වුනාම ඇති විච්ච ශක්තිය මට ඕනැවටත් වැඩියි.

    Ela machan kawada Kohedi Waradunath..Kawada Hari e warada Hadaganna puluwannam..u thamai Hodama Miniha..Ube Me dapu aken Godak unge Duka Nati wei..Godak unta shakthiyak wei.:)...Proud of u bro!..Wish u All the Best macho.. :) :)
     
    • Like
    Reactions: kcharu

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇත්තටම කියනවනම් එක පාරට කියවපු ගමන් ඇස්දෙක ටිකක් ටීක් උනා වගේ.... මගේ ඇස් ලේසියෙන් බොඳවෙන්නෙ නැහැ... දුකකටවත් සතුටකටවත්.... ඒවා ගල්ටික්..... ඒත් සෙහෝ උඹට දැනුනු සතුටෙන් මොකක්දො මන්ද කෑල්ලක් වීසිවෙලා ඇවිත් මගේ ඇ‍ඟෙත් වැදුන වගේ දැනුනා.... උත්සාහය කියන්නෙ ඕකට.... ගට කියන්නෙ ඕකට.... ඇත්තටම උඹ රියල් මිනිහෙක්...... මිනිස්සු කියල කටක් ඇරල කියන්න පුළුවන‍් වෙන්න ඕන ඔහොම හිතන්න පුළුවන් හයිය හිත් තියන අයට...... මටත් අමුතු පණක් ආව.... පින්......... රෙප් දුන්නා... උඔ වෙනුවෙන්.... උඹේ ශක්තිය වෙනුවන්.....
     
    Last edited:
    • Like
    Reactions: EPCO

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල එල ..... මේ ත්‍රෙඩ් එක දැක්කම හිතුන මුකුත් ලිවුවෙ නැත්තම් මම කරන්නේ මේක කියවන ඒ ලෙවල් කරල ඇනගෙන ඉන්න මල්ලි කෙනෙක්ට ගොඩ යන්න පොඩි හරි දෙන්න පුලුවන් හයියක් මම මග අරින එක කියල........

    අරමුණ හොදනම් ඒ වෙනුවෙන් තමන් කැපවීමක් කරන්න ලැස්තිනම් කවදාවත් වරදින්න නෑ

    මගෙ මලයට මේ සැරේ S 1යි .......සමහර දේවල් කියල තෙරුම් කරන්න බැයිලුනෙ......එත් එයා මේ සැරේ රිසල්ට් එන්නත් කලින් ඉදන් 2011 එක්සැම් කරන්න මහන්සි වෙලා වැඩ..... මම අද රිසල්ට ඇහුවෙත් නෑ.......එයා තෙරුම් අරන් වැඩ කරන එකේ මගෙ වචනෙකින්වත් ඒ හිත වට්ටන්න ඔනේ නෑනේ


    මේවගේ අයියල අපේ ජි‍විතෙත් හිටියනම් අපිත් දැන් මිනිස්සුවෙලා....... මේ ලොකෙ කරුණාව, දයාව, ආදරය, ලස්සන වගේ සොඳුරු දේවල් හැමදාටම ඉතිරිවෙලා තියෙන්නේ මේවගේ මිනිස්සු ඉන්න නිසා... හැම මල්ලියෙක්ම නංගියෙක්ම ප්‍රාර්ථනා කරන්න ඕන මේවගේ අයියකෙනෙක්ව....... ජයෙන් ජය.......... රෙප් නොදී ‍කොහොමද????
     
    Last edited:
    • Like
    Reactions: kcharu

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    ඇත්ත කතාව කොල්ලා... අද ලෝකෙ A/L නැතුව දියුනු වෙන්න පුලුවන් ගොඩක් විධි තියෙනවා..

    Congratz for your achievement!!:)
     

    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    Nice post machan.. really nice.. Good luck for your result..
    Wadiyenma kamathi " Maths කරලා Fail වුනාම ඇති විච්ච ශක්තිය මට ඕනැවටත් වැඩියි" Kawadawath ea duka amathaka karanna epa. Ona minihekta eaka parak hari waradinna ona ea miniha nagitala goda enna.
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    you are a good example to the modern society and you have shown excellent characteristics, which are lack in our young generation. you have clear show very good signs to become a meaningful citizen to our country. I'm sure you will have a grate future bro! my heartfelt best wishes to you one more time. :D

    Thanks again.... bro.
    11.gif

    Ela machan kawada Kohedi Waradunath..Kawada Hari e warada Hadaganna puluwannam..u thamai Hodama Miniha..Ube Me dapu aken Godak unge Duka Nati wei..Godak unta shakthiyak wei.:)...Proud of u bro!..Wish u All the Best macho.. :) :)

    Thanks machan.

    siraa katawa.....
    congratulations bro!!!!!!!

    Thanks. :)

    ඇත්තටම කියනවනම් එක පාරට කියවපු ගමන් ඇස්දෙක ටිකක් ටීක් උනා වගේ.... මගේ ඇස් ලේසියෙන් බොඳවෙන්නෙ නැහැ... දුකකටවත් සතුටකටවත්.... ඒවා ගල්ටික්..... ඒත් සෙහෝ උඹට දැනුනු සතුටෙන් මොකක්දො මන්ද කෑල්ලක් වීසිවෙලා ඇවිත් මගේ ඇ‍ඟෙත් වැදුන වගේ දැනුනා.... උත්සාහය කියන්නෙ ඕකට.... ගට කියන්නෙ ඕකට.... ඇත්තටම උඹ රියල් මිනිහෙක්...... මිනිස්සු කියල කටක් ඇරල කියන්න පුළුවන‍් වෙන්න ඕන ඔහොම හිතන්න පුළුවන් හයිය හිත් තියන අයට...... මටත් අමුතු පණක් ආව.... පින්......... රෙප් දුන්නා... උඔ වෙනුවෙන්.... උඹේ ශක්තිය වෙනුවන්.....

    බොහොම ස්තුතියි මචන්...

    ඇත්ත කතාව කොල්ලා... අද ලෝකෙ A/L නැතුව දියුනු වෙන්න පුලුවන් ගොඩක් විධි තියෙනවා..

    Congratz for your achievement!!:)

    Thanks Bro...

    Machan Awesome... Thumbs up!!! Apith maths karala kelawechcha aya !! api dannawa ake tharama!! :D

    Thanks for the comment. Bro :)
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Great machan Elakiri!

    Thanks...machan. :)

    ඇතුලත්මුදලි;8938670 said:
    මට pursuit of happiness ‍film එකේ will smith මතක් උනා කොල්ලො.... මරු මරු... සුබ අනාගතයක්..

    Thanks for the Comment.. Machan.

    Nice post machan.. really nice.. Good luck for your result..
    Wadiyenma kamathi " Maths කරලා Fail වුනාම ඇති විච්ච ශක්තිය මට ඕනැවටත් වැඩියි" Kawadawath ea duka amathaka karanna epa. Ona minihekta eaka parak hari waradinna ona ea miniha nagitala goda enna.

    අනිවා. අනිවා. කවදාවත් අමතක වෙන්නේ නැ බන්.


    Thanks for the Comment. :)
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    නියමයි මචන් උබට සුබ පතනව. මේක බලනව ඇති මේ පාර රිසල්ට්ස් ආපු අයත්. මගේ කතාවත් සරලව කියන්නන් පොඩි හරි ගටක් ගන්න ඊලග පාර කරන්න ඉන්න කෙනෙක් ට. මාත් 2005 දි කලෙ බයෝ වලින්. F ම 3යි ඒ පාර. උසස් පෙල දි කොල්ලො කෙල්ලො කියල වෙනසක් නෑ අපිට පුදුම නිදහසක් හම්බවෙනව නෙ. O/Lකරල A/Lඑද්දි xam 1 ට මාර ගටක් එක්ක ආවට පලවෙනි මාස 3 යනකොට අපි ලැබෙන නිදහසත් එක්ක පිස්සු වැඩ ඔක්කොම කරනව. ඕක 1970 ගනන් වල A/Lකරපු අයටයි අද A/L කරන අයටයි 2ටම වලන්ගුයි.
    අපිත් ඇති වෙන්න රවුන් ගැහුව , පන්ති කට් කලා, ගෑනු ලමයි පස්සෙන් ගිය, බිව්ව, අන්තිමට විබාගෙට මාස 2,3ක් වෙද්දි පාඩන් කරගන්න පොතක් නෑ, දන්න දෙයක් නෑ. ශිෂ්‍යත් වෙ පාස් වෙලා වෙන ඉස්කොලේකට ගිහිල්ල O/L හොදට පාස් වෙලා අම්මල නෑදෑයො හිතන් ඉන්නව අපි A/L ගොඩ ගිහින් ඩොක්ටර්ස් ල වෙයි කියල, එවා මතක් වෙවි හිතින් අඩ අඩ විබාගෙත් කලා. අන්තිමට යාලුවො සෙට් 1 ම විබාගෙ Fail.
    රිසල්ට්ස් එනකනුත් කලී රස්තියාදුව ගහපු 1. විබහගෙ ඇනෙනව කියල දැන දැනත් පේපර්ස් බලන අය අපි ගැන හිතලS3ක් වත් දාල දෙයි කියල වෙලාව කෑව. අන්තිමට මාස 7ක් වගෙ විබහගෙට. මන් Try කරපු ගෑනු ලමය A3ක් අරන් campus.2003 ඉදන් මන් එයාගෙන් අහන්න බලන් හිටිය, රස්තියාදුවත් එක්ක ඒක කරගන්න බැරි උනා, අන්තිමට හිටිය කැම්පස් සෙට් වෙලාම අහනව කියල ( මගේ හැටි දැනගෙන හිටියෙ එයා, ඒ විදියට ඇහුව නන් කොහොමත් කැමති වෙන්නෙ නෑ රස්තියාදු කාරයෙක් කියල )
    රිසල්ට්ස් ආවත් මට ගානක් නෑ. මන් දෙවෙනි පාර කරනව කියල හිතන් හිටපු නිසා. රිසල්ට්ස් ඇවිල්ලත් මන් ඔහේ ඉන්නව. එදා රෑ තාත්ත ඇවිල්ල ඇහුව අඩුගානෙ බයො වලට S1ක් වත් ගන්න බැරි උනාද කියල. තාත්ත අඩන්න වගේ ඒ වෙලාවෙ. එතකොට තමයි මට දැනෙන්න ගත්තේ, අම්මල තාත්තල අහස උසට බලාපොරොත්තු තියන් ඉදල ඒව නැති උනාම එයාලට දැනෙන දුක. ඊලග පාරට මාස7ක් වගේ තිබ්බ්. හැම දේම මුල ඉදන් පටන් ගන්න වෙලා තිබ්බෙ. හැමෝම කිව්වෙ කරන්න බෑ කියල.
    එදා ඉදන් මාර කට්ටක් කෑව. AL Fම 3ක් ගත්ත නිසා හැමෝම හිතුවෙ මන් හෙන මැට්ටෙක් කියල. ඉස්සර තිබ්බ සැලකිලි මොනවත් නෑ. ඔක්කොම මුල ඉදන් පටන් ගත්ත. යාලුවො පැත්තකින් තිබ්බ. සමහර දවස් වලට උදේ 6 වෙනකන් පාඩන් කරල 7.30 ට විතර pub යනව ආයෙ පාඩන් කරන්න. ඇස් වලින් කදුලු වැක්කෙරෙනව සමහර වෙලාවට නිදිමතට. මහන්සි වෙද්දි try කරපු ගෑනු ලමයව මතක් කරනව, ඉන්නම බැරි උනාම pub ගිහින් එයා දිහා ටිකක් බලන් ඉන්නව.( එයත් pub ආව AAT පාඩන් කරන්න )
    ඔය අස්සෙ යාලුවො එක්ක සෙල්ලන් කලා, සින්දු ඇහුව , ඒ හැම දේමත් කලා.හැබයි ගානකට. කොහොමහරි වැඩ ටික කලා. දෙවෙනි පාර මට B C S . එදා මාරම සතුටුයි. මට ඕන උනේ doctor ම වෙන්න. 3න්වෙනි පාරත් කරන්න හැදුවට අම්මල කරන්න දුන්නෙ නෑ. degree 1 කරන්න උනා අම්මල සතුටු කරන්න ඕන නිස. එත් 3වෙනි පාර කරා නන් මට අඩුම ගානෙ AAB 1 කටවත් යන්න පුලුවන්කියන sure 1 තිබ්බ. ජීවිතේ ඔහොම තමයි හිත විතරයි ඕන. ඕනම දෙයක් බැරි නෑ.
     
    • Like
    Reactions: Djtharindur

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Aaaaa.....machan....mamath 2005 A/L thamai....:P
    Den 3rd year iwarai mage.....

    U have come to the right track macho..........
    Uthsaahawantha porakne.... :D:D
    AL kiyanne thawath eka sudusukamak/exam ekak witharai.....

    anyway....
    wish u all the best machan....

    Cheers......:yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අපේ මේ පාර Results ඇවිත් .... හිතේ අමාරුවෙන් ඉන්න අයට මම මේ ටිකත් කියන්න ඕනේ. අදින් පස්සේ සැහෙන දේවල් අහන්න දකින්න ලැබේ.

    මගේ අත්දැකිමෙන් කියන්නේ.

    නැදැයෝ සේරම ආපු උත්සවයක් තිබුනොත්.... තම තමන්ගේ දරුවන්ගේ වැඩ පෙන්නන්න. උසස් කම පෙන්නන්න.... එතන උන්ව අගය කරයි. "අපේ.... ලොක්කා... මොරටුවේ.... පොඩ්ඩා... ත් තව ටික දවසකින්.... කොලඹ කැම්පස්"

    ටික වෙලාවකින් තේරෙන්නේ.... උන් බ්‍රහ්මණ කුලයට අයත්..... අනිත් Campus යාගන්නත්, බැරුව A/L ගොඩ දා ගන්න බැරි උන් චණ්ඩාලයෝ කියලා.

    කියන කිසිම දෙයක් ගනන් නොගෙන හිටපල්ලා.

    අපේ තාත්තා... හොඳ කතාවක් කිව්වා. ඕක ගැන.

    ඔය නැදැයෝ, අසල්වැසියෝ.... කියන ජාතිය..... කෙල්ලෙක් එක්ක හන්දියක හිටියොත්.... පුදුම කැක්කුමකින් දුවගෙන ඇවිත් කියයි.... අන්න පුතා... කෙල්ලෙක් එක්ක... හන්දියේ ඉන්නවා කියලා. හැබැයි..... කන්න නැතුව ඒ හන්දියේම හිටන් හිටියොත්.... ඔය එක මනුස්සයෙක් වත් ඇවිත් පුතේ උඹ කාලද ඉන්නේ කියලා අහන් නැ කියලා.

    ඕකයි....ඇත්ත.ඒ හින්දා.... තමන් මහන්සි වුනොත් තමන්ට තමා.