වැදගත් වෙන්නේ නායකත්වයට වඩා ප්‍රතිපත්ති. දේශපාලනය කියන්නේ අද ධන උල්පතක්. හැම සංවර්ධන යෝජනා ක්‍රම වලින් සෑහෙන්න කොමිස් ගහන්න පුලුවන්.මම කියන්නේ මේ වෙනස කරන එක අමාරු නෑ. ඒකට යන්නේ සති කීපයක් හෝ මාස කීපයක්. නමුත් ඒක කරන්න මේ රටේ ජනතාව, සංවිධාන, ජනමාධ්‍ය, දේශපාලන නායකයන් එකා මෙන් වෙඩි උන්ඩ, තර්ජන වලට නොබියව ඉදිරියට ආයුතුයි.
මෙහි පලමු පියවර වන්නේ රටේ පූර්ණ මාධ්‍ය නිදහස ඇති කිරීමයි. මාධ්‍යවේදීන්ට තර්ජනය කරන දේශපාලකයන් හා ඔවුන්ගේ මැරයන් නීතියේ රැහනට අසු කර ගැනීමත්, ඒ සඳහා නීති අවශ්‍යයි.
ඒ වගේම අපේ රටේ තියෙන දේශපාලකයින්ට තියෙන පූර්ණ බලය අහෝසි කොට එම බලය ස්වාධීන අධිකරන, අල්ලස්, පොලිස් කොමිසම් වලට බෙදිය යුතුයි.දේශපාලකයන් මේ කොමිසම් වලට නිලධාරින් පත් කරන එක වලක්වලා , මේවට නිලධාරින් පත් කල යුත්තේ වෙනස් ක්‍රම වේදයක්.මේක අපි අගවිනිසුරු, විශ්ව විද්‍යල ආචාර්ය වරුන්, වෘත්තිය සමිති නියෝජිතයන් ප්‍රමුක කන්ඩායමකට බාර දිය යුතුයි.
ජනපති ක්‍රමය අහෝසි කර අගැමති ක්‍රමයක් ඇති කොට අගැමතිගේ බලතල වලින් සෑහෙන කොටසක් මේ කොමිසම් වලට දිය යුතුයි.