"හඬ පඩේ ගඳ නැත - ගඳ පඩේ හඬ නැත"
"හරි පඩ නරි ගඳයි - නරි පඩ හරි ගඳයි" - මේක අපි කිව්වේ කාඩ් එක "නරියා" වෙච්ච කොල්ලෙකුට
"පොත අල්ලේ තියාගෙන පාඩම් නොකරනු" - අනිත් පැත්ත හරෝලම බලන්න
"එල්ලෙන සියල්ල ලම්බක නොවේ"
අපි සරසවියේ ඉන්න කලේ අපේ හිටියා මිත්‍රයෙක්, මහිලාල් කියල. මිනිහ හරිම දකෂයෙක් (තව ටික දව්සකින් පිළිකා පිළිබඳ විශෙෂඥ වෛද්‍යවරයෙක්!). පාඩම් කරන්න ඕන අහ්රිම ටිකයි. හැබැයි පාඩම් නොකරන වෙලාවට මූ කරන්නේ හොස්ටල් එකේ අනික් කාමර වලට ගිහින් උදලු දාන එක. විභාග කලේ කොල්ලන් පාපයට යොමු කරන නිසා ඉනිහගෙ කාඩ් එක "පාප ලාල්". මගේ රූමා අමිල. පොර මැරී ගෙන පාඩම් කරන එකෙක්. (මිනිහත් තව අවුරුදු 2-3 විතර හෘද රෝග පිලිබඳ විශෙෂඥයෙක්!) පොර කැමති නෑ පාපලාල් ගෙ උදැල්ලට. ඉතින් මිනිහ කාමරේ දොරේ ලියනවා
"පාප ලාල්, අද නෙවෙයි හෙට!"