අපේ ඉස්සර ගේ ඉස්සරහ පාරෙන් එහා පැත්තේ තිබ්බ මස් කඩයක් බන් . දවසක් එකෙන් පැනල ගිය ඌරෙක් පස්සෙන් උන් එළවන් ගිහින් අපේ වත්ත ට පිටිපස්සේ හිස් ඉඩමේ දී ඌ ට ගහල ගහල මැරුව මතකයි . තනිකරම පොලු වලින් ගහල තලලා මැරුවේ .ඌරා හැමෝටම පට්ට රහට උයන්න බෑ බන්
ගම් වල එව්වො හදනවා හැදිල්ලක් වලං වල දර ලිප් වල
හම්මට බත් හරි පාන් හරි කෙලවරක් නැතිව කන්න පුළුවන්
උන් උයන්නෙත් තඩ හට්ටියක් පිරෙන්න ලාවට හින්දපු හොද්ද එක්ක
ඒක වෙනම ආතල් එකක් බන්
මඤ්ඤොක්කත් කාලා තියේ ඌරා එක්ක
මතක් වෙද්දිත් දුකයි බන්


