1. C

    සිහිනයක පරතරය

    යන්තමට සොළොසක් පිරුණු දා අප්පච්චි එක්කම ගාටලා ලොකු ගේක සිවිලිම දිහා බලා ඉද්දිම අප්පච්චි ගියා දෙක තුනක් දින ගතවෙලා තනිකමට හිත පෑරුණා ඉසිඹුවක් ඇත ඇත කියා දා බිංදු මා හා හිනැහුණා නින්ද පැදුරට එන තුරා රෙදෙන අත් පා සනසලා ලද ඇසිල්ලක නෙත පුරා පැනයක් තියා සිත දුර ගියා හීනෙනුත් හිනැහෙන බේබිලා ඒ දකින්නේ...
  2. C

    සංසලා

    බහිරව කන්ද මුදුනේ බුදු හාමුදුරුවෝ පුරුදු ශාන්ත විදිහටම වැඩ ඉන්නව.කදු පෙල ට පිටිපස්සෙන් නැගිටින්න හදන ඉර එළිය ඉදිකටු වගේ උඩ බලන් ඉන්න තණකොළ අග තියෙන පිණි බිංදු වලට වැටිල දිලිසෙනව.වාට්ටුව ඉස්සරහ පොඩි මිදුල කෙලවරේ හේත්තුවෙන්න ඇන්දක් නැති කොලපාට සිමෙන්ති බංකුවේ සංසලා මට පිටුපාල ඉඳගෙන ඉන්නව.හිර කරල...
  3. C

    අබිනික්මන

    නොතිබුණි රම්‍ය සුරම්‍ය සුභ තිබුණි කටු මැටි මාලිග උගතිමි ශිල්ප නොළා ගුරු කුල දහස් සේනා නොමැතිව නමුදු දස දහස් සවියෙන පෙන්වා ශිල්ප සභයට දිනාගත් යශෝදරා අභිමුව නොදැක ම පෙරනිමිති නෙතු මත සිත් ලෑමි නික්ම යන්නට අබිනික්මනට පෙර හැරී බැලුවෙමි නෙත් පිස රහල් පුතු ඇත නොපියා සුඟිති නෙතු කැට
  4. C

    විරහව

    මල් පිපෙන වසන්තෙට වඩා තනි පාට ගිමහානෙට ආස හිතෙන ගඩු පිපෙන සීතල ට වඩා ගිනි ගහන රස්නෙන් ගත තවන කොල හැලී පන අදින දර ඉපලුත් ලස්සනට පෙනෙන විරහවත් රසක් ඇතතට ම හරි සුන්දර ..
  5. C

    පූස් දුක

    පූස් හිටියෙ තනියම කලු පාට අඳුරට ගුලි වෙලා ඒත් එයා ආසම දිලිසෙන කහ ලපේ වෙනද වගෙම තිබුණ සිමෙන්තිය උඩ එක පාරට පනින් නැතුව ඒකයි මාන අල්ලුවෙ පස්ස උස්සල නට්ට ගස්සල අගේ වැඩියි එතකොට කෑ ගහල නොකීවට පන්සලෙන් ගෙනාවට පස්සෙ තනිකමට හිටිය හොඳම යාළුවා... තමයි මේ පුන්චි එළිය කොහෙන් කොහොම ආවත් පූස්ට කවදාවත්ම...
  6. C

    ආයෙමත් ආදරෙන්

    හිතුවෙ නෑ මුණගැහෙයි කියල කවදාවත් ම කෙස් ගහක් දෙකක් පැහුන ට පරණ පෙම් පාටමයි ඇස්වල උඩු රැවුලකුත් වවල ඇත්තට මතකයි ඉස්කෝල කාලෙ තිබ්බ ආසව ඕකට කියන්නකො ඉතින් කොහොම ද ? නෝනට එහෙම ඇයි ඉතින් කඳුලු ඇස් වල ඔයා රට යනකොට බඩට මාස දෙකයි යන්තමට අම්ම ට අහු වුණා කනකොට අන්නාසි ගැට ඊට පස්සෙ මම හිටියෙ අම්පාරෙ ලොකු...
  7. C

    සරා සඳ

    නැගි සරා සඳ එක නිශාවක කී රහස් දෙනුවන් පුරා නුඹට මතකද ඔය ළඟින් හිඳ මිමිනුවා දෙසවන් පුරා සඳ වතුර වැද තෙමුණු සියොළඟ පිස දැමූ ලව්‍නත එදා නුඹට මතකද කෝල වී නුඹ පෙලූ හැටි දෑඟිලි පුරා අදත් ඒ සඳ නැගී නුබ ගැබ සරයි රහසක් හිත දරා නමුදු විල්තෙර ගල් තලාවේ මගේ උර නැත බර වෙලා

    No contents