1. hpalpola

    ජීවක v. මස් කෑම

    මමත් එකඟයි.
  2. hpalpola

    ජීවක v. මස් කෑම

    හොඳ අදහසක්. ප්‍රතිපත්ති ගරුක වීම බොහොම හොඳයි.
  3. hpalpola

    ජීවක v. මස් කෑම

    මේ ගැන පන්සිල් ගැන කියද්දි අදහසක් සටහන් කලා. වැඩේ කියන්නෙ දැන් ඒක හොයා ගන්න බැහැනෙ. මේ සෙක්ෂන් එකේමයි දැම්මේ.
  4. hpalpola

    ජීවක v. මස් කෑම

    ජීවක v. මස් කෑම මජ්ජිම නිකායෙ ගෘහපති වග්ගයෙ තියෙනවා හරි ලස්සන සූත්‍රයක් ජීවක සූත්‍රය කියලා. ජීවක සූත්‍රය කියලා තවත් තියෙනවා. අපි මෙතනදි කතා කරන්නෙ මජ්ජිම නිකායෙ තියෙන සූත්‍රය ගැන. මේ සූත්‍රයෙදි ජීවක, තමුන්ට අහන්න ලැබුන කටකතාවක් ගැන බුදුරජාණන්වහන්සේගෙන් ඇත්ත නැත්ත අහනවා. ඒකට කලින් අපි ජීවකව...
  5. hpalpola

    කුඩා භාජන වල බුද්ධ පූජා දානය හෝ ගිලන්පස පූජා කිරීම සුදුසුද

    අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු ය.
  6. hpalpola

    ඇසළ පෝය v. දුක

    ඇසළ පෝය v. දුක අද ඇසළ පෝය. අනෙක් පෝයවල් වගේම වැදගත් පෝයක්. අද තමයි බුදුරජාණන්වහන්සේ පළමු ධර්ම දේශනාව පවත්වලා තියෙන්නේ. ඉසිපතනයේ මිගදායේ. පස්වග මහණුන්ට. සංයුක්ත නිකායේ සඳහන් වෙලා තියෙන මේ දේශනාව හඳුන්වන්නේ ‘ධම්මචක්කපවත්ත සූත්‍රය‘ කියලා. මේ සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා තමන් විසින්...
  7. hpalpola

    අපි = මාරයා v. බුදුරජාණන්වහන්සේ

    අපි = මාරයා v. බුදුහාමුදුරුවො. මගේ ජීවිතයට මන් අහලා තියෙන, දැකලා තියෙන උතුම්ම පුද්ගලයා ගෞතම බුදුරජාණන්වහන්සේ. පෘථග්ජන අපි වෙනුවෙන් බුදුරජාණන්වහන්සේ කළ කී දේ වචනෙන් විස්තර කරන්න අමාරුයි. අද ඉතින් අපිට බුදුරජාණන්වහන්සේ දකින්න ලැබෙන්නෙ ත්‍රිපිටකය හරහා ධර්මයෙන් තමයි. ත්‍රිපිටකයෙ ඛුද්දක නිකායෙ...
  8. hpalpola

    ඔබටත් ඇත්⁣තේ බුදුරජාණන්වහන්සේ අනුමත කල වාහනයක් ද?

    නියම උත්තරය. ඔයා නම් නියමයි මිත්‍රයා. බහුතරයක් හිතන්නෙ ඔයා කියපු විදියට තමයි. ඉතින් ඔයාගෙ උත්තරය හරි.
  9. hpalpola

    ඔබටත් ඇත්⁣තේ බුදුරජාණන්වහන්සේ අනුමත කල වාහනයක් ද?

    ඔබටත් ඇත්⁣තේ බුදුරජාණන්වහන්සේ අනුමත කල වාහනයක් ද? අපි හැමෝම ආශයි වාහනයක් අයිති කරගන්න. නොයෙක් හේතු තියෙනවා ඒකට. වාහනයක් ඕනා වුනා කියලා අපි එක සැරේටම ගිහිල්ලා ගන්නෙ නෑ. ඒ ගැන හොයලා බලලා තමයි ගන්නෙ. අපිට වඩා දන්න කෙනෙක්ගෙන් නැත්නම් බාස් කෙනෙක්ගෙන් අහලා කරලා බලනවා ගන්න කලින්. දැනට අවුරුදු දහස්...
  10. hpalpola

    ආදරේ කරන්නෙ කොහොම ද?

    සම්බන්ධතාවය ආරම්භයේ දී ඔයාගේ ආදරේ ලැබෙන්නේ ඔයාටයි ඔයාගේ සහායකයාට හෝ සහායිකාවට විතරයි. නමුත් ඔයා ඇත්තට ආදරේ කරද්දි ඒ ආදරේ කොයිතරම් වර්ධනය වෙනවද කියනවා නම් ඔයත් එයත් එක්ක හැමෝවම ඒ ආදරේට ඇතුළත් වෙනවා. කොයිවෙලාවක හරි ආදරේ සංවර්ධනය වීම නතර වෙනවාද, අන්න ඒ වෙලාවේ ඉඳන් ආදරේ මැරෙන්න පටන් ගන්නවා. ආදරෙත්...
  11. hpalpola

    දානයක් දුටු විට ඔබටත්, ඔබටත් නොදැනීම වෛරය හට ගන්නේ ද?

    දානයක් දුටු විට ඔබටත්, ඔබටත් නොදැනීම වෛරය හට ගන්නේ ද? ලෝකයේ සිදු වන්නේ අපි කැමැති දේ ම පමණක් නොවේ. අකමැති දේ ද සිදු වෙයි. නොහිතනා අය සමඟ එක් වීමට සිදු වෙයි. කැමැති අයගෙන් නොසිතූ ලෙසින් වෙන් වීමට සිදු වෙයි. එය ලෝකයේ ස්වභාවයයි. ධම්මචක්ක සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ පැහැදිලිව මේ ගැන දේශනා කර...
  12. hpalpola

    ආදරේ කරන්නෙ කොහොම ද?

    ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට. දිගටම රැඳිලා ඉන්න. "ඇවැත්නි, දික් කලක් ඇවෑමෙන් කිසි සමයෙක මෙ ලොව නැසෙයි ද, එ බඳු කාලපරිච්ඡේදයෙක් වෙයි. ලොව නැසෙන සමයෙහි සත්වයෝ බෙහෙවින් ආභස්සර බඹ ලොව උපදනාහු වෙත්. ඔහු එහි ධ්‍යාන චිත්ත බලයෙන් උපන්නාහු, ප්‍රීතිය ම ආහාර කොටැත්තාහු, සිය සිරුරු එළියෙන් බබළන්නාහු...
  13. hpalpola

    ආදරේ කරන්නෙ කොහොම ද?

    ආදරේ කරන්නෙ කොහොම ද? පහුගිය දවසක දාපු ලිපියකට ලැබුන ප්‍රතිචාරයක් නිසයි මේක ලියන්න හිතුවෙ. එතැනදි කෙනෙක් ප්‍රතිචාරයක් දක්වලා තිබුනා ඒ කිව්ව විදියට නම් ආදරේ කරන්න බැරි වෙයි කියලා. ඒ වගේම තවත් ප්‍රතිචාරයක් තිබුනා ආදරේ ගැන ස්වාමීන්වහන්සේලා ධර්ම දේශනා කරන්නෙ අපි ලිව්ව විදියට වඩා වෙනස් විදියට කියලා...
  14. hpalpola

    බැණුම් අහද්දි තරහා යනවා ද?

    මෛත්‍රිය සහ ද්වේශය මේ පුංචි රටේ හරියට කතා කරන මාතෘකා දෙකක්. මේ පද දෙක යොදන්නේ මිනිස් හැඟීම් නැත්නම් හිතුවිලි දෙකක් හඳුන්වන්න. මෛත්‍රිය කියන හැඟීම නැත්නම් හිතුවිල්ලෙදි සතුට උපද්දවනවා. ද්වේශය කියන හැඟීමෙදි නැත්නම් හිතුවිල්ලෙදි ඊට ප්‍රතිවිරුද්ධව දුක උපද්දවනවා. මේ හිතුවිලි දෙකේ ප්‍රතිඵල තමන්ට වගේම...
  15. hpalpola

    ආදරයයි බුදු දහමයි

    ආදරේ ගැන කතා කරද්දි මුලින්ම මතකෙට එන්නෙ බුදුරජාණන්වහන්සේව. උන්වහන්සේ තුළ මිනිස්සු වෙනුවෙන් තිබ්බ ආදරේ වෙන කිසිම කෙනෙක් ලඟ තිබුනා කියලා හිතන්න බෑ. අද අපි ආදරේ කියලා කියන්නෙ මොකක්ද කියලවත් හිතාගන්න බැහැනෙ. හරියට අර එක විෂයකට ටියුෂන් පංති ගොඩක් තිබිලා ඒවයෙ ගුරුවරු එක එක විදියට එකම විෂය උගන්වනවා වගේ...
  16. hpalpola

    බැණුම් අහද්දි තරහා යනවා ද?

    ස්තූතියි අපිත් එක්ක සම්බන්ධ වුනාට.
  17. hpalpola

    බැණුම් අහද්දි තරහා යනවා ද?

    බැණුම් අහද්දි තරහා යනවා ද? ‘මට යකා වැහෙන්නයි එන්නෙ. කරුණාකරලා කට වහන් පලයන් මෙතැනින් යන්න...‘ ‘කට වහපන්. උඹ මගේ ඉවසීමේ සීමාව පන්නවන්නයි හදන්නේ....‘ මෙවැනි කථා ඔබ අසා ඇති. සමහරක් මිනිස්සුන්ට (සමහරක් වෙලාවට සත්තුන්ට පවා) තමුන්ට දොස් කියද්දී තරහ යනවා. ඔබටත් එහෙම වෙලා ඇති සමහරක් විට. සමහරක්...
  18. hpalpola

    පෙනෙන නොපෙනෙන

    (21) මරණය, උපත සමඟම බැඳී ඇත. බුද්ධ දේශනාවේ දී මරණය හා උපතේ අවසානය පිළිබඳව දක්වා තිබේ. කෙසේවෙතත් බහුතරයක් දෙනා ජීවත් වන්නේ මරණය තමුන් කරා නො පැමිණෙන ලෙසිනි. අප කැඳවා ගෙන යාමට දෙව් ලොවෙන් හෝ නිරයෙන් දූතයෙකු පැමිණෙන බව අපට පෙනෙන්නේ නැත. නමුත් මාරයා ගැන අප සියල්ලෝම දනිති. මාරයා සහ ඔහුගේ සේනාව අප...
  19. hpalpola

    ආදරයයි බුදු දහමයි

    අනිවාර්යයෙන්ම යාළුවා. බුදු දහමෙ කියන ආදරේ ගිහි ජීවිතය, පවුල් ජීවිතය සතුටින් ගෙවන්නයි හදලා තියෙන්නෙ. කිසිසේත්ම ගිහි ජීවිතේ ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. එහෙනම් ඉතින් නකුල මාතාාපිතා දෙන්නට බණ දේශනා කරන්නෙ නෑ නේ බුදුරජාණන්වහන්සේ සංසාරේ ආපහු හමුවෙන්න පුළුවන් කියලා. ස්තුතියි යාළුවා ඔයාගේ කාරුණික අදහසට...
  20. hpalpola

    ආදරයයි බුදු දහමයි

    ස්තුතියි මිත්‍රයා. කොහොමත් හුඟක් මිනිස්සු බුදු දහම අතහැරලා තියෙන්නෙ දැනටත්. අපි උත්සාහ කරන්නෙ ආපහු බුදු දහමට ගෙන්න ගන්න්න පුළුවන් ද බලන්න. ඉතින් මේ විදියට වාක්‍යයකින් හරි ඒ වෙනුවෙන් සහාය දැක්වීම නො සෑහෙන්න වටිනවා. ඉදිරියටත් සම්බන්ධ වෙලා ඉන්න අපිත් එක්ක.

    No contents