වින්ස් මේ ගැන තවමත් කල්පනා කරමින් සිටිද්දී, ට්‍රක් රථය පණ ගැන්වී රළු ගර්ජනයක් පිටකරන්නට විය. ලාෆ්ලින් තම සිගරැට්ටුව රිය නැවතුම වෙත වීසි කර, ට්‍රක් රථයෙහි තිරිංග ගලවා දැම්මේය. රථයේ බට කළුවන් ඩීසල් දුමාරයක් පිටකල අතර, එය පොලොවෙහි බොරළු අඹරමින් චලනය වන්නට විය. ට්‍රක් රථය ඉවතට ඇදී යන අතර, වින්ස්...