1. Dark_Night_of_the_Soul

    Throttle

    ඔහුගේ පුත්‍රයා, තම හකු පාඩා තද කොටගෙන එතැන සිට‍ගෙන සිටින්නට වූයේ නිහඩවය. ඔහුගේ දකුණතෙහි ඇගිලි මිටි ප්ලාස්කුව වටා තද වී සූදු පැහැව ගොස්ය. ඔහු දෙස දැන් බලන විට වින්ස් ට හදිසියේම මැවී පෙනුනේ රේස් ට අවුරැදු හයක කාලයේ දර්ශණයකි. එදිනද අද මෙන්ම ඔහුගේ මුහුන දුහුවිලි වලින් හැඩි වී පැවතුනු අතර, ඔහු...
  2. Dark_Night_of_the_Soul

    Throttle

    ඇගේ පලමු වෙඩිල්ල ඉවතට වැදී ගිය අතර, දෙවැනි වෙඩිල්ල සීලීම කරා ගියේය. මන්දයත් ඒ වන විට රෝයි තම මැෂෙටි පිහියෙන් ඈට කොටමින් සිටි බැවිනි. සියල්ල තාත්වික බවින් ඉවත්ව ගොස්, නරක සිහිනයක් නැමැති රතුවන් ආවාටය කරා ලිස්සා යමින් තිබිනි. "මට ෂුවර් මිනිහට සල්ලි වලින් ටිකක් නැතිවෙන්න ඇති." රේස් කීයේය...
  3. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    මිනිසා සිගරටය එහි ෆිල්ටරය දක්වාම උරා බීවේය. ඉන්පසු ඔහු කාර්ලෝ දෙසට හැරැනි. ඔහු හැරැනේ, ඔහු සිගරට් බීමට පුරැදු නැති හෙයින් එයින් ඔහුට ක්ලාන්ත ගතියක් දැනුනාක් මෙන් මදක් වැනෙමිනි. "ලස්සන රෑ පානක්" හේ කීයේය. කාර්ලෝ හිස සැලුවේය. එය එසේ විය. එය ලස්සන රැයක් විය. "ජීවත් වෙන්න ලැබීම වාසනාවක්" කාර්ලෝ...
  4. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    එහෙත් තුවක්කුවක් වෙනුවට පැමිනියේ හම ගැසුනු පැරණි ලෝඩ් බක්ස්ටන් වොලට්ටුවක් වූ අතර, වොලට්ටුව තුලින් ඩොලර් දහයේ නෝට්ටුවක් පැමිනියේය. ඉන්පසු, සම්පූර්ණ සිහිබුද්ධිය යුතු කටහඩකින්, සුදු කමිසයකින් සහ අළු කලිසමකින් යුතු වූ මෙම මිනිසා, මෙල්බරෝ සිගරට් පැකට්ටුවක් ඉල්ලා සිටියේය. කාර්ලෝ පැකට්ටුවක් රැගෙන, ඒ මත...
  5. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    ෆ්ලෙචර් කොරිඩෝරයට පය තබා, මාරක කුටියේ දොර වසා දැමුවේය. කුඩා බල්ලා තම හිස ඔසවා බැලූ අතර, තම තොල් පුම්බමින් කුඩා බිරැමක් බුරා, හිස තැවත පහතට නවා නිදාගති. ෆ්ලෙචර් තරප්පු පෙල වෙත ඇවිද යන්නට පටන්ගත්තේය. කොරිඩෝරයේ සිට මාර්ගය දක්වා, ඒ හරහා නගරය දක්වා, එතැනින් 4 වැනි මහා මාර්ගය දක්වා, මුර සංචාරක...
  6. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    දොර අගුළු දමා ඇති බව ෆ්ලෙචර්ට සිහිවුනි. රමාන් එය අගුළු දැමූ අතර, යතුර ඔහුගේ බෙල්ටයෙහි තිබෙනවා විය යුතුය. ෆ්ලෙචර් ආපසු රමාන් වෙත ගොස්, යතුර බෙල්ටයෙන් ඉරා ගත්තේය. එසේ කරද්දී රමාන් අන්ධව අතපත ගාමින් නැවතත් ෆ්ලෙචර් ගේ කකුල අල්ලාගත් අතර, ෆ්ලෙචර් තුවක්කු මිටෙන් ඔහුගේ හිසට ගැසුවේය. රමාන්ගේ අත් ඔහුගේ...
  7. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    තවමත් රිවෝල්වරය හෙයින්ස් ගේ හිසට අල්ලාගෙන, ෆ්ලෙචර් උපකරනයේ ON ස්විචය දැමූ අතර, විද්‍යුත් ධාරාව අඩු වැඩි කරන රෝදය උපරිමයටම කැරකූවේය. හෙයින්ස්ට පෑන තම කටින් විසිකර දැමීමට වේලාවක් තිබෙන්නට ඇති නමුත්, ඒ වෙනුවට, පැමිනි විදුලි සැර හේතුවෙන් ඔහුගේ දත් ඇදි පෑන මත තද වී ගියේය. මෙවර ඇසුනු ශබ්ධය පෙරට...
  8. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    "මේක ගනිං. නැත්තං තෝව මරනවා" ෆ්ලේචර් කීවේය. ඔහුට මෙය කරමින් සිටීමට කාලයක් නොතිබුනද, ඔහුට තමාව පාලනය කරගත නොහැකි විය. ඔහුට නැවත නැවතත් පෙනුනේ නූනේස්ගේ මිය ගිය මුහුනෙහි ඡායාරෑපයයි. ඉකිගසමින්, හෙයින්ස් පෑන බදු උල අරගත්තේය. ඔහු එය ඇල්වූයේ එහි රබර් ආවරණය ඇති කොටසින්, පරෙස්සෙමිනි. "දාපිය ඕක තොගෙ...
  9. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    "මේ අහපං" ෆ්ලෙචර් කීවේය. "උඹ අහගෙනද ඉන්නේ?" ඈ නොවැරදීම අසාගෙන ඉන්නේ පැමිනෙන අධාරකරැවන්ගේ හඩට බව ඔහු දත්තේය. හීනෙන් තමා--ෆ්ලෙචර් සිතුවේය. "මන් දන්න හැටියට එල් කොන්ඩෝර් කියන්නේ කොම්‍යුනිස්ට් රෑකඩයක්. 1994 දී කායා ගංගාව අල්ලගෙන හිටපු මිනිස්සුන්ගේ නායකයා ඔහු නෙවෙයි. එතකොට නූනේස් හිටියේ නිව් යෝර්ක්...
  10. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    ඈ ආපිට හැරැනු අතර, තම අත්ලවල් දොරට තද කර ගත්තාය. ඈ ස්පාඥ්ඥ භාශාවෙන් කථා කිරීමට පටන්ගත් නමුත්, නැවතී නැවත එකම දේ ඉංග්‍රීසියෙන් කීවාය, "මිස්ටර් ෆ්ලෙචර්. මට කරදරයක් කරන්න එපා. මම විතරයි දැන් ඉන්නේ ඔබව මෙතනින් පිටකරන්න පුළුවන් කෙනෙකුට. මම දිවුරනවා." ඔවුන්ට පිටුසින්, හෙයින්ස් දණ ගසාගෙන සිටියේ කුඩා...
  11. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    ෆ්ලෙචර් පෙරළුනු පුටුව එස්කොබා‍ර් එන මග දෙසට පයින් ගසා විසි කල අතර, එස්කොබාර් එහි පැටලී බිම ඇද වැටුනි. ෆ්ලෙචර් තම දෑතින්ම රිවෝල්වරය අල්ලා ඔහුගේ හිසට වෙඩි තැබීය. එස්කොබාර්ගේ හිසකෙස් වීසී වී ගිය අතර, ඔහුගේ නහයින් කටින් ලේ පැන්නේය. බුලටය රැධිරය වගුරැවමින් පිටවූයේ ඔහුගේ නිකටිනි. මල මුත්‍රා ගන්ධය...
  12. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    "මිනිහෙක් ඉන්නවා..." කියූ ෆ්ලෙචර් නැවතුනේය. "එහෙනම් මටත් සිගරට් එකක් දෙන්න." "මිස්ටර් ෆ්ලෙචර්! හරි කමක් නෑ" එස්කොබාර් රතු සහ සුදු පැක් එක අතට ගෙන, එය සොලවා සිගරට්ටුවක් ෆ්ලෙචර් වෙත දිගු කලේය. ෆ්ලෙචර් එය අරගත්තේ, එය ෆිල්ටරය දක්වා දැවී යාමට පෙර ඇතැම් විට තමා මලවුන් අතර සිටිනු ඇතැයි යන...
  13. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    එස්කොබාර් හිස සැලුවේය. "අපි දන්නවා නූනේස් නගරයට එනවා කියලා. රෙඩියෝ ස්ටේශන් එකට පහර දෙනවා කියලා. මේක දින කීපයකින් හෝ පැය කීපයකින් සිද්ද වෙන්න පුළුවනි. අපි ඔබට ලණුවක් දුන්නා තොන්ඩුවක් හදා ගනීද බලන්න... ඔබ හදාගත්තා." ෆ්ලෙචර් නැවත පුටුව මත කෙලින් වූයේය. තෝමස්ගේ මියගිය හිසෙහි තිබුනාක් මෙන් සළකුණක්...
  14. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    එස්කොබාර් නැවතත් සිගරටයක් තම කටෙහි ගසා, දුක්බර සිනාවක් ආරැඩ කරගෙන මෙසේ පැවසීය, "අමීගෝ(ස්පාඥ්ඥ භාශාවෙන් 'යාළුවා') ඔබ කියන්නේ බොරැ." "නෑ" ‍ෆ්ලෙචර් කීවේය. "මොකදට මම බොරැ කියන්නේ? මටත් ඕන මෙතනින් ගැලවෙන්න." "අපටත් හිතාගන්න බෑ ඔබ බොරැ කින්නේ මොකද කියලා." කෘශ මුහුනැති ගැහැනිය කීවාය. "ඒ වගේම අපි...
  15. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    (මේක නිකං 24 එකේ එපිසෝඩ් එකක් වගේ පේන්නෙ කාටද? :lol:)
  16. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    "මේක ඇගේ තැන් තැන් වලට තියන්න පුළුවනි... බඩට, පපුවට.. රහස් තැනට... ඒ වගේම ඉරපායන්නෙ නැති තැනට. මිනිහෙකුගේ පස්ස පැත්ත ඇතුලට විදුලිය වැදුනාම මිනිහට ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ, මිස්ටර් ෆ්ලෙචර්." "මම දැන් ඔබෙන් අහන්න යනවා, තෝමස් උත්තර දුන්නේ නැති ප්‍රශ්ණ වගයක්." තම සිගරටය බිම දමා පාගමින්, එස්කොබාර්...
  17. Dark_Night_of_the_Soul

    මරණ පරීක්ෂණ කුටිය 4

    නෑ නෑ. ඒ පීටර් බඩ කපයි කියලා ගෑනී කතුර උදුරගන්නවා.
  18. Dark_Night_of_the_Soul

    මරණ පරීක්ෂණ කුටිය 4

    තැන්කූ තැන්කූ. http://www.vijithayapa.com/product/view/24813 ;)
  19. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    වෙල්කම් වේවා. මේකේ තම්බ්ස්-අප් අයිකන් එක දාන්නේ කොහොමද මචංලා?
  20. Dark_Night_of_the_Soul

    මරණ පරීක්ෂණ කුටිය 4

    ස්තූතියි. සිංහලේට ගැලපෙන විදියට ලියුවා. :)

    No contents