1. bandarawithana

    DAMRO VACUUM CLEANER

    plywood sheets දැම්මයි කියල වෙනසක් නෑනෙ. ඕකෙන් කරන්නෙ vacuum කරන එක නෙ. පොලොවෙ ඇලිල තියෙන දේවල් ගැලවිල එන තරම් Power එකක් නෑ ඕකෙ.
  2. bandarawithana

    DAMRO VACUUM CLEANER

    මම පාවිච්චි කරනවා. හොඳයි. කියන්න වරදක් නෑ. පොලොවටයි, වාහනේටයි දෙකටම පාවිච්චි කරන්න පුලුවන්. ඕකෙ Wet and Dry දෙකම තියෙනව. Wet එක නම් මට ඕනෙ වෙලා නෑ තාම. තව Blower එකත් තියෙනවා.
  3. bandarawithana

    Nawatinna place ekak

    දියතලාවෙනම් සමහරවිට ඇති. හැබැයි හපුතලේ, බණ්ඩාරවෙල, ඇල්ල නම් ඔය දවස් වල 8000ට තියා 30000ට වත් ගන්න නැතුව ඇති. පොඩ්ඩක් agoda, booking.com වගේ ඒවයින් availability එක බලන්න.
  4. bandarawithana

    අවුකන_trip_help

    තැන්කූ ඔක්කොටම.
  5. bandarawithana

    අවුකන_trip_help

    මචංලා... ලබන සතියෙ දිහා අව්කන ට්‍රිප් එකක් යන්න ඉන්නව පවුලෙ කට්ටිය. කාර් එකේ තමයි යන්න ඉන්නෙ. ගූගල් මැප් එකේ කියනව, දඹුල්ලට යන්නෙ නැතිව ගලේවෙලින් හැරිල කලාවැව පාරෙ ගිහින් යන්න පුලුවන් කියල. මට දන්න කෙනෙක් කියනවද ඒ පාර කොහොමද? කාර් එකක යන්න පුලුවන්ද? නැත්නන්, දඹුල්ලට ගිහින් කැකිරාවෙන් හැරිල යන...
  6. bandarawithana

    slt free data

    අද අප්‍රේල් 1වෙනිද නෙවි. 13වෙනිද. :lol:
  7. bandarawithana

    අළුත් අවූරුද්දට ගෙනාව මල් වෙඩි...

    මේක නේද ඔය කියන place එක? https://www.google.com/maps/@6.8678663,79.9175721,3a,19.6y,59.13h,88.71t/data=!3m6!1e1!3m4!1sh-dmQge8UHKiMkybkpbCgg!2e0!7i13312!8i6656 එතන phone number එකක් තියෙනව නම් දාපන්කො
  8. bandarawithana

    පුතාගේ උපන්දිනේට දෙන්න හොද ප්රෙසෙන්ට් එක

    අක්කව සතු‍ටු කරන්න ඕනෙ නම් පොත්, කෑම පෙට්ටි, වතුර බෝතල්, ඇඳුම් වගේ එකක් ගෙනියන්න. පොඩි එකාව සතු‍ටුකරන්න ඕනෙ නම් ඌට හොඳට විනෝද වෙන්න පුලුවන් සෙල්ලම්බඩුවක් අරන් දෙන්න. පොත්, ඇඳුම් දුන්නට පොඩි එකාට සතුටක් නෑ බං. උන් ආස සෙල්ලම් බඩු වලට. මම පොඩිකාලෙ මට සෙල්ලම් බඩු අරන්දුන්නෙ අපෙ මාම. අනිත් නෑයො අරන්...
  9. bandarawithana

    රස්නෙට පිලියමක්...

    ඇලුමිනියම් ෆොයිල් බොරු වැඩක් බං. ඒකෙන් එච්චර රස්නෙ අඩුවෙන්නෙ නෑ. අනික ඕක කන්න ලේන්නු, මීයො එහෙම එනව. ඒක ඊට වඩා කරදරයක්. නිතරම ඇඟ හෝද හෝද, පුලුවන් තරම් වතුර බිබී ඉන්න එක තමයි මේ දවස්වල කරන්න තියෙන්නෙ. ගෙදර ඉන්න වෙලාවට ෆෑන් එක දාගෙන ඉන්න. ඇඟ සිසිල් කරවන කෑම කන්න.
  10. bandarawithana

    ගෙදරට_smart_tap_එකක්_හදමු

    ඕක තේරුමක් ඇති වැඩක් නෙවි බං. ඕකෙ වියදමයි, මහන්සියයි, කාලයයි, අවදානමයි බැලුවම අතින් වහන ටැප් එක දාහෙන් සම්පතයි. සෙන්සර් එකන් අත අයින් උනු ගමන් ටැප් එක ඕෆ් වෙනව. භාජනේකට වතුර පුරවන්න ඕනෙ උනොත් අතින් හරි මොකක්හරි තියල සෙන්සර් එක වහගෙන ඉන්න වෙනව. හරිම කරදරකාර වැඩක්. අනික ඕව ඉක්මනට කැඩෙනව...
  11. bandarawithana

    Nuwaraeliya Trip Help?

    අප්‍රේල් වල නුවර එලි යන්න එපා බං. මම දැනට අවු 2-3කට කලින් ගිහින් මට එපා උනා. දවල්ට පට්ට රස්නෙයි, කොළඹ වගේ. සීසන් එක නිසා සෙනඟ සූ ගාල. පාක් එකකට ගියත් ඇඟේ හැප්පෙන ගානට මිනිස්සු. එපා උනා.
  12. bandarawithana

    නිවාඩුවට යන්න හොද Places එකක් Help

    1. මුලින්ම යන තැන තීරණය කරන්න ඕනෙ. කට්ටිය කලින් ගිහින් නැති තැනක් ‍තෝර ගන්න. යන ක්‍රවුඩ් එකේ හැටියට යන්න පුලුවන් තැනක් වෙන්නත් ඕනෙ. ඒ කියන්නෙ, වයසක කට්ටිය, පොඩි උන් එහෙම ඉන්නවනම් කඳු නගින්න, ගොඩක් ඇවිදින්න වගේ අමාරුයිනෙ. යන කට්ටිය කැමති සීතල පලාතකටද, හිස්ටොරිකල් ප්ලේස් එකක් බලන්නද, මූද අයිනෙ...
  13. bandarawithana

    Com bank ATM help

    ගොඩක් කාලෙකට කලින් නම් 40යි. දැන් නම් ඊට වැඩියි. ලක්ශයක්ද කොහෙද පුලුවන්.
  14. bandarawithana

    wayasa 28 weddi luxa 30k

    බැංකුවල සල්ලි ඩිපොසිට් කරල තියෙන්න අරින එක තරම් මෝඩ වැඩක් තවත් නෑ. උඹට අද ලක්ශ 30කින් කරන්න පුලුවන් වැඩේ කරන්න ලබන අවුරුද්ද වෙනකොට ලක්ශ 40ක් වත් ඕන වෙනව.
  15. bandarawithana

    හරක් මස්

    පව පින අමතක කරත්, රතු මස් කන එක නතර කරපං. රතු මස් කියන්නෙ ගැස්ට්‍රික් වල ඉඳල පිළිකාව දක්වා අනේකවිද රෝග හදන උල්පතක්.
  16. bandarawithana

    මානසික

    මෙන්න මේක තමයි උත්තරේ. රහත් වෙච්ච්ච නැති අපි හැමෝම අඩු වැඩි වශයෙන් මානසික රෝගීන්. වැඩි උනාම තමයි බෙහෙත් ගන්න මට්ටමට එන්නෙ. අපි අපේ මානසික සෞඛ්‍ය ගැන තියෙන අවධානය අඩුයි. ඒකට එක හේතුවක් නොදැනුවත් කම.(මානසික රෝගයක්ද නැද්ද කියල තීරණය කිරීමේ නොහැකියාව). අනිත් හේතුව තමයි තමන්ට මානසික රෝගයක් ඇතැයි...
  17. bandarawithana

    හිසේ කැක්කුම

    අව්වට, සද්දවලට විතරක් නෙවි චොකලට් වගේ සමහර කෑම වලටත් එන ඔලුවෙ කැක්කුමට කියන්නෙ මිග්‍රේන් කියල. සිංහලෙන් ඉරුවාරදය කියන්නෙ ඕකට. ඕක නිට්ටාවට හොඳ කරන්න ඉංග්‍රීසි බෙහෙත් නෑ. පාලනය කරන්න විතරයි පුලුවන්. මිග්‍රේන් ඇතිකරන සාධක වලින් ඈත්වෙලා ඉන්න එක තමයි හොඳම ප්‍රතිකාරය.
  18. bandarawithana

    what do u like to be?

    ජීවත්වෙන්න සල්ලි ඕන තරම් වෙන විදියකින් ලැබෙනව නම්, 1. ලංකාවෙ ලස්සන පලාතක පුංචි ඉස්කෝලෙක ගුරුවරයෙක් වෙන්න ආසයි. එහෙම නැත්තන්, 2. ලංකාවෙ ලස්සන ගමක ග්‍රාමසේවක කෙනෙක් වෙන්න ආසයි. එහෙම වෙලා ඒ ගමේම හොඳ කෙනෙක් බැඳල ලමයි 4ක් විතර හදන්න ආසයි. ඊට අමතරව ගමේ පොඩි තේ කඩයක් දානව. මම ඒකෙ මුදලාලි. ගමේම...
  19. bandarawithana

    පොඩි එකාට ඉස්කෝලයක්

    ඒක නම් හරියට දන්නෙ නෑ මචං. මහරගම Highland එකත් හොඳයි. http://www.highlands-college.com/Privileges.html

    No contents