1. aneasarayana

    පිටියේ අප්පුට අභියෝගයක්

    @pitiye.appu අනේ බන්. මගේ තාත්තා නැති උනේ වකුගඩු අකර්මන්‍ය වෙච්ච නිසා. පැහැදිලිවම කිව්වා ඔය සිංහල බෙහෙත් කසාය ගොඩක් කල් බිව්ව නිසා කියලා.වෙදකම් කරපු කෙනාම පිළිගත්තා.හොස්පිටල් එකෙනුත් කිව්වා. ඔව් ඉංග්‍රීසි බෙහෙත්වලටත් වකුගඩු නරක් වෙනවා. ඒ උනාට ඔය මොන බෙහෙත් ජාතියක් හරි දිගටම ගන්නවා නම් වකුගඩු...
  2. aneasarayana

    අවංකව ආදරය කරන මෝඩ හුට්ටිගේ පුතාලට කියන්නේ එහෙම එකක් නැහැ

    @LZP1992 මම දන්න හොඳම යාළුවෙක්ට පරිප්පුව සෙට් උනා. මටත් බැඳපු මුල ඔය වගේ දේවල් ආවා.මිනිස්සු කොයි වගේද කියලා අඳුරගත්ත නිසා ප්‍රශ්න උඩු දිව්වේ නැහැ.
  3. aneasarayana

    පිටියේ අප්පුට අභියෝගයක්

    ඔය අරිෂ්ට, කල්ක, ගුලි, කසාය අවුරුදු ගණන් බොන්න එපා කියපන්. වකුගඩු සවුත්තු වෙනවා අනිවා. ඉස්සර හොඳ වෙද්දු ඉඳලා තියෙනවා ඒත් දැන් ඉන්න එවුන්ගෙන් 90% විතර කම්බා හොරු.
  4. aneasarayana

    අවංකව ආදරය කරන මෝඩ හුට්ටිගේ පුතාලට කියන්නේ එහෙම එකක් නැහැ

    බැන්දට පස්සෙ ඕව වෙනවා හෝල් සේල්. දෙන්නෙක් හොඳට ඉන්නවා නම් සමහර එවුන්ට ඇස් වල කටු අයිනවා වගේ. බැලුවම උන්ගේ පවුල්වල ලොවෙත් නැති ප්‍රශ්න. ගෑනුන්ව රවට්ටන්න ලේසි නිසා උන්ගේ ඔළුවට තමයි විෂබීජ දාන්නේ. ඔය වැඩ ඇරිලා ගෙදර එන්න පරක්කු වෙන්නේ ඔෆිස් එකේ කවුරුහරි ඇති, යාළුවෝ එක්ක බොනවා ඇති අනංමනං බහු බූත...
  5. aneasarayana

    අවංකව ආදරය කරන මෝඩ හුට්ටිගේ පුතාලට කියන්නේ එහෙම එකක් නැහැ

    මේක 100% ඇත්ත.මමත් අත්දැකීමෙන් කියන්නේ.
  6. aneasarayana

    Casio calculator watch

    මොකද ඒ කාලේ ebay, daraz තිබුනද නැහැනේ. කාගේ හරි අම්මලා තාත්තලා රට ඉන්න කෙනෙක්ගේ ගාව තමයි බඩු තියෙන්නේ. දැන් ළමයින්ට ඔය වගේ ඒවා ගාණක් නැත්තේ ලංකාවෙත් දැන් ලෝකේ තියෙන ඕනෙම මගුලක් තියෙන නිසා. තව තිබුණා ලාච්චු ගොඩක් තියෙන පැන්සල් පෙට්ටි.බටන් එබුවම එළියට එනවා.
  7. aneasarayana

    නාඩි වාක්‍ය ඇත්තද..?

    නැහැ බන්. උන් දෙන්නටම සල්ලි. ලුක්ස් හොඳටම තියෙන අය. උනුත් ඕක ආතල් එකට ඇහුවේ. පස්සේ මගුල් සෙට් උනෙත් එකම කාලේ. එතකොට තමයි නාඩි වාක්‍ය කතාව ඇදිලා රෙකෝඩින් ආපහු ඇහුවේ. සමහර ඒවා හිතාගන්න බැරි විදියට හරි. සමහර ඒවා නම් කිසිම ගැලපීමක් නැහැ. මොකද ඉතින් ඕක කර්ම මත විතරක් බේස් වෙච්ච දෙයක්නේ. දැන් සුනාමියට...
  8. aneasarayana

    නාඩි වාක්‍ය ඇත්තද..?

    මම නම් ලොවෙත් ඕක හිතුවේ නැහැ මොකද එතකොට බන් අපි ඒ කියවිච්ච දේට අනුව වැඩ කරා වගේනේ. හැබැයි මම දන්න එවුන් 2-3 හරියට කිය උනා විවාහය ගැන. අර එක දිගට කියන් යන නම් 15-20 අතරේ උන් බැඳපු අයගේ නම් තිබුනලු. හැබැයි උන් දෙන්නගෙම වයිෆ්ලගේ තියෙන්නේ එදිනෙදා අහන්න ලැබෙන නම් දෙකක් නෙවෙයි.
  9. aneasarayana

    නාඩි වාක්‍ය ඇත්තද..?

    මටත් බඳිනවා කිව්ව කාලේ වැරදියි. රස්සාව නම් කියපු එකම තමයි. ඒ ඇරෙන්න හරි ගිය වෙන දේවල් නැති තරම් බන්. මම පරිච්චේද 3 ඇහුවේ. මම දන්න සමහර එවුන් 5-6 අහල තිබ්බා. උන්ට නම් සෑහෙන්න විස්තර කියලා තිබුණා. සමහරවිට පරිච්චේද අඩුවෙන් අහන එවුන්ට අරුන් වැඩිය දේවල් කියන්නේ නැද්ද දන්නේ නැහැ.මම නම් කියන්නේ ඕව...
  10. aneasarayana

    නාඩි වාක්‍ය ඇත්තද..?

    ඒක තමයි සීන් එක මටත් උනේ. අතීතය වර්තමානය හරි ඒත් අනාගතය ගැන වාක්‍ය 50% විතර වගේ තමයි හරි.
  11. aneasarayana

    තවත් කල් ගියොත් හමුදාව දාලා උත්තර පත්‍ර බලන්න

    මම නම් හිතන්නේ හමුදාව දාලා බලනවා කියන්නේ ළමයින්ට වෙන අසාධාරණයක්. මොකද පේපර් මාකින් යන්නේ හොඳ අත්දැකීම් තියෙන ගුරුවරු.. කලින් ඒවට සල්ලි ගෙවලා නැත්තම් ඒවා ගෙවන්න ඕනේ. අනික් එක ජීවන වියදම හැටියට ගාස්තු සංශෝධනය වෙන්න ඕනේ. මාකින් පටන් ගන්නවා නම් ලංකාවේ හැමතැනම එකට පටන් ගන්න ඕනේ. කොළඹ යාපනේ කියලා රටේ...
  12. aneasarayana

    නාඩි වාක්‍ය ඇත්තද..?

    @Deviyo මම නාඩි වාක්‍ය බලලා තියෙනවා. මගේ නම අම්මා තාත්තගේ නම් පවා හරියට කිය උනා. මම පරිච්චේද ඔක්කොම ඇහුවේ නැහැ ගොඩක් ගාණක් යන නිසා. ඔය විවාහය රැකියාව වගේ දේවල් ඇහුවේ. අතීතයේ වෙච්ච දේවල් හරියට කිය උනා ඒත් අනාගතය ගැන කියපු ඒවගෙන් 50% විතර තමයි හරි. හැබැයි මගේ යාළුවෝ දෙන්නෙක්ට විවාහය වෙන කාලය,බඳින...
  13. aneasarayana

    දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

    @BAHIRAWA2020 උඹ කියන එක හරි. ලඟින්ම ඉඳලා සල්ලි නැත්තම් ඒත් ගෑණු යනවා. ඕක මැද්දේ ඉන්න බලන්න ඕනේ. යන එවුන් යනවා තමයි. ඒත් සමහර ගෑණු යන්න සාධාරණ හේතු තියෙනවා.මම දන්න එකෙක්ගේ අම්මා ඌට පොඩි කාලේ ඉඳන් බත් කවනවා. බැන්දට පස්සෙත් දිගටම ඔය වැඩේ ගියා. ගෑණි මුලින් පොඩ්ඩ පොඩ්ඩ කිව්වා. හරි ගියේ නැහැ ගේම...
  14. aneasarayana

    දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

    @Radical78 පිරිමි හිතුවට සල්ලි වියදම් කරලා ගෙවල් දොරවල් හදලා වාහන අරන් දුන්නම ඔක්කොම හරි යයි කියලා ගෑණියෙක් ඔය ටිකෙන්ම විතරක් සතුටු වෙන්නේ නැහැ. ගොඩක් අයට attention ඕනේ. උදාහරණයක් විදියට උඹේ මල්ලි ගොඩක් දවස්වල එළියේ නම් ඉන්නේ , ගෙදර ආවත් දවස පුරාම ෆිල්ම්, fb බලාගෙන ඉන්නවා නම් ලොකු සම්බවිතාවක්...
  15. aneasarayana

    Kisi වග වීමක් නැති ශ්‍රී ලංකන් , මෙල්බර්න් මගීන් අතරමං කරයි

    වැඩේ තියෙන්නේ එහෙම රටටත් අපේ එවුන් සල්ලිත් ගෙවලා බෝට්ටුවලින් ගිය එකනේ.

    No contents