1. Ameesha2

    Parker Pen

    මේ pen දෙකෙන් ඔයාලා වැඩිපුරම කැමති කොයි එකටද? 1 1 2 2
  2. Ameesha2

    Fb music video

    FB එකේ සිංදුවක් දැම්මාම mute වෙන එක නවත්තන්න විදියක් දන්නවාද??
  3. Ameesha2

    සුසුමක උණුසුම

    සුසුමක උණුසුම නොම විඳි හදකට සුසුමක් උනේ ඔබයි කඳුලක සිසිලස නොහැගුනු නෙතකට කඳුලක් උනේ ඔබයි මිහිමත සැඟවුණු විසිතුරු ලොවකට පියවර ලකුණ ඔබයි විසිතුරු මිහිමත සැඟවුණු රුදු ලොව හෙලි කල දෙනෙත ඔබයි හදවත පිරිමැද සිතිවිලි පොබ කල පැතුමක අරුණ ඔබයි වදනට නොනැගෙන සිත තුල ගොළු වන නොපිපෙන පැතුම ඔබයි
  4. Ameesha2

    සිත හඬා වැටෙනවා...

    සිත හඩා වැටෙනවා මටම ආදරය කරනා කෙනෙකුන් සෙව් මුත් ආත්ම භවේ පුරා ප්‍රාර්ථනා සිඳී බිඳී හඩා වැටෙනවා නැහැ නැති ඉසුරට නාහෙන් ඇඩුවේ ඒකද හිමියනි මගේ හිත කැඩුවේ සැපත සොයා යන හැම දිගු ගමනක දුකින් නිමා වන ආලය පමණද මගේ ලොවේ මට ඉතිරිව ඇත්තේ සිතා ගන්න බැහැ මම කල පාපය ජීවිතයම කඳුලක් කර ගන්නට මහා බඹුනි...
  5. Ameesha2

    දවසක් ඒවි...

    සෙවනැල්ලත් මග හැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේම මගේ ළඟටම වී ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇති ජීවිතයේ තැන් තිබුණා අපිටම අපිවම නැතිවුන ඒ...
  6. Ameesha2

    කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවොන්ගේ පොත් තියෙන්නේ කවුරු ලගද?

    කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවොන්ගේ පොත් තියෙන්නේ කවුරු ලගද?
  7. Ameesha2

    A Great Swim...

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි වෙසෙන ශ්‍රී ලාංකික බුද්ධිලිනී ද සොයිසා විසින් ඉදිරිපත් කරන ලද පින්තූරයක් පසුගියදා පැවති 2021 වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා තරඟයේදී "ඉහළ ප්‍රශංසාවට" පාත්‍ර විය. මාතෘකාව "A Great Swim" - කෙන්යාවේ මැසායි මාරා හි කිඹුලන්ගෙන් බෝ වූ තලේක් ගඟ හරහා ගලා එන "ටැනෝ බෝරා" නමින්...
  8. Ameesha2

    ඉටි පහනක් දෝ මා...

    සුළඟට සැලෙනා පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා ඉටි පහනක් දෝ මා නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා මා වට මද එළියේ පළඟැටි සේනා සැණකෙළියේ තිමිර බි‍‍ඳේ දෝ සිළුව සිඳේ දෝ මා කෙලෙසී යා දෝ මා වත රුවට ඇදී අනඟ රැඟුම් පා තරග වැදී ගගනත කළඹා ගත සිත පොළඹා නිසසල දැහැන බිදී කළුවර පලස ඉරා මා වත දුබලව දැවෙන තුරා...
  9. Ameesha2

    නැති දවසක මතක් වෙන්න...

    නැති දවසක මතක් වෙන්න මේ කවියත් තියාගන්න ඔබ දුන් දුක ඔබට නොදී මට පුලුවනි දරාගන්න අකුරු වලින් මට හඬන්න ගුරු තුමියනි කියා දුන්න තව කෙනෙකුට ශිල්ප නොදී මේ පාඩම නවත්වන්න විසි කල මල් අහුල ගන්න හදවත් ලොව ඇති අනන්ත පර මල් වල පවා තිබේ සුවඳක් කවුරුත් නොදන්න
  10. Ameesha2

    සරා සඳේ සිරියාවී...

    සරා සඳේ සිරියාවී නිවී දිලී මායාවී මගේ හිතේ නුඹ ඇඳුනා මිලාන වූ මේ දෑසේ පිපී සැලේ වී ප්‍රේමේ රැඳී ඉමී මා සදා සඳ පායන ඝනදුරු යාමේ ඔබේ ආදර දෙඅදර රාවෙන් සඳ සීතේ පිණි වෑහුනා සඳ සාවී ඔබමද මාගේ සැතපී හිඳ සිතුවිලි යහනේ මගේ ආදර හිත පාරනා පියඹා එන සමනල රෑනේ තටු දහසක මදහස වාගේ නෙතු මානේ සිත පාවුනා...
  11. Ameesha2

    ඇසට හසු නොවෙන...

    ඇසට හසු නොවෙන රුවක් උවමක් නොදැන හිතට විතරක් හැඟෙන ආදරේ ජීවිතය පිරිසිඳ දකින හීනයේ ඔබ පමනි මිය නොයන ආදරේ ඝන තිමිර යට ඔබ දුලන පුරහඳ මල් පිපෙන හැටි ගඟ ගලන හැටි මට කියා දුන් මං හීනයෙන් දිව ගෑ සුවඳ මං හීනයෙන් දිව ගෑ සුවඳ පොද ඇස් අරින විට සුළඟේ ගිහින් ඔබ කොහේ උන්නත් මහද පිරිමැද මමන මේ රස මියුරු...
  12. Ameesha2

    නුඹ දුරක...

    හඬන්නට කඳුළුත් නෑ මගේ ඇස් අගට දරා ගන්නට බෑ දුක වැඩී මගේ මේ හිතට ලොවේ කවුරුත් නෑ දන්නේ මා පෙම් කල තරම හිතේ කහටක් නෑ මා හැර ගියත් නුඹ දුරක ඇවිළුනේ මගේ ලෝකයයි අළු වෙලා යන තරමට එලිය වුනේ ඔබේ ලෝකයයි එයමයි මා පැතුමද අහිතක් හිතන්නේ නෑ මං කවදාවත්ම සිනාසෙන් නුඹ හැමදාමත් ඔහු සමගින් පැරදුනේ මගේ...
  13. Ameesha2

    සිර කරන් කවියක...

    සිර කරන් කවියක බැඳ දමා වැකියක නවතලනු හැකි වෙද සොඳුරු නිම් නැති පෙම සුසුමකට මුසුකොට පා කළා ඔබ හට ළඟ ළඟයි හිතුවට අපි දුරයි ඇත්තට හද හොරෙන් බැඳුනට බැමි දමා වටකොට හිත වෙනස් නොවුනට දුරයි අපි ඇත්තට
  14. Ameesha2

    කඳුළු...

    ඊයේ ඇස් වල තිබු කඳුළු පිසලන්නට බෑ කිවූ නිසා ඒ කඳුළේ ආදරයේ පැහැයක් මා නෑ කිවූ නිසා සඳ අඳුරට උරුම වෙලා ආදරයේ කඳු බෑවුම් අතරේ කඳුළු වලින් මියැදී සිනහවෙන් ඉපදී ආ හැටි පෙරදී කඳුළේ ඉපදී වියැකී ඒ සුරතල් සිනා ඒ කඳුළේ ආදරයේ පැහැයක් මා නෑ කිවූ නිසා ඒ කඳුළේ ආදරයේ පැහැයක් තිබුනා
  15. Ameesha2

    නෙලා ගැනුමට නොහැකි වූවද...

    නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය ඇස් පනාපිට බිඳුනු හීනෙක ලොවට රහසින් සැරි සැරීමය හිත් පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදි වැරීමය ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහි කිරීමය පණ පිටින් මුළු සිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය
  16. Ameesha2

    මා මළ දා

    මා මළ දා සුදු ඇඳගත් වතුසුදු ගහ වාගේ නුඹ තවමත් සුදු ඇඳගෙන ඇයි මැණිකේ මාගේ මා සිහිකර සුසුම් ලමින් නුඹ දුක්වන ගානේ කදුළක්වත් පිස දමන්න මං නුඹ ළග නෑනේ ඉටිපන්දම් දල්වන විට නුඹ තවමත් සොහොනේ මම කොහොමද තව භවයක උපදින්නේ නෝනේ
  17. Ameesha2

    හිටිහැටියේම 'වාෂ්පවන' මිනිසුන්

    "ජපානයේ 'වාෂ්ප' වෙන එක ඉතා ලේසියි," නකමොරි පැවසීය සිය කැමැත්තෙන් 'වාෂ්පවන' මිනිසුන් පිළිබඳව ඔබ අසා තිබේ ද? එය පුදුමයට කරුණක් නොවේ. ඇතැම් මිනිස්සු හිතාමතා ම 'වාෂ්ප' වෙති. තම රැකියාව, පවුල, දරුවන්, දෙමාපියන්, වත්කම් ආදී සියල්ල අතහැර ඔවුහු එක් රැයකින් සිය දෙවන ජීවිතයට ඇතුළු වෙති. යළි කිසිදා පළමු...
  18. Ameesha2

    සියක් දහසක්...

    සියක් දහසක් ඇවිත් යන්නැති සොඳුරියේ අප දෙස බලා වැවේ දියකඳ දන්නවා ඇති දියවරේ හැන්ගුනු කතා ඉසුරු කුමටද සඳළුතලයක සැපකි මට මේ පවුර පාමුල නුඹම පමණයි එකම ගැහැණිය කළු ගලක හද ගැස්ම හඳුනන අනෝරා වැහි ඇද හැලෙන විට පපුතුරේ උණුහුම රකින ඔබ සෙල් රුවක් වී උන් නිසාමද නොගියේ මා මෙහි අතරමන්කොට
  19. Ameesha2

    වෙන්ව යමු අපි...

    වෙන්ව යමු අපි හමු නොවන්නට නැවත කිසි දින කිසිම ලෙසකින් ඉන්න මා ළග තවත් මොහාතක් ඔබේ සුපුරුදු සුවඳ සමඟින් මුසුව එන ආදරයක සමඟින් පැතුව ආදර සුවඳ සමඟින් ඉන්න මට තව තවත් ලංවී තවත් මොහොතක් ආදරෙන් පිදුව ඒ ආදරය ඔබ මට කෙලෙස යන්නද මග හැරන් දැනෙන දුක හිත පුරා දිව යයි වාව ගන්නට බැරි තරම් ගෙවන්නට හැකි වේද...
  20. Ameesha2

    කඳුළු අසපුව...

    කඳුළු අසපුව අභියසින් හිඳ සමුගන්න මම අද පතමි අවසර තැබුව සිහිවටනයන් හිත තුල තබා යන්නම් ඔබේ දෙපා මුල එක්ව සිටිනට මැවූ සිහිනය දෑස් ඉදිරියේ බිඳ වැටෙත්නම් කුමට වෙහෙසෙනු හදේ සෙනෙහස ඔබේ මතකෙන් මැකී යත්නම් ලංව සිටි ඔබ මගේ මානෙන් දිනෙන් දින ඈතටම යත්නම් යන්න යන්නම් ඔබෙන් සමුගෙන හදේ දුක මම වාව ගනිමින්

    No contents