
අනික්වා ගැන නොදනිමි... එත් UNP 112??? රනිල්ට චන්දයක් දිනන්න තොප්පිගලට කැලැවක් , අලිමංකඩ,පාමංකඩ කතා කියල තාම කල් වැඩියි බන්...තව අවුරුදු විස්සකින් තිහකින් ඔය කතා මිනිස්සුන්ට අමතක උනාම පොඩි චෑන්ස් එකක් තියේවි....![]()

ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ.
ඉතා සවිස්තරාත්මකව සකස් කොට ඇති මෙම වාර්තාවෙහි ප්‍රධාන දෙශපාලන පක්ෂ ඒ දිස්ත්‍රික්කවල ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයන් ගැනද සංඛ්‍යාත්මකව සටහන් කර ඇති අතර ඒ අනුව දිවයිනේ සමස්තයක් ලෙස එජාපය සියයට 47 ක් (5,261,322)සන්ධානය සියයට 41 ක් (4,606,411) දෙමළ ජාතික සන්ධානය සියයට 5 ක්(600,149) හා ජනතා විමුක්ති පෙරමුණ සියයට 4 ක්(469,430) වශයෙන් ප්‍රතිපල අත්කර ගනු ඇත. සෙසු කොටස් සියයට 2ක් වේ.
මෙම වාර්තාව අනුව එජාපයට වාසිදායක දිස්ත්‍රික්ක 10 මෙසේය.
කොළඹ පුත්තලම,බදුල්ල,අම්පාර , ත්‍රිකුණාමලය, මහනුවර , මාතලේ, නුවර එළිය පොළොන්නරුව, මාතර
දෙමළ ජාතික සන්ධානය යාපනය වන්නි හා මඩකලපු දිස්ත්‍රික්කවල පෙරමුණේ පසුවේ. සෙසු දිස්තික්ක සන්ධානයට වාසි සහගතය.
පසුගිය ජනාධිපතිවරණයට වඩා මෙවර මහ මැතිවරණයේදී ඡන්ද භාවිතා කිරීම අඩුවනු ඇති අතර සමස්තයක් ලෙස සියයට 75ක සාමාන්‍යයක ඡන්ද ප්‍රමාණයක් මෙවර භාවිතාවනු ඇති බවත් පෙන්වා දී තිබේ. ජනධිපතිවරණයේදී එය සියයට 81 ක් විය.
එහෙත් මෙම වාර්තාව අනුව ගාල්ල, මාතර හා කෑගල්ලේ ප්‍රතිපලයන් ඉදිරි මැතිවරණ ව්‍යාපාරයන්ගේ ප්‍රබලත්වය මත වෙනස් වීමට ඉඩ ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
![]()
lanka news web

අනික්වා ගැන නොදනිමි... එත් UNP 112??? රනිල්ට චන්දයක් දිනන්න තොප්පිගලට කැලැවක් , අලිමංකඩ,පාමංකඩ කතා කියල තාම කල් වැඩියි බන්...තව අවුරුදු විස්සකින් තිහකින් ඔය කතා මිනිස්සුන්ට අමතක උනාම පොඩි චෑන්ස් එකක් තියේවි....![]()


