ප්‍රේමදාසගේ කාලෙ පාන් ගෙඩියක් 4ට තිබිලා 5.50 උනා. පස්සෙ චන්ඩ්රහිකා 3.50 කරා 94දි. ඒ කාලෙ බනිස් ගෙඩියක් ගනන් වැඩී පාන් ගෙඩියකට වඩා. මතක හැටියට ඡන්ද පොරොන්දුව පාන් අඩු කරන්වා කිව්ව හින්දා පාන් විතරයි අඩුවට දුන්නෙ.
පස්සෙ මාස තුන හතරක් 3.50 ට ගියා. පස්සෙ දවස ගානෙ වැඩි උනේ. 3.80 උනා. පහුවෙනිදා 4 උනා ඊට දවස් දෙකකට පස්සෙ 4.20 උනා. හතරයි පනහා උනා කොහොමහරි අවුරුද්දක් යන්නත කලින් හයට හතට ගියා. පස්සෙ ඒක මාකට් කරේ කලින් ආණ්ඩුව තිබ්බනම් ඒ වෙනකොට 15ක් වෙනවා කියලා.
අපේ තාත්තලා හැත්තෑ ගණන්වල සත 26ට පාන් අරන් තියෙන්නෙ.