ප්‍රංශ විප්ලවය කාලේ ගිලටීන් එකට දාස් ගානක් මිනිස්සු බිලි වුනා,දැන් ලංකාවෙත් සිදුවෙමින් යන විදියටම මිනිස්සු පිස්සු වැටිලා උන්නේ. කොටිම කිව්වොත් විප්ලව නායක රෝබ්ස්පියර් එහෙමත් අවසානයේ ගිලටීන් එකට බිලි වුනා. ඉතින් මම හිතන්නේ ඇන්ග්රි මොබ් එකක් කියන්නේ හරිම භයානක දෙයක්. සාමාන්‍ය වැටහීම නැතිවෙලා යනවා, විනාශය ඉතා දරුණුයි, දේපළ ජීවිත විනාස වෙනවා, ඕක කොන්ට්‍රෝල් කරගන්න ඒවායේ නායකයොන්ටවත් බැහැ. ලංකාවෙත් මේවගේ දේවල් ඉස්සර ඉඳලම සිදුවෙලා තියෙනවා. ජූලී කළබල නිසා අසරණ මිනිස්සු මැරුම් කෑවා, ඊට පස්සේත් මේ වගේ සිදුවීම් වුනා, අලුත්ගම එහෙම. නුවර නිවාස ගිණිතිව්වා. අසරණ මිනිස්සු මැරුම් කෑවා. මේක නිසයි ඉස්සර ඉඳලම රංචු ගැසීම කල්ලි ගැසීම වලක්වන්න නීති තියෙන්නෙත්. ඉතින් මම හිතන්නෙත් පාලනයක් නොතිබ්බොත් මේ සිදුවීම් ඉස්සරහට තවත් බරපතළ වෙයි. රටටත් අනාගත ආණ්ඩුවකටත් කළු පැල්ලමක් එකතු වෙයි. ඉතින් බුද්ධිය පාවිච්චි කරන්න ඕන වෙලාවක් දැන් ඇවිත් තියෙනවා. ආණ්ඩුවට වගේම විපක්ෂයටත් එහි වගකීමක් තියෙනවා.