අද්භූත දේවල් මම දැකල තියනවා , මුලින්ම මම මේ මුකුත් විශ්වාස කලේ නැහැ. අපේ අම්මා දවසක් අපේ මාමා ලෙඩ වෙලා ඉන්නකොට ලෙඩේ හොයාගන්න බැරුව දොස්තරලා දඟලද්දී සාස්තරයක් අහන්න ගියා. මම විශ්වාස නොකරන නිසා මාවත් අරගෙනම ගියා.
අපි යනකොටම වගේ එතන ආරුඩ වෙලා හිටපු කපු මහත්මයා කිව්වා . "අසාධ්‍ය ලෙඩෙක් රෝහලේ තියල එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා එයා ඉස්සරහට එන්න කියල" මට හොඳටම sure ඒ වෙලාවේ අපි වෙන කාටවත් මේ ගැන කිව්වේ නැහැ කියලා ඊට පස්සේ අපි ඉස්සරහට ආවහම අපි ට ලෙඩා ගැන විස්තරත් කියලා , මෙහෙමයි ලෙඩ උනෙත් කියල අහල ලෙඩේට ඕනේ කරන පිළියම් ටිකත් කිව්වා. (ලෙඩේට ඕනේ කරන පිළියම් ටිකයි ලෙඩේයි කියන්න කලින් ආරුඪ වෙලා හිටපු කෙනා සිරුරෙන් පිටවෙලා ගිහිල්ල ටික වෙලාවකින් තමයි නැවත ආවේ )
මේ වෙලාවේදී අපි ලෙඩා ගැන එක වචනයක් කතා කලේ නැහැ, එහෙම කතා කෙරුවනම් කටින් අල්ලගත්තා කියන්න පුළුවන්
අපි මේ සිද්දිය ගැන එතන හිටපු කාටවත් කිව්වේ නැත්නම් කොහොමද මේ ගැන කපු මහත්මයා දැනගත්තේ ?
අපිට නොපෙනෙන නොදැනෙන බලවේග මේ ලෝකේ තියනවා ,එත් බොරු කාරයෝ ඊට වඩා වැඩියි. ඉතින් මේ වගේ අභියෝගයක් ලංකාවෙත් තියනවා එක කවුරුත් භාරගන්නේ නැති එක නම් පුදුම සහගතයි