අනාගත වාහන ලෝකය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428
    113
    අනාගත වාහන ලෝකය

    Tesla මෝටර් රථ සමාගම සිය රියදුරු රහිත මෝටර් රථයේ මෘදුකාංග නිර්මාණය සඳහා මෘදුකාංග ඉන්ජිනෙරුවන් දහස් ගණනක් බඳවාගන්නට සැරසේ!

    මේවන විට මෝටර් රථ කර්මාණ්තය දැවැන්ත වෙනස්කම් දෙකකට බඳුන්වෙමින් තිබෙනවා. එකක් වන්නේ විශාල දුරක් නැවත ආරෝපණයකින් තොරව ගමන්කල හැකි ඉලෙක්ට්‍රික් වාහන නිර්මාණය සඳහා වන වෑයම. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ අමෙරිකාවේ ටෙස්ලා මෝටර් රථ සමාගමයි. අනෙක් වෑයම වන්නේ රියදුරන් රහිතව ගමන්කල හැකි රෝබෝ කාරයක් නිර්මාණය කිරීමයි. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ ගූගල් සමාගමයි. ඔවුන්ගේ රොබෝ කාරය මේවන විට සැතපුම් ලක්ශ ගණනක් රියදුරු සහයක් නොමැතිව ධාවනය කොට තිබෙනවා.

    12809542_10208764522340356_5984786333516793962_n.jpg


    12800293_10208764522180352_3208682126240153166_n.jpg


    මෝටර් රථ කර්මාණ්තය පිලිබඳව හදාරණ විශේෂඥයින් පවසන ආකාරයට නුදුරු අනාගතයේදී විශාලම ඉල්ලුමක් ඇතිවන්නේ රියදුරු සහයක් නොමැතිව ධාවනය කල හැකි, විශාල දුරක් එක් ආරෝපණයකින් ගමන්කල හැකි (කිලෝමීටර් 500ක් පමණ), පොදු ජනයාට සාමාන්‍ය මිළකට ලබාගත හැකි (mass market autonomous electric cars) මෝටර් රථයි.

    මේ සඳහා දැවැන්ත තරඟයක් නිර්මාණය වී ඇති අතර ජෙනරල් මෝටර්ස්, අවුඩි, මර්සඩීස් බෙන්ස්, බී.එම්.ඩබලිව් වැනි සාම්ප්‍රදායික මෝටර් රථ සමාගම් පරදවා ටෙස්ලා, ගූගල්, ඇපල් වැනි අධිතාක්ශණික සමාගම් ඉදිරියට එමින් තිබෙනවා. මෙම තරඟය කොතරම් දැඩිවී ඇතිද යත් මේ නොබොදා සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් විකාශය කල ටෙස්ලා සමාගමේ නිර්මාතෲ වන ඊලෝන් මස්ක් ඉදිරි මාස කිහිපය තුලදී ටෙස්ලා සමාගම මෘදුකාංග ඉන්ජිනේරුවන් 1600ක් බඳවා ගන්නා බව විකාශය කලා. මේ පිලිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඊලෝන්, මෙම ඉන්ජිනෙරුවන් ටෙස්ලා සමාගමේ රියදුරු රහිත මෝටර් රථ මෘදුකාංග පද්ධතිය වන "Tesla Autopilot" පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙම ඉන්ජිනේරුවන් බඳවා ගනු ලබන බව කියා සිටියා.


    12809516_10208764522060349_1342911882272075613_n.jpg


    2018 වන විට පූර්ණ ලෙසම රියදුරු සහයක් නොමැතිව ධාවන කල හැකි ඉලෙක්ට්‍රික් කාරයක් හඳුන්වාදීම ටෙස්ලා සමාගමේ අරමුණ වන අතර මේ සඳහා දැවැන්ත කර්මාණ්තශාලා ඉදිකෙරෙමින් පවතිනවා. 2020 වනවිට ඉලෙක්ට්‍රික් මෝටර් රථ 500,000 නිපදවීම ටෙස්ලා සමාගමේ තවත් ඉලක්කයක්.

    479705_10208764522780367_6696895643495307535_n.jpg


    කෙසේ වෙතත් ටෙස්ලා සමාගමට දැඩි තරඟයක් දීමට සාම්ප්‍රදායික මෝටර් රථ සමාගම්ද සැරසෙනවා. අවුඩි සමාගම කිලෝමීටර් 500ක් එක් ආරෝපණයකින් ගමන්කල හැකි කාරයක් වන Audi Q6 e-Tron කාරය සූදානම් කරමින් තිබෙනවා. ජර්මනියේ පෝර්ෂ (Porsche) සමාගම සිය ඉලෙක්ට්‍රික් කාර් ව්‍යාපෘතිය වන "Mission E" ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියනයක් ආයෝජනය කොට ඇති අතර සුප්‍රකට ඇස්ටන් මාටින් සමාගමද DBX නමින් ඉලෙක්ට්‍රික් සුපිරිකාරයක් නිර්මාණය කරමින් සිටිනවා. එය 2019දී එලිදකිනු ඇති


    12795353_10208764523780392_5576849368093750498_n.jpg


    උපුටාගැනීම:- විද්‍යා ගවේෂණ Exploring Science
    විද්‍යා ලෝකයේ නවතම දැනුම!
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428
    113
    පට්ටයි කොල්ලෝ.............
    11.gif
    11.gif
    11.gif


    You must spread some Reputation around before giving it to AnuradhaRa again.

    මම දාපු ත්‍රෙඩ් එකකට ඔහොම කිව්වමද කොහෙද.. :P