අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ටක ටක ගාලා ඉරට්ටෙන් රබානකට වැදි වැදි යන කරත්තෙ.

    4372321584_e302bd5ea8_z.jpg


    1632667713059.jpeg


    1632667774091.jpeg
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අඩෝ ඔව් බං... ඇඟිලි පලු යනකං ගහලා ඇති ඕක...😍😍 පෑන් ගේම් විල් ගේම්... අම්මෝ මොනවද බං අපිට නොතිබුනේ...😱


    ඉස්කෝලේදී ගුටිත් කන්න ඇති..................
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඒ කාලෙ අපිට ඔය brick games, tv games අරං දුන්නෙ නෑ ගෙදරින්..
    දවසක් ඉස්කෝලෙ ඇරිල එද්දී අයිය tv ගේමක් ගහනව.. ඒක යාළුවෙක්ගෙන් උස්සන් ඇවිත්..
    ඉතිං ඒ දවස්වල රෑට නින්ද යන්නෙත් නෑ duck hunt, contra මතක් වෙනව :love:
    duck hunt වලට වෙනම pistol එකකුත් ලැබුන මතකද

    ඇට බෝල තුවක්කු නම් ඉස්සර කානිවල් කඩපොලවල් වල ගියාම ගන්නවමයි..
    ඒ කාලෙ වලි කාරයො ඕවට බයිසිකල් බෝල දාල තියාගෙන ඉස්පිරිතාලෙ ඉන්නව :P

    මේව මතකද?

    yimg_VX0MMs-640x480.jpg


    තව ගොඩක් ජාති තිබුන.. origami පොතක් තිබ්බ ඒක බලාගෙන එක එක ඒව හදනව කඩදාසි වලින්..
    රවුම් රවුම් සැකිල්ලක් ඇතුලෙ කරකවන දැතිරෝද වගේ පෙති වලට පෑනක් තියල ලස්සන රටා අදින්න පුළුවන් එකක් තිබුන
    ඇයි අර තෙල් දාල පත්තුකරල යවන බෝට්ටු
    පුංචිකාලේ ඉස්කෝලෙ ප්‍රොජෙක්ට් කියල ඔය දාල තියන රූප මාරු කරන tv gadget වගේ projector හැදුව
    කාඩ්බෝඩ් වලින් පතොරමක් ඇඳලා ඒවට රෝද දාල dc motor සෙට් කරල සෙල්ලම් කාර් හැදුව

    ඔය ගොඩක් දේවල් නැවතුනේ computer පාවිච්චි කරන්න ගත්තට පස්සෙ තමයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    ටයර් මෙහෙම නෙමයි කෝටු දෙකකින් යවන විදියක් තියනවා
    කෝටු දෙක ටයර් එක ඇතුලට දාල කෙලවරවල් දෙකින් අල්ලගෙන, ඒක ප්‍රැක්ටිස් එක නැතුව කරන්න බැහැ, පුරුදු උනාට පස්සෙ මාර සිම්පල් හැබැයි පුරුදු වෙනකල් පට්ට අමාරුයි හරියට බයිසිකල් පදිනවා වගේ
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,788
    1,305
    113
    Mars
    ඇට බෝල තුවක්කුව හැර අනෙක් ඒවා ඔක්කොම වගේ තිබුනා.
    ඔය yo yo ඉස්කෝලෙන් තහනම් කරා.
    ඔය TV game ගහනකොට අහල පහල TV වල ඉරි යනවා. Lol

    තව BMX bike මතක කාටද?