අනේ_!_අහේතු_කාලයකි_මරුවෝත්_විරුවෝය_විරුවෝ&#350

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අනේ_!_අහේතු_කාලයකි_මරුවෝත්_විරුවෝය_විරුවෝ&#350


    අනේ.........! අහේතු කාලයකි මරුවෝත් විරුවෝය , විරුවෝත් මැරුවෝය



    .
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේ බෙදුම්වාදයේ මීළඟ පිම්මද ?
    * ජාතියට මුවා වී "යක්ෂයා" සැමරීම

    මෙරට ඉතිහාසය දෙස විමසීමෙන් බැලීමේදී ජාතියක් වශයෙන් අප වරද්දා ගත් තැන් බොහෝය. නමුත් ඒ වැරදි තුළින් රට අරාජිකත්වය දෙසට ගමන් කරද්දී කුමක්දොa වාසනාවකට යළිත් වැරදි නිවැරදි වෙමින් සියලු දොaෂ බංගවී ගියේ ආශ්චර්යයක් පරිදිය. එවන් තැන්හිදී රටේ ජනතාව කියන්නට වූ එක් කතාවක්ද විය.

    ඒ බුදු පා පහස ලද මේ පිංබිමට දළදා හාමුදුරුවන්ගේ රැකවරණය ඇති බැවින් සියල්ල විසඳුනේ යෑයි කියාය. රටත් ජාතියත් උගුලෙන් ගැලවුණු සෑම අවස්ථාවකදීම අප පිං දුන්නේ උත්තම දළදා වහන්සේටය. එහි වරදක් නම් නැත. එහෙත් හැමදාමත් එසේ දළදා වහන්සේට පිං දුන්නා මිස ජාතියක් වශයෙන් නිවැරදි වන්නට සහ අභියෝග හඳුනාගෙන ඉදිරියට යන්නට අප කටයුතු කළේද?

    ඒ පිළිබඳ කල්පනා කිරීමේදී නම් මතු වන්නේ බරපතළ ගැටලුවකි. මන්ද ඉහත කී ආශ්චර්යයේ පරිදි උගුලෙන් ගැලවී ගිය සෑම අවස්ථාවකදීම අප කරනු ලැබුවේ වටයක් කැරකී පැමිණ නැවතත් උගුලට පය තැබීමය. මෙය ඈත සහ මෑත ඉතිහාසය පුරාවටම සිදු වූවකි. එසේම වර්තමානයේද සිදු වෙමින් තිබෙන්නකි.

    ඇතැම් අවස්ථාවල එසේ උගුලට යළි ඇද වැටුණේ දේශපාලන බලලෝභීකම් හමුවේය. පරාදීන වී විජාතිකයන්ගේ පදයට නටන්නට යැම හමුවේද එසේ සිදු විය. වෛරයෙන් මත් වී කෙරුණු දේශපාලන කුමන්ත්රණ හමුවේ ද එවන් වැරදීම් අපට සිදු විය. කෙසේ වෙතත් මේ සෑම අවස්ථාවකම වැනසී ගියේ මේ රට සහ අපය.

    උදාහරණයක් ලෙස මෑත ඉතිහාසයට අයත් එල්ටීටීඊයේ නැගී සිටීමේ සිට අවසානය දක්වා වූ කාලය ගතහොත් සටන් විරාම ගණනාවක් ඔස්සේ කොටි ත්රස්තවාදයට ඔක්සිජන් දෙන්නට අප කටයුතු නොකළේද? කොටි ත්රස්තයන් ජාති බේදයකින් තොරව රටේ ජාතික නායකත්වය පොකුරුපිටින් ඝාතනය කරමින් සමස්තය විශාලා නුවරක් බවට පත් කරද්දී අප කළේ Rතුවෙන් Rතුවට සටන් විරාම ඇති කර ගනිමින් එල්ටීටීඊය පෝෂණය කිරීමය.

    රට බේරා ගැනීමට ගිනි අවිය තුරුළට ගත් රණවිරුවා එකී සටන් විරාම තුළින් කඳවුර හතර මායිමේ සිර කෙරෙද්දී ත්රස්තවාදීන් කළේ කනෙන් රිංගා අපට පහරදීමය. "කොටි අපිට ගහනවා සහ අපිට කොටි ගහනවා" යන්න හැරෙන්නට අන් යමක් සිදු නොවීය.

    2002 වසරේ බලයට පැමිණි එක්සත් ජාතික පෙරමුණු රජය සමයේ නෝර්වේ උගුලක පැටලී සින්නකර සටන් විරාමයක් සමග කොටින්ට අධි පෝෂණය දෙන්නට කටයුතු කෙරුණේද සටන් විරාමයන්හි යථාර්ථවාදී කතාව එසේ වී තිබියදීය.

    2009 වසරේ මැයි 18 වැනිදා ප්රභාකරන් නමැති යක්ෂයා නන්දිකඩාල් කලපුවේ බැස හමුදාවෙන් වෙඩි කා මැරී වැටෙන තුරුම අපට මතක තිස්වසරකට අදාළ අතීතය තුළ අප වරද්දා ගත්තේ එසේය. එකී වැරදි හමුවේ ජාති බේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ආදී වශයෙන් වූ සමස්ත ශ්රී ලාංකිකයන්ට බොහෝ වන්දි ගෙවන්නටද සිදුවූහ.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේ සටහන් කෙරුණේ අප වරද්දා ගත් තැන් බොහෝ ඇති ඒ කෙටි ඉතිහාසයට අයත් අතීතාවර්ජනය ය. නමුත් ඉතිහාසය විසින් උගන්වා තිබෙන පාඩම පැහැදිලිවම පෙනෙන්නට තිබියදීත් දැන් අප යළිත් වටයක් කැරකී පැමිණ සිටින්නේ සුපුරුදු උගුල වෙතම නොවේද? ඊට දිය හැකි පැහැදිලි පිළිතුර වන්නේ "එසේය මහ රජ උගුල දෙපා මුල" යන්නය.

    ඉකුත් 2009 වසරේ ප්රභාකරන් නමැති මිනීමරු යක්ෂයා වෙඩිකා පරලොව ගියද එය එල්ටීටීඊයේ නිත්ය අවසානය නම් නොවිණි. ඊට ඇති පැහැදිලි උදාහරණය වන්නේ දැනුදු ක්රියාත්මක විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව සමඟ වන රුද්රකුමාරන්ලා රජයන රටින් පිටත ඡායා ඊළාම් රාජ්ය ය. ඔවුහු සියල්ලෝ මේ මොහොතේත් ඊළාම් සිහිනය දකිමින්ම සිටිති.

    එසේම ප්රභාකරන් බලවත්ව සිටියදී ඔහුගේ දේශපාලන හඬ බවට පත්ව සිටි දෙමළ ජාතික සන්ධානය මෙන්ම ගඡේන්ද්රකුමාර් පොන්නම්බලම් සහ යාපනය විශ්වවිද්යාලයේ උපකුලපතිවරයකුව සිටි විද්යාගරන් හා ටීඑන්aඒ වෙතින් ඉවත්ව ගිය ගඡේන්ද්රන් වැන්නවුන් අටවාගෙන තිබෙන දෙමළ ජාතික පෙරමුණ, දෙමළ කොන්ග්රසය ආදී වශයෙන් වූ සමස්ත දෙමළ දේශපාලනයම අදත් සිටිනුයේ ප්රභාකරන්ගේ ඊළම හෙවත් බෙදුම්වාදය තුළ සිරවීය.

    බෙදුම්වාදී හොල්මන් රට තුළ මෙන්ම රටින් පිටතදීත් සැරිසරන්නේ එසේය. ඉන් පැහැදිලිවම සනාථ වන්නේ මේ රට බෙදා වෙන් කිරීමේ දෙමළ දේශපාලනික වුවමනාව සහ උත්සාහය තවමත් නතර වී නොමැති බවය. සත්ය එසේ වෙද්දී මේ සියල්ල හමුවේ අද ආණ්ඩුව කුමක් කරමින් සිටින්නේද?

    නිස්සරණාධ්යාසයෙන් යුතුව සියල්ල අතහරිමින් සිටින්නේ යෑයි කියන රජය බලලෝභී කුහක දේශපාලන ඉලක්ක සඟවා ගන්නා අතරේ කරුණාව මෛත්රිය දොaතට ගෙන පෙන්වා රටේ ජනතාවට බණ කියමින් සිටින්නේය.

    ආණ්ඩුවේ හැසිරීම එසේ වෙද්දී, ශ්රී ලංකා හමුදා අවසන් සටනේදී ජාති ඝාතනයක් සිදු කළේ යෑයි හඬනඟන ඉහත කී බෙදුම්වාදී දෙමළ දේශපාලනය ප්රභාකරන් නමැති යක්ෂයාගේ මරණයෙන් හරියටම හය වසරකට පසු ප්රථම වතාවට උතුරු බිමේ මියගිය කොටි ත්රස්තයන් සමරමින් පහන් දල්වා සැමරුම් සතියක් ප්රකාශයට පත්කොට ප්රභාකරන් වෙනුවෙන් ස්මාරක තනන්නටද මේ වන විට සුදානමින් සිටින්නේය.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    එය ශ්රී ලංකාවට පමණක් සීමා නොවුණක් බවද මෙහිදී කිව යුතුය. ප්රංශය, නොර්වේ සහ බ්රිතාන්ය ආදී ලෙසින් කොටි ඩයස්පෝරාව සක්රීය රටවලද මෙකී "ජාති ඝාතන" සැමරුමට සියල්ල සුදානම්ව ඇත. මේ රඟ දැක්වෙමින් තිබෙන්නේ එල්ටීටීඊයේ "පොංගු තමිල්" නාඩගමේ වැඩිදියුණු කළ දර්ශනයක් යෑයි කිවහොත් එහිද වරදක් නැත.

    මෙය සිදු විය යුත්තක්ද? කිසිවකුටත් එලෙස මේ බිම වැනසූ ත්රස්තවාදීන් සමරා පහන් දැල්වීමට ඉඩ දිය යුතුද? එකී ප්රශ්නවලට අද ආණ්ඩුවේ පිළිතුර වී ඇත්තේ ජාතික සමගිය සහ සංහිඳියාව වෙනුවෙන් ඒ කැප කිරීම සිදු කළ යුතුව තිබෙන බවකි.

    එහෙත් මෙහිදී ආණ්ඩුවට කියන්නට අපට දෙයක් ඇත. ඒ මේ රට තුළ ක්රියාත්මක දෙමළ දේශපාලනය කිසිදු අවස්ථාවක ජාතික සමගිය හා සංහිඳියාව යන්න තඹදොයිතුවකට මායිම් නොකළ බවය. ඔවුහු ගෙවෙන මොහොතක් පාසා කටයුතු කරමින් සිටිනුයේ බෙදුම්වාදය වෙනුවෙන්ම වන්නාහ. ඔවුනට බෙදුම්වාදයෙන් එහා අරමුණක් නැත. ඉලක්කය ඊළමය.

    දෙමළ ජාතික දේශපාලන නායකත්වයට එවන් ජාතික සමගියක් හා සංහිඳියාවක් පිළිබඳ වුවමනාවක් තිබුණේ නම් අදටත් වේලුපිල්ලේ ප්රභාකරන් ජීවතුන් අතරය. මන්ද ජාතික සමඟිය හා සංහිඳියාව වෙනුවෙන් සැබෑ වුවමනාවකින් යුතුව වත්මන් දෙමළ බෙදුම්වාදී දේශපාලනයට සේම ප්රභාකරන්ගේ ත්රස්තවාදයටද දැත් දිගු කරන්නට අප පසුබට නොවුණු නිසාය. එහෙත් එය සැමදා ප්රතික්ෂේප විය.

    ඔවුන්ගේ ප්රාර්ථනය වූයේ බෙදී වෙන්වී ගිය ශ්රී ලංකාවක් දැකීමය. සියල්ලට පෙර අප වටහාගත යුත්තේ ඒ ටිකය. ශ්රී ලංකා හමුදා ජාති ඝාතනයක් සිදු කළේ යෑයි පවසමින් මියගිය කොටි ත්රස්තයන් සැමරීමේ සතියක් ප්රකාශයට පත් කළ ටීඑන්ඒ ප්රධාන දෙමළ දේශපාලනය එය ආරම්භ කරනු ලැබුවේ ඉකුත් 12 වැනිදාය. එදින සිට හෙට 18 දින දක්වා එම සමරු සතිය ක්රියාත්මක වන්නේය.

    ඒ උතුරු නැගෙනහිර පළාත්හි ස්ථාන රැසක් ආවරණය වන ලෙසිනි. යාපනය විශ්වවිද්යාලය යනු ඒ අතරින් ප්රධාන තැනක තිබෙන ස්ථානයකි. මෙම සමරු සතියේ ආරම්භක දිනයේ ප්රභාකරන් මැරී වැටුණු ප්රදේශයට අයත් වෙල්ලමුල්ලිවයික්කාල්හි කිරීමලෙයි වෙරළට ගිය දෙමළ ජාතික සන්ධානයේ කණ්ඩායමක් වෙරළේ පහන් දල්වා මල් ඉසිමින් ඒ ආරම්භය ගනු ලැබූහ.

    එදිනම යාපනය විශ්වවිද්යාලයේ විශේෂ දේශනයක්ද පැවත්විණි. මේ සියල්ලේ පෙරමුණේ රාළ වී සිටියේ මිනීමරු වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මස්සිනා වූ ටීඑන්ඒ මන්ත්රී සිවාජිලිංගම්ය. මේ ආරම්භය හමුවේ ආත්මය සිඳගත් දකුණේ ඇතැම් දේශපාලනඥයන් කියන්නට වූයේ මියගිය අය සැමරීමේ සදාචාරාත්මක මානුෂීය අයිතියක් ඕනෑම පුද්ගලයකුට තිබෙන බවය. ඒ ප්රකාශයේ ගැටලුවක් නම් නැත.

    මියගිය මිනිසුන් සැමරීමේ අවස්ථාවක් නියත වශයෙන්ම එකී මළවුන්ගේ ඥාතිමිත්රාදීන්ට තිබිය යුතුමය. නමුත් ගැටලුවක් මතුවන්නේ මේ රට විශාලා නුවරක් කර වැජඹෙන්නට ගොස් මැරී වැටුණු කාලකණ්ණින් සමරා සමරු සති ක්රියාත්මක කිරීමට සහ ඒවාට ඉඩ දීමට කිසිවකුටත් සදාචාරාත්මක අයිතියක් තිබේද යන්න පිළිබඳ කල්පනා කිරීමේදීය.
     
    • Like
    Reactions: Fox Mulder89

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අප එසේ කියන්නේ කෙසේ මිස්ටර් වුවද ප්රභාකරන්a ඇතුළු ම්ලේච්ඡ ත්රස්තයන් යනු මොකා කොතෙක් පහන් දැල් වුවද කිසිදා ආත්මයක් නොලැබ අවීචි මහා නරකාදියේ විඳවිය යුතු කාලකණ්ණින්ම වන නිසාය. බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ වුවමනාව අනුව මෙසේ උතුරේ මියගිය කොටි සැමරෙද්දී මේ වන විට දකුණේද එක්තරා සුවිශේෂී යමක් සිදු වීමට නියමිතව ඇත.

    ඒ වේලුපිල්ලේ ප්රභාකරන් නමැති මිනීමරුවා වනසා අපේ රණවිරුවන් ලද විජයග්රහණය සමරමින් වසර පහක් පුරා නොකඩවා පවත්වාගෙන ආ විජයග්රහණයේ සැමරුමට අපූරු නව අර්ථකථනයක් එක්කරමින් එය කොටි ත්රස්තයන්ද ඇතුළුව යුද්ධයෙන් මියගිය සමස්තයේ ශෝකී රාවයක් කිරීමට ආණ්ඩුව කල්පනා කර තිබීමය. ඒ අනුව අනිද්දා (19 වැනිදා) දකුණේ මාතර නගරයේදී එම උත්සවය පැවත්වීමට තීරණය වීද අවසන්ය.

    මෙකී නව විජයග්රහණයේ සමරුවේදී සිදු වීමට නියමිත විශ්මිත දෙයක්ද ඇත. ඒ ප්රභාකරන් ප්රධාන කොටි ත්රස්තවාදීන් ද ඇතුළු යුද්ධයෙන් මිය ගිය සමස්තය සිහිකර පැවැත්වෙන එදින උත්සවයේදී ජාතික කොඩිය එසවෙද්දී තමන් වැනසූ යක්ෂයා වෙනුවෙන් සීරුවෙන් සිටිමින් සැලියුට් ගැසීමට අපේ රණවිරුවන්ට සිදුව තිබීමය.

    මෙම නව විජයග්රහණයේ සමරුව ප්රකාශයට පත්වීමත් සමඟ ඉකුත් සතියේ රජයේ එක්තරා ප්රබල ඇමැතිවරයකු අපූරු ප්රකාශයක්ද කර තිබිණි. ඔහු කළ ප්රකාශය වූයේ විජග්රහණයේ සමරුව පැවැත්වීමේදී උතුරේ දෙමළ ජනතාවගේ සිත් රිදිය හැකි බැවින් සහජීවනය උදෙසා එයට නව අරුතක් දීමට කටයුතු කළ බවය.

    ඇමැතිවරයාගේ එකී ප්රකාශයත් සමඟ ඔහුගෙන් විමසන්නට අපටද එක් ටිකිරි පැනයක් සිතට නැඟේ. එය වන්නේ විජයග්රහණයේ සමරුවෙන් උතුරේ ජනතාවගේ සිත් රිදෙන්නේ නම් මේ වන විට මියගිය කොටි ත්රස්තවාදීන් සමරමින් බෙදුම්වාදී දෙමළ දේශපාලනය අරඹා තිබෙන සමරු සතිය හමුවේ එදා රට වෙනුවෙන් සටනට ගොස් සතුරු වෙඩි උණ්ඩ ඉදිරියේ අභීතව දිවි පිදූ අපේ විරුවන්ගේ පවුල්වල ඥාතීන්ගේ සිත් නොරිදේද යන්න පමණි.

    විජයග්රහණයේ සැමරුම පිළිබඳ එකී ඇමැතිවරයාගේ අදහස එසේ වුවද අද කොටි ත්රස්තයන් සැමරීම හමුවේ දෙමළ දේශපාලනඥයන් කුමක් කියමින් සිටින්නේද? ඉකුත් 11 වැනිදා මඩකලපුව චින්නඌරනි ප්රදේශයේදී මඩකලපුව "ඝාන්ධි ස්ටාර්" ක්රීඩා සමාජයේ නව අවුරුදු ක්රීඩා උත්සවය පැවැත්විනි. දෙමළ ජාතික සන්ධාන මන්ත්රී පී. අරියනේන්ද්රන් එහි ප්රධාන ආරාධිතයා විය.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    එහිදී උත්සවයට සහභාගි වී සිටි දෙමළ තරුණයන් ආමන්ත්රණය කරන්නට වූ අරියනේන්ද්රන් මන්ත්රීවරයා දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදය තරුණ සිත්වලට කාවද්දනු ලැබ ඇත්තේ මෙසේ පවසමිනි.

    "අපේ තරුණයන් මෙය වටහාගත යුතුයි. දෙමළ ජනවර්ගයට අයත් තරුණයන් රැසක් දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් කර වීර මරණයට පත්වී ඉතිහාසගත වී සිටිනවා. ඔවුන් කළ පරිත්යාගයට අප ගෞරව දැක්විය යුතුයි. එසේ ගෞරව කරන අතරේ අපගේ අයිතීන් දිනා ගැනීමටද අප කටයුතු කළ යුතුයි.

    රජයේ ඇමැතිවරයකු විජයග්රහණයේ සැමරුම දෙමළ ජාතීන්ගේ සිත් රිදවන කරුණක් ලෙස දකිද්දී දෙමළ දේශපාලනඥයන් රට වැනසූ ත්රස්තවාදීන් විමුක්තිකාමින් ලෙස තරුණ පරපුරට හ\qන්වා දෙමින් සිටිනුයේ එලෙසිනිs.

    මේ වන විට උතුරේ සිදු කෙරෙමින් තිබෙන මියගිය කොටි ත්රස්තවාදීන් සැමරීම තුළ බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ අරමුණු වී තිබෙන්නේ කුමක්ද යන්න පිළිබඳවද කාගේත් අවධානය පිණිස මෙහිදී සටහන් කළ යුතුව තිබෙන්නකි. මෙකී සැමරුමේදී ඔවුන් කියමින් සිටිනුයේ ජාති ඝාතකයන් වූ ශ්රී ලංකා හමුදා ඝාතනය කළ සිය ජාතිය සමරන්නේ යෑයි යන්නය.

    මෙකී "ජාති ඝාතනය" වචනය බෙදුම්වාදී දෙමළ දේශපාලනය මගින් කරළියට රැගෙන ආවේ මීට බොහෝ කලකට පෙර සිටය. එය ශ්රී ලංකාවට එරෙහි ඇමරිකා යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සලය තුළ සම්මත වීමත් සමඟ මතු වූවක් විය. එතැන් පටන් මෙකී "ජාති ඝාතනය" යන වදන කියෑවුණු තැන් බොහෝ තිබිණ.

    උතුරු පළාත් සභාව තුළද අවස්ථා කිහිපයකදීම එය රැව් දෙන්නට විය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන් මෙන්ම විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව මගින්ද එකී වචනයට ලබා දුන්නේ ඉහළ ප්රසිද්ධියකි. ඔවුන් උතුරේදී රජයේ හමුදා සිදු කළ බව කියන "ජාති ඝාතනය" ගෙන සමරු සතිය අරඹන්නේ එකී වදන එසේ ජාත්යන්තරයට පවා රැගෙන යැමෙන් අනතුරුවය.

    ඒ අනුව මෙකී සමරු සතිය තුළ ටීඑන්ඒ ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ ඉලක්කය වී තිබෙන්නේ රජයේ හමුදාවන් දෙමළ ජාතිය සංහාරය කළ ජාති ඝාතකයන් යෑයි කියමින් ඊට නීත්යනුකූල වූ පිළිගැනීමක් ඇති කරවීම බව පැහැදිලිවම පෙනී යන කරුණකි. එමගින් ඔවුන් තවත් වටයකින් මේ පහරදීමට සැරසෙන්නේ මේ රට යක්ෂයාගෙන් මුදා ගත් රණවිරුවාටය.

    ලබන සැප්තැම්බර් මාසයේදී ජීනීවා මානව හිමිකම් කවුන්සලයට ශ්රී ලංකාව පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව ඉදිරිපත් වීමේදී ශ්රී ලංකාව තුළ දෙමළ ජාතික සංහාරයක් සිදු වූ බව යළි යළිත් තහවුරු කර පෙන්වීම මෙහිදී දෙමළ බෙදුම්වාදයේ අරමුණ වී තිබෙනවාට සැක නැත.

    ජාතික සමගිය, සංහිඳියාව වැනි සුන්දර වචන ගෙන සෙනෙහසේ දැත් දිගු කරන්නට ගොස් "ඇන ගැනීමට" පෙර තිරය පසුපස තිබෙන මෙවන් අභියෝග හඳුනාගැනීමටද අප සමත් විය යුතුය. මන්ද රකින්නට පරපුරක් කාට නැති වුවද මේ රටට අනාගත පරපුරක් සිටින නිසාය. ඒ පරපුරට අප වගකිව යුතුය.

    එය වටහා නොගෙන බලයට ඇති කෑදරකම හමුවේ මහා දානපතියන් සේ ජාතික ආරක්ෂාව දන් දෙන්නට සැරසී ජාත්යන්තර කුමන්ත්රණකරුවන් ඇතුළු සියලු දුෂ්ට පාර්ශ්ව එක්ව නැවත අටවන මර උගුලට පය තැබුවහොත් මෙදා අප බේරා ගන්නට දළදා හාමුදුරුවන්ටද නොහැකි වනු ඇත.

    එහිදී ජය ගන්නේ රටට සතුරු පාර්ශ්වය. කැඩී බිඳී වෙන්වී යන්නේ අප උපන් මේ දේශය ය. එවැන්නක් සිදු ව#
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Ranil-MY3-340x160.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113

    අනේ.........! අහේතු කාලයකි මරුවෝත් විරුවෝය , විරුවෝත් මැරුවෝය



    .

    කෝවිලක් හදල ඔය පිරබාහරන් කරය දෙවියෙක් කියන එක වැඩි දුරක නැ බන්. අපේම උන් දැන් උ ජාතික වීරයෙක් විදිහට පිළිගන්නේ. එකා තරස්ත සන්විදනයක් මෙහෙයවපු මහා කොටිය කියන එක දැන් අපේම උන් අමතක වේලා. මේකේ දකින සමහැර පොස්ට් දැක්කම එක මානව පෙහෙදිලි වෙනවා.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    කෝවිලක් හදල ඔය පිරබාහරන් කරය දෙවියෙක් කියන එක වැඩි දුරක නැ බන්. අපේම උන් දැන් උ ජාතික වීරයෙක් විදිහට පිළිගන්නේ. එකා තරස්ත සන්විදනයක් මෙහෙයවපු මහා කොටිය කියන එක දැන් අපේම උන් අමතක වේලා. මේකේ දකින සමහැර පොස්ට් දැක්කම එක මානව පෙහෙදිලි වෙනවා.

    TRUE.. BUMP
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඊලාම්වාදීන් ප්‍රභාකරන් සමරන එක ඉවසන්න පුලුවන්. ඒත් මේ අපේම උනුත් ඒකට උඩගෙඩි දෙන එකනේ ඉවසන්න බැරි..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඊලාම්වාදීන් ප්‍රභාකරන් සමරන එක ඉවසන්න පුලුවන්. ඒත් මේ අපේම උනුත් ඒකට උඩගෙඩි දෙන එකනේ ඉවසන්න බැරි..
     
    • Like
    Reactions: kinkon

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    "විජයග්‍රහණයේ සැමරුම" වෙනුවට වෙන මොකක්දෝ අමුතු නමකින් තිබ්බ උත්සවේට
    තොප්පිගල කියන්නෙ කැලයක් කියපු එක්කෙනයි
    අලිමංකඩ කියල පාමංකඩ යන්නෙ කියපු එක්කෙනයි
    යුද්ධ කරන්න ඕන හොනෙකුට පුලුවන් කියපු එක්කෙනයි
    තවලම් මංගලයි
    ආව

    චන්ද්‍රිකා පැරේඩ් එකේ ආව.
    යුද්දෙ කාලෙ හිටපු හමුදාපති පැරේඩ් එකේ ආව

    රොශාන් ගුණතිලක නෑ
    කරන්නාගොඩ නෑ
    මහින්ද නෑ
    ගෝඨා නෑ.

    යුධ විරෝධියො හමුදා පෙළපාලියට ඇවිත්
    මොන විගඩමක්ද මේ බං?
     
    • Like
    Reactions: kinkon