ඊගාව දවසේ උඹේ ඔය යාලුවා පන්සල් ගිහින් බෝධිය නාවන්නේ, පහන් පත්තු කරන්නේ, පිළිමයකට ඇයි මල් පූජ කරන්නේ පිස්සුද කියලා අහන දවසත් වැඩි ඈතක නෑ. ඒ නිසා අදේව වාදීන්ට ඔවුන්ගේ දර්මය අනුගමනය කරන්න ඉද දෙන්න.
Uba gena Peheduna
ඊගාව දවසේ උඹේ ඔය යාලුවා පන්සල් ගිහින් බෝධිය නාවන්නේ, පහන් පත්තු කරන්නේ, පිළිමයකට ඇයි මල් පූජ කරන්නේ පිස්සුද කියලා අහන දවසත් වැඩි ඈතක නෑ. ඒ නිසා අදේව වාදීන්ට ඔවුන්ගේ දර්මය අනුගමනය කරන්න ඉද දෙන්න.
දස සංයෝජන වල විචිකිච්චාව කියන දෙය අහලා තියෙනවා නේද ඒ වගේම පංච නීවරණ වලත් පස්වෙනි එක විචිකිච්චාව? ඒකේ විචිකිච්චාව හෙවත් සැකය ඇතිවෙන්න කරුණු 8 ක් තියෙනවා පිලිවෙලින්,
1. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකය.
2. නව ලෝකෝත්තර සද්ධර්මය පිළිබඳ සැකය.
3. ආර්ය සංඝයා පිළිබඳ සැකය.
4. ශික්ෂාපද පිළිබඳ සැකය.
5. අතීත භවය පිළිබඳ සැකය.
6. අනාගත භවය පිළිබඳ සැකය.
7. අතීත අනාගත භව දෙකම පිළිබඳ සැකය.
8. හේතු - ඵල ධර්ම පිළිබඳ සැකය.
බුදුන් වහන්සේගේ සද්ධර්මය ගැන ඇති සැකය තමයි ඔබේ යහලුවාටත් තිබෙන්නේ. උන්වහන්සේගේ දේශනා වල පැහැදිලිවම අපාය 4 ක් සහ දිව්‍යයලෝක 6 ක් රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක 20 ක් ගැන විස්තර කරලා තියෙනවා. ඔහුට ඔහුගේ ධර්මය අදහන්න ඉඩ දෙන්න. ඔහුව වෙනස් කිරීමට යෑම යාහලු කමත් අවසාන කරගැනීමේ පළමු පියවරයි.

me 1ka sakayak hari thiyanawanam ekama niwanata baadawak wenawa... ada lankawe bauddayanuth godak mithyawen welila inne.. mata hithenne godak ayata me hama sakayakma thiyenawa...
danwath budun desu maga yanna mithyawen midila...

ඔයා ත්‍රිපිටකය හොදින් බලන්න.. මට නිතරම මේවා කියන්න වෙලාවකුත් නෑ.. මගේ ත්‍රේඩ්ස් බලන්න..
සරල ප්‍රශ්නයක් අහන්නම්
දුටුගැමුනු රජ්ජුරුවෝ අපායෙද?
බුදුන්ගේ ලේ සෙලවීම ආනන්තරීය පාප කර්මයක්..
බුදුන්ගේ ලේ සෙලවු දෙව්දත් තෙර අපායේ යන්නත්,
බුදුන්ගේ පාදයේ ඇතිවූ ගෙඩියක් කපා සුව කිරීමට බුදුන්ගේ ලේ සෙලවූ ජීවකයා අපායේ නොයන්නත් හේතුව කුමක්ද?
"චේතනාව කර්මයට මුල් වේ"
උඹලා 'අපාය' කියලා තැනක් තියෙනවා කියලා විශ්වාස කරනවද බන්?
Originally Posted by homoelectronics![]()
***මම මිනිහෙක්ව මරනවා මගේ චේතනාව මේ මිනිහා නිසා මැරෙන්න ඉන්න ජීවිත දහස් ගනනක් බේරගන්න නම් මට පවක් සිද්ද වෙන්නේ නෑ..
මේක නං වැරදි අර්ථ කතනයක්. කවර හේතුවක් නිසාවත් ප්‍රාණඝාතය කරන්නේ නම් අකුසලය අනිවාර්යෙන් සිදුවෙනවා.
නමුත් බලවත් කුසලයක් නිසා .
අහෝසි වෙන්න පුළුවන්, හෝ සම්පූරණ විපාක නොදී තියෙන්න පුළුවන්. අංගුලිමාල රහතන් වහසේටත් මෙලොව වශයෙන් විපාක ලැබුනට පරලොව වශයෙන් විපාක ලැබුනේ නෑ බලවත් අරහත් මාර්ග පල කුසලය නිසා.
මචං, කෙනෙකුගෙ ඊලඟ භවය අපායද, මිනිස් ලෝකෙද එහෙමත් නැත්නම් දෙව්ලෝකෙද කියන එක තීරණය වෙන්නෙ මරෙන මොහෙතෙ පහලවෙන චිත්තය මතයි (චුති සිත) ඒකට අපි කොච්චර අකුසල කර්ම කරලා තියනවාද කොච්චර කුසල කර්ම කරලා තියෙනවාද කියන එක වැදගත් වෙන්නෙ නැහැ. ඒක තමයි අර පටිච්ච සමුප්පාදයෙදි උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති කියලා බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ. දුටුගැමුණු රජ්ජුරුවො කුසල් හා සමානව අකුසලුත් කරලා තිබුනා. නමුත් කරපු හැම පිනක් කුසලයක්ම පින් පොතක ලියලා තිබුනා. එතකොට රජ්ජුරුවන්ගෙ මරණ මංචකයෙදි ඒ පිංපොත කියෙවලා රජ්ජුරුවන්ට තේරුම් කරලා මතක් කරලාදුන්නා එයාකරපු පින්කම්වල දිග පළල. එතනදි එහෙම කරලා තමයි රජ්ජුරුවන්ගෙ භවය සකස්කරලා දුන්නෙ. ඒකයි රජතුමා අපාගත උනේනැත්තෙ. නැත්නම් ඔන්ද ස්පොට් රජ්ජුරුවො අපායට යන්ඩ ටිකට් එක අරන් තිබ්බෙ. මෙතනදි ගන්න පුලුවන් අනිත් හොදම උදාහරනෙ තමයි මල්ලිකා බිසවගෙ අපාගතවීම. ඉතාමත් බලසම්පන්න අසිදිසි ධානය දීලත් අන්තිමේදි තමන් කරපු කාමයේවරදවා හැසිරීමක් උපාදානය කරගෙන දවස් කීපයකට අපාගත උනා.
අනික මචං උබගෙ අනිත් කාරනේ, මිනිස්සු කීපදෙනෙකුගෙ ජීවිත බේරගන්න තව මිහිහෙක්ව මරනවා කියන එක පැහැදිලි අකුසලයක්. පනතියන මිනිහෙක් උඹලාව මරන්න දුවගෙන එනවා කියලා පේනවා. (පන තියෙන සතෙක් බව දැනීම) අර මිනිහාව මරලා මේ මිනිස්සුන්ව බේරගන්ඩ ඕනෙ කියලා උඹට හිතෙනවා (මරණ චේථනාව පහලවීම). උඹ පොල්ලක් හරි පිහියක් හරි අරගෙන අරමනුස්සයට ගහලා (මැරීමට උපායක් යෙදීම), මිනිහා මැරුනා කියලා ප්රක්ත්යක්ෂ කරගන්නවා (උපාය නිසා මරණයට පත්වීම සහ මැරුනු බව ප්රක්ත්යක්ෂ කරගැනීම). ඉතින් කොහොමද පවක් සිද්ද නොවෙන්නෙ. ඒක ගානට පැත්තකට වෙලා බලන් ඉදලා වෙලාව සෙට් වෙච්ච ගමන් (කල්ප ගණනකට පස්සෙ හරි) විපාක දෙනවා. ඒක කවදා කොතැනකදිද කියලා විස්තර කරන්න පුලුවන් බුධුවරයෙකුටම පමනයි. ඒනිසා ඒවගේ තැන්වලදි මග ඈරලා යන එක තමයි කරන්ඩ තියෙන්නෙ. (රණසිංහ තමයි. උඹත් බේරෙයි ඌත් බේරෙයි)
දන්න දෙයක් කතා කරපං. ලංකාවෙ කම්මැලි කමට ඉන්න හුගක් උන්ට වඩා සෑහෙන්ට කටු කන අය ඉන්නව ඒ රටවල. අපායක් කියල දෙයක් නෑ තමා මිථ්‍යා දෘෂ්ටිකයි කිව්වට තියනව කියල. බටහිර රටවල් ඒ අතින් කොච්චර දියුණුද?
ඇමරිකාවේ ජපානේ චයිනා ඇතුලු බොහොමයක් රටවල මිනිස්සු දුක කියන දේ දන්නේ වත් නැහැ සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ දිවියලොක වගේ
උඹලා 'අපාය' කියලා තැනක් තියෙනවා කියලා විශ්වාස කරනවද බන්?