කජු පියලි කරන්න කලින්ද වේලන්නේ ?
අපේ පැත්තේ කජු වේලෙන්න දාපු place එකක් තියෙනවා .
උබ මචං සුපිරි thread දානවා .
අත්දැකීම් පොළටත් මම ගොඩක් උනන්දුවෙන් සහබාගී උනා .
මේ thread එක දිගටම ඇදගෙන යමු .
ක්රම කීපයක් තියනවා. ගහෙන් ගතපු ගමන්ම කජු ගෙඩිය පලල පියලි අමුවෙන් දෙනවා. ඒව සුපර් මාකට් වලට එහෙම දෙන්න පුළුවන්. අනික පෝරනුවක හරි අව්වෙ හරි දාල වේලල මැෂිමෙන් ලෙල්ල අයින් කරල වියලි විදියට දෙනවා.
පලවෙනි එක ලේසියි. ලැබෙන ගාන අඩුයි. ඉල්ලුමත් අඩුයි. අමුවෙන් දෙන්න වෙන්නෙ සීසන් එක කාලෙ නිසා කජු මිල සාපේක්වෂ අඩු වෙනවා.
දෙවෙනි එක කරද්දි වැඩ ටිකක් වැඩියි. ගාන වැඩියි. කල් තියාගෙන හොද ගානක් එන කන් තියන් ඉදල දෙන්න පුවවන්.
අව්වෙ දාල වේලන්න සතියක් වත් අවුවට දාන්න ඕන. පොරනු ගහල දවසින් ගන්න පුළුවන්. දුම් පෝරනුවෙ වැඩේ වියදම් අඩුයි. කජුවල දුම් සුවදක් එනවා. සමහර එක්ස්පෝටර්ලා කැමති නෑ. ඉලෙට්ර්ක් පෝරනුව පට්ටම ලේසියි. අපිට ගෙදරම හදා ගන්න පුළුවන්. අතේ දැලි ගැවෙන්නෙත් නෑ. නියම ප්රමිතියටම එනවා.