අපිට සුදුසුම ආයෝජන මොනවාද !

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    කවුරුත් එච්චර හිතන්නෙ නැති තැන්වල තමයි සල්ලි තියෙන්නෙ.

    මම අලුතින් පටන් ගත්ත එකක් තමයි පිච්ච මල් වවන එක. පිච්ච වවල මොකටද කියල හිතෙනව ඇති. ඒ උනාට පිච්ච මලක් රුපියල් 10 තොග මිල. සිල්ලර මිල 15. කැළණිය පන්සල ලග කඩ වලට දවසකට පිච්ච මල් පෙට්ටි 10 ක් වගේ ලැබෙන්නේ. එක පෙට්ටියක මල් 20 -30 අතර ප්‍රමාණයක් තමයි එන්නේ. පෙට්ටියක මිල 150 ඉදන් 300 අතර වෙනවා. උදේ 6 ට ලැබෙන පිච්ච 6.30 වෙද්දි ඉවරයි. ඒක ගන්නත් කලින් කියල තියන්න ඕන. ඉල්ලුම ඉහලයි සැපයුමක් ඇත්තෙම නෑ. මම පිච්ච වගා කරන්න පටන් ගත්තා. මේ වෙද්දි පදුරු 50 ක් දාලා තියෙනවා. එක පදුරකින් මල් හැදෙන කාලෙට මම මල් 150 කඩල තියෙනවා. හැමදාම වතුර පෝර දාලා බලා ගන්න ඕන. වතුර වැටෙන්න ඔටෝමේටඩ් සිස්ටම් එකක් මම හදලා තියෙන්නේ. පොහොර සතියකට සැරයක් දානවා.

    මම තවම විකුනන්න පටන් ගත්තේ නෑ. මොකද කන්ටිනියු සප්ලයි එකක් දෙන්න මදි. මල් 500 ක් හැමදාම කඩන්න පටන් ගත්ත ගමන් විකුනනවා. මේක ගෙදර ඉන්න කෙනෙක්ට කරන්න සුපිරිම ව්‍යාපාරයක්. පැසිව් ඉන්කම් එකකට වඩා ප්‍රයිමරි බිස්නස් එක විදියට කරන්න පුළුවන් වැඩක්. ලෝකෙ මොන ප්‍රශ්ණ ආවත් මිනිස්සු ආගම වෙනුවෙන් වියදම් කරන එක නවත් වන්නේනෑ. ප්‍රශ්ණ වැඩිවෙන්න වැඩිවෙන්න ආගම වෙනුවෙන් කරන වියදම් වැඩිකරනවා. ව්‍යාපාරය ස්ටෙඩි. නමුත් කිසිම සැපයුමක් නම් නෑ.

    View attachment 155392
    Meka niyama adahasak.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මේක මගේ යාවවෙක් කරන ව්‍යාපරායක්. කවුරුත් එච්චර නොහිතන වගේම පැසිව් ඉන්කම් එකක්. පුංචි වැඩකට යාලුව හම්බවෙන්න ගිය වෙලෙයි මට පෙන්නුවේ. යාළුව ඉන්නෙ බොහෝම නාගරික පැත්තක. ඉඩකඩ අඩුයි. ස්ලැබ් එකක් දාල තියෙන්නෙ ස්ලැබ් එකේ සයිස් එක ආසන්නව වර්ග අඩි 2000 ක් විතර.

    ගෙවතු අලංකරණයට උවමනා වෙන තනපිඩෙලි හදන එකයි කරන්නේ. මුලු ස්ලැබ් එකම වෝටර් සීල් කරලා තියෙන්නේ. සිමෙන්ති කොලපු දාල මැදල.

    පස් සල්ලි දීල ගන්නවලු ලෝඩ් එකක් 8000 ලු. කොහුබත් ලෝඩ් එකක් 15000 - 25000 අතර ගානකට ගන්නවලු. කරන්නේ මෙහෙමයි. කොහුබත් පස් 1:3 අනුපාතයට කවලම් කරල හදාගන්න මිශ්‍රණය අගල් 2 ක් විතර ගණකම හිටින්න මුලු ස්ලැබ් එකේම අතුරණවා. ඊට පස්සෙ ඒකට තණකොල ඇට ඉහිනවා. අවුවට වේලෙන්න නැති වෙන්න පලවෙනි දවස් 3 - 5 කවරයකින් වහල තියනවා. දවස් තුනක් විතර වෙද්දි පැල මතුවෙනවා. ඊට පස්සෙ කවර අයින් කරල උදේ හවස වතුරමල් වලින් වතුර දානවා. මාසයක් යද්දි තනකොල බොහොම සරුවට හැදිලා. මෙයා බඩු දෙන්නේ ඒ කිට්ටුව ඉන්න ගෙවතු අලංකරණය කරල තැනකට. ඒකට්ටිය ඇවිත් උවමනාව අනුව තනපිඩෙලි අරන් යනවා. පිඩෙලි ගලවන්න දෙයක් නෑ. කාපට් එක රෝල් කරනවා වගේ රෝල් කරන්න විතරයි තියෙන්නේ. ගණමීටරයකට ආසන්නව 500 ඉදන් 1500 ක් විතර වෙනකම් ලැබෙනවලු. තණකොල වර්ගය අනුව තමයි මිල. ආසන්නව ගත්තොත් හැම මාසයකටම වගේ රුපියල් 40000 ක විතර ආදායමක් එනවලු.

    වියදම පස්, කොහුබත් තණකොල ඇට සහ උදේ හවස වතුර. මේක හොදට ඉලකඩ තියන කෙනෙක්ට බිමට ඉටිකොල දාල කරන්න පුවවන්. බොහොම පහසු වැඩක්. ඔන්න කරනවා නම් කෙනෙක්ට වැඩක්. බඩු දෙන්න තැනක් හොයා ගන්න එකත් අමාරු වැඩක් නම් නෙවෙයි. හොද ඉල්ලුමක් තියනවාලු. මගේ යාළුවානම් ඉල්ලුම අනුවලු වවන තණකොල තීරණය කරන්නේ. ඇට ගේන්නෙ පිටරටින්. කිලෝ 10 ක පැකට් එකකින් වාර 10 ක් 15ක් උනත් වවන්න පුවවන්ලු. ඇට කිලෝවක් රුපියල් 10000 ක් විතර වෙනවා. වර්ගය අනුව ගාණ වෙනස් වෙනවා.

    මේ අදායමට වඩා එයාට ලැබෙන ලොකුම වාසිය තමයි දවල්ට ස්ලැබ් එක රත්වෙන එක සම්පූර්ණ නතර උනාලු.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630
    113
    පොලි ටනල් ඇතුලෙ හෝ එලියෙ ස්කොච් බොනට්, මාලු මිරිස් වවන අය ඉන්නවාද?

    බුලත් වවන අය ඉන්නවාද? බුලත් වලට හුඟක් වතුර ඕනෙ නේද? වතුර අඩු ඉඩමක නම්, ඩ්‍රිප් ඉරිගේශන් සිස්ටම් එකක් දැම්මොත් හරි යයිද?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    පොලි ටනල් ඇතුලෙ හෝ එලියෙ ස්කොච් බොනට්, මාලු මිරිස් වවන අය ඉන්නවාද?

    බුලත් වවන අය ඉන්නවාද? බුලත් වලට හුඟක් වතුර ඕනෙ නේද? වතුර අඩු ඉඩමක නම්, ඩ්‍රිප් ඉරිගේශන් සිස්ටම් එකක් දැම්මොත් හරි යයිද?
    බොහොම කුඩාවට පොලි ටනල් වල වගා කරල තියනවා. මෙන්න මේ විදියට.

    1643433036503.png


    පැල වලට කෘමි හානියක් නැති තරම්. අස්වැන්න හොදයි වගේම පට්ට ලස්සනයි.

    බුලත් වලට තෙතමනය ඕන. කට්ටිය හෙවනෙ හැදෙන එකක් කීවට හොදට අවුව වැටුනම මාර විදියට හැදෙනවා. කුකුල් පෝර පොල්ලෙලි තියනවා නම් මාර විදියට හැදෙනවා. අපේ ගම්වල බුල් වැලක් හිටවන්න කලින් අඩි 3 3 වලක් කපල පොල්ලෙලි අඩුක් කරල හිටවන්නේ. මාස කීපයක් වැස්ස නැතත් පොල්ලෙලි වලට උරන් තියන වතුරෙන් වැල හැදෙනවා.

    දැන් බුලත් කොලයක් ආසන්නව රුපියල් 5 ට වඩා වැඩියි. මාර විදියට රට යවනවා.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    බොහොම කුඩාවට පොලි ටනල් වල වගා කරල තියනවා. මෙන්න මේ විදියට.

    View attachment 158675

    පැල වලට කෘමි හානියක් නැති තරම්. අස්වැන්න හොදයි වගේම පට්ට ලස්සනයි.

    බුලත් වලට තෙතමනය ඕන. කට්ටිය හෙවනෙ හැදෙන එකක් කීවට හොදට අවුව වැටුනම මාර විදියට හැදෙනවා. කුකුල් පෝර පොල්ලෙලි තියනවා නම් මාර විදියට හැදෙනවා. අපේ ගම්වල බුල් වැලක් හිටවන්න කලින් අඩි 3 3 වලක් කපල පොල්ලෙලි අඩුක් කරල හිටවන්නේ. මාස කීපයක් වැස්ස නැතත් පොල්ලෙලි වලට උරන් තියන වතුරෙන් වැල හැදෙනවා.

    දැන් බුලත් කොලයක් ආසන්නව රුපියල් 5 ට වඩා වැඩියි. මාර විදියට රට යවනවා.
    ade bulath rata yawanawada
     
    • Like
    Reactions: SK29 and wpmanoj

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630
    113
    KARMANTHA 2022

    BMICH එකේ Feb 3-6 තියෙනවා කර්මාන්ත ප්‍රදර්ශනයක්. ගිහිල්ල තමන්ට හරි යන පොඩි කාර්මාන්තයක් හොයාගන්න පුලුවන් වෙයි. නැත්නම් දැන් තමන් කරගෙන ඉන්න business වලට උදව්වක් වෙන දෙවල් හම්බවෙයි.

    මන් හිතන්නෙ ගිහිල්ලා බලන එක වටිනවා.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    පොලි ටනල් ඇතුලෙ හෝ එලියෙ ස්කොච් බොනට්, මාලු මිරිස් වවන අය ඉන්නවාද?

    බුලත් වවන අය ඉන්නවාද? බුලත් වලට හුඟක් වතුර ඕනෙ නේද? වතුර අඩු ඉඩමක නම්, ඩ්‍රිප් ඉරිගේශන් සිස්ටම් එකක් දැම්මොත් හරි යයිද?
    අමුමිරිස් ,නයි මිරිස් , මාළු මිරිස් තමා sustainable, අනිත් එවල demand එක වෙනස් වෙනවා. ම
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630
    113
    අමුමිරිස් ,නයි මිරිස් , මාළු මිරිස් තමා sustainable, අනිත් එවල demand එක වෙනස් වෙනවා. ම

    vj3660

    පොලි ටනල් ඇතුලෙ ද වගා කරන්නෙ? කොහෙන්ද පොලි ටනල් එක හදවගත්තෙ?
     
    • Like
    Reactions: wpmanoj

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113

    vj3660

    පොලි ටනල් ඇතුලෙ ද වගා කරන්නෙ? කොහෙන්ද පොලි ටනල් එක හදවගත්තෙ?
    මම තාම හදල නැහැ, හැබැයි study කරන ගමන් ඉන්නේ. හදන company තියෙනවා හැබැයි ගැන වැඩි 1000sqft 6-7laks වගේ . හැබැයි ඕක 4වගේ යද්දී හදන්න පුළුවන් වෙයි. ගද්දි israel badu ගන්න ඒවා කල් පවතිනවා වැඩි.
     
    • Like
    Reactions: wpmanoj and SK29

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    KARMANTHA 2022

    BMICH එකේ Feb 3-6 තියෙනවා කර්මාන්ත ප්‍රදර්ශනයක්. ගිහිල්ල තමන්ට හරි යන පොඩි කාර්මාන්තයක් හොයාගන්න පුලුවන් වෙයි. නැත්නම් දැන් තමන් කරගෙන ඉන්න business වලට උදව්වක් වෙන දෙවල් හම්බවෙයි.

    මන් හිතන්නෙ ගිහිල්ලා බලන එක වටිනවා.

    bump
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මුලින්ම කියන්නම් මේක මම කරන ආයෝජනයක් නෙවෙයි වගේම කවදාවත්ම කරන්න ඉන්න දේකුත් නෙවෙයි. මම බෞද්ධ පරිසරයක නිසා මෙහෙම දේවල් කරන්න නම් කවදාවත් හිතෙන්නෙ නෑ. ඒත් සමාජයක් යන්න නම් මේ දේ කරන අයත් ඉන්න ඕන. පවු අරව මේව නොාහිතන කෙනෙක්ට හොද ව්‍යාපාරයක්.

    ඊයෙ වත්තල ගිහින් එන ගමන් එලුමස් කිලෝ පහක් අරගෙන ආවා. මස් කපන ගමන් මස් කපන කෙනා එක්ක පොඩි චැට් එකක් දාද්දි තමයි මුල්ම අදහස ආවේ මේ ගැන. මස් කිලෝවක් 2250. උන් එළුව සල්ලි වලට අරන් මරල මස් කරල විකුණන්නේ. පන පිටින් උනත් එලුවෙක් සල්ලි දීල ගන්න පුවවන්. එහෙම ගනිද්දි කිලෝ 20 ක විතර එලුවෙක් ගෙ බර අරන් 20% ක් විතර මස් හැර අනිත් ඒවට අත ඇරියත් වෙන්නේ මස් කිලෝවක් 1500 ට අඩුවෙන්. ආසන්නව එලුවෙන් 25000 ක් විතර වෙනවා. එලුවෙක් කිලෝ 20 ක් විතර ලොකු වෙන්න අවුරුද්දක් විතර ආසන්නව යනවා. නිකමට ගන්න හදල බලන්න.

    එලු පැටිය ලැබෙන්නෙ පට්ටියෙම එලිච්චියකට. එලිච්චියොන්ගෙන් කිරි ගන්නව පැටවු ගන්නව අවුරුදු දෙක තුනක් ගියාම මස් කරල විතුණනව. පිරිමි සත්තු මස් වලට ගන්නවා.

    එලුවෙක්ට වියදම කන්න බොන්න වගේම පනු බෙහෙත් වලට. ඊට අමතරව වියදම් අඩුයි. එලුවෙක්ට 5000 ක් වත් යන්නෙ නෑ. අවුරුද්දකින් 25000 ක් විතර වෙනවා. 20000 ක් ලාබයි.

    මේ දාපු ගණන් මිමි මම උඩින් බලල දාපු ගණන්. හරි ගණන් නෙවෙයි. කෙනෙක්ට අවශ්‍යතාවක් තියනවා නම් පොඩි රිසර්ච් එකක් කරල බලල උඩින් බැලුවම නොපෙනෙන ප්‍රශ්ණත් හොයාගෙන වැඩේ පටන් ගන්න.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් 490 යි නේ. bnb නම් තව නගීවි.

    700 * 24 = 16800
    700 * 490 = 343000

    හොද ලාබයක් තියනවා. තව හෝල්ඩ් කරන් ඉන්නද කල්පනාව
    උඹනම් සුපිරි පොරක් මචන්. දන්න දේ කිසිම කුහකකමක් නැතිව කියල දෙන දුර්ලභ චරිතයක්...... උඹෙ ක්‍රිප්ටෝ මෙගා ත්රෙඩ් එකෙන් මම මාර දෙයක් ඉගෙන ගත්තා..... බිට්කොයින් එක් 5 $ ගන්න ගිහින් ඒ චාන්ස් එක මිස් කරගෙන මම ආයෙත් දැන් ස්ටඩි කරගෙන යන්න‍ෙ ආයෙත් මේ ෆීල්ඩ් එකට බහින්න. Good luck for your future investments.
     
    • Like
    Reactions: wpmanoj

    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    363
    247
    43
    " ග්රැපික් ඩිසයින් අධායම් මදි නිසා ප්රෝග්රැමින් ෆ්රීලාන්ස් පටන් ගත්තා. කට්ටක් කාලා ලක්ෂ දෙකක් විතර හොයා ගත්තා. මාසෙකට 75000 ක විතර ස්ටෙඩි ඉන්කම් එකක් මාස කීපයක්ම ආව නිසා අවුරුදු 15 ක් ලෝන් එකක් ගහල පොඩි ඉඩම් කෑල්ලක් ගත්තා. "

    මේක ගැන ඇහුවෙ
    mokadda bn progreamming language eka?
     
    • Like
    Reactions: wpmanoj