අපි නොදන්න රුසියාව-19
මෙම ලිපියෙන් විමසා බලන්නේ රුසියාව සතු අතිශය බලවත් සහ වඩාත් හොඳින්ම සන්නද්ධ සබ්මැරීන පහ සම්බන්ධවයි.
ප්‍රොජෙක්ට් 971 Shchuka-B නමින් හඳුන්වන මෙහි නේටෝ නාමය අකුලාය.යනු තුන්වන පරම්පරාවේ බහුකාර්යය න්‍යෂ්ඨික සබ්මැරීන පන්තියකි.පළමු Shchuka-B සබ්මැරීනය 1984 වර්ෂයේදී හඳුන්වා දී තිබේ.ඊට පැවරී තිබෙන කාර්යය වනුයේ නෞකා ආරක්ෂා කිරීම සහ සතුරු සබ්මැරීන ලුහුබැද ගොස් විනාශ කිරීමයි.එය සතුව ටෝර්පිඩෝ ටියුබ් 8ක් තිබෙන අතර ඒවායින් මිසයිල-ටෝර්පිඩෝ නිකුත් කල හැකිය.ඊට අමතරව මෙම සබ්මැරීන සතුව කෲස් මිසයිල නිකුත් කිරීමේ හැකියාවෙන්ද යුක්තය.අකුලා සබ්මැරීන ස්ටෙල්ත් තාක්ෂණයෙන් අනූන අවම ශබ්දයක් නිකුත් කරමින් යාත්‍රා කල හැකි මාරක අවි ලෙස හැඳින්විය හැකිය.
ප්‍රොජෙක්ට් 877 පාල්ටස් සහ ප්‍රොජෙක්ට් 636 වර්ෂාවියෙන්කා යනු කිලෝ පන්තියේ ඩීසල්-විදුලි සබ්මැරීන දෙකකි.මෙම පන්තියේ නිශ්ශබ්දතම සබ්මැරීන දෙක වන්නේ මේවායා.වර්ෂාවියෙන්කා සබ්මැරීනය නේටෝ සංවිධානය විසින් කළු කුහර යන අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.එය නිර්මාණය කර තිබෙන්නේ සතුරු සබ්මැරීන තමන් සොයාගැනීමට ප්‍රථමයෙන් පහර දී විනාශ කිරීමටය.පාල්ටස් සබ්මැරීනය මෙන්ම වර්ෂාවියෙන්කා සබ්මැරීනයද මි.මී.533 ටෝර්පිඩෝ හයකින් සහ සැතපුම් 2000 දුර ඉලක්කයක් පවා විනාශ කිරීමට සමත් කැලිබ්-පීඑල් කෲස් මිසයිලවලින් සන්නද්ධ වේ.පාල්ටස් සහ වර්ෂාවියෙන්කා සබ්මැරීන රැසක් ඇල්ජීරියාව,වියට්නාමය,ඉන්දියාව සහ චීනය යන රටවල නාවික හමුදා විසින් භාවිතා කරයි.
ප්‍රොජෙක්ට් 955 බොරෙයි පන්තියේ උපායමාර්ගික න්‍යෂ්ඨික - බලැති මිසයිල සබ්මැරීනය සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව සැලසුම් කල ප්‍රථම රුසියානු සබ්මැරීනයයි.බොරෙයි සබ්මැරීන න්‍යෂ්ඨික අවි සහිත බැලස්ටික් මිසයිල සහ ප්‍රති-සබ්මැරීන සහ නෞකා නාශක ටෝර්පිඩෝ වර්ග ගණනාවක් නිකුත් කල හැකි ටෝර්පිඩෝ ටියුබ් වලින් සමන්විතය.ඊට නාවික සැතපුම් 30 උපරිම වේගයකින් ජලය ඇතුලතදී යාත්‍රා කල හැකිය.මීටර් 480 උපරිම ගැඹුරකට ප්‍රවේශ විය හැකි මෙම සබ්මැරීනවලට දින 90 කාලයක් දිය යට සිටීමට පුලුවනි.දැනට බොරෙයි පන්තියේ සබ්මැරීන 3ක් රුසියාව සතුය.2020 වන විට තවත් සබ්මැරීන 8ක් නාවික හමුදාවට එකතුවීමට නියමිතව තිබේ.
ප්‍රොජෙක්ට් 885 යාසෙන් පන්තියේ න්‍යෂ්ඨික සබ්මැරීන රුසියාව සතු මිලෙන් අධිකතම සහ නූතනම සහ හතරවන පරම්පරාවට අයත් බහුකාර්යය සබ්මැරීන වේ.මෙම පන්තියේ පළමු වන සබ්මැරීනය වන සෙවරෝඩ්වින්ස්ක් උතුරුදිග නාවුක හමුදා බල ඇණියට එක්වූයේ 2014 තරම් මෑතකදීය.තනිවම ඉලක්කය සොයා යා හැකි ටෝර්පිඩෝ සහ කෲස් මිසයිල වලින් සන්නද්ධ මේ සබ්මැරීනවල කඳ රබර් ආලේපිත අවම-ආකර්ෂණ ශක්තියක් සහිත ලෝහයෙන් සාදා තිබෙන නිසා සතුරන් ඉදිරියේ අදෘෂ්‍යමාන වේ.
Source:sputniknews.com
-HarshaLulzSec-

අකුලා සබ්මැරීන

පාල්ටස් සහ වර්ෂාවියෙන්කා සබ්මැරීන

බොරෙයි පන්තියේ සබ්මැරීන
ප්‍රොජෙක්ට් 955 බොරෙයි පන්තියේ උපායමාර්ගික න්‍යෂ්ඨික - බලැති මිසයිල සබ්මැරීනය සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව සැලසුම් කල ප්‍රථම රුසියානු සබ්මැරීනයයි.බොරෙයි සබ්මැරීන න්‍යෂ්ඨික අවි සහිත බැලස්ටික් මිසයිල සහ ප්‍රති-සබ්මැරීන සහ නෞකා නාශක ටෝර්පිඩෝ වර්ග ගණනාවක් නිකුත් කල හැකි ටෝර්පිඩෝ ටියුබ් වලින් සමන්විතය.ඊට නාවික සැතපුම් 30 උපරිම වේගයකින් ජලය ඇතුලතදී යාත්‍රා කල හැකිය.මීටර් 480 උපරිම ගැඹුරකට ප්‍රවේශ විය හැකි මෙම සබ්මැරීනවලට දින 90 කාලයක් දිය යට සිටීමට පුලුවනි.දැනට බොරෙයි පන්තියේ සබ්මැරීන 3ක් රුසියාව සතුය.2020 වන විට තවත් සබ්මැරීන 8ක් නාවික හමුදාවට එකතුවීමට නියමිතව තිබේ.
යාසෙන් පන්තියේ සබ්මැරීන