අපි නොදන්න රුසියාව-5

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න රුසියාව-5

    aN6e7t1.jpg

    ප්‍රොජෙක්ට් 636.3 පන්තියට අයත් "කොල්පිනෝ" නම් රුසියානු සබ්මැරීනය එරට කළු මුහුදු නාවික ඇණිය රඳවා තිබෙන නොවරොස්සිස්ක් වරායට රැගෙන ඒමට කටයුතු සූදානම් බව වාර්තාවේ.මෙම සබ්මැරීනයේ තිබෙන විශේෂත්වය වන්නේ සතුරු රේඩාර් පද්ධතියක ආවරණ පරාසයක් මෙන් තුන්-හතර ගුණයක් දුරක සිට ඉලක්ක හඳුනාගැනීමේ හැකියාවයි. ප්‍රොජෙක්ට් 636.3 හෙවත් කොල්පිනෝ නම් ඩීසල්-විදුලි සබ්මැරීන හයක ඉදිකිරීම් කටයුතු මේවන විට අවසන් වී තිබේ.

    YO25W5u.jpg
    ප්‍රොජෙක්ට් 636.3 පන්තියට අයත් "කොල්පිනෝ" නම් රුසියානු සබ්මැරීනය​

    ප්‍රොජෙක්ට් 636.3 අයත් වන්නේ තුන්වන පරම්පරාවේ ඩීසල්-විදුලි සබ්මැරීන ගණයටයි.එහි වැඩිදියුණු කල සබ්මැරීන වන්නේ 887 සහ 877ඊකේඑම්ය.නේටෝ සංවිධානය මෙම සබ්මැරීන හඳුන්වන්නේ කිලෝ -පන්තිය නමින්ය.මේවා සෝවියට් දේශය පැවති සමයේ නිපද වූ අතර 1983 වසරේ පටන් ඉන්දියාව,චීනය, වියට්නාමය,ඇල්ජීරියාව,ඉරානය,පෝලන්තය සහ රුමේනියාව යන රටවලට අපනයනය කරන ලදි.ලොව ජනප්‍රියතම සබ්මැරීන වර්ගයක් ලෙසද මේවා සලකනු ලැබේ.

    H27ia13.jpg
    කලිබර්-පීඑල් කෲස් මිසයිල​

    නේටෝ සංවිධානය මෙම සබ්මැරීනය "කළු කුහර - Black Hole" නමින් හඳුන්වන්නේ එය සතු ස්ටෙල්ත් හැකියාව සහ දියයට හැකියාවන් නිසාය.තවද එය සතුව තිබෙන නවතම කලිබර්-පීඑල් කෲස් මිසයිලවලට කි.මී. 2,500ක් දුරක ඉලක්කයක් පවා විනාශ කල හැකිය.ප්‍රොජෙක්ට් 636.3 සබ්මැරීන රඳවා තබනු ඇතැයි සඳහන් වන්නේ මොස්කව් නගරයට සැතපුම් 760ක පමණ දුරකින් පිහිටා ඇති නොවරොස්සිස්ක් නගරයේ නාවුක කඳවුරේය.

    රොස්ටොව්-නා-ඩොනියු සබ්මැරීනයෙන් කලිබර් කෲස් මිසයිල දියත් කරන අයුරු​

    මෙම සබ්මැරීන සඳහා නැවතුම්පොළ නිමකරන තෙක් ඒවාහි මෙහෙයුම් කටයුතු සහ නඩත්තු කටයුතු කළු මුහුදේ සෙවස්ටොපොල් වරාය භාවිතා කරයි.රුසියානු නාවික හමුදාවේ හිටපු උප ප්‍රධාන අණදෙන්නා සහ කළු මුහුදු නාවික ඇණියේ අණදෙන්නා වූ ඉගෝර් කසටොනොව්ට අනුව ප්‍රොජෙක්ට් 636.3 පන්තියේ සබ්මැරීනයක් වන "රොස්ටොව්-නා-ඩොනියු" පසුගිය වසරේ සිරියාවේ ත්‍රස්ත ඉලක්ක වෙත කලිබර් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට භාවිතා කරන ලදි.

    18r5R4q.jpg
    කොල්පිනෝ සබ්මැරීනය දියත් කරන දින පැවැත්වූ උත්සවය,පසෙකින් තිබෙන්නේ කොල්පිනෝ සබ්මැරීනයයි,ශාන්ත පීටර්ස්බර්ග් ,රුසියාව.​

    බී-271 "කොල්පිනෝ" සබ්මැරීනය දියත් කරන ලද්දේ 2016 මැයි 31දාය.අත්හදා බැලීමේ චාරිකා අවසන් කිරීමෙන් පසුව නිල වශයෙන් සේවයේ යෙදවීමට සුදුසුකම් ලැබූ එය පන්තියේ සබ්මැරීන පෙළක හයවන නිමැවුමයි.එහි පළමු සබ්මැරීන දෙක වන "නොවරොස්සිස්ක්" සහ "රොස්ටොව්-නා-ඩොනියු" කළු මුහුදු නාවික ඇණියේ කොටසක් බවට පත්වූයේ 2014 වර්ෂයේ අගෝස්තු සහ දෙසැම්බර් මාසවලදීය.තුන්වන සහ හතරවන සබ්මැරීන වන "සටාරි ඔස්කොල්" සහ "ක්‍රයිස්නෝඩර්" 2015 ජූලි සහ නොවැම්බර් මාසවලදී ඊට එක් විය.පස්වන සබ්මැරීනය වන්නේ 2016 ඔක්තෝම්බර් මාසයේදී සේවයට එක්වූ "ද ග්‍රේට් නොව්ගොරොඩ්" ය.

    bsPiEcz.jpg
    රොස්ටොව්-නා-ඩොනියු සබ්මැරීනය​

    කොල්පිනෝ සබ්මැරීනය සේවයට එක්වීමෙන් පසුව සම්පුර්ණ සබ්මැරීන සේනාංකයක් රුසියාවේ කලු මුහුදු නාවික බල ඇණියට ලැබේ.2020 වන විට පන්තියේ සබ්මැරීන 6ක් රුසියාවේ පැසිෆික් නාවුක බල ඇණියටද ලබාදීමට සැලසුම් කර තිබෙන බව කසටොනොව් කියා සිටියි.නොවරොස්සිස්ක්හි තිබෙන නවතම නාවුක කඳවුර ඉදිකලේ සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව රුසියා-යුක්‍රේන සබඳතාවල මතුවූ එකඟනොවීම් මතයි.1991 පසුව ක්‍රිමියා අර්ධද්වීපයේ සෙවස්ටොපොල් වරාය ආශ්‍රිත නාවුක කඳවුර රුසියාවට බදු දීමට යුක්‍රේන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි.2014 වර්ෂයේදී රුසියාව විසින් ක්‍රිමියා අර්ධද්වීපය ආක්‍රමණය කර ඈදාගැනීමෙන් පසුව රුසියානු කලු මුහුදු නාවුක බල ඇණියේ මහා පරිමාණ වෙනස්කම් සිදුවීම ඇරඹිණි.

    mOYJwnj.jpg

    සෙවස්ටොපෝල් බොක්ක රුසියාව ලැබිම හරහා ඔවුන්ට වාසි කිහිපයක්ම හිමිව තිබේ.අලුත නිර්මාණය කල නොවරොස්සිස්ක්ක ඳවුරද සහිත රුසියාවට දැන් බොස්පොරස් සමූද්‍ර සන්ධිය පාලනය කිරීම,බල්ගේරියාවේ යුදමය යටිතල පහසුකම් සහ රුමේනියාවේ තිබෙන එක්සත් ජනපදයේ මිසයිල ආරක්ෂණ කඳවුර නිෂ්ක්‍රීය කිරීම ආදිය එම වාසි බව ටාස් පුවත් සේවයේ යුද නිරීක්ෂක වික්ටර් ලිටොව්කින් පවසයි.

    4c0tyAU.jpg
    Veliky Novgorod සබ්මැරීනය දියත් කිරීම,2016 මාර්තු 18​

    රුසියානු කළු මුහුදු නාවුක බල ඇණියට ලැබී තිබෙන නවතම කඳවුර නිසා එය සතු නෞකා සහ සබ්මැරීන එකම කලාපයක් තුල කඳවුරු දෙක අතර බෙදා ගත හැකිය.නමුත් නොවරොස්සිස්ක්ක ඳවුර පිහිටා තිබෙන්නේ කාලගුණික තත්ත්වයන්ට සංවේදී ප්‍රදේශයකයි.කොකේසස් ප්‍රදේශයෙන් හමා එන බලවත් උතුරුදිග සුළං වලින් වෙරළ රළු වේ.ඒ නිසා එම මාර්ගයේ තිබෙන නෞකා සහ නිවාසවලට නිතර හානි පැමිණේ.මෙම සුළඟට නෞකා වෙරළ තෙක් පා කර යැවීමටත් හමුදා යටිතල පහසුකම්වලට හානි පැමිණවීමටත් පුලුවනි.මෙම විනාශකාරී සුළඟෙන් හානි නොවන ලෙස කඳවුර ඉදිකිරීමට රුසියානුවන් පියවර ගෙන තිබේ.ඒ සඳහා අමතර උමංගක් ද ඉදිකරන බව වාර්තා වේ.

    ප්‍රොජෙක්ට් 636.3 සබ්මැරීන

    ජලය මතුපිටදී වේගය - නොට් 17(පැයට කි.මී. 31.4)

    ජලය යටදී වේගය- නොට් 20(පැයට කි.මී.37)

    යාත්‍රා කල හැකි දින ගණන- දින 45

    කාර්ය මණ්ඩලය- 52

    ජලය මතුපිටදී විස්තාපනය- ටොන් 2350

    ජලය යටදී විස්තාපනය- ටොන් 3950

    දිග- මීටර් 73.8

    පළල- 9.9

    මෙහෙයුම් ගැඹුර- මීටර් 240

    කිමිදිය හැකි උපරිම ගැඹුර- මීටර් 300

    අවි

    -කලිබර් -පීඑල් පන්තියේ කෲස් මිසයිල 4

    -මි.මී.533 ටෝර්පිඩෝ ටියුබ් 6ක්

    මුළු අවි ප්‍රමාණය- ටෝර්පිඩෝ 18 සහ බෝම්බ 24ක්

    Source:rbth.com,gazeta.ru

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: EvilEye

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    "යාත්‍රා කල හැකි දින ගණන- දින 45" ඒ මේක දුවන්නේ diesel නිසා නේ :rolleyes:
    ඇයි බන් මුන් nuclear power වලට යන්නේ නැත්තේ එහෙම කලොත් අවුරුදු 25ක් විතර refill කරන්නේ නැතුව යාත්‍රා කරන්න පුළුවන් නේද
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    "යාත්‍රා කල හැකි දින ගණන- දින 45" ඒ මේක දුවන්නේ diesel නිසා නේ :rolleyes:
    ඇයි බන් මුන් nuclear power වලට යන්නේ නැත්තේ එහෙම කලොත් අවුරුදු 25ක් විතර refill කරන්නේ නැතුව යාත්‍රා කරන්න පුළුවන් නේද

    ඔව්,න්‍යෂ්ඨික සබ්මැරීනවල අවුරුදු ගාණකට ඇතිවෙන්න න්‍යෂ්ඨික ඉන්ධන නම් තියෙනවා තමයි.ඒ හින්දා ඒවාට මාස ගාණක් මුහුදේ ගත කරන්න පුලුවන්.ඒවාට ආයෙත් ගොඩබිමට එන්න හරි මුහුද මතුපිටට එන්න හරි ඕනේ වෙන්නේ ආහාර ජලය ලබාගන්න වගේ දේකට විතරයි.

    න්‍යෂ්ඨික සබ්මැරීන තමයි ලෝකේ තියෙන වේගවත්ව සබ්මැරීන වර්ගය.

    හැබැයි ඒවායේ වාසි වගේම අවාසිත් තියෙනවා.න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයේ ප්‍රශ්න,විකිරණ කාන්දු වීම් වගේ දේවල් නිසා ඒවා ගොඩක් භයානකයි.සෝවියට්,රුසියා න්‍යෂ්ඨික සබ්මැරීන හුඟක් එහෙම අනතුරුවලට ලක්වුනා කියලා අහලා ඇතිනේ.

    න්‍යෂ්ඨික සබ්මැරීන නිපදවීම ලේසි පහසු නෑ.යන වියදම,මෙහෙයුම් වියදම,නඩත්තු කරන්න අවශ්‍ය දැනුම;මේවා සුළුපටු දේවල් නෙමෙයි.ප්‍රතික්‍රියාකාරකයේ අවුලක් වුනොත් අලුත්වැඩියා කරන එක ලේසි පහසු දෙයක් කියලද හිතන්නේ?

    ප්‍රතික්‍රියාකාරකය සිසිල් කරන්නේ මුහුදු ජලයෙන්.සිසිලනයෙන් පස්සේ ඉවත් කරන ජලය සබ්මැරීනයෙන් පිට කලාට පස්සේ ඒ ජලයේ තියෙන උණුසුම නිසා තාප සංවේදී උපාංගවලට පහසුවෙන්ම හසුවෙනවා.ඒක ලොකු අවදානම් සබ්මැරීනයට.

    න්‍යෂ්ඨික සබ්මැරීන පාවිච්චි කරන එක වියදම් අධිකයි.ඒකත් එක හේතුවක් ඒවා විතරක්ම පාවිච්චි නොකරන්නත්.

    න්‍යෂ්ඨික සබ්මැරීන හුඟක් වෙලාවට යොදාගෙන්නේ ගැඹුරු මුහුදේ මෙහෙයුම්වලට,ඒ වගේම වැඩි කාලයක් ගත වෙන මෙහෙයුම්වලට.ඩීසල්-විදුලි සබ්මැරීන වලට ගැඹුරට කිමිදෙන්න බැරි නිසා සහ වැඩි කාලයක් මුහුදේ ඉන්න බැරි නිසා නොගැඹුරු මුහුදේ මෙහෙයුම්වලට තමයි යොදාගන්නේ.ඒවායේ තියෙන අවාසියක් තමයි ඩීසල් එන්ජිම ක්‍රියාත්මක කරන්න ඔක්සිජන් අවශ්‍ය වීම,ඔක්සිජන් ගන්න නම් මුහුද මතු පිටට එන්නේ ඕනේ.ඩීසල් එන්ජිමෙන් ඒවායේ තියෙන බැටරි ආරෝපණය කරගෙන ආයෙත් මුහුද යටට යනවා.ඊට පස්සේ එන්ජිම ඕෆ් කරලා බැටරි බලයෙන් දුවනවා.ඒ හින්දා තමයි ඒවා නිශ්ශබ්දව ගමන් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ.

    • Like
    Reactions: Executer

    එල බන් හොද විස්තරයක් :cool: +18
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කෲස් මිසයිල, මේකේ අර්ථය දිගු දුර භාවිතා කරන්න පුලුවන් කියන එකද?
    .
    සාමාන්‍යයෙන් මිසයිලයක් ගමන් කරන්නේ රොකට් ඉන්දනයකින් නේද? එන්ජිමක් තියෙනවද?
    video එකේ තියෙන මිසයිල ලෝන්ච් කරල ටික වෙලාවකින් පිටුපස දහනය නවතිනවනේ ඊට පස්සෙ යන්නෙ කොහොමද?
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කෲස් මිසයිල, මේකේ අර්ථය දිගු දුර භාවිතා කරන්න පුලුවන් කියන එකද?
    .
    සාමාන්‍යයෙන් මිසයිලයක් ගමන් කරන්නේ රොකට් ඉන්දනයකින් නේද? එන්ජිමක් තියෙනවද?
    video එකේ තියෙන මිසයිල ලෝන්ච් කරල ටික වෙලාවකින් පිටුපස දහනය නවතිනවනේ ඊට පස්සෙ යන්නෙ කොහොමද?

    Cruise - මේවා ගොඩබිමට හෝ මුහුදට ඉහළින් යාත්‍රා කරන නිසා මේ නම දීලා තියෙන්නේ(අහලා තියෙන විදියට නම්)

    1.rocket booster

    2.turbofan engine

    ඔය දෙකම තියෙනවා.පළමු අධිරයේ දී rocket booster ක්‍රියාත්මක වෙනවා.ඊට පස්සේ ඒක තියාගන්න එකේ තේරුමක් නෑ.ඊළඟට කොහේ හරි වදිනකම් යන්නේ turbofan engine එකෙන්.

    exocet_mm40_block3-0.jpg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Cruise - මේවා ගොඩබිමට හෝ මුහුදට ඉහළින් යාත්‍රා කරන නිසා මේ නම දීලා තියෙන්නේ(අහලා තියෙන විදියට නම්)

    1.rocket booster

    2.turbofan engine

    ඔය දෙකම තියෙනවා.පළමු අධිරයේ දී rocket booster ක්‍රියාත්මක වෙනවා.ඊට පස්සේ ඒක තියාගන්න එකේ තේරුමක් නෑ.ඊළඟට කොහේ හරි වදිනකම් යන්නේ turbofan engine එකෙන්.

    View attachment 67138

    ela