අපෙන් සමුගත් හීසැරය .කොන්කොඩ්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපෙන් සමුගත් හීසැරය .කොන්කොඩ්

    මට මේක මතක් උනේ අනුරාදගෙ ප්ලේන් නූල දැකල :P:P
    බලපල්ල මේක උබලට මතකද කියල :nerd::nerd::nerd::nerd:

    කොන්කොඩ් කියන්නෙ මේ වෙනකන් ලෝකයේ මගී ප්‍රවාහනය සදහා බාවිතා කරපු ගුවන් යානා වලින් වේගවත්ම දෙකෙන් එකක් .මේකෙ වේගය ශබ්දයේ වේගය වගේ දෙගුනයක් බං :shocked::shocked::shocked:.අනිත් එක සෝවියට් රුසියාව නිපදවපු ටියුපලව් tu-144 ප්ලේන් එක.මේක 1976 ඉදල අවුරුද්දක් විතරයි මගී ප්‍රවාහනයට බාවිතා කලේ .ඒත් කොන්කොඩ් එක 1976 ඉදල අවු 27ක් මගී ප්‍රවහනය කරා .

    මේ වර්ගය අන්තිමට පාවිච්චි කරේ බ්‍රිටිශ් එයා එකයි ෆ්රාන්ස් එයාලයින් එකයි .මේ දෙගොල්ලොම 2003දි තීරනය කලා මේ ගුවන් යානා වර්ගය විශ්‍රාම යවන්න :(:(.ඒ අනුව එයාර් ෆ්රාන්ස් අන්තිම ගමන 2003.06.27 යි බ්‍රිටිශ් එයාර්වේස් එක අන්තිම ගමන 2003.10.24 ගියා . මේ අන්තිම ගමන් දෙකට සහබාගී වෙන්න අම්බ සල්ලිකාරයො හොලිවුඩ් නලු නිලියො පොරකෑව කියල කියනව .

    මේක විශ්‍රාම යවන්න හේතු වුන කරුනු බලමු දැන් .

    පලවෙනිම දේ මේකේ මේන්ටේනන්ස් කොස්ට් එක ඉතා අදික වීම .මේ ප්ලේන් අලුතෙන් හැදුවෙත් නෑ ගොඩක් වියදම් නිසා .ඒ වගේම මුල්කාලෙ හදපුව ඒ වෙනකොට අවුරුදු 30ක් විතර පරනයි .

    ඊලගට ගෙනියන්න පුලුවන් මගීන් ගනන ඉතා කුඩා වීම .මගීන් 128 ක් තමා උපරිම . මේ මගීන් ගානෙන් එක ගමනක වියදමයි ලාබෙයි හොයන්න ටිකට් එක අම්බ ගනන් වෙන්න ඕනනෙ :baffled::baffled::baffled:. ඇත්තටම මේ ප්ලේන් එකේ ලන්ඩන් ඉදන් නිව්යෝර්ක් යන ටිකට් එකේ ගානෙන් නෝමල් ප්ලේන් එකක 30 සැරයක් යන්න පුලුවන්ලු .:shocked::shocked::shocked: ඉතින් මගීන් ගාන එන්න එන්න අඩු උනා .

    අනිත් එක තමා මේකෙ අදික ශබ්දය . ප්ලේන් එක ලෑන්ඩ් කරනකොට සුපර්සොනික් බූම් ඇතිවෙලා අවට බිල්ඩින් මිනිස්සුන්ට හානි උන අවස්තා වාර්තා වෙලා තිබුන .

    අනිත් එක 2000 ජූලි පැරිස් වලදි කොන්කෝඩ් එකක් ටේක්ඕෆ් කරල තප්පරගානක් ඇතුලත පිපුරුව .මගීන් 109යි බිම හිටපු 4 දෙනෙකුයි මැරුන . මේක උනේ ගුවන් පතයේ තිබුනු කුඩා ටයිටේනියම් කෑල්ලක් වේගයත් එක්ක ඇදිල ගිහින් තෙල් ටැන්කියෙ වැදුන නිසා .මේ හේතුවෙන් ගොඩක් මගීන්ට මේ ප්ලේන් වල ආරක්ශාව ගැන ගැන ගැටලු පැනනැගුන .ඉතින් මගීන් ගාන ගොඩක් අඩු උනා .

    ඉතින් ගුවන්සමාගම් දෙකම තීරනය කලා මේව විශ්‍රාම යවන්න .දැන් කෞතුකාගාර වල තියනව කියනවනෙ .:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අමාරුවෙන් කෙටුවෙ .මෙතන ඔබන්නකො :love::love::love:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • අපෝ මොකද මට අමතක.ඉස්සර ඕකක් මගේ ළඟත් තිබුනා.දෙපාරක් විතර බිම අතුල්ලලා, යවන්න තියෙන්නේ.වයින් නෙමෙයි, අර බිම ඇතිල්ලුවම රෝද ගොඩක් වෙලා කැරකි කැරකි තියෙන සිස්ටම් එකේ එකක්.පස්සේ ඒකේ ඉස්සර තියෙන රෝදෙ කැඩුනා.තාත්තා වෙන වෙන සෙල්ලම් බඩු ගෙනත් දීපු නිසා මේකත් එහෙම්ම අමතක වෙලා ගියා....... :(:(
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපෝ මොකද මට අමතක.ඉස්සර ඕකක් මගේ ළඟත් තිබුනා.දෙපාරක් විතර බිම අතුල්ලලා, යවන්න තියෙන්නේ.වයින් නෙමෙයි, අර බිම ඇතිල්ලුවම රෝද ගොඩක් වෙලා කැරකි කැරකි තියෙන සිස්ටම් එකේ එකක්.පස්සේ ඒකේ ඉස්සර තියෙන රෝදෙ කැඩුනා.තාත්තා වෙන වෙන සෙල්ලම් බඩු ගෙනත් දීපු නිසා මේකත් එහෙම්ම අමතක වෙලා ගියා....... :(:(

    දැන් කෞතුකාගාරෙද ඒකත් :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ ඕන තරම් කොන්කොඩ් එකේ ගිහිල්ල තියනවා මන්.. කොල්ලෝ කෙල්ලෝ හදටම යනවා ඕක ඇතුලේ :P
     
    • Like
    Reactions: skymicro

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඔය මගීප්‍රවාහන සුපර්සොනික් යානානෙ. ප්‍රහාරක යානා වලට සල්ලි ගැන ඔච්චර හිතන්නෙ නෑනෙ. දැන් ඒවත් භාවිත කරන්නෙ නෑ...

    ඒකට හේතුවනම්;

    වායුප්‍රතිරෝදය අඩුකරගන්න මේව ගොඩක් ඉහලට යනව. අපි ඉන්නෙ පරිවර්තී ගෝලය කියන කොටසෙ. ඒ කියන්නෙ පෘතුවියට ලඟම වායුගෝලය. ඊට පස්සෙ කොටස අපරවර්තී ගෝලය. ඒ කොටසෙ වායු ගනත්වය අඩුයි. එතකොට වේගෙන් යන්න ඉන්දන වියදම අඩුයි.

    මේම ගොඩක් උඩින් යද්දි ඒවගෙ ඇන්ජින් වලින් පිට කරන Exhaust Gas එකේ තියන NO (නයිට්‍රස් ඔක්සයිඩ්) ගොඩක් වේගෙන් ඕසෝන් ස්තරය විනාස කරනව. ඕසෝන් හැදෙනව වගේ 1000 ගුනයක වේගෙන් විනාස කරනව කියල තමා කියන්නෙ. ඒ නිසා සුපර්සොනික් යානා සියල්ල 2009 කිට්ටුව තහනම් කලා කියල තමා මම අහල තියෙනෙ.

    සොනික් බූම් (සුපර්සොනික් බූම්) ගැන මම අහල තියන දෙයක් කියන්නම්.
    සොනික් බූම් එකක් ඇතිවෙන්නෙ යානය ශබ්දයේ ප්‍රවේගෙන්ම යම් දුරක් ගියාම. ද්වනිශක්තිය අරන් යන තරංග එක්කම යානයත් යනව. ඒ ද්වනි ශක්තිය සහිත තරංග බිඳගෙන යානය යනව, ශබ්දයේ ප්‍රවේගය ඉක්මවා යානය යද්දි. ඒමොහොතේ නිදහස් වෙන ශක්තිය තමා බෝම්බයක් වගේ ඇහෙන්නෙ. මේ වැඩේ පලපුරුදු ගුවන් නියමුවෙක් අතින් වෙනව අඩුයිලු. මොකද එයාල වැඩිවෙලාවක් යානය ද්වනි ප්‍රවේගයේ රඳවගන්නෙ නෑ.

    වැරැද්දක් තියේනම් කියන්න හොඳේ....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    good one :)
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    එල....

    11.gif
     
    :):):):):)
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ඔකේ බන් ඇතුලේ ඉන්න එවුන් කතා කලාම ඇහෙන්නේ නැද්ද එහාපැත්තෙ එකාට ප්ලේන් එක යද්දී

    ජෝගි නෙමේ සිරාවටම මට තියන පුරස්නයක්

    සද්දේ වේගෙට වැඩ හය්යෙන් යන හින්ද
     
    එල කොල්ලෙක්
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඔකේ බන් ඇතුලේ ඉන්න එවුන් කතා කලාම ඇහෙන්නේ නැද්ද එහාපැත්තෙ එකාට ප්ලේන් එක යද්දී

    ජෝගි නෙමේ සිරාවටම මට තියන පුරස්නයක්

    සද්දේ වේගෙට වැඩ හය්යෙන් යන හින්ද

    අඩෝ ඒක ඇඬෙන ප්‍රශ්නයක් බන්