අපේකම අමතක නොවුණු හරි අපුරු ගම්මානය

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    අපේකම අමතක නොවුණු හරි අපුරු ගම්මානය

    11.jpg

    22.jpg

    33.jpg

    44.jpg

    55.jpg
    දෙස් විදෙස් සංචාරක ඇස යොමු වූ සාම්ප්‍රදායික ඉපැරැණි අපේ ගම තේමා ගම්මානය පිහිටා ඇත්තේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පින්නවල සංචාරක කලාපයේ ය. මා ඔයට හා එළිමහන් සත්වෝද්‍යානයට යාබදව, පින්නවල අලි අනාථාගාරය සමීපයේ පිහිටි මෙය, ඉපැරැණි ගමක සංස්කෘතික අංග ලක්ෂණ විදහා පාන්නකි.
    ප්‍රාග් ‍ඓතිහාසික යුගයට නෑකම් කියන , සබරගමු පළාත තුළ 17 හා 18 වැනි සියවස්වල පැවැතියා වූ අංග ලක්ෂණවලින් සමන්විත ජන උරුමය මෙන් ම, පොදුවේ ලංකාව තුළ විද්‍යමාන වූ ජන උරුමය අනාගත පරපුර වෙත උරුම කර දීමේ ඒකායන අරමුණ පෙරදැරිව මේ ස්ථානය නිර්මාණය කර ඇත.පෙර ගැමි ජනයාගේ ජීවිතයේ අංග ඇතුළත් අපේ ගම තේමා ගම්මානය, එදා ඔබ දිවි ගෙවූ ගැමි පරිසරය වෙත මොහොතකට කැන්දාගෙන යාමට සමත් ය.
    මෙහි පිවිසෙන ඔබ, ක්ෂණයකින් ඔබේ කුඩා අවදියට යනු ඇත‍. ඒ පරිසරයට පියමං කරනු නියත ය. එදා ගමේ ගොඩේ වෙල් එළියේ ගැවසෙමින්, ළඳු, දෙනි කැලෑවල ඇවිදිමින්, කටු මැටි බිත්තිවලින් යුතු නිවහනේ ලද ඒ සොඳුරු අත්දැකීම, ඔබට විඳගන්නට ලැබෙන ප්‍රීති ප්‍රමෝදයෙන් ඔබ නොනිමි සතුටක් ලබනු ඇත. එදා පරිසරයේ මිහිරි අත්දැකීම් අතර සැරිසරන ඔබේ දුවා දරුවන්,අතීතයේ ගැමි දිවියේ සොඳුරු බව මොහොතකින් අත්විඳ ගන්නවාට සැකයක් නැත.එදා පැවැති ආර්ථික, සමාජීය, සංස්කෘතික, අධ්‍යාත්මික හා නීතිමය වටපිටාව පිළිබිඹු වන පරිදි මේ ඉපැරැණි සදාම්ප්‍රදායික ගම්මානය ඉදිකර තිබීමෙන්, ඔබේ දරුවා ‍දැනුමින් පොහොණි වනු ඇත. සාම්ප්‍රදායික ගැමියාගේ ජීවන රටාව හා සබැඳි සියලු ම අංග ලක්ෂණ කැටි කරමින් නිමැවූ මේ බිම, එක්තරා අතකින් බලන කල දැනුම් ආකරයකි.
    මෙම අපුරු ගම්මානයේ සුන්දරත්වය දැකගන්න පහත වීඩියෝව නරබන්න