"මම මේක එළකිරි එකේ දාන්නද?"
- "එතකොට ඔයාගේ අනන්‍යතාවය දැනගන්නවනේ ඒ ගොල්ලෝ."
"ඒකත් ඇත්ත. හැබැයි ඉතිං මේකේ ඉන්න අදාළ එවුන් හැම එකාම දන්නවා මගේ අනන්න්‍යතාවය. අනික අවුරුද්දකින් විතර මම මොකුත් දාලත් නැහැ."
- "හොඳ විදියක් කරන්න එහෙනම්"
චුට්ටකට කලින් මමයි, මගේ wife යි දෙන්නා කතාවුන විදිය.
කාත් කවුරුත් නැතිව UK ආවා කියපුවම, වචනෙකින් හරි උදව්වට හිටියේ එළකිරි එකේ ඉන්න ඈයෝ විතරයි මුලින්ම.
අඩුවට කන විදියේ ඉඳලා, ජොබ් එකක් සෙට් කරගන්න තැනටම උදව් ලැබුනේ මෙතනින්.
ඒ මුල අමතක කරන්න බැහැ. අවසර ගන්න බැරි වුන නිසා වැඩිපුරම උදව් කරපු අය මම මෙතන සඳහන් කරන්නේ නැහැ.
ඒ හැමෝටම හදවතින්ම අනේක වාරයක් ස්තුතියි.
අපි දැන් ඉන්නේ මැන්චෙස්ටර්. පොඩි බබෙක් ඉන්නවා මාස 4ක. Wife එයාගේ degree එක ඉවර කළා බබා ලැබෙන්න සතියක් තියලා.
දැන් wife නිකන් ඉන්න එකේ vlog එකක් පටන් ගන්න හිතුවා. එයා තමයි script එකේ ඉඳලම, video කරන එකයි, edit කරන එකයි සේරම කරන්නේ.
මමත් වෙලාවක් තියන හැටියට පොඩි support එකක් දෙනවා. මොකද එයා මේ දේවල් කරන්නේ පලවෙනි පාරට.
අද ඉරිදා නිසා එයාගේ video එක එළකිරි එකේ බෙදාගන්න හිතුවා.
බලලා හොඳ නරක කියන්න. සෙට් වෙනවා නම් subscribe පාරක් දාන්න අමතක නොකර. යෝජනා, චෝදනා, මඩ ප්‍රහාර සේරටම විවෘතයි.
maath kawada hari enawa
