ඉතාම කාලේචිතයි ෙම් නිර්මානය. මෙහෙම තමයි හැම තැනකම සිද්ධ වෙන්නෙ. මම දන්න විදියට ගොඩාක් සිද්දස්ථාන වලට රිංග ගත්ත අන්්ය අාගමිකයන් හෙවත් මිත්යාදෘශ්ටිකයන් ඉන්නව. හරිම කනගාටුයි ෙම්ව දැක්කම. අපි තෙරුවන් කෙෙර් අපමන ශ්රද්ධාවකින් වදින්නට ගියත් අාපසු ඒන්නෙ පුදුම කලකිරීමකින්. කතරගම , දෙව්නුවර,රත්නපුර සමන් දෙවාලය වගෙ තැන්වල නම් ෙම් දෙය ඉවසන්නට පුළුවන් හිත හදාගෙන මෙය තුල ෙද්වාල තියෙනවවත් කියල. නමුත් අෙප්ම කියල තියෙන බොදු සිද්ධස්ථාන වල මෙය සිදුවෙනකොට ඉවසන්න පුළුවන්ද? වැරදියට හිතන්න නම් ඒපා මම නම් මට ෙත්රෙන දවසෙ ඉදල ෙද්වාලයකට පය තියල නෑ. කතරගම ඉදල හිටල ගියත් ෙද්වාලයට යන්නෙ නෑ. කිරිවෙහෙර වැදල ඒනවා. දවසක් මම අහපු කෙනෙකුට දීපු උත්තරයට දෙවියන් කේපවෙලා දඩුවම් කරාවි කියලයි මට ඒ අය කීවෙ. අෙන් තාම මම හොදින් ඉන්නව. මිනිස්සුන්ගෙ තියෙන මිත්යා විශ්වාස නිසාත් ෙම් අය මෙවැනි තැන්වලට රිංගාගෙන රජ කරනවා. ඔෙබ් නිර්මානයෙන් හොද දැනුවත් වීමක් වෙයි සමාජය. නිල් කොලයක් තියාගෙන පූජා වට්ටිය දිගු කලානම් පේලිම් අවශ්යත් නෑනෙ. ශ්රී මහා බේධියෙ වංශ කතාවෙ (බේධි) තියෙනව ෙම් අය සංගමිත්තාවන් ලංකාවට ඒනකොටම ෙත්වාව සදහාම අාව පිරිසක් කියල. නමුත් දැන්නම් මිත්යාදෘශ්ඨියටත්, මුදල් වලටත් යටවෙලා. හරිම කනගාටුයි. නිර්මානයෙ තියෙන බේකොලය හරිම සුන්දරයි අමිල. ඔබට ජය!