අපේ~බුදු~හාමුදුරුවෝ

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
hpim12041.jpg

මේ කොහෙද? :nerd:
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
අපි දන්නව ලෝකෙ වැඩි දෙනෙක් පාවිච්චි කරන්නෙ ඉංග්‍රීසි භාශාව. ඉතිං Google searching වල ඉහලින්ම index වෙනවනං සහ ඒක ලෝකෙ වැඩි දෙනෙක් දකිනවනං

අපි දාන සමහරක් විස්තර ඉංග්‍රිසියෙන් දාන්න පුළුවන් නම් තවත් ප්‍රයෝජනවත් වෙයි :yes:

මගෙ පෞද්ගලික මතයට අනුව නං .
බුදුන් ගෙ බාහිර පෙනුම, බෞද්ධ චාරිත්‍ර, කව්‍යමය වර්ණනා,ගුණ ගායනා වගේ දේවල් වලට වඩා දහම් කරුණු වලට අදාල විස්තරත් දාන්න පුළුවන්නම් හොඳයි.
නමුත් මං කලින් කිව්ව වගේ ඒක මගේ පෞද්ගලික මතයක් විතරයි :)

ත්‍රෙඅඩ් එක හොඳට කරගෙන යන්න. සීමා සහිත උනත් කරන්න පුළුවං උදව්වක් අපි කරන්නම් :D

:D:yes:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි දන්නව ලෝකෙ වැඩි දෙනෙක් පාවිච්චි කරන්නෙ ඉංග්‍රීසි භාශාව. ඉතිං Google searching වල ඉහලින්ම index වෙනවනං සහ ඒක ලෝකෙ වැඩි දෙනෙක් දකිනවනං

    අපි දාන සමහරක් විස්තර ඉංග්‍රිසියෙන් දාන්න පුළුවන් නම් තවත් ප්‍රයෝජනවත් වෙයි :yes:

    මගෙ පෞද්ගලික මතයට අනුව නං .
    බුදුන් ගෙ බාහිර පෙනුම, බෞද්ධ චාරිත්‍ර, කව්‍යමය වර්ණනා,ගුණ ගායනා වගේ දේවල් වලට වඩා දහම් කරුණු වලට අදාල විස්තරත් දාන්න පුළුවන්නම් හොඳයි.
    නමුත් මං කලින් කිව්ව වගේ ඒක මගේ පෞද්ගලික මතයක් විතරයි :)

    ත්‍රෙඅඩ් එක හොඳට කරගෙන යන්න. සීමා සහිත උනත් කරන්න පුළුවං උදව්වක් අපි කරන්නම් :D


    ස්තුතියි යාලුවා. වචන ටික රටක් වටිනවා.
    :)
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ගොඩක් අය ගල් විහාර පිළිම ,සමාධි පිළිම අගය කරද්දි ,

    මේ මුළු ලෝකෙන්ම මං ආසම ආසම අස කරන පිළිමය අවුකන පිළිමය :yes:
    කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ
    සාධු
    සාධු සාධු !!!


    :yes::yes::yes::yes::yes:
     

    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    niyamai bro.
    post karana sema denatama boho pin.....
    me thread ekanam site eke kohe hari thanaka active link ekak widiyata dana eka godak watinawa.
    GT ta kattiyama kiyala balamu
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    බුදු රුවින් නිරූපිත මුද්‍රා


    1. අභය මුද්‍රාව

    image-98A1_4C493D51.jpg


    2. ධ්‍යාන මුද්‍රාව

    image-C409_4C493D51.jpg


    3. වරද මුද්‍රාව

    image-24A7_4C493D51.jpg


    4. ධර්ම චක්‍ර මුද්‍රාව

    image-5B46_4C493D51.jpg


    5. ශුචි හස්ත මුද්‍රාව

    image-8889_4C493D51.jpg


    6. අභය මුද්‍රාව (දඹදිව)

    image-5A33_4C493E86.jpg


    7.භූමි ස්පර්ශ මුද්‍රාව

    image-9313_4C493E86.jpg


    8. විතර්ක මුද්‍රාව

    image-70BD_4C493E86.jpg


    9. කටක මුද්‍රාව

    image-A344_4C493E86.jpg


    10. කර්තරී මුද්‍රාව

    image-333D_4C493E86.jpg


    11. පටිග්ගහණ මුද්‍රාව

    image-03FE_4C493F67.jpg


    12. භූත දමන මුද්‍රාව

    image-4951_4C493F67.jpg


    13. වීමංසා මුද්‍රාව

    image-C9E4_4C493F67.jpg




    ප්‍රධාන චෛත්‍ය මුද්‍රා සයකි

    1. ධාන්‍යාකාර

    ධාන්‍ය ගොඩක හැඩය ඇති ස්ථුප මේ වර්ගයට අයත් වෙයි. අනුරාධපුරයේ ථුපාරාමය පළමුවෙන් ම ගොඩනැගූ කාලයේ දී වී ගොඩක හැඩය ඉසිළු බව වංශකථා වල සදහන්ව ඇත. එහෙත් මේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කළ පසු ඝණ්ඨාකාර විය.

    image-A40B_4C494423.jpg


    කැළණිය

    2. අම්ලාකාර

    නෙල්ලි ගෙඩියක හැඩය ඇති ස්ථුපය මේ වර්ගයට අයත් ය. මේ වර්ගයේ ස්ථුප තබා කරඩුවක්වත් ශ්‍රී ලංකාවෙන් ලැබී නැතැ’යි පරණවිතාන මහතා පවස යි. එහෙත් II අග්බෝධි රජු ආමලචේතිය නමින් එ කළ ප්‍රසිද්ධ ව තුබු සුථුපයක ඡත්‍රය කර වූ බව චූල වංසයෙහි සදහන් වෙයි. මෙය අම්ලාකාර ස්ථුපයක් වන්න ඇත. මෑත දී දැදිගම කොට වෙහෙරින් අම්ලාකාර ධාතු කරඩුවක් ලැබී ඇත.

    මේ ආකෘතියට අමතර ලෙස වෙනත් බෞද්ධ රට වල චෛත්‍යය ආකෘති කිහිපයක් දක්නට ලැබේ. ඒවා අතර පලාණ්ඩිවාකාර (= ලූණු ගෙඩියක හැඩය) , අණ්ඩාකාරය (= බිත්තරයක හැඩය), චතුරශ්‍රාකාර (= හතරැස් ආකාරය), අෂ්ටාශ්‍රාකාර (= අට පට්ටම් හැඩය) ද වෙයි.

    3. ඝණ්ඨාකාර

    ඝණ්ඨාවක හැඩය ඇති ස්ථුප මේ නමින් හැදින්විණි. 8 – 10 යන සියවස් වල ශ්‍රී ලංකාවේ ප්‍රචලිත ව පැවති දිගටි හැඩයකින් යුත් ගර්භයක් සහිත ස්ථුප මීට අයත් යැයි සැළකේ. සියමය, බුරුමය, ශ්‍රී ලංකාව වැනි රට වල ඝණ්ඨාකාර චෛත්‍යය බෙහෙවින් ජනප්‍රිය ය.

    image-DE85_4C49431F.jpg


    ථුපාරාමය

    4. පද්මාකාර

    පියුමක ආකෘතිය ගත් ස්ථුප අයත් ය. දැදිගම කොට වෙහෙර ධාතු ගර්භයක ගඩොලින් තනා තුබු පද්මාකාර හැඩයෙන් යුත් ස්තූපයක් සොයාගෙන තිබේ. මුග දී කොට වෙහෙර මේ හැඩයෙන් තනා තිබෙන්නට ඇතැයි සිතිය හැකි ය. පොළොන්නරුවේ දෙමළ මහා සෑයත්, බුත්තල යුදගනා ස්තූපයත් පද්මාකාර චෛත්‍යයට අයත් යැයි පරණවිතාන මහතා කල්පනා කරයි.

    image-AE93_4C494515.jpg


    දෙමළ මහා සෑය

    5. ඝඨාකාර

    කළයක හැඩය ඇති ස්ථුප වර්ග මීට අයත් ය. මේ චෛත්‍යය විශේෂය මුල සර්වාස්තිවාද බෞද්ධයන් අතර ජනප්‍රිය ව පැවති බව පිළිගැනේ. කතරගම කිරි වෙහෙර, සෝමාවතී චෛත්‍යය,සිතුල්පව්වේ හා මගුල් මහා විහාරයේ ස්ථුප ද මුලින් මේ වර්ගයට අයත් වූ බව පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසය යි.

    4540524584_f282b4e362.jpg


    සෝමාවතී චෛත්‍යය

    6. බුබ්බුලාකාර

    දිය බුබුළක හැඩය ඇති ස්ථුප මේ ගණයට අයත් වෙයි. දුටුගැමුණු රජු රුවන්වැලි සෑය සෑදුවේ බුබ්බුලාකාර හැඩයෙන් යුතුව ය. පොළොන්නරුවේ කිරි වෙහරෙ හා රන්කොත් වෙහෙර ද මේ ගණයට අයත් ය.

    image-7B65_4C4946E3.jpg


    රුවන්වැලි සෑය





    වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යය නම්