අපේ වැඩ අපිම කරන්න උත්සාහා ගනිමු

vhe9092

Member
Mar 17, 2011
235
50
0
අපේ වැඩ අපිම කරන්න උත්සාහා ගනිමු


මම හිතන්නේ එළකිරියේ මම නිර්මාණයක් විදියට දාන පළවෙනි ත්රෙඩ් එක මේක තමයි.


අපේ ගෙදර සාලයේ සිවිලිමක් තිබුනේ නැ. බාස්ලා දෙන්නෙකුට කතා කලත් ඒගොල්ලො අවේ නැ. බොරු කිය ක්ය් හිටියා.:(:(:(:(:(:(:(:(:( ඔය අතරේ මම එළකිරියේ දැකපු ත්රෙඩ් 1ක් නිසා සීලිම ගහන වැඩේ මටම කරන්න හිතුනා.:yes::yes::yes::yes::yes:


මේ තියෙන්නේ "dinumadushan" සහොදරයා දාපු ත්රෙඩ් 1.

ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක් - ElaKiri Community
http://www.elakiri.com/forum/showthread.php?t=1524145



කොහොම හරි සාලයේ සීලිමට අවැසි බඩු ප්රසමාණය හොයලා බඩු ගෙනැල්ලා වැඩේ කලා.

මේකට අවශ්යස බඩු වුනේ….

1. Drill Machine 1k (මම ගත්තේ කුලියට දවසකට රු 150.00)

2. Ceiling Sheet (මම ගත්තේ අඩි 2X2 ලේසියට 1 ක් රු 200.00 ක් වුනා මේවා තින්තත් ගාලා තිබුනේ . නැත්තම් ලොකු අඩි 4X4 ශීට් අරන් අඩි 2X2 ප්ර්මාණයට කපා ගන්න ඔනි.)

3. Main “T” Bars අඩි 12’ (1 ක් රු 240.00 ක් වුනා)

4. Cross Bars අඩි 2’ (1 ක් රු 60.00 ක් වුනා)

5. “L” Bars අඩි 10’ (1 ක් රු 180.00 ක් වුනා)

6. සීලිම වහලයේ එල්ලීමට ගැල්වනයිස් කම්බි(1kg ක් රු 200.00 ක් වුනා)

7. ඇණ, රෝල් ප්ලග්, ඉස්කුරුප්පු නියනක්, අවශ්ය.නම් ඇණ සදහා වොශර් , අඬුවක්.


මේ තියෙන්නේ ගෙනාපු බඩු වලින් ටිකක්...

DSC_0263.jpg


DSC_0264.jpg


DSC_0266.jpg


මුලින්ම “L” Bars මුලින්ම අවශ්යආ උසින් හයි කරා මේන්න මේ ආකාරයට...........

DSC_0261.jpg


DSC_0260.jpg


DSC_0262.jpg


ලඟට Main “T” Bars සහ Cross Bars හයි කලා කම්බි වලින් වහලයේ එල්ලුවා මේන්න මේ ආකාරයට...........

DSC_0267.jpg


ඉට පස්සේ ශීට් දාන්න පට්ටාන් ගත්තා දෙයියනේ කියලා මේන්න මේ ආකාරයට...........

DSC_0269.jpg


DSC_0270.jpg


ශීට් දැම්මාට පස්සේ මෙන්න මෙහෙමයි ප්රේතිඵළය

DSC_0272.jpg


http://s5.postimg.org/i1qonzeef/DSC_0274.jpg

DSC_0274.jpg


DSC_0273.jpg



මට මේ වැඩේ පටන් ගන්න හොඳ ආරම්බයක් අදහසක් ලබා දුන්නු "dinumadushan" සහොදරයා බොහොමත්ම ස්තූති වන්ත වෙනවා.


නික් කාරනාව තමයි Drill Machine 1k පාවිච්චි කරද්දි බොහොම ප්‍රවේසමෙන් කරන්න ඔනි. විසේසයෙන් අත් හුරුවක් නැති නම්, ඒ කිවුවේ අඩුම ගානේ බ්ත්තියට මිටියකින් ඇණයක් වත් ගහන්න පුලුවන් වෙන්න ඔනි. අනික මේකට මට දවස් කීපයක්ම ගොඩක් මහන්සි වෙන්න වුනා. ඒත් අන්තිමට වැඩේ කරලා ඉවර කලා ඒකේ ලස්සන බලනකොට හිතට දැනෙන සතුට කියල නිම කරන්න බැ........ :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
ඔයාලත් ඔයාලගේ ගෙදර වැඩ තනියම කරන්න උත්සාහක් අරන් බලන්න...


හැමෝටම තෙරුවන් සරණයි............
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    machan ape gedara bass kenek keruwa. pora kambi wenuwata damme L bars , patta hayiyai. mara neat.hellennewath naha. ubath aye karanawa nam kambi wenuwata Lbars use karapan.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    good job bro රටටම /එලකිරියටම ආඩම්බරයක් උබ මචන් නියමයි මහන්සියට
    උබට ඇගයිමක් ලැබෙන්න ඇතිනෙ ගෙදරින් එ වගෙම එලකිරියටත් සෙට් වෙලා හොද ත්‍රෙඩ් දාපන්
    අනික උබලා වගෙ මිනිස්සු තම්යි අපෙ සමාජයට ඔන
     

    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    machan ape gedara bass kenek keruwa. pora kambi wenuwata damme L bars , patta hayiyai. mara neat.hellennewath naha. ubath aye karanawa nam kambi wenuwata Lbars use karapan.

    එහෙමත් පුලුවන්ද? අපේ වහලේ පරාල තියෙන්නේ ගොඩක් ඇතින් නිසා කම්නි පාවිචිය ලේසී කියලා මම හිතනවා. ස්තුති අයිඩියා එකට තව කාමරයක් තියනව එකේ ට්‍රයි කරලා බලන්න ඔනි. :D
     
    • Like
    Reactions: kputha

    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    good job bro රටටම /එලකිරියටම ආඩම්බරයක් උබ මචන් නියමයි මහන්සියට
    උබට ඇගයිමක් ලැබෙන්න ඇතිනෙ ගෙදරින් එ වගෙම එලකිරියටත් සෙට් වෙලා හොද ත්‍රෙඩ් දාපන්
    අනික උබලා වගෙ මිනිස්සු තම්යි අපෙ සමාජයට ඔන

    ස්තුති ඔවු අහන හැමෝටම විස්වාස නැ. සමහරු හිනාත් වෙනවා ඕවා කරන්නේ බාස්ලා කියලා. ගෙදර කට්ටිය නම් ගොඩක් සතුටින් ඉන්නේ...... :yes:
     

    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    cross bars and T s ekata joint kela kohomada?:dull::dull:

    T Bar එකකට දෙපැත්තෙන් නේ Cross Bar දෙකක් හයි වෙන්නේ.... හැම Cross Bar එකක් කෙලවර ලොක් වෙන අයිටම් 1ක් තියනව.T Bar එකකට දෙපැත්තෙන් නේ Cross Bar දෙකක් තද කලාම ලොක් වෙනවා අයෙත් ගලවන්න බැ. මේ තියෙන්නේ..............


    DSC_0294.jpg