අභිධර්ම සංගමය.

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දකින දේ විතරයි විපාකයක් විදිහට විතරක් වැඩ කරන්නෙ. හේතුව, චක්කු විඤ්ඤානය පහල වෙන්නේ සෝමනස්ස සහගත හා දෝමනස්ස සහගත කියන සිත් වර්ග දෙකට අදාලව විතරයි. අනෙක් වික්ඤානවලදි වගේ උපේක්ෂා සහගත සිත් ඇති වෙන්නේ නෑ. ඒ කියන්නෙ, අපේ සිතට චක්කු ප්‍රසාද වලින් රුපයක් ගන්නකොට, පෙර කර්ම වලට අනුව, අපිට ඒ රුපය ප්‍රියජනකද, අප්‍රියජනකද කියන එක ඉබේම තීරණය වෙනව.අසූචි ගොඩක් දකින කොට, පෙර කර්ම අනුව බොහෝ විට අපි ඒක දෝමනස්ස සහගත සිතකින් අරගෙන ඒක ගැන අප්‍රියතාවක් ඇති කරගන්නව. ඒ අතර තව සමහර අය එකම අසූචි ගොඩ සෝමනස්ස සහගත සිතකින් අරගෙන, ඒක ගැන ප්‍රියතාවක් ඇති කරගන්නවා. ඇසට අතරමැද, එහෙම නැත්නම් උපේක්ෂා සහගත වෙන්න බෑ.දැන හෝ නොදැනුවත්ව, රුපය විනිශ්චය කරනව. චක්කු විඤ්ඤානය හැර අනෙක් ඔක්කොම වික්ඤාන වලට උපේක්ෂා සහගත සිත් ඇති කරගැනීමේ හැකියාව තියනව. ඒකයි ඇස විශේෂ. මම අහල තියනව අන්ධ කෙනෙක්ට මාර්ගඵල ලබන්න බෑ කියල. සමහර විට මේ හේතුව නිසා වෙන්න ඇති. කොහොම උනත් චක්කු විඤ්ඤානය වැඩ කරන විදිහ අනෙක් වික්ඤාන වලට වඩා ටිකක් වෙනස්.

අනික් පැත්ත නේ බං ? චක්කු සෝත ඝාන ජිව්හා 4ම උපේක්ශා සහගත. කාය විඤ්ඤාණෙයි සුඛ සහගතයි දුක්ඛ සහගතයි කියල බෙදෙන්නෙ.

ඒ කියන්නෙ අපියි ප්‍රියතාවය අප්‍රියතාවය අනුව කුසල විපාක සිතක් හෝ අකුසල විපාක සිතක් කරගන්නෙ. ඒත් එතනදි වෙන්නෙත් පෙර කරපු කර්මයක් පලදීමනෙ. ඒ විදිහට ගත්තත් සියල්ල කර්මයට භාරදුන්න කිව්වෑකිනෙ :oo:
 
xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අන්ධ කෙනෙක්ට චක්කු විඤ්ඤානය පහල වෙන්නේ නෑ. චක්කු විඤ්ඤානය පහල උනොත්, එයාට රුපයක් පේන්න ඕන. බිහිරි කෙනෙක්ට සෝත විඤ්ඤානය පහල වෙන්නේ නෑ. ඔය වගේ, ඒ විඤ්ඤානය පහල වෙන්න අදාළ ප්‍රසාද හරියට වැඩ කරන්නේ නැත්නම්, ඒ විඤ්ඤානය පහල වෙන්නේ නෑ.

    එතකොට, කන ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති, රස දැනෙන්නේ නැති කෙනෙක්, ඒවා තියන කෙනෙකුට වඩා කර්ම අඩුවෙන් නේද ‍රැස් කරන්නේ? කර්ම ( කුසල්, අකුසල්) ‍රැස් කිරීම නේද අපිව මේ භවයට බැදලා තියාගන්න හේතුව? එහෙම ගත්තහම ආබාදිත අයට අනිත් අයට වඩා ලේසියෙන් නිවනට ලං වෙන්න පුලුවන්ද? මම අහල තියන විදිහටනම් ආබාදිත වෙන්නේ පෙර ආත්මවල අකුසල් කර්ම කරපු අය. මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අනික් පැත්ත නේ බං ? චක්කු සෝත ඝාන ජිව්හා 4ම උපේක්ශා සහගත. කාය විඤ්ඤාණෙයි සුඛ සහගතයි දුක්ඛ සහගතයි කියල බෙදෙන්නෙ.

    ඒ කියන්නෙ අපියි ප්‍රියතාවය අප්‍රියතාවය අනුව කුසල විපාක සිතක් හෝ අකුසල විපාක සිතක් කරගන්නෙ. ඒත් එතනදි වෙන්නෙත් පෙර කරපු කර්මයක් පලදීමනෙ. ඒ විදිහට ගත්තත් සියල්ල කර්මයට භාරදුන්න කිව්වෑකිනෙ :oo:

    මටනම් මතක විදිහට චක්කු වික්ඤාන විතරයි උපේක්ෂා නොවෙන්නේ. ඔයා කලින් දාල තිබ්බ සටහනෙත් ඒකම නේද කියවෙන්නෙ? ප්‍රිය අප්‍රියතාව පොදුවේ ගත්තොත් අපේ සකස් කරගැනීමෙන් හා කර්ම විපාක සකස් වීම කියන දෙකෙන්ම සිද්ද වෙනව. චක්කු විඤ්ඤානය විපාක සිත් විතරක් උනා කියල, අනෙක් සිත් ඔක්කොමත් විපාක සිත් වෙන්නේ නෑනෙ. එතකොට සියලු සිත් කර්මය නිසා ඇති වෙනව කියන්නත් බෑනෙ.

    ඔයා කියපු විදිහට සිත් බෙදල තිබ්බ තැනක් දැක්කොත් මට link එකක් එවනවද? මාත් ආයිමත් මගේ notes ටික බලන්නම් මට වැරදීමක් වෙලාද කියල.;)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එතකොට, කන ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති, රස දැනෙන්නේ නැති කෙනෙක්, ඒවා තියන කෙනෙකුට වඩා කර්ම අඩුවෙන් නේද ‍රැස් කරන්නේ? කර්ම ( කුසල්, අකුසල්) ‍රැස් කිරීම නේද අපිව මේ භවයට බැදලා තියාගන්න හේතුව? එහෙම ගත්තහම ආබාදිත අයට අනිත් අයට වඩා ලේසියෙන් නිවනට ලං වෙන්න පුලුවන්ද? මම අහල තියන විදිහටනම් ආබාදිත වෙන්නේ පෙර ආත්මවල අකුසල් කර්ම කරපු අය. මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන.

    ඔවු. දැන් බලන්නකො අංශභාගය හැදිච්ච කෙනෙක් බොහොම අඩුවෙන්නෙ පවු කරගන්නෙ. කෙනෙක්ව මරන්න හිතුවත් ඒක ක්‍රියාත්මක කරන්න බෑනෙ. එයා මේ භවයේදී පසුගිය කර්මයක විපාක ගෙවනව. හැබැයි එයාගෙ ආභාධය හේතුවෙන් අඩුවෙන් පවු රැස් කරගන්නව. හැබැයි ඒ වගේම රැස් කරගන්න පිනුත් අඩුයි.
    අන්දනම්, බිහිරිනම්, රුපය අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි කියන දේ වටහාගන්න එයාට බෑ නේද? කරවිල තිත්තයි කියල අවබෝධ කරගන්න රහ බලන්නම ඕනනෙ. කොහොඹ කොළ ඊට වඩා තිත්තයි කියල දැනගන්න දෙකේම රහ බලල තියෙන්න ඕනනෙ. ඒ වගේ තමයි සිතට සංඥාවක් ගැනීමෙන් පසු පමණයි ඒක විදර්ශනා කරන්න පුළුවන්. එතකොට ප්‍රසාද හරියට වැඩ කරන්නේ නැති කෙනෙක්ට නිවනට ලං වෙන්නත් අමාරුයි.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    එතකොට, කන ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති, රස දැනෙන්නේ නැති කෙනෙක්, ඒවා තියන කෙනෙකුට වඩා කර්ම අඩුවෙන් නේද ‍රැස් කරන්නේ? කර්ම ( කුසල්, අකුසල්) ‍රැස් කිරීම නේද අපිව මේ භවයට බැදලා තියාගන්න හේතුව? එහෙම ගත්තහම ආබාදිත අයට අනිත් අයට වඩා ලේසියෙන් නිවනට ලං වෙන්න පුලුවන්ද? මම අහල තියන විදිහටනම් ආබාදිත වෙන්නේ පෙර ආත්මවල අකුසල් කර්ම කරපු අය. මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන.

    නිවන් යන්න තියන ප්‍රධාන බාදාව බාහිර අරමුණු නෙමේ.. තමංගෙ තියන තණ්හාව. තණ්හාව කියන එක කොච්චර බීරි උනත්, ගොලු උනත් නැති වෙන්නෙ නෑ..
    ගැඩවිලාටත් තණ්හාවක් තියනව , ඒනිසයි ඌ අරමුණක් හොයාගෙන යන්නෙ.
    ඇමීබටත් තණ්හාවක් තියන්වා, ඒකයි ඌ භක්ශනය කරන්නෙ... අරමුනු නැති උනා කියල තණ්හාව නැති වෙන්නෙ නෑ.
    අසඥ්ඥ තලේ ඉන්න කෙනෙක් කල්ප 500ක් ඉඳල එන්නෙ. එයාට එහෙ ඉන්නකම්ම මොකුත්ම දැනෙන්නෙ නෑ. ඒත් නිවන් දකින්නෙ නෑනෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටනම් මතක විදිහට චක්කු වික්ඤාන විතරයි උපේක්ෂා නොවෙන්නේ. ඔයා කලින් දාල තිබ්බ සටහනෙත් ඒකම නේද කියවෙන්නෙ? ප්‍රිය අප්‍රියතාව පොදුවේ ගත්තොත් අපේ සකස් කරගැනීමෙන් හා කර්ම විපාක සකස් වීම කියන දෙකෙන්ම සිද්ද වෙනව. චක්කු විඤ්ඤානය විපාක සිත් විතරක් උනා කියල, අනෙක් සිත් ඔක්කොමත් විපාක සිත් වෙන්නේ නෑනෙ. එතකොට සියලු සිත් කර්මය නිසා ඇති වෙනව කියන්නත් බෑනෙ.

    ඔයා කියපු විදිහට සිත් බෙදල තිබ්බ තැනක් දැක්කොත් මට link එකක් එවනවද? මාත් ආයිමත් මගේ notes ටික බලන්නම් මට වැරදීමක් වෙලාද කියල.;)

    රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ අභිධර්ම මාර්ගයෙ තියෙන්නෙ. කාය විඤ්ඤාණය විතරයි සුඛ සහගත දුක්ඛ සහගත කියල බෙදෙන්නෙ :yes: චක්ඛු විඤ්ඤාණය හැම තිස්සෙම උපෙක්ඛා සහගත :yes:
    පිටුව 41 42

    swwwwwwwwwwwwwwwwwwwwwwwww.png
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ අභිධර්ම මාර්ගයෙ තියෙන්නෙ. කාය විඤ්ඤාණය විතරයි සුඛ සහගත දුක්ඛ සහගත කියල බෙදෙන්නෙ :yes: චක්ඛු විඤ්ඤාණය හැම තිස්සෙම උපෙක්ඛා සහගත :yes:
    පිටුව 41 42

    swwwwwwwwwwwwwwwwwwwwwwwww.png
    කයට සැප දුක
    මනට සැප දුක උපේක්ෂා
    ඉතිරි හතරම උපේක්ෂා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ අභිධර්ම මාර්ගයෙ තියෙන්නෙ. කාය විඤ්ඤාණය විතරයි සුඛ සහගත දුක්ඛ සහගත කියල බෙදෙන්නෙ :yes: චක්ඛු විඤ්ඤාණය හැම තිස්සෙම උපෙක්ඛා සහගත :yes:
    පිටුව 41 42

    :rolleyes::rolleyes::rolleyes:
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    හොඳයි. ඒත් තවත් ගැටලුවක් එනව ඕකෙන්,

    හිතන්න කෙනෙක් තමන්ගෙ අම්ම මරන්න order කරනව. ඒත් අම්මව මරන්න කලින් මෙයා මැරෙනවා. මෙයා මැරිල ඉපදෙනව පරන පිනකින් දිව්‍ය ලෝකෙ. ඊට පස්සෙ අර අම්මව මැරෙනව.
    දැන් අරූ දිව්‍ය ලෝකෙන් වැටිල ආනන්තර්‍ය කර්මය නිසා අපායට යනවද?
    :eek:

    ehema karala diwayaloke yannath pulwuanda ban ????
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    තවත් එක් මැටි හරකෙක් කළුබෝවිල ආනන්ද නමින් නිර අපේක්ෂත්වයේ අභිවෘද්ධිය ලබයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1836732

    27459943_1638086126237632_7874084645102998122_n.jpg

    --

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    වලස්මුල්ලේ අභය බමුණාගේ සෝ-වහං
    http://www.elakiri.com/forum/showthread.php?t=1835776

    වමනේ යන කක්කා යන භාවනා
    http://www.elakiri.com/forum/showthread.php?t=1833185

    චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1825216

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    යාලුවෝ.. මම තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවන්ගේ බන DVD ටිකක් හොයාගෙන බාලගෙන යනවා.. හොදට විස්තර කරලා දේශනා කරනවා.. කවුරුහරි ගාව සම්පූර්ණ DVD සෙට් එකම තියනවද? තියනවනම් කියන්න.. ලොකු පිනක්..