දකින දේ විතරයි විපාකයක් විදිහට විතරක් වැඩ කරන්නෙ. හේතුව, චක්කු විඤ්ඤානය පහල වෙන්නේ සෝමනස්ස සහගත හා දෝමනස්ස සහගත කියන සිත් වර්ග දෙකට අදාලව විතරයි. අනෙක් වික්ඤානවලදි වගේ උපේක්ෂා සහගත සිත් ඇති වෙන්නේ නෑ. ඒ කියන්නෙ, අපේ සිතට චක්කු ප්‍රසාද වලින් රුපයක් ගන්නකොට, පෙර කර්ම වලට අනුව, අපිට ඒ රුපය ප්‍රියජනකද, අප්‍රියජනකද කියන එක ඉබේම තීරණය වෙනව.අසූචි ගොඩක් දකින කොට, පෙර කර්ම අනුව බොහෝ විට අපි ඒක දෝමනස්ස සහගත සිතකින් අරගෙන ඒක ගැන අප්‍රියතාවක් ඇති කරගන්නව. ඒ අතර තව සමහර අය එකම අසූචි ගොඩ සෝමනස්ස සහගත සිතකින් අරගෙන, ඒක ගැන ප්‍රියතාවක් ඇති කරගන්නවා. ඇසට අතරමැද, එහෙම නැත්නම් උපේක්ෂා සහගත වෙන්න බෑ.දැන හෝ නොදැනුවත්ව, රුපය විනිශ්චය කරනව. චක්කු විඤ්ඤානය හැර අනෙක් ඔක්කොම වික්ඤාන වලට උපේක්ෂා සහගත සිත් ඇති කරගැනීමේ හැකියාව තියනව. ඒකයි ඇස විශේෂ. මම අහල තියනව අන්ධ කෙනෙක්ට මාර්ගඵල ලබන්න බෑ කියල. සමහර විට මේ හේතුව නිසා වෙන්න ඇති. කොහොම උනත් චක්කු විඤ්ඤානය වැඩ කරන විදිහ අනෙක් වික්ඤාන වලට වඩා ටිකක් වෙනස්.
අනික් පැත්ත නේ බං ? චක්කු සෝත ඝාන ජිව්හා 4ම උපේක්ශා සහගත. කාය විඤ්ඤාණෙයි සුඛ සහගතයි දුක්ඛ සහගතයි කියල බෙදෙන්නෙ.
ඒ කියන්නෙ අපියි ප්‍රියතාවය අප්‍රියතාවය අනුව කුසල විපාක සිතක් හෝ අකුසල විපාක සිතක් කරගන්නෙ. ඒත් එතනදි වෙන්නෙත් පෙර කරපු කර්මයක් පලදීමනෙ. ඒ විදිහට ගත්තත් සියල්ල කර්මයට භාරදුන්න කිව්වෑකිනෙ


චක්ඛු විඤ්ඤාණය හැම තිස්සෙම උපෙක්ඛා සහගත
