මම කලින් කිව්වනෙ හැමදෙයක්ම හැදිල තියෙන්නේ, අඩුම තරමින්, ශුද්ධාෂ්ටක හැදිල තියල අටෙන් කියල. ඒ කියන්නේ සමහර තැන්වල ඒ අටට වඩා තියනව. ඒ තමයි සත්වයින්ගේ ශරීර වල. අපේ ශරීරයේ සමහර තැන්වල මේ ශුද්ධාෂ්ටක වල 8ට අමතරව, තව දෙකක් තියනව. ඒ තමයි
ජිවිත ඉන්ද්රිය/රූපය හා ප්‍රසාද.
ඒ දෙකත් එක්ක, මේවට දසක කලාප කියල කියනවා. ප්‍රසාද වල වනස් වීම් මත, මේ දසක කලාප ජාති 6ක් අපේ ශරීරයේ තියනව.
ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+ චක්ඛු පසාද = චක්ඛු දසක(ඇසේ ස්නායු සම්භන්ධ වන තැන මුන් ඇටයක් දෙකට කපපු හැඩයට)
ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+ සෝත පසාද = සෝත දසක (කනේ සංඛය ඇතුලෙ රත්රන් පාට කෙඳි වල)
ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+ඝාණ පසාද = ඝාණ දසක (නාසය ඇතුලත එළුකුර හැඩයක් ලෙස.)
ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+ජිව්හා පසාද =ජිව්හා දසක (දිව මත ළූණු ගෙඩි හැඩයේ අග්‍ර ලෙස)
ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+කාය පසාද = කාය දසක (කෙස්, නිය හැර, මුළු ශරීරයේම පැතිරිලා තියනව.)
ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+මනෝ පසාද = වස්තු දසක(ලේ ධාතුව මුල් කරගෙන හදවතේ.)
ජිවිත ඉන්ද්රිය මටත් තාම පැහැදිලි කරන්න තරම් අවබෝධ වෙලා නෑ. සරවම කියනවනම්, අපේ රූපයේ කර්ම කොටස පාලන කරන්නේ මේකෙන්. (මේක සරලව පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කරන්න; පිං.)
ප්‍රසාද හරියට කන්නාඩියක් වගේ අපේ වික්ඤාණයට අරමුණු ගන්න සංඥා ලබා දෙනව.
මේ දසක කලාප වල වැදගත් කම තමයි, අපේ සිත හැමවෙලේම මේ දසක කලාප වල සැරිසරමින් ඉන්නෙ.
උදා- අපේ ඇස දෙයක් දකිනකොට, අපේ සිත චක්ඛු ප්‍රසාදයට ගමන් කරනවා.
අපිට කනෙන් යමක් ඇහෙනකොට, සිත සෝත ප්‍රසාදයට ගමන් කරනව.
අපේ ඇඟේ යම් වේදනාවක් ඇති වෙනකොට, සිත කාය ප්‍රසාදයට ගමන් කරනව.
හැබැයි, අපිට පිටින් සංඥා නොලැබෙන කොට හා කල්පනාවක ඉන්න වෙලාවක, සිත පිහිටන්නේ වස්තු ප්‍රසාදයේ.
සිතට එක වෙලාවක ඉන්න පුළුවන් එක තැනක විතරයි. නමුත් මේ සිතේ සැරිසැරීම ඉතා වේගයෙන් සිදුවෙන නිසා, අපිට හැඟීමක් ඇති වෙනව, අපි TV බලනකොට, රුපය පේන්නෙයි, ශබ්දය ඇසෙන්නෙයි එකම වෙලාවෙ කියල.
ජිවිත ඉන්ද්‍රය කියන්නේ සිත චිත්තක්ෂණ 1 පෙර භංගයට පත් නොවිමට උපකාරි වන දේ එකත් චෛතසිකයක් සබ්බ චිත්ත සධාරන වෙන්නේ එකයි.
මචන් මම දැනට බිත්තර විතරයි කන්නෙ.
ඉතින් අභිධර්මය ගැන හොදින් දන්න අය කියනවද ඒක පවක්ද නැද්ද කියල? ෆාම් බිත්තර වලින් නම් කොහොමටත් පැටව් එන්නෙ නෑ. හොද බිත්තරේක උනත් මම හිතන විදිහට ඔය වෙනකොට විඥානයක් පහළ වෙලා නෑ.
චේතනන් බික්කවේ කම්මන් වදමි
ටිකක් දරුනුයි එනිසෙ සරලව කිව්වේ වැඩි විස්තර ඔනේනම් පි.එම් එකක් දන්න
චිත්ත ශක්තියෙන් සෘධි ප්‍රාතිහාර පෑම.
ශුද්ධාෂ්ටකයක් චිත්තක්ෂණ 17 කාලයක් ජරාවට පත්වීමෙන් පස්සෙ, තවත් ශුද්ධෂ්ටකයක් ඇති වීමට අවශ්‍ය ශක්තිය මුදාහැරලා, නැති වෙනවනෙ. කිසිම කෙනෙක්ට ශුද්ධාෂ්ටකයක් ඇති උනාට පස්සේ ඒකට කිසි බලපෑමක් කරන්න බැරි උනත්, මේ ඊළඟට ඉපදෙන ශුද්ධාෂ්ටකයේ ස්වභාවට වෙනස් කරන්න පුළුවන්. මොකද අර කලින් විනාශ උන ශුද්ධාෂ්ටකය, ඊළඟ එක උපදින්න අවශ්‍ය ස්වභාවයේ විස්තරත් මුදාහැරලා නැති වෙන්නෙ. අපිට පුළුවන් උනොත් මේ ශුද්ධද්ටකය නිකුත් කරන signal එක අපිට ඕන විදිහට වෙනස් කරන්න, අපිට ඒ වස්තුව සම්පුර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්.
කලින් කිව්වනෙ, ශුද්ධාෂ්ටක ඇති කරන්න පුළුවන් ක්‍රම 3 ඕජා-සාරය, ත්ජෝ-තාපය, චිත්ත-මනස කියල
භෞතික විද්‍යාවේදී හා රසායන විද්‍යාවේදී, ඕජා හා තේජෝ උපයෝගී කරගෙන අපි මේ දේ කරනවා.උදා- වතුර රත් කරලා හුමාලය ගැනීම.(තේජෝ)
රසායන ප්‍රතික්‍රියා.(තේජෝ හා ඕජා)
චිත්ත ක්‍රමය තමයි මම හිතන විදිහට ගොඩක් ප්‍රභල. අපිට පුළුවන් චිත්ත ශක්තියෙන් ශුද්ධාෂ්ටක වල ඊළඟ පරම්පරාව වෙනස් කරන්න. සෘධි ප්‍රතිහාර පානකොට කරන්නෙ ඕක.
උදා - ප්‍රභල සෘධියක් තියන කෙනෙකුට, වාතයේ තියන වයෝ ස්වභාවය බහුල ශුද්ධාෂ්ටක වල ඊළඟ පරම්පරාව පඨවි හා අපෝ බහුල ඒවා බවට පත් කරල, මිනිස් රූප මවන්න පුළුවන්. තමන්ගේ ශරීරයේ ශුද්ධාෂටක වල වයෝ ධාතුව බහුල ශුද්ධාශ්ටක ඇති කරල, බර අඩු කරගෙන, අහසේ පාවෙන්න පුළුවන්.
ප්‍රභලව නැති උනත්, සාමාන්‍ය මිනිසුන් වෙන අපිත්, එදිනදා ජීවිතයේදී, මේ දේ කරනවා.
උදා - අපිට කේන්ති යනකොට, ඇඟ රත් වෙනව, පිච්චෙනව වගේ දැනෙන්නෙ, අපේ හිතේ ඇතිවෙන ද්වේශයේ චිත්ත ශක්තියෙන්, අපේ ඇඟේ තේජෝ ස්වභාවය වැඩි ශුද්ධාෂ්ටක ඇති කරනව.
අපි සතුටු වෙනකොට, ඇඟට සැහැල්ලුවක්, පිනාගිය ගතියක් දැනෙන්නෙ, අපේ සතුටු සිතෙන්, අපේ ඇඟේ වයෝ ධාතුව වැඩි ශුද්ධාෂ්ටක ඇති වෙනව.
අපි තව කෙනෙක්ට මෛත්‍රී කරනකොට, ඇඟට සිසිලසක් දැනෙන්නෙ, අපේ මෛත්‍රී සිතෙන්, අපේ ඇඟේ ආපෝ ධාතුව වැඩි ශුද්ධාෂ්ටක ඇතිවෙනව.
ඒකාග්‍රතාවය වැඩිවෙනකොට, මේ චිත්ත ශක්ති අපේ ශරීරයේ සිමාවෙන් පිටට ගිහින්, අපේ වටේ තියන ඒවාටත් බලපෑම් කරනවා.උදා - තදින් කේන්ති ගිය කෙනෙක් ළඟ ගැවසෙන්න මිනිස්සු අකමැති.
බොහොම සතුටින් ඉන්න කෙනෙක් ළඟ මිනිසුන් ගැවසෙන්න කැමතියි.
සමහර මිනිසුන් ළඟ ගැවසුනම, ගසේ වල ඵල වැඩියෙන් ඇති වෙනව.
දැන් හිතාගන්න පුලුවන්නෙ; මේ අපි වගේ අයටත්, අපේ පරිසරයට මෙච්චර බලපෑමක් කරන්න පුලුවන්නම්; බුදුන්ට, රහතුන්ට, පරිසරයට කොච්චර ලොකු බලපෑමක් කරන්න පුලුවන්ද කියල.
මම ඔයා ඔය කියන ශුද්ධාෂ්ඨකයෙන් නිකුත් කරන සිග්නල් එකට එකග නෑ... මේක වාදයක් නෙමෙයි.
මොකද මේ ශුද්ධාෂ්ඨක ඇතිවන ක්‍රම 4ක් තියෙනවා
1.ඔජා 2.තේජෝ 3.විත්තය 4. කර්මය
මොකක්ද අර ජවන සිත් 7ක් යන සීන් එක.
1. භාවාංග සිත - කර්ම සිතක්
2. භාවාංග චලනය - කර්ම සිතක්
3. භාවාංග පරිච්ඡෙදය - කර්ම සිතක්
4. පංචාද්වාරා වරජනය - ක්රීයා සිතක්
5. (අදාල ස්ථානයේ සිත උදා- චක්කු විඤ්ඤානය) - විපාක සිතක්
6. සංපටිච්චන්නය - විපාක සිතක්
7. සංතීරන - විපාක සිතක්
8. වොත්තපනය - ක්‍රියා සිතක්
9. ජවන් --- කර්ම සිත්
..
..
..
16. තදාරාම්මන
17 ...
18. තදාරාම්මන