අභිධර්ම සංගමය.

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    .
    අනාත්ම- ඒ සියලු දේ වල අනිත්‍ය හා දුක්ඛ ස්වභාවය කාටවත් වෙනස් කරන්න, වසඟ කරන්න බෑ කියන එක.( එහෙම නැතුව ආත්මයක් නෑ කියන එක නෙමෙයි මෙතනින් කියවෙන්නෙ.)





    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා.


    මම එතන කියලම තියනවනෙ බන් "නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි" කියල. ඒ ප්‍රශ්ණය අහපු කෙනා කියල තිබ්බේ"To destroy this soul we have to go to nirvanaya."
    එකයි මම ඒ විදිහට කියල තියෙන්නෙ.
    ඔයාට තේරෙන භාෂාවෙන් කියනවනම්, මම කියල තියෙන්නෙ, රහත් උනාම විඤ්ඤානය නැති වෙන්නේ නැති නිසා තමයි එවෙලේ මැරිල නොවැටෙන්නේ.

    :rofl::rofl::rofl:
    මුන්ට තියන ආතල් එක දැක්කම හිනත් යනව.

    මේ නාඩගම මොකද්ද කියල හිතාගන්න බැරි අයට මම වැඩිය මඩ ගහන්නේ නැතුව පොඩි විස්තරයක් දෙන්නම්. ...................
    මම දන්නව මේ thread එකට එන්නෙ වැදගත්, මේ බොළඳ නාඩගම් වලට පැටලෙන්න කැමති නැති අය. ඒක නිසා මේ වගේ අයට කරන්න පුළුවන් හොඳම දේ තමයි, මෙයාලගේ

    කියන profile තුනට ගිහින්, නම යටින්ම තියන 'user list' menu එකේ 'Add to ignore list' කියන එක දාන්න. එතකොට A/C කාර් එකේ ජනෙල් වහගත්ත වගේ. බල්ලොන්ගේ බිරිලි ඇහෙන්නේ නෑ, අපිට අපේ පාඩුවේ ගමන යන්න පුළුවන්.


    tumblr_nj75y6ui4A1s2wio8o1_500.gif


    :rofl::rofl::rofl:
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    :rofl::rofl::rofl:


    හොඳට බලන්න මේ තුන්දෙනාම හරයක් ඇති, සාක්ෂි ඇති, තර්කාන්විත කිසි දෙයක් කියන්නෙ නෑ. අපි උත්තරයක් දුන්නත්, ඒක එක්කො නොදැක්ක වගේ ඉන්නව, නැත්නම් out of context අරගෙන පොඩි එවුන් වගේ උසුළු විසුළු කරනව. ඒක නිසා මෙයාලත් එක්ක කතා කරල වැඩක් නෑ. කතාවක් තියනවනෙ මොලේ තියන එවුන් 100ක් එක්ක වාද කරන එක ලේසියි කියල එක මෝඩයෙක් එක්ක වාද කරන එක.




    මම දන්නව මේ thread එකට එන්නෙ වැදගත්, මේ බොළඳ නාඩගම් වලට පැටලෙන්න කැමති නැති අය. ඒක නිසා මේ වගේ අයට කරන්න පුළුවන් හොඳම දේ තමයි, මෙයාලගේ
    Skylark
    ජිංතක ජිල්ලබකිට
    Harvard-Bio



    බුදුසරණයි.


    Done..

    bye three frnds.
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    දර්ම කරුනු ඇත්තේ අවබෝදකරගැනීමටය එනම් නිවනට හේතුකරගැනීමටය( වාද විවාදයෙන් එහාට යායූතුය.)

    බුදුන් ප්‍රමුඛ සන්ගයාට දෙන දානයක් වලකා, එයට ගරහා කොසොල් රජුගේ අතීත ඥාතීන් පිරිසක් කල්පගනන් නිරයේ දුක්විද ප්‍රේතයන්වී ගෞතම බුදුසසුනේ ඉපිද කොසොල් රජුට පෙනී සිටඇත..


    දර්ම කරුනක් පැහැදිලිකල විට එයට ගරහනවානම් , හිතාගන්න සමහරු කරගන්නා අකුසලය.

    ලන්කවේ ඉන්න , කිසිම කෙනෙක්(අපිකියන අමුලිකා ස්‍රද්ධාවෙන් ඉන්න උපාසක මහත්තයෙක්වත්) මේවගේ අකුසල් ඉල්ලගෙන කන්නේ නෑ. හේතුව ඒමිනිස්සු බවුද්ධ තෙතමනය සහිත පරිසරයක ඉන්න නිසා. ඉන්ටර්නෙට් එකෙන් නිවන්දකින්න බැරිය, ඒ පරිසරයට විත් දර්මග ගවේශනය කලයුතුය. විශේශයෙන්ම දහම් කොටස් තෝරාගත යුතුය.ධර්ම සාකච්චකලයුතුය, එවිටයි මාර්ගයට අදාල, අවබෝධයට අදාල දහම ටච්වෙන්නේ. ඒකයි සුදුජාතිකයනුත් ධර්මය ගවේශනයට මෙහි එන්නේ.
    "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු" වගේ අපිටත් පෙර නොඇසු විරු ධහම් කොටස් අවබෝධවියවුතුය.



    අනේ දෙව්දත් නොදුටු මොක්පුර..
    නිවන කෙසේවෙතත් , කුසලයට නොගරහා අකුසල් නොකරගැනීමටවත්, සේවාන් කියන නොකියන හැමෝටම ඥානය පහලවෙත්වා.


    (දහම් දැනුමට උපාදානයෙන්, වෙනත් කුසලයන්ට උපාදානයෙන් තමයි ගොඩක් අය ඉන්නේ.මාර්ගය වැඩීම ෆීල්වෙලා නැත. ඔවුන් වැරදිදනැත. අනුසෝතගාමී වැඩපිලිවෙලයි ලෝකේ ඩිෆෝල්ට් තියෙන්නේ. පටිසෝතගාමී වීම්ට දුක පිලිබද වැටහීම ගතයුතුය. දුක්ඛන් භයට්ටේන. බිය අරුතින් දුක දැකිය යුතුය. මාදැකඇති ඒපිලිබද දේශනා, වහරක හිමියන්ගේද ඇත. "සැපතුල දුකදැකීම".."අතිදුර්ලබ සම්බුද්ද සාසනයතුල......")


     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    දර්ම කරුනු ඇත්තේ අවබෝදකරගැනීමටය එනම් නිවනට හේතුකරගැනීමටය( වාද විවාදයෙන් එහාට යායූතුය.)
    අනේ දෙව්දත් නොදුටු මොක්පුර..
    නිවන කෙසේවෙතත් , කුසලයට නොගරහා අකුසල් නොකරගැනීමටවත්, සේවාන් කියන නොකියන හැමෝටම ඥානය පහලවෙත්වා
    (දහම් දැනුමට උපාදානයෙන්, වෙනත් කුසලයන්ට උපාදානයෙන් තමයි ගොඩක් අය ඉන්නේ.මාර්ගය වැඩීම ෆීල්වෙලා නැත. ඔවුන් වැරදිදනැත. අනුසෝතගාමී වැඩපිලිවෙලයි ලෝකේ ඩිෆෝල්ට් තියෙන්නේ. පටිසෝතගාමී වීම්ට දුක පිලිබද වැටහීම ගතයුතුය. දුක්ඛන් භයට්ටේන. බිය අරුතින් දුක දැකිය යුතුය. මාදැකඇති ඒපිලිබද දේශනා, වහරක හිමියන්ගේද ඇත. "සැපතුල දුකදැකීම".."අතිදුර්ලබ සම්බුද්ද සාසනයතුල......")


    This is a excerpt from one of my answers to a follower of Va-haraka thero


    ජිංතක ජිල්ලබකිට;18052750 said:
    ............
    ....................................................

    බුද්ධ දේශනාවත්, දිවා රෑ අසන සමහරුන්ට කිසිදා "ඇසෙන්නේ" නැත. ඒ ධර්මය සහ ඔවුන් අතර "දුර" මහා මේරුව තරම් වන බැවිනි. වෙහෙසකර වුවත් ඔබ වැනි බුද්ධිමතෙකු වෙනුවෙන් මම නැවත වතාවක් වෙහෙසෙන්නෙමි.

    අන්තර් ජාතික හිමිවරුන්ට, අන්තර් ජාතික චින්තනයට බිය සමහරුන්ට කලිසමේ සුලු දිය පහවේ. ඔබ ඒසේ නොවන බව ගැන මට නම් කුකුසක් නැත. එහෙත් මම නම් අන්තර් ජාතික හිමිවරු, අන්තර් ජාතික චින්තනය අගයමි. ඉංග්‍රිසි ජාතික Nanamoli හිමියන් , ජර්මන් ජාතික Nayanaponika හිමියන්, ඔස්ට්‍රේලියාවේ වෙසෙන Ajahn Brahm හිමියන් මට වල්පොල රාහුල සහ පියදස්සී හිමිවරුන් තරමටම වටනේය, විශ්වාසය. ඔවුන් විසින් ජාතිකත්ව සීමාවන් අභිභවා බුද්ධ ශාසනයට කරන ලද සේවය සුලු කොට තැකිය හැක්කේ කොදෙව් චින්තනයෙන් ඔලුව උදුම්මා ගත් "ලිං මැඬි-බයියෙකුට" පමණි.

    බුදු පියාණන් මුලු මහත් විශ්වයේ වෙසෙන සියලු ආකාර සත්වයන් පිලිබඳ මහානුකම්පාවෙන් දෙසු ධර්මය එක් භාශාවක "පද නිරුක්තියෙන්" පමනක් තෝරන්නට හැකියයි කියන්නා එක්කෝ සිහි විකල්වූ උමතුවූවෙකි, එසේත් නැතිනම් අහිංසක මෝඩයන් රවටන හොර-තක්කඩියෙකි. (බුද්ධ දේශනාව එසේ සිංහල පද නිරුක්තියෙන් පමණක් තෝරන්නට හැකි "ප්‍රහේලිකාවක්" නම් බුදු හිමියන් බණ කියා ඇත්තේ සිංහලුන්ට පමනක් විය යුතුය.) නිතර බුද්ධිය පාවිච්චි කරන ඔබ වැන්නවුන් එසේ රැවටීමට නොහැකි වීම නම් අප කාගේත් වාසනාවකි, පිණකි.

    පහතින් දක්වා ඇත්තේ පාලියෙන් ඇති බුදු දහමේ එන අනිච්ච යන්න පද නිරුක්තියෙන් අන්+ඉච්ච= අනිච්ච යනුවෙන් වර ගන්වන පුජ්‍ය වහරක අභයාලංකාර හිමිගේ විඩියෝවකි.



    මේ විඩියෝවේ විනාඩි 4.43 සිට ඒ වහරක හිමියන් තම උත්කෘෂ්ඨ ධර්ම ඥානය ප්‍රදර්ශනය කරමින් පද නිරුක්තියෙන් පෙන්වන්නේ එක් එක් මාලු වර්ග ඇතිවන අන්දමය.

    මෝහය නිසා මහත් සේ ඇලුම් කරපු නිසා මහ+අල්ලු = මාළු ඇතිවන බව එතුමා දේශනා කරයි. දැඩිසේ කාමයට සම්බන්ද වන අය, මිහිරියාව දියත් කරන්න ගියොත් මිරිදියේ උපදිනවා, කෲර බව දියත් කරන්න ගියොත් කර දියේ උපදිනවා, අඳ බව මුහු කරගත්තොත් -මුහු-අඳ= මුහුදේ උපදිනවා, සුවය ගරා ගත්තොත් සාගරයේ උපදිනවා යනුවෙන් පවසයි. හුරු කරලා අල්ලා ගත්තොත් " හුරුල්ලෝ "වෙලා උපදිනවා, සහායට අලෙවි කරන්න ගිය අය සාලයෝ වෙලා උපදිනවා, බලය පෙන්නන්න ගිය උං බලයෝ වෙලා උපදිනවා යනුවෙන්ද දේශනා කරයි.

    අපට කියවෙන්නේ අනේ "අනිච්චං" කියාය.

    ලෝකයත්, බුදු දහමත් සිංහලෙන් තෝරන, වහරක හාමුදුරුවන්ටත් ඉංග්‍රිසි දිරවන්නේ නැත. "පර සිරිත්" යනුවෙන් චෝදනා මුඛයෙන් දෙසන්නේ ඒ නිසා විය යුතුය. ඒ කෙසේ වෙතත් ලෝකයත් බුදු දහමත් තෝරන්නට නම් වහරක දේශනාව අනුව සිහල පද නිරුක්තිය දැන ගත යුතුය! (අප වැනි බුද්ධිය එතරම් භාවිතා නොකරන අයට නම් එතකොට ඉන්ග්‍රිසියෙන් "ටූනා" කියන එකා අහවල් පාප කර්මය කල නිසා එසේ ඉපදී ඇත්දැයි සිතේ.) මේවා අසන දකින අපට නම් පශ්චාත් භාගයෙන් සිනා පහල වෙයි, "යකෝ මූට පිස්සුදැයි" කියවෙයි.

    ඒ බුද්ධි හීන අපේත් බුද්ධිමත් ඔබේත් වෙනසයි.

    පද නිරුක්තියෙන් "අනිච්ච" තෝරන වහරක හිමිගේ ධර්මඥානයේ තරම එයයි.

    ඔබ කොතරම් අන්තර් ජාතික චින්තනයට අකැමැති වුවත් ඉන්ගිරිසියෙන් Can't see the forest for trees යැයි චිර-ප්‍රසිද්ධ වැකියක් වෙයි. එවැනිම වු තවත් වැකියකි See the big picture. මේවා සිංහලට පරිවර්තනය කිරීම මම ප්‍රතික්ශේප කරමි. දැනුම, අන්තර් ජාතික චින්තනය මෙන්ම common sense සඳහාද විවිද වූ කෝනයන්ගෙන් බැලිය හැකි බහුසෘතයන් අවශ්‍ය කාලයකි මේ. එවැනි අන්තර් ජාතික චින්තනයක්, common sense එකක් නැති ලිංමැඩියෝ තක්කඩින්ගේ " පද පෙරලි" හෙවත් Semantics වල සිර වී මහත් අකුසල් කරගෙන සතර අපායට පාර කපා ගැනීම අපගේ ඇස් අරවන්නක් විය යුතුය.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හීන් නූලෙන් යන අනිත් fake එක :rofl:


    "හීන් නූලෙන් යන අනිත් fake එක :rofl:" කිව්වලු "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." පවසා තමන් මහත් ධර්ම ඥාණයෙන් එසේ කියන්නේ යැයි හඟවන්න ගොස් ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරිවූ තවත් හිස් පුද්ගලයෙක්.

    මේ තියෙන්නේ තමනුත් මුලාවෙලා අන් අයවත් මුලාවට පත් කරන්න උත්සාහ ගන්නා හැටි ගැන විස්තර ටිකක්:

    1. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19701659
    ධර්මය විකෘති කල පමණකින්ම සංඝ භේදය නම් ආනන්තරිය පාප කර්මය වේ යැයි වරදවා කීම.

    2. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19733448
    පාලි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය නිවන වසා ඇතැයි ආදී ලෙස සීමාව ඉක්මවා දොස් පැවරීම.

    3. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734127
    මහා පරිමාණයෙන් බුදු දහම විකෘති කර මිනිසුන් මුලාවට පත් කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන "උන්වහන්සේ ජාති සෝතාපන්නව ( පෙර ජාතියකදී සෝතාපන්න බව ලැබූ ) උපතලද කෙනෙක්.ඒ නිසා උන්වහන්සේට ඉතිරි මගඵල ලබාගැනීමට ත්‍රිපිටකය අවශ්‍ය උනේ නැහැ." යැයි පැවසීම.

    4. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734614
    "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පවසා ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරි වීම.

    5. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1727257
    මජ්ජිමා පටිපදාව ගැන අසත්‍ය විස්තරයක් දැක්වීම.

    6. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19745823
    ධර්මය සජ්ජායනා කිරීම ගැන බොරු කීම

    7. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19746320
    ධර්ම සජ්ජායනාව ගැන බොරු කියා ධර්ම සජ්ජායනාව නොවැදගත් දෙයක් ලෙස දක්වා ඊට හේතු ලෙස ධම්මානුධම්ම පටිපදාව දක්වා ඉන් පසුව ධම්මානුධම්ම පටිපදාවට ධර්ම සජ්ජායනාව අඩංගු නැති බව හඟවන්න උත්සාහ ගත්තත් ඒ බොරුවත් විස්තර කර ගන්න බැරි වීම.

    8. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත්
    http://www.elakiri.com/forum/showthread.php?p=20211499
    "නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන මුලාවූ කතාව කීම.

    9. මීවනපලානේ මොඩර්න් බණ!
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671
    sgrdk1 විසින් ලියන ලද සහ කරන ලද නොයෙක් දේවල්

    10. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි." යැයි සෑම මිනිසෙකුටම කරන්න බැරි දෙයක් ගැන සැම මිනිසෙකුටම කරන්න පුළුවන් දෙයක් ලෙස බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    11. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප‍්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි." ලෙස මිනිසුන්ට පමණක් සීමා නොවූ ධර්මාවබෝධය ගැන බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    12. නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1754494
    ධර්මයට සහ විනයට අනුව දහම් විමසීම නොකොට වැදගැම්මකට නැති කතා කීම, ධර්මයට සහ විනයට අනුව කටයුතු කරන අයට දොස් පැවරීම, අසභ්‍ය වචන භාවිතා කිරීම, නැති අඩුපාඩු කීම යන ක්‍රියාවන් කර සිදුවන යහපත වැලැක්වීමට බොහෝ උත්සාහ ගැනීම.

    13. පරම සත්‍යය
    http://www.elakiri.com/forum/showthread.php?t=1752445
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අඥාන බවින් පවසන අධර්මය හා අවිනය "පරම සත්‍යය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    14. පරම නිබ්බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1739783
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අධර්මය හා අවිනය ප්‍රචාරය කරන තැනක් "පරම නිබ්බාන ධර්මායතනය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    15. බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
    http://www.elakiri.com/forum/showthread.php?t=1713250
    බුදුන් උපන්නේ ලංකාවේ යැයි බොරුවක් ප්‍රචාරය කිරීම.


    කළු පාටට සුදු පාට කියන්නා සේ, සුදු පාටට කළු පාට කියන්නා සේ ධර්මය සහ විනය මෙය යැයි අධර්මය සහ අවිනය බහුලව වපුරවන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ ගෝලයිනුත් යම් ආකාරයකින් දැකිය යුත්ත දකින්නේ අන්‍ය පරිද්දකින් නොවැ.

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි
    http://www.trekmentor.com/si/content/sanga/539


    220px-Yeltsin_and_clinton_laughing.jpg


    Skylark
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනාත්ම- ඒ සියලු දේ වල අනිත්‍ය හා දුක්ඛ ස්වභාවය කාටවත් වෙනස් කරන්න, වසඟ කරන්න බෑ කියන එක.( එහෙම නැතුව ආත්මයක් නෑ කියන එක නෙමෙයි මෙතනින් කියවෙන්නෙ.)

    මොකද්ද අයිසේ මේකේ තේරුම?? වසඟ කරන්න බෑ කියන්න මම, මගේ ආත්මය ඉන්නව කියල ගන්න ඕනේ නේද?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පබ්ලික් ෆෝරම් එකක පෝස්ට් දමා තම මතය, තම පෝස්ට් එක විවේචනය කරන අය, ප්‍රශ්න අසන අය ignore list එකට දාන්නේ නම් එය මහ වීරකමක් නම් නොවේ. තමන්ට හරි උත්තරයක් ගැට ගහගන්න බැරිව කිචවූ කෙනා එසේ ignore list එකට දැමීමෙන් පෙන්වන්නේ තමන් අනිත් අයගේ අදහස් වාරණය කරන, අන් මත නොඉවසන, ප්‍රජාතන්ත්‍රවාදයේ අයනු, ආයනු නොදන්නා හිස්-මහන්තත්තයෙක් බවය. උත්තර දෙන්න බැරි විවේචන ඉදිරියේ ඔලුගෙඩිය වැල්ලේ සඟවා ගන්නා අනාථ පැස්බරෙක් බවය. :P:P
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    නොර්වේ වල අකුණක් ගහල මුවෝ හෙන තොගයක් මැරිලා :dull: .

    යම් කිසි කෙනෙක් මේ මැරිච්ච මුවන් රැගෙන ගොස් මසට ගන්නවානම් එය පාපයක් නොවෙයි , මේවා පවත්ත මාංස

    එහෙත් එක රජකෙනෙක් මහා යාගයක් කරවා සතුන් හත්සීයක් මැරුව, ඒ මස් ටික පූජා කරන්න බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට වඩින්න කිව්වාම උන්වහන්සේලා වැඩියේ නෑ :)

    එහෙත් තව තැනක බුදුරජානන්වහන්සේ සීහ සේනාධිපතිට කියනවා පවත්ත මාංශයක් රැගෙන එන්න කියල

    http://i.dailymail.co.uk/i/pix/2016/08/29/14/37ADB47100000578-3763329-image-m-126_1472478112738.jpg

    http://i.dailymail.co.uk/i/pix/2016...hich_normally_migrate_-a-11_1472473296960.jpg


    http://i.dailymail.co.uk/i/pix/2016...htning_are_seen_litter-a-10_1472473296718.jpg
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් අභිදර්මය බුදුන්ගේම ඉගැන්විම්ද? සාමාවන්න එහෙම හැව්වාට මොකද මට අයියා කෙනෙක් කිව්වා එක ඉන්දියාවේ බමුනුන් විසින් එකතු කරන ලද්දක් කියලා?

    අනෙක් කරුන තමයි නිවන් දකින්න අභිධර්මය දැනගත යුතුමද?
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචන් අභිදර්මය බුදුන්ගේම ඉගැන්විම්ද? සාමාවන්න එහෙම හැව්වාට මොකද මට අයියා කෙනෙක් කිව්වා එක ඉන්දියාවේ බමුනුන් විසින් එකතු කරන ලද්දක් කියලා?

    අනෙක් කරුන තමයි නිවන් දකින්න අභිධර්මය දැනගත යුතුමද?

    ත්‍රිපිටකය විකෘති කරල භගවත් ගීතාව බමුණො ලිව්වෙත් මුළු බුද්ධ ධර්මයම එයාලගෙන copy කරපු එකක් කියල පෙන්නන plan එකේ කොටසක් විදිහට. මොකද අභිධර්මය තමයි බුද්ධාගමේ හරය. අභිධර්මය බුදුන්ගේ ඉගැන්වීමක් නොවෙන බව ඉස්සෙල්ලම ප්‍රචාරය කලෙත් මේ බමුණොම තමයි මචන්. හැම බුදුරජාණන්වහන්සේකෙනෙක්ම අභිධර්මය දේශනා කරනව. ගෞතම බුදුන් අභිධර්මය දේශනා කලේ තවුතිසාවේදී. මොකද ඒ වෙනකොට අවුරුදු 120ක් තරම් ආයුෂ අඩු වෙලා තිබ්බ මිනිස්සුන්ට එකදිගට දීර්ඝ කාලයක් බණ අහන්න මානසික හැකියාවක් තිබ්බේ නෑ. එහෙම කරල, ප්‍රඥාවෙන් අග්‍ර සැරියුත් මහරහතන්ට තමයි භාර දුන්නෙ හෙමිහිට ඒ ධර්මය මිනිස්සුන්ට කියල දෙන්න. ඒකයි සමහර අය තාම කියන්නෙ අභිධර්මය බුදුන්ගේ ඉගැන්වීමක් නෙමෙයි කියල. අනෙක මේක පොඩ්ඩක් හරි ඉගෙන ගත්ත කෙනෙක්ට තේරෙනවා මෙච්චර ගැඹුරු දෙයක් පරස්පර නොවෙන්න සමාන්‍ය මනුස්සයෙක්ට දේශනා කරන්න බෑ කියල.

    අභිධර්මය කියන්නෙ ත්රිලක්ෂණයේ සත්‍ය ස්වභාවය දැකීම. අභිධර්ම දැනුම අපි සංසාරේදි එකතු කරන දෙයක්. එහෙම එකතු කරල, සංසාරේදී අභිධර්මය ප්‍රගුණ කරපු අය තමයි එක බණ පදයක් අහල රහත් උනේ. නිවන් දකින්න අවශ්‍ය ප්‍රඥාව ඇති කරගන්න ලේසිම ක්‍රමය තමයි අභිධර්මය ඉගෙන ගැනීම. ඒක හරියට විභාගයකට යනකොට shortnote පොතක් අරන් ගියා වගේ. නිවන් දකින්න අභිධර්මය අනිවාර්යයි කියල මම හිතන්නෙ නෑ. මොකද කාටහරි පුළුවන් අපි අභිධර්මය පැය භාගයක් කියවල දැනගන්න දේ කල්ප ගානක් දුක් විඳලා අවභෝධ කරගන්න. හැබැයි නිවන් දකින්න ලේසිම මග අභිධර්මය ඉගෙන ගැනීම. මොකද කෙනෙක් නිවන් දකින්නෙ(රහත් වෙන්නෙ) අනිවාර්යයෙන් අභිධර්ම විෂය අවබෝධ කරගෙන.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මොකද්ද අයිසේ මේකේ තේරුම?? වසඟ කරන්න බෑ කියන්න මම, මගේ ආත්මය ඉන්නව කියල ගන්න ඕනේ නේද?

    පින්වත් Harvard-Bio,

    ඔබ "වසඟ කරන්න බෑ කියන්න මම, මගේ ආත්මය ඉන්නව කියල ගන්න ඕනේ නේද?" ලෙස ඇසීමේ යම් ගැටළුකාරී බවක් තිබෙනවා. එසේ ඇසීමේදී එම වදන් වලින් ධර්මයට නොගැලපෙන අර්ථයක් ඉස්මතු වන්නේ යැයි මට හිතෙනවා. ඒ නිසා ඒ ගැන මදක් සාකච්ඡා කරමු. මම කියන දේ එකවර ප්‍රතික්ෂේප කරන්නේත්, පිළිගන්නේත් නැතිව විමසා බලා ඔබට වැටහෙන පරිදි ඔබේ අදහස් දක්වන්න. වචන වලින් හෝ අර්ථ වලින් වැරදුනාට කමක් නැහැ. සමහරක් විට මම කියන දේවලුත් නිවැරදිම සහ නිරවුල්ම ආකාරයට එකවර කියා ගන්න මට බැරි වේවි. එසේ වැරදුනොත් අපි නැවත නැවත අපේ වැරදි නිවැරදි කරමින් මේ ගැන විමසා බලමු.

    ඔබ එම වදන් භාවිතා කිරීමේදී සිතා බැලුවේ යම් අයෙක් රූප වේවා, වෙදනා වේවා, සංඥා වේවා, සංස්කාර වේවා, විඥාන වේවා වසඟ කරන්න බෑ යැයි කියනවා නම් එම පුද්ගලයා කා විසින් එම වසඟ කිරීම කරන්න බෑද ලෙස සිතන බැවින් එම පුද්ගලයා නිසැක ලෙසම මම හෝ මගේ ආත්මයේ පැවැත්මක් ඇතැයි යන දෘෂ්ටියෙන්ම රූප වේවා, වෙදනා වේවා, සංඥා වේවා, සංස්කාර වේවා, විඥාන වේවා වසඟ කරන්න බෑ යැයි කිව යුතුයි ලෙසද? ඔබ සිතුවේ එසේ නම් එහි ධර්මයට නොගැලපෙන බවක් තිබෙනවා. එසේ නැත්නම් ඔබ ලියල ලද්ද ලියුවේ වෙනත් අර්ථයකින්ද? හොදින් හිතා බලා ඔබට වැටහෙන දේ පවසන්න.

    Skylark
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ත්‍රිපිටකය විකෘති කරල භගවත් ගීතාව බමුණො ලිව්වෙත් මුළු බුද්ධ ධර්මයම එයාලගෙන copy කරපු එකක් කියල පෙන්නන plan එකේ කොටසක් විදිහට. මොකද අභිධර්මය තමයි බුද්ධාගමේ හරය. අභිධර්මය බුදුන්ගේ ඉගැන්වීමක් නොවෙන බව ඉස්සෙල්ලම ප්‍රචාරය කලෙත් මේ බමුණොම තමයි මචන්. හැම බුදුරජාණන්වහන්සේකෙනෙක්ම අභිධර්මය දේශනා කරනව. ගෞතම බුදුන් අභිධර්මය දේශනා කලේ තවුතිසාවේදී. මොකද ඒ වෙනකොට අවුරුදු 120ක් තරම් ආයුෂ අඩු වෙලා තිබ්බ මිනිස්සුන්ට එකදිගට දීර්ඝ කාලයක් බණ අහන්න මානසික හැකියාවක් තිබ්බේ නෑ. එහෙම කරල, ප්‍රඥාවෙන් අග්‍ර සැරියුත් මහරහතන්ට තමයි භාර දුන්නෙ හෙමිහිට ඒ ධර්මය මිනිස්සුන්ට කියල දෙන්න. ඒකයි සමහර අය තාම කියන්නෙ අභිධර්මය බුදුන්ගේ ඉගැන්වීමක් නෙමෙයි කියල. අනෙක මේක පොඩ්ඩක් හරි ඉගෙන ගත්ත කෙනෙක්ට තේරෙනවා මෙච්චර ගැඹුරු දෙයක් පරස්පර නොවෙන්න සමාන්‍ය මනුස්සයෙක්ට දේශනා කරන්න බෑ කියල.

    අභිධර්මය කියන්නෙ ත්රිලක්ෂණයේ සත්‍ය ස්වභාවය දැකීම. අභිධර්ම දැනුම අපි සංසාරේදි එකතු කරන දෙයක්. එහෙම එකතු කරල, සංසාරේදී අභිධර්මය ප්‍රගුණ කරපු අය තමයි එක බණ පදයක් අහල රහත් උනේ. නිවන් දකින්න අවශ්‍ය ප්‍රඥාව ඇති කරගන්න ලේසිම ක්‍රමය තමයි අභිධර්මය ඉගෙන ගැනීම. ඒක හරියට විභාගයකට යනකොට shortnote පොතක් අරන් ගියා වගේ. නිවන් දකින්න අභිධර්මය අනිවාර්යයි කියල මම හිතන්නෙ නෑ. මොකද කාටහරි පුළුවන් අපි අභිධර්මය පැය භාගයක් කියවල දැනගන්න දේ කල්ප ගානක් දුක් විඳලා අවභෝධ කරගන්න. හැබැයි නිවන් දකින්න ලේසිම මග අභිධර්මය ඉගෙන ගැනීම. මොකද කෙනෙක් නිවන් දකින්නෙ(රහත් වෙන්නෙ) අනිවාර්යයෙන් අභිධර්ම විෂය අවබෝධ කරගෙන.

    බොහොම පින් පැදැදිලි කිරිමට
    මම පටන් ගාත්තා ඔය හමුදුරුවන්ගේ පාඩම් ටික අහන්න

    එත්කොට සමත විදර්ශනා භාවනා වැදගත් නැද්ද නිවන් මගට?

    එතකොට ඔබ ඔය කියන මිනින්තු කිහිපයකින් රහත් වුන අය භාවනා කරලා තිබුනේ නැතිද?

    මානස එක් තැන් කරන්න මොනවාද කරන්න පුලුවන් ලෙහෙසිම භාවනාව?
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    බොහොම පින් පැදැදිලි කිරිමට
    මම පටන් ගාත්තා ඔය හමුදුරුවන්ගේ පාඩම් ටික අහන්න

    එත්කොට සමත විදර්ශනා භාවනා වැදගත් නැද්ද නිවන් මගට?

    එතකොට ඔබ ඔය කියන මිනින්තු කිහිපයකින් රහත් වුන අය භාවනා කරලා තිබුනේ නැතිද?

    මානස එක් තැන් කරන්න මොනවාද කරන්න පුලුවන් ලෙහෙසිම භාවනාව?

    හැම භාවනාවක්ම එක වගේ වැදගත්. සමථයෙන් හිත පැහැදිලි කරල, විදර්ශනාවෙන් තමයි ප්‍රඥාව වඩන්නේ. සමථයක් නැතුව විදර්ශනාවක් කරන්න බෑ. ධර්මය ඉගෙන ගත්තත්, ඒ කරුණු ගැන විදර්ශනා කරන්න ඕන. එතකොට තමයි දැනගැනීම අවබෝධයක් කරගන්න පුළුවන්. අනාපානසතියත් පස්සෙ විදර්ශනාවකට හරවන්න පුළුවන්.

    මිනිත්තු කිහිපයකින් රහත් උන අය කලින් භව වලදි විදර්ශනා කරල නිවන් දකින්න අවශ්‍ය ප්‍රඥාව තියාගෙන තමයි ඒ භවයේ ඉපදුනේ. පොඩි මතක් කිරීමක් විතරයි උවමනා උනේ. සමහර අයට ඒ මතක් වීම ඉක්මනට උනා, සමහර අයට ටිකක් කල් ගියා. සමහර අයට අවශ්‍ය ප්‍රඥාව පොඩ්ඩක් අඩුවෙන් තිබ්බ, ඒක නිසා මහන්සි වෙලා භාවනා කරන්න උනා ප්‍රඥාවේ ඉතුරු ටික වඩන්න. සමහර අයට ප්‍රඥාවේ ලොකු අඩුවක් තිබ්බ, ඒකනිසා ඒ ජිවිත කාලයේදී කොච්චර බණ ඇහුවත්, භාවනා කලත් අර අඩුව පුරවගන්න බැරි උනා.

    සිත එක්තැන් කරන්න ලේසිම භාවනාව තමයි අනාපානසති භාවනාව. සිත පිරිසිදු කරන්න ලේසිම භාවනාව තමයි මෛත්‍රී භාවනාව. ලේසි උනාට ඔය දෙකේ අනුසස් ගොඩක් තියනව. භාවනාව පටන් ගන්න ඕන කෙනෙක් පටන් ගන්න ඕන ඔය දෙකෙන්.

    ඔයත් ධර්මය ඉගෙන ගන්න පටන් ගත්ත එක වටිනව මචන්. වචනේ වචනෙ ගානෙ හරි නිවනට ලං වෙන්නේ.
    බුදුසරණයි!
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Skylark spam කරනවා හෝ ගාල. :D
    ලියන ඒවා කියවන්නත් කවුරු හරි එපයි නේ.

    මචං, Skylark
    mmaxx මේක පටන් අරගෙන තියෙන්නේ බොහොම යහපත් අරමුණකින්.
    කරුණාකරලා මේ thread එක නාස්ති කරලා තමන්ගේ තරහ පිරිමහගන්නේ නැතුව,
    වෙන thread එකක් ඇරලා තමන්ගේ වැඩේ කරගෙන යන්න.
    මිනිස්සු කැමති නම් එකතු වෙයි.
    අකමැති නම් අයින් වෙයි.

    තමන්ගේ මතේ අනුන්ට බලෙන් පටවන්න යෑම හොඳ දෙයක් නෙමෙයි කියලා ඕනේ සාමාන්‍ය දැනීම තියන කෙනෙක්ට තේරෙන් දෙයක්.

     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    Skylark spam කරනවා හෝ ගාල. :D
    ලියන ඒවා කියවන්නත් කවුරු හරි එපයි නේ.

    මචං, Skylark
    mmaxx මේක පටන් අරගෙන තියෙන්නේ බොහොම යහපත් අරමුණකින්.
    කරුණාකරලා මේ thread එක නාස්ති කරලා තමන්ගේ තරහ පිරිමහගන්නේ නැතුව,
    වෙන thread එකක් ඇරලා තමන්ගේ වැඩේ කරගෙන යන්න.
    මිනිස්සු කැමති නම් එකතු වෙයි.
    අකමැති නම් අයින් වෙයි.

    තමන්ගේ මතේ අනුන්ට බලෙන් පටවන්න යෑම හොඳ දෙයක් නෙමෙයි කියලා ඕනේ සාමාන්‍ය දැනීම තියන කෙනෙක්ට තේරෙන් දෙයක්.




    Please put him into ignore list.. then no worries.
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    බොහොම පින් පැදැදිලි කිරිමට
    මම පටන් ගාත්තා ඔය හමුදුරුවන්ගේ පාඩම් ටික අහන්න

    එත්කොට සමත විදර්ශනා භාවනා වැදගත් නැද්ද නිවන් මගට?

    එතකොට ඔබ ඔය කියන මිනින්තු කිහිපයකින් රහත් වුන අය භාවනා කරලා තිබුනේ නැතිද?

    මානස එක් තැන් කරන්න මොනවාද කරන්න පුලුවන් ලෙහෙසිම භාවනාව?

    හිත සන්සුන් කරගැනීමට, ආනාපනයත් පුලුවන්.
    හිත ගොඩක් නොසන්සුන් නම් සක්මන්,සතිසම්පජන්න වගේ තවත් බේසික් භාවනාවක් කරන්න පුලුවන්.ඊට පස්සේ සිත සන්සුන් උනාම ආනපානයට යන්න පුලුවන්.ඔය ඔක්කොම කායනුපස්සනාවට අයිති භාවනාවන්.

    සියලු ධ්‍යාන(රුප 4, අරුප 4) ආනපානයෙන් උපදවන්න පුලුවන් අතර අනිත්වයෙන් සියලුද්‍යාන උපදවන්න බෑ.

    ආනපානයෙන් වැඩීමේ මෙතඩ් කීපයක් ඇත..
    පටිබාග නිමිත්ත, උපචාර සමාදිය හරහා ධ්‍යාන ලැබීම..
    සතිපට්ඨාන ක්‍රමයෙන් (දිගසුසුම්,කෙටි,සබ්බකාය පටිසන්වේදී.....) වලින් විදර්ශනාවට නැගීම..
    විතක්ක, විචාර දිවුනුකර සමාදියට නොයා ධ්‍යාන උපදවීම..

    තවත් ක්‍රම තිබෙන්නට පුලුවනි..
    කුමකින් වුවත්, අඩුම වශයෙන් ධ්‍යානයකවත් අත්දැකීම ලැබීමට හැකිනම් පන්චේන්ද්‍රියන්ට ගෝචර ලෝකයේත් ස්පිරිචුවල් ලෝකයේත් වෙනස අත්දැකියහැක.කතාකර කර වාද කරකර ඉන්න දේවල් වලින් ඔබ්බටගොස් ධර්මය අත්විදියහැක.
     
    Last edited:

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    uba khenda mchn igena ganne?mata uncle kenek abidarmaya dennam qwa 2h witara duaration thynwa qwa audio wala.