අභිධර්ම සංගමය.

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    12.jpg
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඊට පස්සෙ මොකක් වෙයිද දන්නවද ඔයා?
    (දන්නේ නෑ හලෝ, කියනවාකෝ)
    ඊට පස්සේ අනිච්ච අනිච්ඡ ගැන කතන්දරේ
    පෙන්නනවා මං ගිහිං බලන්ඩ දැන්


    මහාවිහාරය: අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්
    http://mahaviharaya.lk/article/25659


    Skylark


    * ගී පද "ඊතල ධර්මය - අනිච්ච කථා" ලිපියේ පරිදිම ලියන ලදී.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0


    "මහණෙනි ඒ ලෙවල් මැත්ස් කරපු උන් සොය සොයා දම් දෙසන්න" කියා බුදු හාමුදුරුවොත් දේශනා කලාද අභය?
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    විභජ්ජවාද අභිධර්ම සම්භාෂණය

    27973559_216530158903873_1016079581543583180_n.jpg


    විභජ්ජවාද දුර්මත විදාරණය කරණු වස් මහා සංඝරත්නය උදෙසා වන ආභිධර්මික සම්භාෂණය හා අසිරිමත් ස්වර්ණමාලි මහා ස්තූප පූජා පෙළහර

    2018. 05. 12 දින උදෑසන සිට රාත්‍රී 12. 00 දක්වා අනුරාධපුර ස්වර්ණමාලි මහසෑ අභියස දී පැවැත්වේ. කාලසටහන මෙතැනින් ලබාගන්න.

    විභජ්ජවාද අභිධර්ම සම්භාෂණය
    2018. 05. 12 දින උදෑසන 7.00 සිට ප.ව. 03.00 දක්වා මහා සංඝරත්නය දහස් නමකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

    වර්ෂ කිහිපයක් මුළුල්ලෙහි දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහාසංඝරත්නය උදෙසා ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය ඇතුළු ස්ථාන කිහිපයක දී අතිසාර්ථකව පවත්වන ලද සමන්තපාසාදිකා ධර්මවිනය සම්භාෂණය, ආලෝකෝ උදපාදි ධර්මවිනය ප්‍රත්‍යවලෝකනය යන සුවිශේෂී ධර්මවිනය සම්භාෂණ මෙවර විභජ්ජවාද ආභිධර්මික සම්භාෂණය නමින් 1000නමක් මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ස්වර්ණමාලි මහසෑරදුන් අභියස දී පැවැත් වේ.

    නිවැරදි ධර්ම විශ්ලේෂණක් කිරීමට අවශ්‍යය පේටකාගත න්‍යායන් හා ආභිධර්මික විශ්ලේෂණ පිළිබඳ මහා සංඝරත්නය දැනුවත් කිරීම
    ත්‍රිපිටක පර්යාප්තිය පරිශීිලනය හා සංරක්‍ෂණයෙහි ලා භික්‍ෂුව සතු කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම
    ධර්මය පිළිබඳව සමාජ ගතවන කථං කථිතාව (කෙසේ ද කෙසේ ද යන සැකය) පිළිබඳ හා ධර්ම අධර්ම විනිශ්චය පිණිස වන ශාසනික න්‍යායන් ඇතුළත් පර්යේෂණාත්මක විවරණයකි.

    මෙහෙයවීම: පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ

    අරමුණු:
    සුපේසල, ශික්‍ෂාකාමී, ධර්මවිනය ධර භික්‍ෂු පරපුරක් බිහි කිරීම තුළින් සම්බුදුසසුනේ චිරස්ථිතිය
    යුද්ධයෙන් දිවි අහිමි වූ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බලකායේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම
    යුද්ධයේ දී ආබාධිත වූ රණවිරුවන් කුසලයට නැඹුරු කිරීම හා චිත්ත ධෛර්යය වර්ධනය කිරීම
    ලක්මාතාවට හා ලෝවැසියන් සඳහා සෙත් පැතීම
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සංඛාර පච්චයා විඤ්ඤානන් කියලනෙ කියන්නෙ, ඒ කියන්නෙ සංඛාර නොහොත් සිතුවිලි වලින් විඤ්ඤානය නොහොත් සිත ඇතිවෙනව කියන එකනෙ, ඒත් අභිධර්මයෙ තියෙනව, අසංඛාර සිත් කියල කොටසක්
    අසංඛාර සිත් කියන්නෙ, සිතුවිලි වල බලපෑමක් නැතිව ඇතිවෙන සිත් නේද, එහෙනන් සිතුවිලි වල බලපෑමක් නැතුව මොනවගෙන්ද අසංඛාර සිත් ඇතිවෙන්නෙ..
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    සංඛාර පච්චයා විඤ්ඤානන් කියලනෙ කියන්නෙ, ඒ කියන්නෙ සංඛාර නොහොත් සිතුවිලි වලින් විඤ්ඤානය නොහොත් සිත ඇතිවෙනව කියන එකනෙ, ඒත් අභිධර්මයෙ තියෙනව, අසංඛාර සිත් කියල කොටසක්
    අසංඛාර සිත් කියන්නෙ, සිතුවිලි වල බලපෑමක් නැතිව ඇතිවෙන සිත් නේද, එහෙනන් සිතුවිලි වල බලපෑමක් නැතුව මොනවගෙන්ද අසංඛාර සිත් ඇතිවෙන්නෙ..

    මූ මෙහෙටත් ඇවිත් :P
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    අපි හැමෝටම මේ සංසර ගමනේ ඉක්මනටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    උතුම් අභිධර්මය ඇසීමෙනුදු පුදුම ආනිශංස ගෙන දෙන බව ☀️

    අභිධර්මය කියන එක සවන් දීමෙන් පවා පුදුම ආනිසංස ලැබෙන බව අර්ථකථා වල හැදින්වෙනවා. ඉතා වැදගත් පණිවිඩයක් පසුගිය කාලෙ අපි සඳහන් කලා. බුද්ධ කාලයෙ… කියන්නෙ කාශ්‍යප බුද්ධ කාලයේ… වනගතව ආරණ්‍යක ඉන්න ස්වාමීන් වහන්සේලා කිහිපනමක් සැමදාම රාත්‍රියට අභිධර්ම සජ්ජායනා කරනවා. ඔතන ඉන්නවා වනාන්තරේ දාර පිඹුරෙක්… මේ දාර පිඹුරා මේකට හැමදාම සවන් දෙනවා. හැබැයි ඒ දාර පිඹුර පෙර ජාති ජාතිවල රහත් බෝධිය පිණිස පෙරුම්පුරාගෙන ආපු කෙනෙක් නිසයි ධර්මයට මෙච්චර නැමුනෙ… ඔහුගේ සිතේ මේ ධර්මය පුදුම විදිහට රැදුනා. ඔහුට ධර්මය ගැන අවබෝධය නැහැ… නමුත් මේ ධර්ම කාරණා වචන ඔහුගේ සිතේ ඇඳුනා. ඔහු ඒ කුසල බලයෙන්ම දිව්‍ය ලෝක හයේම බුද්ධාන්තරයක් දෙව් සැප වින්දා.

    නැවත අපේ බුදු සසුනෙ ධර්මාශෝක සමයේදි මනුලොව පහලවුනා පාටලීපුත්‍ර නගරයේ.. ඔහුගේ නම ජනසාන. ඒ කාලයේදි බින්දුසාර රජ්ජුරුවො තමයි… ධර්මාශෝක රජ්ජුරුවන්ගෙ පියා. ධර්මාශෝක රජ්ජුරුවන්ගෙ මව්තුමියගේ කුසේ ධර්මාශෝක කුමාරයා පටිසන්ධි ගෙන සිටින කාලෙ, මව්තුමියට දොල දුකක් ඇතිවුනා කියනවා… ඉරයි හඳයි පාගාගෙන, තරුකැට තියෙන අහස් එළියට වෙලා, ගැඩවිල් පණුවන් කන්න. ඉතින් නොයෙක් පඩිවරු බ්‍රාහ්මණවරු කැඳවලා… මේ දොලදුක විසඳන්න නියම කලා. කිසිකෙනෙකුට තේරුම්ගන්න බැරිවුනා. මේ ජනසාන කැඳෙව්වා. ජනසානට පුලුවන් වුනා… ඔහු සැබවින්ම ඊට සුදුසු මණ්ඩප්පයක් ඇති කළා. විශාල ගෝල දෙකක් ඇතිකලා… ඉරයි හඳයි වෙනුවට. ඒ ලඟ මැද්දෙ ආසනයක් පැනෙව්වා… හොද සනීප ආසනයක්. උඩින් වියන් බැදලා තරු කැට දිලිසෙන ආකාරයට දිලිසෙන දේවල් එල්ලලා හැන්දෑවෙ ඉර බැස යන වෙලාවෙ, දේවීන් වහන්සේ සිවිකාවකින් වඩම්මගෙන ඇවිල්ලා පිරිසක් මැද්දෙ එතුමිය වාඩි කෙරෙව්වා අර ආසනේ. මෙන්න ඉර… මෙන්න හඳ… පාගන්න. මෙන්න අහස් එලිය… මෙන්න තරු එලිය… මෙන්න ගැඩවිල් පනුවන්… කියල යමක් කන්න දුන්නා. මොනවද මේ ගැඩවිල් පණුවන් හැටියට හැදුවෙ…? අද කාලේ ලංකාවෙත් හදනවා උදුපිටි වලින් මේ රවුම් රවුම් හදන මුරුක්කු වාගේ ජාතියක් ඒකට කියනව පැණි වළලු කියල. පැණි වළලු.. ගැටවිල් පනුවා කියල දුන්නා. ඉතින් එතුමියගේ දොලදුක සංසිදුනා…!

    ජනසාන අනාගත වාක්‍ය කිව්වා… මේ දේවියගේ කුසේ ඉන්න දරුවා මුලු ජම්බුද්වීපයට අග රජ වෙනවා… ද්වීප චක්‍රවර්තී වෙනවා… අහසෙත් පොලාවෙත් මහ මුහුදෙත් මොහුගේ අණසක පවතිනවා. ඒ වගේම දෙවියොත්, යක්ෂයොත්, වලස්සුත්, පක්ෂීනුත් මේ රජතුමාට සේවය කරන්න පෙළඹෙනවා… ඔය අනාගත වාක්‍ය කියල තිබුනා. පසුකාලෙක ඒ සියල්ල සිද්ධවුනා. ඉතින් මව්පියන්ගෙන් මේ ධර්මාශෝක රජතුමාට ඒ සියල්ල දැනගන්න ලැබිල… මේ ජනසාන සෙව්ව ඔහුට සංග්‍රහ කරන්න. ඔහු ඈත පලාතක ආජීවක පැවිද්දෙන් පැවිදි වෙලා හිටියා. පස්සෙ රජ පුරුෂයො යවල සිවිකාවකින් වඩම්මගෙන ආවා. එනකොට මහාවත්තනී කියන ආරණ්‍ය මැද්දෙන් එන්න තියෙනව. එතෙන්දි මේ ජනසානට ඕන වුනා මේ ආරණ්‍ය බලන්න. ආරණ්‍යට බැහැල ගියා… සිවිකාවෙන් බැහැල. ඇතුල්වෙනකොටම තිබුනෙ මහ අස්සගුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්න ආවාසෙ. වටේටම සතුන් ඉන්නව… බොහෝම ලස්සන සතුන්… අලි, ඇතුන්, සිංහ, ව්‍යාඝ්‍ර, මුවන්, ගෝනුන්, හාවන්, මීමුන්නන්… නොයෙක් සතුන් ඉන්නව… සෙල්ලං කරනවා. කිසිම සතෙකුට හිංසාවක් නෑ. පස්සෙ මේ ජනසාන ඇහුවා ස්වාමීන් වහන්සේගෙන්… ස්වාමීනි…! මේ මොන මොන සත්තුද.. මං අදුරන්නෙත් නෑ..?

    ඉතින් මේ රහතන් වහන්සේ මොහුගෙ අතීතය බැලුවහම.. අර දාර පිඹුර කාලෙ අහපු අභිධර්ම පද සිහිපත් කරන්න හිතුනා. කියා හිටියා… ඇවැත්නි…! ඕව තමයි පංචස්කන්ධ… ඔය දොලොස් ආයතන, ඔය අටලොස් දාතු, ඔය පටිච්චසමුප්පාද ධර්ම කියන කොට… ඔහුට අතීත සංඥා මතුවුනා සිහිවුනා. ඒ වෙලාවෙ පහත්වෙලා කිව්වා අනේ ස්වාමිනී මට දැන් වැටහුනා.. මං යන පාර වැරදියි… මං මහණ කරගන්න.. මට භාවනාවක් දෙන්න…! ඒ වෙලාවෙ මහණ කලා… භාවනාවක් දුන්නා… ගහක් මුලට ගියා. එකම ආසනයේදී සව්කෙලෙස් නසා අරිහත්වයට පත්වුනා… ආශ්චර්යයි නේද..? දහම් පදයට අභිධර්ම දහම් පදයට සවන් දුන්නෙ… තිරිසන් සතෙක් වෙලා. නමුත් ඒ හේතුවෙන් ඔහු දිව්‍ය ලෝකයේ බුද්ධාන්තරයෙක් සම්පත් වින්දා… මනුලොව ඇවිල්ලා බොහොම උගත් බහුසෘත දෛවඥයෙක් වුනා… අන්තිමේදී බණ පදයකට සවන් දීල… එකම ආසනේදී අර්හත්වය සාක්ෂාත් කරන්න තරම් ඔහු ඥාන සම්පන්න කෙනෙක් වුනා. එනිසා අභිධර්මය ඉගෙන ගන්නා තැනැත්තා සැබෑම ප්‍රඥාවන්තයෙක් වෙනවා… ගාම්භීර ඥාන සම්පන්න කෙනෙක් වෙනවා. ඒ නිසා අභිධර්ම දේශනාව විපස්සනාවට අතිශයින්ම පාදක වෙනවා… අවශ්‍යම වෙනවා. අභිධර්මය උගෙන ගන්නා අය භවයක් පාසා මහා ප්‍රඥාවන්තයන් බවට පත්වෙනවා.

    ~ අතිපූජනීය නා උයනේ අරියධම්ම මහ නා හිමි සමඟ පැවැත්වූ ධර්ම සාකච්ඡාවකට අනුව සැකසුණු ලිපියකින් උපුටා ගත්තකි ~
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    චිත්ත විථි වල එන භවංග,ජවන සිත් වගේ ඒව මෙතන>>> සිත් එක සිය විසි එක
    සඳහන්වෙලා නෑනෙ, ඔය සිත් 121 ක් විශේෂයෙන් සඳහන් කරල තියෙන්නෙ මොකද, ඒවට අමතරව තව සිත් තියෙනව නේද..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චිත්ත විථි වල එන භවංග,ජවන සිත් වගේ ඒව මෙතන>>> සිත් එක සිය විසි එක
    සඳහන්වෙලා නෑනෙ, ඔය සිත් 121 ක් විශේෂයෙන් සඳහන් කරල තියෙන්නෙ මොකද, ඒවට අමතරව තව සිත් තියෙනව නේද..

    භවාංග ජවන කියන්නෙ අලුත් සිත් නෙමේ බං. අර 121න් සිත්ම තමා භවාංග ජවන වෙන්නෙ. භවංග ජවන කියන්නෙ ඒ හිත් වලිං කරන දේ අනුව වර්ග කරල තියෙන විදිහ. භවාංග ජවන චුති ප්‍රතිසන්ධි වොත්තපන etc ඕව සේරම කරන දේවල්.