අමරදේව ගාන්ධර්වාභිධානය

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් 1927 වසරේ දෙසැම්බර් මස 5 වැනිදා මොරටුවේදී උපත ලැබුවා. එ් දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙසයි.

    සිය පියාගෙන් මෙන්ම ඉන්දිය ශාස්තී‍්‍රය ගුරුවරයෙකු වූ සිය වැඩිමහල් සොහෝදරයෙකුගෙන්ද පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් ආභාෂය ලැබුවා. ඔහුගේ මුල් නම වූයේ වනක්කුවත්ත මිටිවඩුගේ දොන් ඇල්බට් පෙරේරායි.

    පසුව අමරදේව යන ආරෝපිත නාමය ඔහුට යොදන්නේ ශී‍්‍ර ලාංකේය කලා ක්‍ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින්. ඔහු ශ‍්‍රාවක සිත් තුළ සදා නොමැකෙන මතකයක් සටහන් කළා.

    ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් මුල් අධ්‍යාපනය ලැබුවේ ශී‍්‍ර සද්ධර්මෝදය මිශ‍්‍ර පාසලෙන්. පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලයෙන්, කළුතර විද්‍යාලයෙන් සහ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් ඔහු ද්විතියීක අධ්‍යාපනය ලැබුවා. ලක්නව් හි පිහිටි බාත්කන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන්ද අධ්‍යාපනය ලැබූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් පසුව ශී‍්‍ර ලංකාවට පැමිණ ගුවන් විදුලි සංස්ථාවටද එක්වුණා.

    සිතාරය, තබ්ලාව, හාමෝනියම වැනි ශාස්තී‍්‍රය සංගීත භාණ්ඩ හැසිරවීමට පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ට තිබුණේ අපූර්ව හැකියාවක්. අශෝක මාලා චිත‍්‍රපටය සඳහා එහි සංගීත අධ්‍යක්ෂවරයා වූ මොහොමඞ් ගවුස් මාස්ටර් තම ප‍්‍රදාන වයලින් වාදකයා ලෙස යොදා ගත්තේද ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්.

    සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතයද පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් සිය නිර්මාණ සඳහා නිර්ණාමාන්තමක ලෙස දායක කර ගත්තා.

    ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් විසින් දිනා ගන්නා ලද සම්මාන ගනණද ඉතා විශාලයි. පිලිපීන රමෝන්, මග්සයිසායි සම්මානය, ඉන්දියානු පද්ම ශී‍්‍ර සම්මානය, ශී‍්‍ර ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය සහ දේශමාන්‍ය සම්මානය එ්වායින් කිහිපයක්.
    1967දී යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ මාලදිවයින් ජාතික ගීය සඳහා තනුව නිර්මාණය කළේද ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්.

    අභාවප‍්‍රාප්ත වන විට ඔහු පසු වූයේ 88 වැනි වියේයි.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    හෙළයේ මහා ගාන්ධර්වයානෙණි ඔබතුමාට නිවන් සුව ලැබේවා
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    අමරදේව - පති කුලයට අද, මට පිටුපා යන, මගේ සොඳුරු ළඳුනේ

    දැන් කාලේ - ඔයා ගියා... මාව දාල ගියා... අයියෝ දුකායි.. මට වඩා සතුටින් ඉන්න
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ජීවිතයේ මා වඩාත්ම ගරුකල, මගේ ජීවිතයට බලපෑමක් එක්කල පුරුෂයින් තිදෙනා අතරින් අවසානයා ජීවිතයෙන් නික්ම ගොසින්ය. එතුමාගේ නිසල සිරුරට අවසන් බුහුමන් දැක්වීමේ අල්ප වාසනාවද දුරු රටක සිටින මවෙතින් බැහැරව ගොසිනි. ජීවිතයේ සකල විධ හැලහැප්පීම් නිරාමිසව අත්විදින්නටත්, භාවතිශය වන්නටත්, ජීවිතය විදින්න්ටත් ව්තුමාත්, සේකරයනුත් සුසංගෘහිතව තැනූ ගීත මහත් පිටුබලයක් විය. සිරුරෙන් ඉතා කුඩා මේ මිනිසා අතිශය නිහතමානී, දයාර්ද, ගුණගරුක, සිල්වත් ජාතියක කලාතුරකින් පහල වල ඉන්ද්‍රනීල මානික්යයකි. එතුමාගේ අභාවයෙන් ඇදවැටුනේ හෙල සුභාවිත ගීතයේ මුදුන් මුලයි. අප ජීවිත කාලය තුල එවැන්නෙක් මේ දෙරණ තුල කිසිදා නැවත පහල නොවනු ඇත.එතුමාගේ ජන්මාවදියේදී දිවි ගෙවන්නට ලැබීමම අප ලද මහත් භාග්යයක් සේ සලකමු. එතුමා අමා මහ නිවනින් සැනසේවා......!!!!!! :(
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අමරදේව - පති කුලයට අද, මට පිටුපා යන, මගේ සොඳුරු ළඳුනේ

    දැන් කාලේ - ඔයා ගියා... මාව දාල ගියා... අයියෝ දුකායි.. මට වඩා සතුටින් ඉන්න

    :yes: :yes:
    සිරාවටම..
    මිනිස්සු හිතන පතන විදිහ..
    ඔක්කෝම වෙනස් වෙලා.. :yes:
     

    waligamaya

    Well-known member
  • අමරදේව - පති කුලයට අද, මට පිටුපා යන, මගේ සොඳුරු ළඳුනේ

    දැන් කාලේ - ඔයා ගියා... මාව දාල ගියා... අයියෝ දුකායි.. මට වඩා සතුටින් ඉන්න

    අනේද කියන්නේ, මේකට හේතුව හරිහමන් උගත් බාෂාව දන්න පදරච්කයෝ නැ. හොද පදරච්නයක් තෝරගන තරම් උගත් ගායකයෝ නැ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හන්තානේ කෙල්ලක් සමග එක් වරක් ඔබ හෝ ගොස් ඇත්නම් එහිදී නිතැතින්ම මතක් වන්නේ අමරදේවයන්ගේ හන්තානේ ක`දු මුදුන ගීතය බව මම දිව්රා කියමි.... මන්ද යත් වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම මම ඒ අත්දැකීම විඳ ඇති නිසාවෙනි....
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හන්තානේ කෙල්ලක් සමග එක් වරක් ඔබ හෝ ගොස් ඇත්නම් එහිදී නිතැතින්ම මතක් වන්නේ අමරදේවයන්ගේ හන්තානේ ක`දු මුදුන ගීතය බව මම දිව්රා කියමි.... මන්ද යත් වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම මම ඒ අත්දැකීම විඳ ඇති නිසාවෙනි....

    :) ගිහින් නෑ..
    යන්නෝන... :eek:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අනේද කියන්නේ, මේකට හේතුව හරිහමන් උගත් බාෂාව දන්න පදරච්කයෝ නැ. හොද පදරච්නයක් තෝරගන තරම් උගත් ගායකයෝ නැ.

    එහෙමත් නැත්තම්
    විදින්න පුළුවන් ඕඩියන්ස් එකක් නෑ...
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    "රටක්ම සංගීතයෙන් අවදි කර, බුදුගුණ ගී ගැයූ සදාදර අමරදෙවයණනි, ඔබට නිවන් සුව පතමි."
    අකමැත්තෙන් උනත් කියන්න වෙනවා, අකලට බිහි වූ, කවලම් වූ ඉරාජ් වගේ සංගීතය විනාශ කරන කාම ආශාවන් වලින් ප්‍රශිද්දිය ලබා ගන්න මිනිස්සු මේ රටේ සංස්කෘතිය, හැදියාව විනාශ කරන යුගයක මේ වගේ උතුම් මිනිස්සුන් වොයෝ වීම දර ගත නොහැකි දුකක්, පාඩුවක්. අන්තිමට ඉතුරු වන්නේ.....?