අමරදේව ගාන්ධර්වාභිධානය

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වර්තමානයේ ආදරයක් බිඳ වැටුණම සියදිවි නසා ගන්න, එහෙම නැත්නම් අනෙකාව මරන්න තරම් සැහැසි වීමට එක හේතුවක් තමයි විරහව - වේදනාව සියුම්ව තේරුම්ගෙන, සියුම්ව ස්පර්ශ කර සමහන් කරන්න තරම් පොහොසත් සුභාවිත ගීත කලාවක් නොමැති වීමයි.... මීට පෙර විරහාව විඳවීමක් වුණත් ඒක විඳින්න තරම් අපව පුරුදු කල ගීත කලාවක් තිබුණා... ඒකේ අන්තිම පුරුක් කීපයක එක් පුරුකක් අද අපට අහිමි වීම ඇත්තෙන්ම දුකක්.....
     
    Last edited:

    waligamaya

    Well-known member
  • දවසක් මා මොවන මම එකට අපු අලුත් ගායකයෙක් මම නම දැනේ නැ. කිව්වා අමරදේව මාස්ටර්ගේ, මහගම සේකරගේ ගීතා වයසට යන්න යන්න තව තවත් ගැබුරු රසවින්දනයක් දැනෙනවා කියලා. එකනම් මටත් එහෙමයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ දත් කිබුලෝ බුදු බව ලැබෙයි මේක අයි දාපන්, මේ රෙද්ද එක එකා file උසන් එනවා පෝලිමට අහන්න වෙන්නේ නැ :(
    ගරු අද්මිනිස්ත්‍රාසිකාරතුමා ගේ මවු-දෙමවුපියන්ට බුදුබව ලැබෙන්න, මේක දිගටම ප්‍රචාරය කරන බව එතුමා පැවසූවා..........

    ඇත්තෙන් ම මේ වෙලාවේ ජීටී සහ රෙඩියෝ කණ්ඩායමේ කාර්යභාර සහෝදරයන් ඉතාම වේගයෙන් මේ සත් කාර්යය කරපු එකට නං පින් දෙන්නම ඕන......
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අමරදේවයන්ගේ වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ඉල්ලයි


    පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්ගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාරදීමට නියමිත දිනය ජාතික ශෝක දිනයක් කරන ලෙස කලාකරුවන් පිරිසක් ඉල්ලා සිටිනවා.
    කලා ශිල්පී මධු මාධව අරවින්ද පවසන්නේ ඒ සම්බන්ධයෙන් රජයෙන් විශේෂ ඉල්ලීමක් කරන බවයි.
     

    waligamaya

    Well-known member
  • ගරු අද්මිනිස්ත්‍රාසිකාරතුමා ගේ මවු-දෙමවුපියන්ට බුදුබව ලැබෙන්න, මේක දිගටම ප්‍රචාරය කරන බව එතුමා පැවසූවා..........

    ඇත්තෙන් ම මේ වෙලාවේ ජීටී සහ රෙඩියෝ කණ්ඩායමේ කාර්යභාර සහෝදරයන් ඉතාම වේගයෙන් මේ සත් කාර්යය කරපු එකට නං පින් දෙන්නම ඕන......

    :D:D


    මේ වැඩේ කරන උබලා ඔක්කොටම බෝහොම පින්.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඉපිද මැරේ යළි ඉපදේ
    නොතිර සසර සාගරේ//
    අතරතුරේ නොමැරී මැරේ දස දහස්‌ වරේ
    නිසල නැතේ සසල වෙතේ
    නොතිර සසර සාගරේ

    කුමණ නැටුම් කෙළි කවට සිනා දා//
    මරුට නොමැත කිසිවිටකදි බාධා
    ඔබට නොදන්වා මරු මෙහි ආදා

    යන්නට සිදුවන්නේ ඉන්නට බැරි වන්නේ
    නොතිර සසර සාගරේ
    ඉපිද මැරේ යළි ඉපදේ
    නොතිර සසර සාගරේ//

    කුණු කය නිසරුයි
    නැත පවතින්නේ
    කළ හොඳ පමණයි
    මෙලොව රැඳෙන්නේ
    නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නේ
    අපටයි මිනිසුනේ ඇයි එය නොසිතන්නේ
    නොතිර සසර සාගරේ
    ඉපිද මැරේ යළි ඉපදේ
    නොතිර සසර සාගරේ//
     

    xxc

    Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    Amaradewa sir obata niwan suwa labewa.!
    Thank you all for arranging this programme
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    :yes: :yes:
    සිරාවටම..
    මිනිස්සු හිතන පතන විදිහ..
    ඔක්කෝම වෙනස් වෙලා.. :yes:

    අනේද කියන්නේ, මේකට හේතුව හරිහමන් උගත් බාෂාව දන්න පදරච්කයෝ නැ. හොද පදරච්නයක් තෝරගන තරම් උගත් ගායකයෝ නැ.
    සාහිත්‍ය කන්නද ?? කියලා කියපු හිතපු අතීත පාලකයන්ගෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට පිංසිදුවන්නට බිහිවුණු විභාග කෙන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය තුලින් , ජනප්‍රිය පාසල් සංකල්පය පසුපස හඹායන්නන් හා එකි හඹායාම තුළ තරඟකාරීත්වය, කුහකත්වය, ඉරිසියාව,අධිමාන්‍ය වැනි දෙවල් වලින් ඉස් පුරවාගත් පරම්පරාවක පුරුක් වන වර්තමාන ඩිජිටල් සයිබර් සුජාත පුත්‍රයන්ගෙන් මෙයිට වඩා දෙවල් බලාපොරොත්තු වෙන්න බැහැ පුතා .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාහිත්‍ය කන්නද ?? කියලා කියපු හිතපු අතීත පාලකයන්ගෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට පිංසිදුවන්නට බිහිවුණු විභාග කෙන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය තුලින් , ජනප්‍රිය පාසල් සංකල්පය පසුපස හඹායන්නන් හා එකි හඹායාම තුළ තරඟකාරීත්වය, කුහකත්වය, ඉරිසියාව,අධිමාන්‍ය වැනි දෙවල් වලින් ඉස් පුරවාගත් පරම්පරාවක පුරුක් වන වර්තමාන ඩිජිටල් සයිබර් සුජාත පුත්‍රයන්ගෙන් මෙයිට වඩා දෙවල් බලාපොරොත්තු වෙන්න බැහැ පුතා .
    ඒක නං කියල තියනව රෙද්දෙ රෙවෙන්න ම......:shocked: