Customers ලා හිටපු ගමන් වල්ගේ පටලාගෙන කතා කරනවා බන්
Windows Update එකක් ඇවිත් උගේ VPS එක වැඩ නැතුව මට අරගෙන ප්රශ්න කරන්න ගත්තා. (බැන්නා නමේ)
Reboot කලාම හරි ගියා
Domain එක Exp වුනාම සයිට් එක වැඩ නැහැනේ
සමහරු ඉන්නවා ඒ වගේ වෙලාවට මට අරන් කියවන (බනින්නවා නමේ එත් බේරෙන්න බෑ බන් ඒ වෙලාවට)
පස්සේ මම හොයනකොට උගේ අවුලක් ඔහොම වල්ගේ පටලන් කියවන අය එනවා හිටි ගමන් බන්
ඌ එක්ක කතා කරනකොට අම්මා බය වුනා බන් හොදටම.
වෙනදා අම්මා බය වෙනවා බන් මම කියලාව තියෙනවා බය වෙන්න එපා කියලා Call ආවා කියලා.
අම්මා බය වෙන්නේ ඔයාගේ ඒ කෝල් එකට එන රියැක්ෂන් එකට වෙන්න ඇති. ඔයා cool එකේ කතා කරන්න. ඔයාගේ පැත්තෙන් වරදක් නොවෙන්න නම් ඔක්කම setup කරලා නම් තියෙන්නේ කෝල් ආව කියල පැනික් වෙන්න එපා. අනික කෝල් වලට හුරු කරගන්න එපා. ටිකට් දාන්න හුරු කරගන්න. Zendesk වගේ එකක් දාන්න. 1st කෝල් එකෙන් answer කරන්නත් එපා.
මාත් ඕවා තමා කරන්නේ කස්ටමර් ට දැනුම අඩුයි නම් ඩොමේන් ටික ඔයා ළඟ තියාගෙන මාසයක් කලින් බිල් කරලා expire වෙන්න 1 week කලින් කෝල් එකක් දෙන්න.
තමන්ගේ avalability එක ඕන කෙනෙක්ට ලේසියෙන් ගන්න පුළුවන් කියන එක දෙන්න එපා. ඒ වෙනුවට උන්ව ticket වලට හුරු කරන්න. ටිකට් ෆෝන් එකෙන් උනත් බලන්න පුළුවන් නේ. උන්ට screenshot එක්කම ටිකට් එක දාන්න කියන්න. බැරිනම් මේල් එකක් දාන්න කියන්න.
මම බං දවස් දෙක තුන ෆෝන් එකෙන් විතරක් ඔය ඔක්කම handle කරනවා. බැරිම උනොත් access කරන්න පොඩි pc එකක anydesk setup කරලා තියනවා එකේ ඔක්මම ලොග් කරලා තියෙන්නේ. Stress ගන්න එපා ඔයා කූල් එකේ කතා කරන්න.