අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ape reference walata BOQ ekak apitama hada ganda barida ekata template nadda
    oyata thakshanika danumak tyenawada Cement:Sand:aggregate ratios, thicknesses, complete work list for certain works?
    ewagema ewaye present rates gana? BOQ ekak kiyanne loku wagakeemak.. ona kenekuta niwaradiwa hadanna bea template eka thibunath. danuma saha touch eka tyenna one..:yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ජෑස් හොඳ වීඩියෝ එකක් දාලා තියෙනවා..

    මම ලියලා තියෙන ඒවා රිපීට් කරන්න යන්නේ නෑ
    http://econobuildings.blogspot.com/

    මේ බ්ලොග් එකේ ගොඩක් විස්තර සිංහලෙන් තියෙනවා... ESS , SBS gana liyala tyenawa yatama...

    eet amatara wisthara godak tyenawa.. screenshot widihata meke paste kaloth direct methanadima kattiya kiyawai. shehanta wadak :P

    දැන්ද බන් උඹේ බ්ලොග් එක ක්වොට් කරන්නෙ!!?

    ඒ බ්ලොග් එක දිගටම ලියපන්කො. . . .
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    oyata thakshanika danumak tyenawada Cement:Sand:aggregate ratios, thicknesses, complete work list for certain works?
    ewagema ewaye present rates gana? BOQ ekak kiyanne loku wagakeemak.. ona kenekuta niwaradiwa hadanna bea template eka thibunath. danuma saha touch eka tyenna one..:yes:

    Ahh ehemada echchara danumak nam naha :D mama hithuwe floor area eka dunnahama ekata dana concrete thicknes eka dannawanam cement sand pamanaya ena template ekak have nam apita e quntity ekata price eka cal culate kara gadna puluwan ne

    ekai mama ahuwe :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ahh ehemada echchara danumak nam naha :D mama hithuwe floor area eka dunnahama ekata dana concrete thicknes eka dannawanam cement sand pamanaya ena template ekak have nam apita e quntity ekata price eka cal culate kara gadna puluwan ne

    ekai mama ahuwe :)
    :P
    yako QS la oka dakkoth belle wala daganiyi..

    e e wadeta specification tyenawa. ewata galapenna one. rates ada eka newi heta.. touch eke inna one. pradeshaya anuwath rate wenas wenawane...
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    :P
    yako QS la oka dakkoth belle wala daganiyi..

    e e wadeta specification tyenawa. ewata galapenna one. rates ada eka newi heta.. touch eke inna one. pradeshaya anuwath rate wenas wenawane...

    :D QS latath wada thiyenda epa needa :D
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,945
    11,678
    113
    තෙතමනයෙන් වෙන අලාභහානි වළකා ඔබේ නිවස හරි විදිහට වෝටර්පෲෆින් (Waterproofing) කරගන්නේ මෙහෙමයි

    1. ස්ලැබ් එකක් වෝටර්පෲෆ් කරගන්න

    අළුත් තාලෙට බොක්ස් ටයිප් ගෙයක් හදනව නම් බොහෝ වෙලාවට රූෆ් ටොප් එකක් තියෙන විදියට තමයි නිවාස සැලසුම් වෙන්නෙ. අඩු ඉඩක වැඩි ප්‍රයෝජනයක් ගන්න හිතන කෙනෙක් උනත් රූෆ් ටොප් එකක වැදගත්කම ගැන අනිවා හිතනව. එහෙම රූෆ් ටොප් එකක් නැතත්, අදියර දෙක තුනකින් තට්ටු දෙකක නිවසක් ඉදිකරන කොට පළමු කොටස නිම කරල ස්ලැබ් එකක් දාගෙන කාලයක් ගිහින් තමා උඩ තට්ටුව හදන්නෙ. මේ මොන අවස්ථාවක උනත් ස්ලැබ් එකක් වෝටර්පෲෆ් කරන්නම ඕන.

    එහෙම නොකලොත් ඉතින් ගේ ඇතුලට වතුර කාන්දු වෙන එක වලක්වන්න බෑ. එහෙම වතුර කාන්දු වීමකදි ස්ලැබ් එකේ කම්බි දිරන්න ගන්න එකත්, වයරින් වලට වතුර ගිහින් වයර් ශෝට් වෙන එකත් වලක්වන්න අමාරු කාරණා. මෙන්න මේ දේ වලක්වා ගන්න ස්ලැබ් එකක් සාදා නිම කරගත්තට පස්සෙ වෝටර්පෲෆ් කරන එක අනිවා කරන්න ඕන. වෝටර්පෲෆ් නිෂ්පාදන නිකම්ම ආලේප කලාට ඒකෙන් නිසි ප්‍රතිඵල ගන්න බෑ. හැම විටම වෝටර්පෲෆ් නිෂ්පාදනයක් හරස් අතට සහ දිග අතට වශයෙන් දෙපැත්තටම ආලේප කරන්න ඕන.

    2. ස්ලැබ් එකේ පළුදු නම්

    මුළු ස්ලැබ් එකම නියමාකාරයෙන් වෝටර්පෲෆින් කලත් නොයෙක් නොයෙක් හේතු මත ස්ලැබ් එහෙක තැනින් තැන පළුදු වීම් හෝ පැල්මවල් ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙන පැල්මකින් වෙන්නෙත් අර වෝටර්පෲෆ් නොකලම ඇති වෙන්න පුළුවන් කරදරමයි. වැහි දවසක මේ පැල්මකින් වතුර කාන්දුවක් වෙලා වයරින් වල ප්‍රශ්නයක් ඇති වුනොත් ගිනි ගන්න උනත් ඉඩ තියෙනව. ස්ලැබ් එකේ කම්බි දිරන එක කොහොමත් නිවසේ කල් පැවැත්මට සුභ දෙයක් නෙවෙයි කියන එක අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නැහැනෙ. මෙන්න මේ වගේ පැල්මවල් වලට ස්ලැබ් එක වෝටර්පෲෆ් කල විදියටම කරන්න බැහැ. මේ පැල්ම පිරවෙන්න ඕන වගේම වතුර කාන්දුවට පිළියමක් කරන්නත් ඕන. මෙහෙම පැලුම් අත්තිවාරමේත් වහල වලත් ඇති වෙන්න පුළුවන්. අව් වැසි වලින් ආරක්ෂා වෙන්න ඔබ ගොඩනගාගන්න නිවස මේ අව් වැසි වලින් රැකෙන විදියට පරිස්සම් කරගන්න එකේ වාසිය ඔබටමයි. නිවසක කල් පැවැත්ම රැඳෙන්න නම් වතුර කාන්දු වෙන තැන් වලට අනිවා ඉක්මණින්ම පිළියම් යොදන්න.

    3. බිත්ති වල තෙතමනය

    ඉස්සර නම් බිත්ති තෙතමනයෙන් ආරක්ෂා කරගන්න වෙදර් ශීල්ඩ් පේන්ට් එකක් තමයි පාවිච්චි කරන්නෙ. මොකද බොහෝමයක් ගෙවල් වල බිත්ති වලට වහලෙනුත් ආවරණයක් සැපයෙන නිසා බිත්ති වලට කෙලින්ම වතුර වැටෙන්නෙ නෑ. නමුත් අළුතෙන් ගොඩනඟන බොක්ස් ටයිප් නිවාස වල බිත්ති සහ නිතර තෙමෙන බිත්ති තියෙන නානකාමර වල බිත්ති වලට තෙතමනයෙන් ආරක්ෂා වීමට වෙදර් ශීල්ඩ් පේන්ට් එක විතරක් ප්‍රමාණවත් නෑ. මේ වගේ බිත්ති වලට වෝටර්පෲෆින් සීලර් එකක් පේන්ට් එකට කලින් භාවිතා කරන්න. බ්ලොක් ගල් වලින් බඳින බිත්ති වේවා ගඩොලින් බඳින බිත්ති වේවා වතුරෙන් පෙඟුනම කාලයක් ගිහින් දිරාපත් වෙන්න ගන්නව. බිත්ති බොල් වෙන්න ගන්නව. මේ වගේ තත්ත්වයන් වලක්වා ගන්න බිත්ති වෝටර්පෲෆින් කරන එකත් වැදගත් කාරණයක්.

    සීලර් එකක් විතරක්ම පාවිච්චි කරල සේරම හරි කියල නොහිතා වෝටර්පෲෆින් පේන්ට් එකක් ගාන්නත් අමතක කරන්න එපා. සීලර් එකෙන් ලබාදෙන කල් පැවැත්ම තව දුරටත් ආරක්ෂා වෙන්න නම් සීලර් එක උඩින් වෝටර්පෲෆින් පේන්ට් එකක් ආලේප කරන්න. වතුරෙන් බිත්ති වලට වෙන හානිය වලක්වා ගන්න නිවැරදි ලෙස මේ දේවල් පාවිච්චි කරන්න.

    4. වැහි කාලෙට උල්දිය සීරාව

    තදින්ම වහින කාලෙට වත්තට පිරෙන වතුර ඉක්මණින්ම බැහැල යන්නෙ නෑ. එක දිගටම වහින වැස්සට අත්තිවාරම් වලින් උල්දිය සීරාවන් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නෙ අත්තිවාරමට යටින් එන වතුර බිත්ති වලට උරා ගන්න පටන් ගන්නව. මෙන්න මේ දේට පිලියමක් නොකලොත් බිත්ති වල යට කොටස පෙඟිලා කඩා වැටෙන්න උනත් පුළුවන්. හැම නිවසකම මේ තත්ත්වය ඇති වෙන්නෙ නැති උනත් පහත් බිම් වල නිවාස ඉදි කර ඇති සහ ඉදි කරන අයට මේ අත්දැකීම ඇති. මේ දිය සීරාව නොඑන්න නම් ඒකටත් වෝටර්පෲෆින් සීලර් නිෂ්පාදනයක් පාවිච්චි කරන්න. සිමෙන්ති දිය කරල පිටින් ගාන එක තාවකාලික විසඳුමක් විතරයි.

    5. නාන කාමර වෝටර්පෲෆ් කිරීම

    උඩ තට්ටුවක හදන නාන කාමරයක් නම් කලින් කිව්ව වගේ සීලර් එකක් ටයිල් කරන්න කලින් බිත්ති වලට ආලේප කරන්න. ඒ විතරක් මදි. රූෆ්ටොප් ස්ලැබ් එහෙකට වගේම නාන කාමරයේ බිමත් වෝටර්පෲෆ් කරන්නම ඕන. ඔබ දැකල ඇති සමහර ගෙවල් වලට ගියාම නාන කාමරය තියෙන තැන පහල තට්ටුවේ ඉඳන් බැලුවම සීලිමේ තෙත පැල්ලම් තියෙනව. ඒ වගේම නාන කාමරයේ යාබද බිත්තියේ තෙත පැල්ලම් තියෙනව. සමහර වෙලාවට බිත්තියේ පේන්ට් එකත් සවුත්තු වෙලා බිත්ති පෙඟිලා තියෙන අවස්ථා ඔබ දැකල ඇති. මේන්න මේ තත්ත්වය ඇති වෙන්නෙ නාන කාමරය හරි හැටි වෝටර්පෲෆ් නොකලමයි. ටයිල් අතරින් කාන්දු වෙන වතුර බිත්තියට කෙලින්ම උරාගත්තම ටයිල් බොල් වෙලා, බිත්ති පෙඟිලා, අළුත්වැඩියාවන් වැඩි වෙන එක තමා වෙන්නෙ. ප්‍රමිතියකින් යුතුව වැඩ නිම කරගත්තොත් මේ ප්‍රශ්න මතු වෙන්නෙ නැති බව මතක් කරන්නම ඕන.

    6. වහල වලින් වතුර කාන්දු වීම

    වහලෙට දාන සීට් එකක මොනම හේතුවක් නිසා හරි පොඩි පලුද්දක් ඇති වෙලා නම් වැස්සට ඇතුලට වතුර කාන්දු වෙන එක කරදර ගොඩකට මග පාදනව. විශේෂයෙන්ම වහලයට යටින් සීලිමක් ගහල නම්. වහලයේ ශීට් වලින් බේරෙන වතුර ලී වලට හානි කරනව වගේම සීලිමට වැටිලා සිවිලිම් ශීට්ස් පෙඟෙන්නත්, ලී සිවිලිමක් නම් ඒවා දිරන්නත් පටන් ගන්නව. පුංචි වතුර බිංදුවකින් පටන් අරන් ලොකු හානියක් ඇති කරන්න මේ පොඩි පලුද්දකට පුළුවන්. මෙහෙම පළුදු වලටත් වෝටර්පෲෆින්ග් සීලර් එකක් පාවිච්චි කරන්න. පරණ විදියට තාර ගාල තාවකාලික පිළියම් කරනවට වඩා කාලයක් පවතින දෙයක් කරන එක තමා සුදුසුම.
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මුළු පරස් සහ වහල

    මුළු පරස් යවනව කියල කියන්නේ අත්තිවාරමේ සහ බිත්ති වල ප්‍රධාන මුළු වල කෝණ (හුඟක් වෙලාවට අංශක 90ට) හරියට හදාගන්න එකයි. අත්තිවාරම ඉඩමට සාපේක්ෂව හරියට හරි තැන තියෙන විදියටත්, ප්ලෑන් එකේ තියෙන විදියටම අත්තිවාරම/බිත්ති අතර දිග, පළල සහ ප්‍රධාන කෝණ තියාගන්න එකත් අනිවාර්යෙන් කරන්න ඕන. එතනදී අවශ්‍ය ප්‍රධාන කෝණ ඔක්කොම හරියට තියෙන්න ඕන. තනි තනිවත්, සම්පුරණ ප්ලෑන් එක හැටියටත්. නැත්තන් ලෙඩ ගොඩයි.

    අත්තිවාරමේ කෝණ වල තියෙන පොඩි ප්‍රශ්නයක් බිත්ති බඳිනකොටත් (බිත්තියයි අත්තිවරම්යි හරියටම එක එක උඩ එක තියන් නැතුව යන්තම් ඇද කරලා), බිත්ති වල පොඩි ඇද කපරාරුවෙනුත් (එක පැත්තක කපරාරු වැඩි කරලා) ශේප් කරගන්න පුළුවන්.

    හැබැයි වහලට කෙළවෙන්න ඉඩ තියෙනව. එතකොට තමයි වහල ගහන කෙනා, ගේ හදන එකාගේ ඉඳන් ප්ලෑන් ඇදපු බිත්ති/අත්තිවාරම් බැඳපු හැමෝගෙම දෙමාපියෝ මතක් කරන්නේ. බිත්ති බන්දිනවට වඩා බැඳපු බිත්ති උඩ වහල හරියට සෙට් කරන එක අමාරුයි, විශේෂයෙන්ම වහල ලොකු නම්. පොඩි ප්‍රශ්න ශේප් කරත්, තැන් දෙක තුනක් හදාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා.

    - මුළු පරාල (මුදුන් ලීයේ ඉඳන් කොන් වලට එන ඒවා) බිත්ති මුළු වලට එන්නේ නෑ
    - සාමාන්‍ය පරාල බිත්තියට/යට ලීයට ලම්භක වෙන්නේ නෑ, නැත්තම් පරාල අතර පරතර තැන් තැන් වල වෙනස්
    - සිවිලින් ශීට්/ලී හරියට සමපාත (align) වෙන්නේ නෑ, පරාල උඩට හරියට සෙට් වෙන්නේ නෑ, යටින් බැලුවම ඇද පේනවා
    - වහලේ අඝුව එක පැත්තකින් පොඩ්ඩක් වැඩි වෙනවා (බිත්තියට සමාන්තර නෑ)
    - ඇස්බැස්ටෝස් ශීට්, සිවිලින් ශීට්/ලී වහලෙ හැඩේට හරියට තියාගන්න පුළුවන් නම් අහක යන්නේ අඩුවෙන්, ඇද කෑලි වැඩි වුනොත් වැඩිපුර අරන් කපල ගන්න වෙන්න ඉඩ තියෙනව
    - බිත්ති වල උස සමහර තැන් වල පොඩි ප්‍රමාණ වලින් අඩු වැඩි කරන්න වෙන්න පුළුවන්
    - වහලෙ ඇද වැහි පීලි වලටත් සමහරවිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්

    තව දෙයක්, ඩිසයින් එකේම අංශක 90 නොවෙන කෝණ තියෙනකොට හරි වහලෙ වෙන විශේෂයක් තියෙනකොට අනිවාර්යයෙන්ම ප්ලෑන් එක ඇදපු කෙනාවයි වහල ගහන කෙනාවයි සෙට් කරලා පැහැදිලි කරලා දෙන්න වෙනවා. බාස්ට තේරිච්ච විදියට ගැහුවොත් වරදින්න ඉඩ තියෙනවා.
     
    • Like
    Reactions: upulpdn and lodbrok

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,945
    11,678
    113
    බොක්ස් ටෛප් ගෙදරක කෝට් යාඩ් එක ගෙදර ඇතුලේ තෙමෙන්නේ නැති වෙන්න හද ගන්නේ කොහොමද?
    උඩ තට්ටුව සහ බිම් මහල වෙන වෙනම කරන හැටි දන්නා කෙනෙක් කියල දෙනවද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොක්ස් ටෛප් ගෙදරක කෝට් යාඩ් එක ගෙදර ඇතුලේ තෙමෙන්නේ නැති වෙන්න හද ගන්නේ කොහොමද?
    උඩ තට්ටුව සහ බිම් මහල වෙන වෙනම කරන හැටි දන්නා කෙනෙක් කියල දෙනවද?
    You mean covering the court yard with translucent poly carbonate sheet or like something?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,945
    11,678
    113
    You mean covering the court yard with translucent poly carbonate sheet or like something?

    වතුර උඩින් වැටෙද්දී පහල තට්ටුවේ බිමට වැටෙනවා නේද? වහලේ තියෙන ගේක නං කෝට් යාඩ් එක වටේ වහලෙට පිලි දාල තියෙනවා මන් දැකල තියෙනවා. එත් බොක්ස් ටෛප් ගේක කෙලින්ම තියෙන ඉඩෙන් වතුර ඇතුලට වැටෙනවනේ. එතකොට ටෛල් උඩට වැටෙනවා නේද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වතුර උඩින් වැටෙද්දී පහල තට්ටුවේ බිමට වැටෙනවා නේද? වහලේ තියෙන ගේක නං කෝට් යාඩ් එක වටේ වහලෙට පිලි දාල තියෙනවා මන් දැකල තියෙනවා. එත් බොක්ස් ටෛප් ගේක කෙලින්ම තියෙන ඉඩෙන් වතුර ඇතුලට වැටෙනවනේ. එතකොට ටෛල් උඩට වැටෙනවා නේද?
    ආහා.. උඹලා මේ බොක්ස් ටයිප් කියන්නේ රූෆ් ස්ලැබ් තියෙන ඒවටද? බ්ලයින්ඩ් වෝලුත් තියෙන ඒවටද බොක්ස් ටයිප් කිව්වේ?

    සාමාන්‍යයෙන් ලොකු කෝට් යාඩ් එකක් නම් එක වටේ තියෙන කණු දිගේ වතුර පහලට අරන් එළියට දාලා තියෙනවා... ඒ ඩවුන් පයිප්ප නොපෙන්නෙන්න ගඩොල් බැඳලා පළල කණුවක් විදිහට පේන්න හදනවා...
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    තෙතමනයෙන් වෙන අලාභහානි වළකා ඔබේ නිවස හරි විදිහට වෝටර්පෲෆින් (Waterproofing) කරගන්නේ මෙහෙමයි

    1. ස්ලැබ් එකක් වෝටර්පෲෆ් කරගන්න

    අළුත් තාලෙට බොක්ස් ටයිප් ගෙයක් හදනව නම් බොහෝ වෙලාවට රූෆ් ටොප් එකක් තියෙන විදියට තමයි නිවාස සැලසුම් වෙන්නෙ. අඩු ඉඩක වැඩි ප්‍රයෝජනයක් ගන්න හිතන කෙනෙක් උනත් රූෆ් ටොප් එකක වැදගත්කම ගැන අනිවා හිතනව. එහෙම රූෆ් ටොප් එකක් නැතත්, අදියර දෙක තුනකින් තට්ටු දෙකක නිවසක් ඉදිකරන කොට පළමු කොටස නිම කරල ස්ලැබ් එකක් දාගෙන කාලයක් ගිහින් තමා උඩ තට්ටුව හදන්නෙ. මේ මොන අවස්ථාවක උනත් ස්ලැබ් එකක් වෝටර්පෲෆ් කරන්නම ඕන.

    එහෙම නොකලොත් ඉතින් ගේ ඇතුලට වතුර කාන්දු වෙන එක වලක්වන්න බෑ. එහෙම වතුර කාන්දු වීමකදි ස්ලැබ් එකේ කම්බි දිරන්න ගන්න එකත්, වයරින් වලට වතුර ගිහින් වයර් ශෝට් වෙන එකත් වලක්වන්න අමාරු කාරණා. මෙන්න මේ දේ වලක්වා ගන්න ස්ලැබ් එකක් සාදා නිම කරගත්තට පස්සෙ වෝටර්පෲෆ් කරන එක අනිවා කරන්න ඕන. වෝටර්පෲෆ් නිෂ්පාදන නිකම්ම ආලේප කලාට ඒකෙන් නිසි ප්‍රතිඵල ගන්න බෑ. හැම විටම වෝටර්පෲෆ් නිෂ්පාදනයක් හරස් අතට සහ දිග අතට වශයෙන් දෙපැත්තටම ආලේප කරන්න ඕන.

    2. ස්ලැබ් එකේ පළුදු නම්

    මුළු ස්ලැබ් එකම නියමාකාරයෙන් වෝටර්පෲෆින් කලත් නොයෙක් නොයෙක් හේතු මත ස්ලැබ් එහෙක තැනින් තැන පළුදු වීම් හෝ පැල්මවල් ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙන පැල්මකින් වෙන්නෙත් අර වෝටර්පෲෆ් නොකලම ඇති වෙන්න පුළුවන් කරදරමයි. වැහි දවසක මේ පැල්මකින් වතුර කාන්දුවක් වෙලා වයරින් වල ප්‍රශ්නයක් ඇති වුනොත් ගිනි ගන්න උනත් ඉඩ තියෙනව. ස්ලැබ් එකේ කම්බි දිරන එක කොහොමත් නිවසේ කල් පැවැත්මට සුභ දෙයක් නෙවෙයි කියන එක අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නැහැනෙ. මෙන්න මේ වගේ පැල්මවල් වලට ස්ලැබ් එක වෝටර්පෲෆ් කල විදියටම කරන්න බැහැ. මේ පැල්ම පිරවෙන්න ඕන වගේම වතුර කාන්දුවට පිළියමක් කරන්නත් ඕන. මෙහෙම පැලුම් අත්තිවාරමේත් වහල වලත් ඇති වෙන්න පුළුවන්. අව් වැසි වලින් ආරක්ෂා වෙන්න ඔබ ගොඩනගාගන්න නිවස මේ අව් වැසි වලින් රැකෙන විදියට පරිස්සම් කරගන්න එකේ වාසිය ඔබටමයි. නිවසක කල් පැවැත්ම රැඳෙන්න නම් වතුර කාන්දු වෙන තැන් වලට අනිවා ඉක්මණින්ම පිළියම් යොදන්න.

    3. බිත්ති වල තෙතමනය

    ඉස්සර නම් බිත්ති තෙතමනයෙන් ආරක්ෂා කරගන්න වෙදර් ශීල්ඩ් පේන්ට් එකක් තමයි පාවිච්චි කරන්නෙ. මොකද බොහෝමයක් ගෙවල් වල බිත්ති වලට වහලෙනුත් ආවරණයක් සැපයෙන නිසා බිත්ති වලට කෙලින්ම වතුර වැටෙන්නෙ නෑ. නමුත් අළුතෙන් ගොඩනඟන බොක්ස් ටයිප් නිවාස වල බිත්ති සහ නිතර තෙමෙන බිත්ති තියෙන නානකාමර වල බිත්ති වලට තෙතමනයෙන් ආරක්ෂා වීමට වෙදර් ශීල්ඩ් පේන්ට් එක විතරක් ප්‍රමාණවත් නෑ. මේ වගේ බිත්ති වලට වෝටර්පෲෆින් සීලර් එකක් පේන්ට් එකට කලින් භාවිතා කරන්න. බ්ලොක් ගල් වලින් බඳින බිත්ති වේවා ගඩොලින් බඳින බිත්ති වේවා වතුරෙන් පෙඟුනම කාලයක් ගිහින් දිරාපත් වෙන්න ගන්නව. බිත්ති බොල් වෙන්න ගන්නව. මේ වගේ තත්ත්වයන් වලක්වා ගන්න බිත්ති වෝටර්පෲෆින් කරන එකත් වැදගත් කාරණයක්.

    සීලර් එකක් විතරක්ම පාවිච්චි කරල සේරම හරි කියල නොහිතා වෝටර්පෲෆින් පේන්ට් එකක් ගාන්නත් අමතක කරන්න එපා. සීලර් එකෙන් ලබාදෙන කල් පැවැත්ම තව දුරටත් ආරක්ෂා වෙන්න නම් සීලර් එක උඩින් වෝටර්පෲෆින් පේන්ට් එකක් ආලේප කරන්න. වතුරෙන් බිත්ති වලට වෙන හානිය වලක්වා ගන්න නිවැරදි ලෙස මේ දේවල් පාවිච්චි කරන්න.

    4. වැහි කාලෙට උල්දිය සීරාව

    තදින්ම වහින කාලෙට වත්තට පිරෙන වතුර ඉක්මණින්ම බැහැල යන්නෙ නෑ. එක දිගටම වහින වැස්සට අත්තිවාරම් වලින් උල්දිය සීරාවන් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නෙ අත්තිවාරමට යටින් එන වතුර බිත්ති වලට උරා ගන්න පටන් ගන්නව. මෙන්න මේ දේට පිලියමක් නොකලොත් බිත්ති වල යට කොටස පෙඟිලා කඩා වැටෙන්න උනත් පුළුවන්. හැම නිවසකම මේ තත්ත්වය ඇති වෙන්නෙ නැති උනත් පහත් බිම් වල නිවාස ඉදි කර ඇති සහ ඉදි කරන අයට මේ අත්දැකීම ඇති. මේ දිය සීරාව නොඑන්න නම් ඒකටත් වෝටර්පෲෆින් සීලර් නිෂ්පාදනයක් පාවිච්චි කරන්න. සිමෙන්ති දිය කරල පිටින් ගාන එක තාවකාලික විසඳුමක් විතරයි.

    5. නාන කාමර වෝටර්පෲෆ් කිරීම

    උඩ තට්ටුවක හදන නාන කාමරයක් නම් කලින් කිව්ව වගේ සීලර් එකක් ටයිල් කරන්න කලින් බිත්ති වලට ආලේප කරන්න. ඒ විතරක් මදි. රූෆ්ටොප් ස්ලැබ් එහෙකට වගේම නාන කාමරයේ බිමත් වෝටර්පෲෆ් කරන්නම ඕන. ඔබ දැකල ඇති සමහර ගෙවල් වලට ගියාම නාන කාමරය තියෙන තැන පහල තට්ටුවේ ඉඳන් බැලුවම සීලිමේ තෙත පැල්ලම් තියෙනව. ඒ වගේම නාන කාමරයේ යාබද බිත්තියේ තෙත පැල්ලම් තියෙනව. සමහර වෙලාවට බිත්තියේ පේන්ට් එකත් සවුත්තු වෙලා බිත්ති පෙඟිලා තියෙන අවස්ථා ඔබ දැකල ඇති. මේන්න මේ තත්ත්වය ඇති වෙන්නෙ නාන කාමරය හරි හැටි වෝටර්පෲෆ් නොකලමයි. ටයිල් අතරින් කාන්දු වෙන වතුර බිත්තියට කෙලින්ම උරාගත්තම ටයිල් බොල් වෙලා, බිත්ති පෙඟිලා, අළුත්වැඩියාවන් වැඩි වෙන එක තමා වෙන්නෙ. ප්‍රමිතියකින් යුතුව වැඩ නිම කරගත්තොත් මේ ප්‍රශ්න මතු වෙන්නෙ නැති බව මතක් කරන්නම ඕන.

    6. වහල වලින් වතුර කාන්දු වීම

    වහලෙට දාන සීට් එකක මොනම හේතුවක් නිසා හරි පොඩි පලුද්දක් ඇති වෙලා නම් වැස්සට ඇතුලට වතුර කාන්දු වෙන එක කරදර ගොඩකට මග පාදනව. විශේෂයෙන්ම වහලයට යටින් සීලිමක් ගහල නම්. වහලයේ ශීට් වලින් බේරෙන වතුර ලී වලට හානි කරනව වගේම සීලිමට වැටිලා සිවිලිම් ශීට්ස් පෙඟෙන්නත්, ලී සිවිලිමක් නම් ඒවා දිරන්නත් පටන් ගන්නව. පුංචි වතුර බිංදුවකින් පටන් අරන් ලොකු හානියක් ඇති කරන්න මේ පොඩි පලුද්දකට පුළුවන්. මෙහෙම පළුදු වලටත් වෝටර්පෲෆින්ග් සීලර් එකක් පාවිච්චි කරන්න. පරණ විදියට තාර ගාල තාවකාලික පිළියම් කරනවට වඩා කාලයක් පවතින දෙයක් කරන එක තමා සුදුසුම.
    Retaining Wall එකක් Waterproof කරන්න හොඳ ක්‍රම මොනවද බන්.:confused: Wall එක එන්නේ ගේ ඇතුලට:yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    ආහා.. උඹලා මේ බොක්ස් ටයිප් කියන්නේ රූෆ් ස්ලැබ් තියෙන ඒවටද? බ්ලයින්ඩ් වෝලුත් තියෙන ඒවටද බොක්ස් ටයිප් කිව්වේ?

    සාමාන්‍යයෙන් ලොකු කෝට් යාඩ් එකක් නම් එක වටේ තියෙන කණු දිගේ වතුර පහලට අරන් එළියට දාලා තියෙනවා... ඒ ඩවුන් පයිප්ප නොපෙන්නෙන්න ගඩොල් බැඳලා පළල කණුවක් විදිහට පේන්න හදනවා...

    Machan court yard eke transparent sheet eka angle karala gahuwoth wathura berila eka paththakata yayi neda?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Machan court yard eke transparent sheet eka angle karala gahuwoth wathura berila eka paththakata yayi neda?
    court yard eke diga palala anuwa pala 4ta gahanawada
    thani paleta gahanawada kiyala decide karanna wenne..

    patiya wage nam thani palekata thama ganna wenne...
    ehema ena watura tika yawana hati plan nobala kiyanna gihin
    sartaka wei kiyanna amarui.
    plan nobala hondama widiya kiyanna bea :no: