අමුතු තාලේ ගිනි අවියක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අමුතු තාලේ ගිනි අවියක්

    මේ කතාව ආරම්භ කරන්නට කලින් එක දෙයක් මතක් කල යුතුයි. මේ මගේ බ්ලොග් එකේ 50 වැනි ලිපිය. 2011 දෙසැම්බර් මස 15 වැනි දින ආරම්භ කල මේ බ්ලොග් අඩවිය ඉතා සුළු පිරිසකගේ හෝ අවධානයට යොමුවීම සතුටක්. එමෙන්ම මා, මේ කාර්යය කරගෙන යන්නේ තොරතුරු තාක්‍ෂණය ගැන පොත් පත් වලින් ලබාගත් දැනුමෙන් සහ පරිගණක අලුත්වැඩියාව පිළිබඳව උඩින් පල්ලෙන් කල විකාර පාඨමාලාවකින් පසුවයි. හැබැයි අදටත් මා හිතවතුන්ගේ පරිගණක අලුත්වැඩියා කරන අතර මෙතෙක් මට කරගැනීමට නොහැකි අලුත්වැඩියාවක් ඇවිත් නැහැ. (ලැප්ටොප් වලටනම් මෘදුකාංග දමනවා පමණයි. ඕනෙම එකක් තියනවා. දුර්ලභ මෘදුකාංග අන්තර්ජාලයෙන් ලබාගෙන තිබෙනවා.) බ්ලොග් අඩවි හැසිරවීම පිළිබඳව මා තවමත් දන්නේ බොහොම ටිකයි. ඉදිරියේදී දැනුම දියුණු කර ගන්න සියලු උත්සාහ දරනවා. මගේ වයස අනුව එය ටිකක් වෙහෙසකරයි. ඒත් චිත්ත ධෛර්යය නොසිඳෙන තුරු දිගටම කරනවා.


    හොඳයි මාතෘකාවට බහිමු. අපි දන්නවා සාමාන්‍යයෙන් තුවක්කුවකින් වෙඩි තැබීමට නම් තුවක්කුව අතේ තියන පුද්ගලයාට තමන් ඉදිරිපිට භූමියේ ඇති ඉලක්කය පැහැදිලිව පෙනෙන්නට අවශ්‍යයි. හිතේ හෝදිසියට වෙඩි තැබුවොත්, එයින් සාර්ථක ප්‍රතිඵල අත්වන්නේ ඉතා කලාතුරකින්. දුර තිබෙන ඉලක්කයකට වෙඩි තැබීම සඳහා තුවක්කු වලට සවි කරන ලද විශේෂ දුරදක්න තිබෙන බව ඔබ දන්නවා. එමෙන්ම රාත්‍රී අඳුර විනිවිද පෙනෙන දෘෂ්ටි උපකරණ තිබෙන බවත් පසුගිය කාලයේ අපේ රටේ යුද තොරතුරු කියවූ ඔබ බොහොම දෙනෙක් දන්නවා.

    telescopic-sight.jpg


    night-vision-weapon-sight.jpg


    අපි මොහොතකට හිතමු ඔබ ගොඩනැගිල්ලක පිටත බිත්තියක මුල්ලට මුවාවී සිටිනවා කියා. ඒ මුල්ලෙන් අනික් පස ඔබේ සතුරා සිටින බව ඔබ දන්නවා. නමුත් ඔබ බිත්ති මුල්ලෙන් හිස පොවා බැලුවොත් වෙන්නේ සතුරාගෙන් ඔබට ඔලුව කුඩු යන්නට වෙඩි පහරක් ලැබීමයි. ඔබ අතේ වාහනයක සයිඩ් කන්නාඩිය වැනි කන්නාඩියක් තිබේනම් එය සෙමින් යොමුකර සතුරා සිටින්නේදැයි බැලිය හැකියි. එපමණයි. හොඳයි ඔබට පුලුවන්නම් ඔබේ තුවක්කුවේ බටය වක්‍රාකාරව අංශක 90 කට නවා එයින් වෙඩි තියන්නට? ඒ උණ්ඩය තුවක්කු බටයේ වක්‍රය අනුව අංශක 90 ක නැම්මකට හැරී ගොස් බිත්තියට මුවාවී සිටින සතුරාට වදිනවා. දෙකොනින් හිනා යන කතාවක්නේ. අර අන්දරේ කැති තලය බිම සිටවා එයට වෙඩි තැබුවාම උණ්ඩය දෙකට කැපී ගොස් හේනේ හිටිය වල ඌරන් දෙන්නෙක් මරාපු කතාව වගෙයි. හැබැයි මේ විදිහට අංශක 90 ක කෝණයක සැඟවී තිබෙන ඉලක්කයකට හෝ තමන්ට වෙඩි නොවැදී සතුරාට වෙඩි තැබිය හැකි උපක්‍රමයක් ගැන මිනිසාට මුලින්ම අදහසක් පහල වූයේ අද ඊයේ නෙවෙයි. පළමුවැනි ලෝක මහා සංග්‍රාමයේදී තමයි මේ අදහස මුලින්ම එලියට ආවේ. එහිදී ඔවුන්ගේ අවධානය යොමු වුනේ තමන් සිටින යුද අගලෙන් ඉහලට හිස ඔසවන්නේ නැතිව ඉලක්කය බලාගෙන වෙඩි තැබීමයි. මෙහිදී ඔවුන් තම රයිෆලයට පෙරිස්කොප් එකක් (ඉස්සර සමහරු කිව්වේ චීනක්කන්නාඩිය කියලා) සවිකරගෙන තරමක් සතුටුදායක ප්‍රතිඵල ලැබුවා. ඕස්ට්‍රේලියානු අධිරාජ්‍ය හමුදා බලකායේ දෙවැනි බල ඇණියේ සැරයන් ‘විලියම් බීච්’ තමයි 1915 මැයි මාසෙදි මේ සොයාගැනීම කලේ.

    periscope-rifle-1915.jpg

    periscope-rifle-inventer-sgt-beech.jpg


    මීළඟට, මේ සැඟවී සිට වෙඩිල්ල හරවා යැවීමේ උපක්‍රමයට අත ගැසුවේ ජර්මනියයි. ඒ දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී. ඔවුන් කලේ සාමාන්‍ය ස්වයංක්‍රිය තුවක්කුවක බටය අගට, නැවුණු කොටසක් එක් කිරීමයි. එය තුන්පාද අට්ටාලයක සවි කර එහි යට සිට වෙඩි තැබුවා. හැබැයි ඉලක්කය එතරම් සාර්ථක නැහැ. මෙය විශේෂයෙන් යෙදෙව්වේ යුද ටැංකි ඇතුලත සිට

    krummlauf.jpg


    පිටත නොපෙනෙන පෙදෙස් වලට වෙඩි තබන්නයි.
    වර්තමානය වනවිට නවීන තාක්‍ෂණය එකතුකර අති සාර්ථක අවියක් නිපදවා තිබෙනවා. එය හඳුන්වන්නේ ‘කෝනර් ෂොට්’ (Corner Shot) යනුවෙන්. මෙහි නිර්මාතෘ හැටියට සැලකෙන්නේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ලුතිතන් කර්නල් (ලුතිනන් නොවේ. නිවැරැදි වචනය ලුතිතන්) අමොස් ගෝලාන්. 1999 – 2000 කාලයේදී නිපදවූ මේ අවිය, භාවිතයට යොමු වුනේ 2003 පමණ සිට. අපේ හමුදාව මෙම අවිය පාවිච්ච්චි කරන්නේ නැහැ. මෙහිදී කර තිබෙන්නේ ඩිජිටල් කැමරාවක් දුර දක්නය ලෙස යොදවාගෙන, එමගින් ඉලක්කය ගෙන, අවියේ ඉදිරි කොටසේ සවිකර ඇති පිස්තෝලය හෝ බෝම්බ විදිනය, (Grenade Launcher) අවියේ පසුපස කොටසේ ඇති යාන්ත්‍රික අගුලෙන් ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන් වීදි සටන්, ගොඩනැගිලිවල සැඟවී සිටින සතුරන්ට පහරදීම, වැනි කටයුතු වලදී මෙය යොදාගන්නවා. චීනය, පාකිස්තානය, ඉරානය, දකුණු කොරියාව වැනි රටවල මේ අවිය බහුලව පාවිච්චි කරනවා.

    cornershot-s.jpg


    corner-shot-launcher-470-0708.jpg


    60599.jpg


    cornershot-csm-l.jpg


    උපුටාගැනීමකි
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    එල මචන් මේක මම ටික දවසකට කලින් බාපු ක්ලිප් එකක්. පට්ට බලපන්. හැන්ගිලා ඉන්න උන්ට තියනව කුඩු වෙන්න.
    Sniper Inside the Crosshairs


    ටොරන්ට් එක මෙතනින් ගන්ඩෝ..
    Download SNIPER INSIDE THE CROSSHAIRS.KZ torrent (view torrent info) now:

     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    පට්ට බන් එල එල , හොද දේවල් වලට වචනයක්වත් නොලිය ගියොත් ඒක හරි නෑ බන්, පට්ට මචන් තවත් හොද Threads දාපන් ,අපි අනිව බලනව.....:love::love::love: