පලවෙනි දේ තමයි අපි දානයක් දෙන්න හිතද්දි, දෙද්දි සහ දීලා ඉවර උනාම ඒ ගැන දුකෙන් හෝ සැකෙන් හිතන්න එපා කියලයි බුදුහාමුදුරුවො කියලා තියෙන්නේ.. ඒකෙන් අවැඩක් වෙනවා විතරක් නෙමෙයි ආනිසංස අඩු වෙනවා..
ඒ නිසා උන් හොර වැඩක් කරත් උඹ ඒකෙන් අවැඩක් කරගන්න එපා එහෙම හිතලා.. උඹ වෙනුවෙන් හොද හෝ නරක කරගන්න පුළුවන් උඹට විතරයි.. වෙන කාටවත් බැහැ..
ඕකට අදාල අනිත් කතාව මේකයි, දැන් සල්ලි ඉල්ලුවම දෙන්නේ නැති නිසා ඔය වගේ කෑම. බෙහෙත් වගේ දේවල් ඉල්ලන්න පුරුදු වෙච්ච සෙට් එකක් ඉන්නවා ප්‍රසිද්ද ස්ථාන වල, ඒක හෝටල්, කඩ, ෆාමසි වල අය දැනුවත්ව වෙන්නේ, අපි කෙනෙක්ගෙන් කෑම ඉල්ලුවොත් අපි යන්නේ ලගම තියෙන හෝටලේට, බෙහෙත් ඉල්ලුවොත් යන්නේ ලගම ෆාමසියට, ඒ නිසා ඒ අය එක්ක කලින් කතාකරගෙන ඊට පස්සෙ අපි අරගෙන දීපු දේ රිටන් කරලා උන් සල්ලි ගන්නවා, කඩවලට ලාබයි මොකද උන් දෙන්නේ අඩු ගානක්, අරුන්ට නම් ශුද්ධ ලාභ,
මේ වගේ දේවල් නැති කරන්න බැහැ.. ඒ නිසා කෙනෙකුට දෙයක් දෙන්න හිතනව නම් ඒ ගැන කිසිම කිලිටි හිතක් නැතුව දීලා දාන්න.. අර කතාව කිව්වේ දැනුවත් වෙන්න, එතකොට රැවටුනා අහුවුනා වගේ හැගීම් එන්නේ නැහැ..