ඇවන්ගාඩ් ආයතනයට රජය විසින් සතයක් වත් ආයෝජනය නොකර රු මිලියන 3,500 ක් (රැපියල් ලක්ෂ තිස් පන්දාහක්) රජයට ගෙවා තිබෙන බවත් ඊට අමතරව විදේශ විනිමය රු මිලියන 16000 ක් මෙරටට ගෙනැවිත් ඇති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අනාවරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය ආයෝජනයට සාපේක්ෂව විශාලතම රාජ්‍ය ආදායම ඉපයූ ව්‍යාපාරය, රජයට 49%ක කොටස් අයිතිය ප්‍රධානය කර ඇති ඇවන්ගාඩ් ආයතන බවට පත් වී තිබේ.
ඇවන්ගාඩ් ආයතනය පිහිටුවීමේ මහ මොළකරු ලෙස ප්‍රසිද්ධ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය කාලයේ යහපාලකයින් විසින් මඩ ප්‍රහාරයක් එල්ල කළද , මේ වන විට විශිෂ්ඨ සේවය හෙළි වෙයි. මෙම හෙළිදරව්ව සිදු කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ධ මැති තුමාව විවේචනය කරන අමාත්‍යවරයෙක් විසින් වීම විශේෂත්වයකි.
වත්මන් ආණ්ඩුව විසින් ඇවන්ගාඩ් ආයතනයේ කීර්ති නාමය විනාශ නොකරන්නට, මෙම ආයතන ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම ආයතනය වන බවට මෙමගින් පැහැදිළි වෙයි.
විජේදාස රාජපක්ෂ මහතාට අනුව මිලියන 16,000 ක් වැනි ප්‍රමාණයක විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ගෙනැවිත් තිබෙනවා. ආණ්ඩුව සතයක් වත් ආයෝජනය නොකර මිලියන 3,500 ක් ආණ්ඩුව ගෙවා තිබෙනවා. ඒ ගෙන ආ මුදල්, මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුවී ඇත්නම් ඒ පිලිබඳ පරික්ෂණ කිරීමට අධිකරණය නියෝග කොට තියෙනවා සහ පරීක්ෂණ පොලිසිය විසින් කරමින් තිබෙනවා..